"එරල් මුහුද" මෙය පිහිට ඇත්තේ මධ්‍යම ආසියාවේය.රතු මුහුද,මල මුහුද, කළු මුහුද තරම්ම විශාල නැති එහෙත් නැව් ගමනාගමනය වන විශාල ධිවර කර්මාන්තයක් තිබුන මුහුදකි. උතුරින් කස්කස්ථානයටත් දකුණින් උස්බෙකිස්ථානයටත් මායින්ව පිහිට ඇත. එරල් මුහුදේ තේරුම නම් "ගොඩබිමේ මුහුද" යන්නයි.මෙය මුහුදක් ලෙස හැඳින් වුවාත් එය ලෝකයේ හතර වන විශාලතම "විල"මෙයයි. එහි විශාලත්වය වර්ග කිලෝ මීටර 68,000ක්.එහි උපරිම ගැඹුර මීටර් 68ක්. ගැඹුරේ සාමාන්‍යක් ලෙස ගතහොත් මීටර් 16. දුපත් 1,534 වඩා ප්‍රමාණයක් වටා ඇති මෙහි ජලයේ ලුණු සාන්ද්‍රණය 1%.. මෙහි ප්‍රධාන ජාල පෝෂකය වන්නේ "අමු දර්ය" සහ "සයීර් දර්ය" යන ගංගාවල් දෙකෙනි. එම ගංගාවල් දෙකෙන් ලැබෙන පිරිසිදු ජලය නිසා ලවන ගතිය අඩුවීමට එයත් එක් හේතුවකි.
1985දි.
රුසියානුවන් මුලින්ම දියත් කල යුද නැව්
රුසියානුවන්ට අයත්ව තිබුන මෙම මුහුදට මුලින්ම යුද නැවක් යාත්‍රා කලේ 1847 තරම් ඈත අතීතයේ සිටයි. පසුව රුසියාවෙන් වෙන්වීමත් සමග එහි අයිතිය කස්කස්ථානයටත් උස්බෙකිස්ථානයටත් හිමිවිය. අඩි 100ක් තරම් දිග මගී නැව් පවා මෙහි ගමන් කර තිබේ. 1960 දශකයේ එවකට සෝවියට් සමුහ ආණ්ඩුව අනාගතයේ ආහාර අවශ්‍යතා වෙනුවෙන් කුඹුරු අස්වැද්දීමටත් "කපු" නිෂ්පාදයටත් එරල් මුහුදට පෝෂණය දෙන ගංගාවල් දෙක ප්‍රයෝජනයට ගෙන තිබේ. දැනට ලෝකයේ අංක එකේ කපු නිෂ්පාදකයා වන්නෙත් උස්බෙකිස්ථානයයි. ගංගාවල් දෙක හරස් කරමින් වැඩි ජල ප්‍රමාණයක් ගොවිතැනටත් කපු නිෂ්පාදනයටත් ලබාගැනීම නිසා දැන් එම මුහුද ඉතා වේගයෙන් සිඳී යාමට පටන් ගෙන ඇත. පසුගිය අවුරුදු 10 ඇතුලත ධීවරයන් 82,900 පමණ ප්‍රමාණයක් ඉන් ඉවත් වී තිබෙනවා.
1960 සිට 2010 දක්කවා වෙනස් වීම.
1985 සහ 2010
2012 දී.
කෙමෙන් කෙමෙන් ජලය සිඳී යෑම.
1960 එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු ගංගාවල් දෙක බෙදීමෙන් වසරකට පසු කියුබික් කිලෝමීටර් 20-60 අතර ප්‍රමාණයක් මුහුදට එකතු වීම අඩු විය.ජල මට්ටම අඩුවීම ආරම්භ වන්නේ 1961 සිටය. 1961 සිට 1970 දක්කව සෑම වසරකම සෙන්ටි මීටර් 20ක පමණ සාමාන්‍යකින් අඩු විය.1970-1980 කාලය තුල සෙන්ටි මීටර් 50-60 ප්‍රමාණයකින් ද 1960 සිට 2000 දක්වා සෙන්ටි මිටෙර් 80-90 සාමන්යකින් පහත වැටි ඇත .එයට හේතුව වී ඇත්තේ කපු නිෂ්පාදනය දෙගුණ කර ඇති බැවිනි. 1960 සිට 1998 දක්කවා සම්පුර්ණ මුහුදෙන් 60% දක්කවා අඩු වී ඇත. 1960 දී විශාලත්වය වර්ග කිලෝමීටර 68,000ක්.එහෙත් 1998 වෙද්දී එය වර්ග කිලෝමීටර් 28,687 දක්වා පහත වැටි ඇත.කෙමෙන් කෙමෙන් ජල මට්ටම සිඳී යෑමෙන් 2007 වෙද්දී මුහුදේ ජල මට්ටම 90% සිඳී ගොස් ඇත. දැනට එය වර්ග කිලෝමීටර් 9,000 ආසන්න ප්‍රමාණයකට සීමාවී ඇත.තවත් වසර 20න් පසු සම්පුර්ණයෙන්ම සිඳී ගිය කිසිම වැඩකට ගත නොහැකි වැලි වලින් පිරුන කාන්තාරයක් ඉතිරිවනු ඇත.
ධිවර යාත්‍රා.
විශාල නැව්.
ජලය සිඳී යාම නිසා සිර වුනු නැවක්.
ඕක හිදිලම යන්ඩ කලින් බලාගන්ඩ තිබ්බා නම්...
ReplyDelete2030 දී සම්පුර්ණයෙන්ම හිඳිලා ඉවර වෙන්නේ. යන්න තව කල් තියෙනවා. මටත් කතා කරන්න.
Deleteකාලෙකට පස්සෙ අසරණය ආයෙත් වැඩ අල්ලලා තියෙනවා දැක්කම සතුටුයි...
ReplyDeleteඒරල් මුහුද ගැන ඇත්තටම මම මෙහෙම විස්තරයක් දැන ගෙන හිටියෙ නෑ... ඒ නිසාම ඒ පිළිබද දැනුවත් කිරීමට ඔබ ගත් වෑයම මම අගය කරන්න කැමතියි... ජය !
ඔව් මචං කාලෙකින් ආවේ වැඩ වැඩි දැන්.
Deleteනොදන්නා දෙයක් දැනගත්තානම් මටත් සතුටුයි.උත්සාහය සාර්ථකයි.
ස්තුතියි සිරා.
ෂහ්! වටිනාකියන ලිපියක්. ඒ උනත් සිඳිල යනඑක නං අපරාදයක්.
ReplyDeleteඔව් දැන් එක නවත්වන්න බැහැ. ඒ කාලෙම ගන්න තිබුන තීරණයක්. මොනවා වුනාත් අපරාදේ..
Deleteඇත්තටම උඹට මොනාද උනේ කියල මාත් හිතුව...
ReplyDeleteඅන්තිමට කිව්ව වගේ ලංකාවෙ වැව් වලටත් දැන්ටම ඒ තත්වය පටන් අරන්..මෙච්චර වැහැලත් පරාක්‍රම සමුද්‍රය වගේ වැව් තාම පුරවගන්න බැරිවෙලා , සොරොව්ව ..වහන්න බැරිලු...තාම රොන්මඩ අයින්කරනව කියල...බලපන් අපේ මෝඩ නිලධාරි හැත්ත..!
මම නිවාඩු ගිහින් ආවා. ලංකාවේදී බ්ලොග් පැත්ත පළාතේ යන්න වෙන්නේ නැහැ නෙ. ඇත්ත එත් හිදෙද්දී මැණික් මතුවෙනවා නෙ..
Deleteසොරොව්ව අරිනවනම් ඇතිවෙන්න කාලේ තිබුනා පහුගිය කාලේ වැස්ස නැති කොට.
රසවත් විස්තරයකුත් සමඟ අසරණයා මල්ලි නැවත පැමිණීම සතුටක් .
ReplyDeleteස්තුතියි ගිම්හානි. ආයෙත් ලියනවා පුළුවන් පුළුවන් වෙලාවට.
Deleteඅන්තිමට නටබුන් වෙලා තියෙන නැව් ටික දැක්කම දුකයි.
ReplyDeleteඔව් යකඩ වලටවත් දීගන්න තිබුනානම් :P
Deleteඑක්සත් ජාතීන්ගේ අවධානම ක්ෂනිකව යොමු වෙලා තියෙන්නෙ ඔය.
ReplyDeleteඒරල් මුහුදට මොනවා වුනත් අසරණයා ආපහු ආ එක ලොකුම දෙයක්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඔව් 1960 ඉඳලම සිද්දිය වෙලා එත් එයාලා දැනගෙන තියන්නේ මේ ලඟදි. එයාලත් වැඩ ඇති නෙ.
Deleteබ්ලොග් අමතක කරලා දාපු අයට තඩි බාන්න ඊයේ කට්ටිය කතා වුනේ . හොඳ වෙලාවට අද ලියලා.
ReplyDeleteලස්සන විස්තරේ . ඕවා ඔහොම තමයි . මල මුහුදටත් වෙන්නේ ඔය ටිකමනේ . රුසියන් කතන්දර වල අරාල් මුහුද ගැන අසා තිබෙනවා . පින්තුරත් අගෙයි.
දිගටම ලියන්න
අපිට ගුටි දෙන්නද හිටියේ. වෙලාවට අමාරුවෙන් පොස්ට් එකක් කෙටුවේ.
Deleteස්තුතියි..
සිරාවටම බං
ReplyDeleteනැව් දිරනවා දැක්කාම මාර දුකයි
මොනවා කරන්නද? වතුර නැතුව ගොඩ වෙලා. ලෝකෙට වෙන වින්සය ටික ටික පේනවා නෙ.
Deleteකාලෙකින් මේ පැත්තෙ ඇවිත් දිගම පොස්ට් එකකුත් එක්ක...දිගටම ලියන්න සහෝ...එරල් මුහුද හිදෙන්න කලින් බලධාරීන් මොනව හරි කලානම් වටිනවා කියල හිතුනෙ නැවි ටික දැක්කම..
ReplyDeleteකාලයකින් එන්නනම් බැරි වුනා දන්නවනේ වැඩ කරද්දී. වතුර ආවත් නැව් වලින්නම් වැඩක් ගන්න බැරි වෙයි.
Deleteස්තුතියි.
වටිනා ලිපියක්..,මම හරිම කැමැත්තෙන් කියෙව්වා.
ReplyDeleteබොහොම ස්තූතියි..!
නොදන්නා දෙයක් දැනගත්තානම් මටත් සතුටුයි.
Deleteස්තුතියි යාලුවා.
වෙල් කම් බැක් මිස්ටර් අසර්.... ආයෙත් දකින්න ලැබීම බොහොම සතුටට කාරණයක්.
ReplyDeleteමේ ලිපිය අසරණයාගේ බ්ලොග් එකේ නව නැම්මක් බව සිකුරුයි. උඹට මේ වගේ ලිපි ලියන්න බොහොම හොඳ හැකියාවක් තියනවා කියලා පේනවා. තව තවත් මේ වගේ ලිපිත් සමඟ සුපුරුදු රස කතාත් දාපන්..
එරල් මුහුද විතරක් නෙමේ ලෝකෙ වටේම තියන මුහුදු ඔක්කොම හිඳිලා යන දවස වැඩි ඈතක නෙමේ කියලා මට හිතෙනවා..
මටත් සතුටුයි කාලෙකින් ආවත් වෙනද වගේම ඇවිත් කොමෙන්ට් එකක් දාල දිරිමත් කිරීම ගැන.
Deleteමේ ලිවිම මට තේරෙන විදියට මගේ රෙද්දම නෙවෙයි. කාලෙකින් ලියපු නිසා තවම ට්‍රැක් එකට වැටුනේ නැහැ වගේ.
2030 වෙද්දී හිඳිලා යනවා කියල කියල තියෙනවා.
ස්තුතියි මචං..
ශා...කාලෙකට පස්සෙ ඇවිත් තියෙන්නෙ අපූරු තොරතුරක් එක්කනේ....අපූරු තොරතුරක්..ආසාවෙන් කියෙව්වා.. අපරාදේ..මේ ටික වෙන්න කලින් පිලියමක් තිබුනා නම්..
ReplyDeleteසෝවියට් දේශයෙන් වෙන් වුණායින් පස්සේ ඉතින් කිසි කෙනෙක් ඒ ගැන බැලුවේ නැහැ. ගොවි තැන හා කපු නිෂ්පාදනය ගැන විතරයි උනන්දු වෙලා තියෙන්නේ.
Deleteලස්සන සටහනක්!!!
ReplyDeleteලඟ තිබුනු මුහුදුත් එක්කම රටවල් ටිකත් නම් කලා නම් හොඳයි කියලා හිතෙනවා මැප් එකේ.:)
මෙහාට ආවේ ඉස්සල්ලාමද කොහෙද?
ඒ මුහුද අයිති උස්බෙකිස්ථානයට හා කස්කස්ථානයට විතරයි.
Delete//මෙහාට ආවේ ඉස්සල්ලාමද කොහෙද// මේ වචනේ කවදා ඉඳලද කියන්නේ. ඔය ගොඩාක් කාලෙක ඉඳලා මේකට එනවා. ඊත් මම කාලෙකින් ලිවුවේ නැති නිසා අමතක ඇති..
පොඩ්ස් මොකෝ ඇල්සයිමර්ද ? :-)
Delete@සෙන්නා මට ඒ වචනේ අමතක වෙලා තිබුනේ..
Deleteඈ....එහෙමත් එකක්ද ඈ......
ReplyDeleteඔව් එහෙම එකක් තමා බං..
Deleteහරිම වටිනව. අහල තිබුණට හරි විස්තරයක් දැකගන්න ලැබුණෙ නෑ. ස්තුතියි.
ReplyDeleteජය වේවා.
ස්තුතියි මචං. අලුත් යාලුවෙක් නේද?
Deleteවටිනා ස්වභාවික සම්පතක් අපරාදෙ....
ReplyDeleteමිනිස් ක්‍රියාකාරකම් නිසා සිදු වුන දෙයක්..
Deleteමමත් නම විතරයි අහල තිබ්බේ.. විස්තර මොකුත් දැනන් හිටියේ නෑ.. උබ සෑහෙන්න ලොකු විස්තරයක් ලියලා.. තැන්කිව් මචං
ReplyDeleteඅපරාදේ බං මිනිස්සු සල්ලි පස්සෙ දුවන දිවිල්ල් හින්දා ලොකේ ඉක්මනටම විනාස වෙලා යනවා
ඇත්ත මම මේක දැනගත්තෙත් ලඟදි. ඒකයි විස්තර හොයල ලිවුවේ.
Deleteබොන වතුරටත් යුද්දයක් කරන්න වෙයි වැඩි කල් නොගිහින්..
අසරණයා අරෙහේදී මෙහෙදී කමෙන්ටු වලින් හම්බ වෙලා තිබුනට අද තමයි මන් මේ පැත්තේ ආවේ. ඉතාම වැදගත් ලියවිල්ලක්. අභ්‍යන්තර මුහුදක් ගැන දැනගත්තා වගේම මුහුදක් උනත් කවදාහරි හිඳේනවා කියලත් දැනගත්තා. කොයි දේ කරන්නෙත් මිනිස්සුනේ.... :(
ReplyDeleteජයවේවා!
මමත් දැකල තියෙනවා එහෙ මෙහෙදී එත් ඒ පැත්තේ එන්න වුනේ නැහැ නේ.
Deleteසන්තෝසයි නොදන්නා දෙයක් දැනගන්න මටත් දෙයක් කරන්න පුළුවන් වීම ගැන.
හොඳ දේටත් නරක දේටත් ඉතින් මිනිස්සුම තමා..
අපොයි දෙවියනේ...එරල් නැත්තටම නැති වෙලානේ :(
ReplyDeleteතව ටිකක් තියෙනවා. ඉතුරු ටික ඉක්මනින් නැති වෙනවා.
Deleteහොඳ වටිනාකමක් ඇති ලිපියක්.ගොඩක් මහන්සි වෙලා විස්තර හොයල තියනවා .
ReplyDelete"ජලය සිඳී යාම නිසා සිර වුනු නැවක්." කියන තැන තියෙන්නේ නම් වැරදි පින්තුරයක්.ඒක SS American Star කියන නැව.
http://en.wikipedia.org/wiki/SS_America_%281940%29
ස්තුතියි යාලුවා. මම දෙගිඩියාවෙන් ඒ පින්තුරේ දැම්මෙත්. තව ටිකක් හොයල බලන්න ඕනේ. ඊට පස්සේ මකනවා.
Deleteස්තුතියි නිවැරදි කලාට..
ගොඩක් වටින ලිපියක් මම මේ ගැන අහපු පළමු වතාව
ReplyDeleteජය
කෙනෙක්ව දැනුවත් කරන්න ලැබුන එක ගැන සතුටුයි..
Deleteස්තුතියි..
ඔය මතක් වෙල තියෙන්නෙ බ්ලොග් එකකුත් තියෙනවය කියල.
ReplyDeleteහැබෑට මමත් ඔය විස්තරේ දැනගත්තෙ දැන්නේ. මේක මහ අපරාදයක්නේ බං, මට මතක හැටියට 9 වසරෙදි ඉගෙන ගත්තෙ ලංකාවෙ විශාලත්වයත් වර්ග කිලෝ මීටර 65,525 ක් කියල. මේක කලින් නම් ලංකාව තරම් විශාල විලක්.
පරණ යකඩවලට ලව්කරන ටීවීකාරයො එහෙම ඔය රටේ නැතුව ඇති මයෙ හිතේ. :)
මතක තිබ්බ බං. එත් වඩාත් එක්ක බ්ලොග් එකේ ලියන්න වෙලාවක් හොයාගන්න බැරි වුනා.
Deleteඅද දැනගත්තානේ ඒ ගැන සතුටුයි. අපේ රටට වැඩ ලොකුයි එත් බලන්න වෙලා තියෙන දේ..
මටත් පෙන්නේ පරණ යකඩ වලට ඒ හැටි මර්කෙට් එකක් නැහැ වගේ..
බංගාලි සෙට් එකක් දැම්මනම් ඕවා තිබ්බ තැන් හොයන්න වෙයි..
Deleteමෙච්චරකල් සද්දනැතුව හිටියේ මේ තරම් විස්තරාත්මක ලිපියකට කරුනු හොයන්න ගිහින් වෙන්නැති :)
ReplyDeleteජය !
ඔව් බං මම මේ මුහුද හොයාන ගියා. නැවක කෑලි ගලවද්දී මාට්ටු නේ. එහෙ හිරේ මාර ගති බං. බෝබම්බර වගේ නෙවෙයි.
Deleteදැනුම වර්ධනය කරණ ඉතා වටිනා වැදගත් ලිපියක්. එරල් මුහුදට වැටෙන ගංගා දෙකේ නම් උච්ඡාරණය වන ආකාරය ඔබ ලියා ඇති ආකාරයට වඩා මඳක් වෙනස් විය යුතුයි. මම Google Tranlator මෘදුකාංගය මගින් පරීක්ෂා කිරීමේදී, ඒ නම් උච්ඡාරණය වුනේ, 'සේය්ර් ඩේර්‍යා' සහ 'ඇමියු ඩේර්‍යා' යනුවෙන්. කෙසේ වෙතත් මේ ලිපිය අතිශයින්ම අගය කරනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ගොඩාක් ස්තුතියි. මම ශබ්ද වෙන විදියනම් බැලුවේ නැහැ. මම ආයෙත් සැරයක් බලල නිවැරදි කරන්නම්. වැරදි අඩු පාඩු පෙන්වනවාට ගොඩාක් ස්තුතියි.
Deleteඉඳලා ඉඳලා හරි ලියපු ලිපිය වැදගත්.
ReplyDelete……..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..
වැඩ ටිකක් වැඩි වුනා නේ ජෝන්.
Deleteස්තුතියි පැමිණීමට.
2010 වෙද්දි ඉතුරු තිබුන ටිකත් එක්ක බලද්දි දැන් මුහද නැත්තට නැතුව ගිහින් ඇති නේද බන්... හොඳ ලිපියක්
ReplyDeleteතව ටිකක් තියෙනවලු කපු නිෂ්පාදනය වැඩි කලොත් 2030 වෙන්න කලින් නැතිම වෙලා යාවි..
Deleteවර්ග කිලෝමීටර 65,000 යි කියන්නේ ලංකාවට වඩා ලොකුයි නූහ්.. :ඕ
ReplyDeleteඔව් ලංකාවට වැඩ ටිකක් ලොකුයි..
Deleteආයෙමත් නිවාඩුවෙන් පස්සේ ආ එක සතුටක්..එරල් මුහුද ගැන නොදන්නා කරුණු රැසක් දැනගත්තා
ReplyDeleteඅයෙත් හෙමින් හෙමින් පටන් ගන්නවා.
Deleteස්තුතියි අමතක නොකර මේ පැත්තේ ආවට..
හපොයි මුහුදක් හිදෙනව කිව්වහම විශ්වාස කරන්නත් අමරුයි! මෙහෙම ගියොත් නම් පෘතුවිය මිනිස්සු නැති කරලම දාවි කිසි අමාරුවක් නැතුව.
ReplyDeleteඔව් එකත් වේවි වැඩි කාලයක් නොගිහින්. මිනිසා දියුණුව පස්සේ ගියොත්..
Deleteනිවාඩුවෙන් පස්සේ ඇවිත් වැදගත් විස්තරයක් දාලා තියෙන්නේ.. හ්ම්ම්.. ලෝකේ ස්භාවික දේවල් ටිකින් ටික නැටි වෙලා යන්න පටන් අරන්.. 2030 කලින් යන්න ඕන බලන්න.. ඒ තරම්ම දුරකත් නෙමෙයිනේ..
ReplyDeleteවැඩිය දුර නැහැ. තනි බස් එක. මං කිවුවේ කසකස්ථාන් හන්දියේ ඉඳල..
Deleteඑරල් මූද ගැන අහලා තිබුනට මේ තරම් විස්තරයක් දැනගෙන උන්නේ නෑ
ReplyDeleteඅද දැනගත්තනම් ඒක මට සතුටක් මචං..
Deleteසිරා පෝස්ට් එක... මම අර සිතියම් දෙක තුනක් දැකල තිබුනා. මෙච්චර විස්තර දැනගෙන උන්නෙත් නෑ. ෆොටෝ දැකල තිබුනෙත් නෑ. බොහොම ස්තූතියි!!!
ReplyDeleteඑල මචං නොදන්නා දෙයක් දැනගත්තනම් මටත් හොඳයි නේ..
Deleteමෙක නම් සිරා පොස්ට් එකක් බං ජය
ReplyDeleteස්තුතියි යාලුවා..
Deleteමුහුදක් හිඳෙනකල්ම අර "වග"කියන අයටත් වැඩ තියෙන්න ඇතිනේ.
ReplyDeleteවැඩි වෙනසක් නැහැ. st. clair ඇල්ල මතක්වුණා. :( :|
මාසයක්ම නිවාඩු ගිහින් හිටියෙ නැතිද බෝට්ටුවක්වත් ඇදගෙන ආවෙ.. :P
ගොඩක් වටින විස්තරයක්..!
දිගටම ලියමු ඉතින් ආයෙ.. :)
එයාල අවදානය ගන්න ගොඩාක් කල් බලන් ඉඳල තියෙනවා.
Deleteනිවාඩුවෙන් පස්සේ වැඩ වැඩි වුනා නේ.
ස්තුතියි..
අතිශයින්ම කණගාටුදායකයි.
ReplyDeleteඑකම සතුට අසරණයා ආයෙ ලියන්න ගත් එක විතරයි.
ප.ලි. ඊයෙත් කමෙන්ට් කළා ඒත් පබ්ලිෂ් වෙන්න කලින් යූ පී එස් එකේ කරන්ට් එකත් ඉවර වුනා. ආයෙ කරන්ට් එක ආවෙ පැය 20 කට විතර පස්සෙ. කේබල් උඩට ගස් වැටිලා., වැස්ස.....වැස්ස.....නොනවතින වැස්ස, ඒරල් මුහුද පුරවන්න වුනත් ඇතිවෙන්න වහිනවා.
හේ හේ ඔව් ආයෙත් ලියන්න පටන් ගත්තා.
Deleteමෙහෙටනම් වැස්ස නැහැ එත් විදුලිය හැම වෙලේම යනවා. බලදරින් මර නින්දේ..
අහ්හ්හ්... මෙන්න බොලේ ඇවිල්ලා.. මෙච්චර කල් අරන් හරි පෝස්ට් එකක් දැම්මානෙ.. :D ජය වේවා!!
ReplyDeleteඇත්තට අයියා හුඟාක් මහන්සිවෙලා විස්තර, පින්තූර හොයලා ලියලා තියෙනවා.. හුඟාක් විස්තර දැනගත්තා... :)
ඔව් ඔව් මම ආව. හිතන් හිටියේ මම එනකක් නැහැ කියල නේ.
Deleteමේක ලියන්න මහන්සි වුනාදත් කියන්නේ මම එතනට ගියා. ඔටුවෝ ගොඩාක් හිටියා කළු ඔටුවෙක් ඔයා ගැන ඇහුවත් එක්ක.
අප්පේ බං දැක්ක කලක්... මෙහෙම සීන් එකක් මම මේ ඇහුවමයි. ඔය මුහුඳ ගැන නම අහල තිබ්බා එච්චරනේ.
ReplyDeleteඔව් බං කාලෙකින් එන්න බැරි වුනා. අපි නොදන්නා කොච්චර දේවල් මේ ලෝකේ තියෙනවද මමත් දැනගත්තේ මේක ලඟකදී.
Deleteමේ උඹද ඉන්නේ.
ගොඩක් විස්තර දැනගත්තා..
ReplyDeleteවෙල්කම් බැක් ඔන්න..
රූ.. ස්තුතියි ස්තුතියි..
Deleteගොඩක් වටිනා ලිපියක්!
ReplyDeleteඅපරාදේ අර මලකඩ කාපු නැව් ටික..
ජයවේවා සහෝ!
(මමත් ගොඩ දවසකින් මේ පැත්තේ)
ඔයා මලකඩ වලට ආසයිද? හෙක්ස්...
Deleteඔය ඉනාමළුවේ අයිස් ගැහුවා කියල ආරංචියක් තිබුනා නේ.
මුහුදක් හින්දුවා කියන්නේ සෙල්ලම් වැඩක්ද ?? :D
ReplyDeleteකොහොමද මිනිස්සුන්ගේ වැඩ. සෙල්ලම්ද කොල්ලෝ..
Deleteකාලෙකට පස්සෙ හරි ආයෙත් දැක්ක එකට නම් ගොඩක් සතුටුයි. ගොඩක් අලුත් දේවල් දැනගත්තා. හසිත කියනවා වගේ මුහුදක් හින්දනවා කියන්නෙ සෙල්ලම් වැඩක් ද ඈ...
ReplyDeleteනියමයි.මහන්සි වෙලා හදපු සටහනක්.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ඇත්තටම මං මේ කල්පනා කරන්නෙ මට මේ පෝස්ට් එක මගහැරුනෙ කොහොමද කියලා...පහුගිය ටිකෙම අසර්ගෙන් කිසිම ලිපියක් දැක්කෙ නැති නිසා මං ඔයාගෙ බ්ලොග් එක පැත්තෙ ඇවිල්ලත් බැලුව මගෙ බ්ලොග් රෝල් එකේ අලුත් පෝස්ට් පෙන්නන්නෙ නැති ප්‍රශ්නයක්වත්ද කියලා..එතකොටත් අලුත් පෝස්ට් එකක් තිබ්බෙ නෑ. හ්ම්ම්..කොහොම හරි ආයෙත් බ්ලොග් එක ලියන්න පටන් ගත්ත එකට සතුටුයි:) ලිපියත් බොහොම වැදගත් මාත් මේ විස්තර කලින් දැනගෙන හිටියෙ නෑ.
ReplyDeleteවෙලාව තියෙන විදිහට දිගටම ලියන්න..
ජය!
උඹෙ අලුත් පොස්ට් එක පෙන්නෑ බං
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteපොස්ට් එකට අදාළ නැත නිවට ආචරියෝ.
Delete