මිට
හරියටම අවුරුද්දකට කලින් (නොවැම්බර් 13) පැය 13 ක වැඩ මුරයක් තිබියදී වැඩ තිබුනේ උදේ
පැයකුත් හවස පැයකුත් විතරයි. උදෙත් හවසත් අතර කාලේ කරන්න වැඩ නැතුව අන්තර් ජාලයේ
ඔහේ මෙහෙ ඇවිද ඇවිද ඉද්දි හදිස්සියේම හම්බ
වුනා ලස්සන කතා ලියපු ජිවිත අත්දැකීම් ලස්සනට ගොතපු "සිංහල සයිට් එකක්". එකේ තිබුනේ
“හිස් අහස” කියලා. ටික දවසකින් දැනගත්තා ඒ “බ්ලොග් සයිට් එකක් විත්තිය” එහෙම කියෝලා කියෝලා යද්දී හදිස්සියෙන්ම තව එකක්
දැක්කා තැඹිලි පාට පසුබිමක තියෙන තවත් පාසල් කතා ලියන බ්ලොග් එකක්.(දැන් පාට වෙනස්) ඒක ලියන්නේ" සෑම් කියලා එකෙක්". තව තව ඒවා කියව කියව යද්දී මටත් හිතුනා හැමෝම කරන නිසා මටත් බ්ලොග් එකක්
අටවා ගන්න. කොහොම හරි හිස් අහසේ
අයිතිකාරයා සඳරුගේ උපකාරය ඇතිව බ්ලොග් එකක් අටවා ගන්න පුළුවන් වුනා. ඇස් රිදෙනකම්,ඔළුව
කකියනකම්ම ගොඩාක් දෙනෙක් ගේ බ්ලොග් කියෙවුවා.කමෙන්ට් කළා. වෙලාවක් ලැබුන ගමන් මගේ ජිවිතේ
කාටවත් නොකියපු සිද්දිත් ලිවුවා.
පරණ බ්ලොග් කරුවන්ගේ පොස්ට් වලට කමෙන්ට් එකසිය
ගණන් වැටෙද්දී මාසයක්වත් නැති බ්ලොග් එකක් වන මගේ එකටත් ඒ වගේ කමෙන්ට් බලාපොරොත්තු
වුනා තිබුන ලාමක කමට. හිතේ වේදනාවට කවි වලින් පොස්ට් එකක් දැම්මා.මේ තියෙන්නේ දුකහිතිලා මම දාපු පොස්ට් එක.එකෙන් පස්සේ මගේ ඒ තිබුන ලාමක ආසාව එහෙම්මම නැති වෙලා
ගියා.ප්‍රාර්ථනා තමා සින්ඩි ගැන කියල දුන්නේ. අළුත් හැම දෙනාටම මේ තත්වය තමා මුලින්ම
තිබිල තියෙන්නේ. ඒ පරණ බ්ලොග් කරුවන්ගේ උපදෙස්
ඉස්මුදුනින්ම පිළිගත්තා. කාලයක් යද්දී එයාලගේ උපදෙස් නිසා මගේ බ්ලොග් එක සාමාන්‍ය තරමට ජනප්‍රිය වුනා.සිංහල ටයිප් කරන ලේසි විදියක් "වර්ණා මන්දාකිනි" කියල
දුන්නයින් පස්සේ පරංගියා කෝට්ටේ යන විදියේ සිංහල ටයිප් කිරීම නැවැත්තුවා.ටිකෙන්
ටික සාර්ථක වෙද්දී මගේ මුල් පොස්ට් දහයට හා මුල ඉඳලම උදවු කරපු හැමෝම වෙනුවෙන් ටිකක්
වෙනස් විදියේ ස්තුතියි පොස්ට් එකක් දැම්මා."බ්ලොග් කරුවන්ගේ පැටිකිරිය" කියලා.මේ තියෙන්නේ ඒක ඒවා මඩක් කියලත් කිවුවා. පායන කාලෙක
ලියපු දෙයක් නිසා මම ඒ කතාව තවමත් පිලි ගන්නේ නැහැ.
පාසල් කාලේ හා අනෙකුත් කතා හැම දාම ලිය ලිය ඉද්දි ලංකාවේ
මිනිස්සුන් අඩුවෙන් යන අප්‍රිකාවේ රට වල හා ඒ ඒ සංස්කෘතිය ගැන ලියන්න මාව උනන්දු කලේ ප්‍රහාරයේ සුමිත්, කුරුන්දේ සෙන්නාත්,හා ඉතාලි ඩිලානුත්. ලෝකේ අංක එකේ දුප්පත් රට වන කොංගෝවේ මම හිටපු කාලේ ලබපු
අත්දැකීම් හා ඒ රටේ සංස්කෘතික දේවල් ලියන්න මටත් ආසාවක් ඇති වුනා.වෙනස් වෙනස් දේවල්
තවත් කෙනෙකුට පොඩි හෝ අධ්‍යාපනික දෙයක් ලබා දෙන්න හැකි වුනා කියල හිතනවා ඒ
වෙනසින්. ඒ වෙනස ඇති කරන්න ප්‍රධාන වශයෙන් උනන්දු කරපු ඔවුන් තිදෙනාට නැවතත්
ස්තුතියි.
මම ලියපු පොස්ට් එකක් ඇගයීමට ලක්වුණා පළමු
අවස්තාව තමා ඔස්ට්‍රලියාවේ සිට ක්‍රියාත්මක වන "කැඩපත" මාසික සඟරාවේ මම ලියපු “පාසල්ගමන එපා කරපු ගුරුතුමියගේ උණුවතුර බෝතලේ”පොස්ට් එක එම සඟරාවේ පලවිම. ප්‍රධාන
කතුවරයා කියපු විදියට ඔහුටත් එම පොස්ට් එකට විශාල ප්‍රතිචාර ලැබිල තියෙනවා. ඔහුගේ
පැත්තෙන් ඒ කරපු උදව්ව මට ලැබුන විශාල සම්මානයක්. තව " ශ්‍රී ලංකා යුත්" වෙබ් අඩවියේ
මගේ ලිපි තුනක් පල වුනා සිඟන්නෙක් සමඟ රැයක් කඩු නැති කටු ගේ සහා අප්‍රිකානු ගුරුකම්. .
බ්ලොග් ලිවීමෙන් සිරා බොක්කවල් තියෙන යාලුවෝ ගොඩ දෙනෙකුත් අඳුර ගන්න ලැබුනා.පසු කාලේලේ තව තවත්
අළුත් යාළුවො අඳුර ගන්න පුළුවන් වුනා. ඒ කාලේ ඉඳම කියවීමට කම්මැලි කෙනෙක් වුන මං
කියවීමටත් කවියක් රස විඳීමටත් පටන් ගත්තේ මේ බ්ලොග් හරහා. ඔෆිසියේ අයිස් යුගය
ඉවර වෙලා වැඩ කරන යුගය පැමිනිලා තියෙන මේ කාලේ.පහුගිය මාස තුනටම මම ලිවුවේ එක
පොස්ට් එකක් විතරයි.කියෙවුවෙත් අතරින් පතර. එත් මම ලියපු අන්තිම පොස්ට් එකටත් මාව
අමතක නොකර කලින් හිටපු බ්ලොග් කරුවෝ සියල්ලම මගේ බ්ලොග් එකට පැමිණීම ගැන මට ගොඩාක්
සතුටුයි. එදා ඉඳල මාත් එක්ක හිටපු ඒ හැම දෙනාටම ස්තුතියි. නම් වශයෙන් කියන්න යන්නේ
නැහැ එකක් හෝ මග අරුනොත් තව කෙනෙකුට දුක හිතෙන නිසා. මගේ පලවෙනි අවුරුද්දේ මාත්
එක්ක හිටියා වගේ ඉදිරියේදීත් මාත් සමඟ රැදෙන්න. ඔබල සියලු දෙනාටම ස්තුතියි.
යාලුවෝ ගොඩේ මගේ නම නැද්ද කොහෙදෝ...
ReplyDeleteඒත් ඉස්සල්ලාම සුබ පැතුම මගෙන්...:D
ඇස් කටේ දාල බලන්න !
Deleteඔයාගේ නම නැතිද මටත් දුකයි. follow ලිස්ට් එකේ නැති වගේ නේද?. එත් ඔය හැමදාම එනවා නේ මේකට.
Deleteස්තුතියි හැමදාම එන්න.
සෑම්. එතකොට පෙනෙයිද? හෙක් හෙක්..
Deleteපොඩි කුමාරිහාමි ඔයාගේ නමත් තියෙනවා.ටිකක් ආයෙත් බලන්න.
Deleteයකෝ මේ පොස්ට් එක ඊයේ වැඩකලේ නෑ උඹෙ පරණ පොස්ටුවේ මං ඒ ගැන කොමෙන්ටුවක් දාල ඇති මොනා උනත් පුලුවන් වෙලාවට මොනා හරි ලියපං එච්චරයි ජය
ReplyDeleteඔව් ඊට කලින් දවසේ වැරදිලා පොස්ට් උනේ. අද තමා හරියටම දැම්මේ අඩු පාඩු හදලා.
Deleteඋඹලගේ මේ වගේ වචන තියෙද්දී කොහොමද මේක නවත්වන්නේ පුළුවන් හැම වෙලාවේම ලියනවා.
ඔව් ඊයෙ වැඩකලේ නෑ නෙන්නම්..! මාත් ආවා.
ReplyDeleteමටත් හොඳට මතකයි..උඹල ඇවිත් අලුත් අපිට ගැම්මක් උන හැටි..!
අපිත් එහෙමයි..පුලුවන් වෙලාවට ඇවිත් යන්න..ලියන්න.
ජයවේවා..!
මටත් පරණ කට්ටිය ගැම්මක් වුනා තවමත් වෙනවා.උඹල අළුත් කියල නෑ උඹලත් මට ගැම්මක්.
Deleteදිගටම ලියනවා මචන්..
ලිපි කියවල නං නෑ. ඒත් අවුරුද්දක් හිටියට සුභ පතන්න එපායැ. එහෙනං හොදින් කර ගෙන යන්න.
ReplyDeleteස්තුතියි. දිගටම එවි කියල හිතනවා..
Deleteසුභපැතුම්! උඹේ ලිවිල්ල සෑහෙන්න ප්‍රභලයි.
ReplyDeleteඇයි බන් එහෙම කියන්නේ.නිකන් බොළඳ වගේ නැද්ද?
Deleteකවදත් මම ප්‍රියකරණ මිතුරෙක් වන ඔබට ජය!!!
ReplyDeleteස්තුතියි වේද මහත්තයෝ.ඔබේ පැමිණීම මට ලොකු ශක්තියක්.
Deleteසුබ පැතුම් අසරණයා !!! උඹට බ්ලොග්කරණයේ තව තවත් ඉදිරියට යෑමට සුබ පතමි !!!
ReplyDeleteඋඹ බ්ලොග් ලිවා, කියෙව්වා විතරක් නෙමේ. අළුත් උන්ට බොක්කෙන්ම උදව්ත් කළා..
"මචන් උඹේ අහවල් පෝස්ට් එක බ්ලොග් රෝල් වල අප්ඩේට් වෙලා නෑ පොඩ්ඩක් බලපන් " වගේ ඒවා කියලා මටත් බොක්කෙන්ම උඹ දීපු සපෝට් උඹට අමතක වුනාට මට අමතක නෑ..
මේ ලිපිය මොකක්දෝ අවුලක් වෙලා තිබුනා.. බ්ලොග් රෝලෙ ආපු ලින්ක් එකේ ක්ලික් කළාම කිව්වෙ එහෙම පෝස්ට් එකක් නෑ කියලා..
කුරුන්දෙ සංවත්සරය ලඟ ලඟම එනවා.. මෙහෙම එකක් ලියන්න හිතේ තිබුනත් ලොකු කම්මැලි කමකුත් තියනවා.. බලමු..
ස්තුතියි සෙන්නා.
Deleteඅපිට අපි උදවු කරගත්තොත් තමා හැමෝම දිවුණු වෙන්නේ.මටත් ඒ කාලේ කිදෙනේක්නම් උදවු කලාද?
පොස්ට් එක වැරදීමකින් පබ්ලිස් වුනා එකයි පෙන්න නැතිව ගියේ.
කම්මැලි නැතුව පොස්ට් එක දන්න.
සුබ පැතුම් අසරණයෝ. ඊයේ මේ පෝස්ට් එක කියවන්න එනකොට පේජ් නොට් පවුන්ඩ් උනා. මම් බැළුවේ අදත් එහෙම වෙයිද කියලා.
ReplyDeleteස්තුතියි මදුරංග. පොස්ට් එක පොඩි ප්‍රශ්නයක් වුනා.
Deleteපළවෙනි උපන්දිනේට මගෙනුත් සුභපැතුම්! ජය වේවා!
ReplyDeleteමේ අපේ පරණ යාලුවෙක් නේ. ස්තුතියි යාලුවා.
Deleteමම කීපාරක් ඇවිත් බලලා ගියාද ඊයේ ඉඳලා....
ReplyDeleteඔන්න මගෙනුත් සුභ පැතුම්...
අනේ අර බුද්ධියා වගේ වෙලාව නෑ කියලා බ්ලොගේ වහන්න යන්නෙ නැතුව ඉඳලා හිටලා හරි ලියනවා කියපු එකට නං පිං ..
සිදු වුනු අපහසුවට බලවත් කනගාටුව.
Deleteඑහෙම නවත්වන්න හිතන්නේ නැහැ. අඩුවෙන් හරි දිගටම ලියනවා.
සුභ පැතුම්.... අහැකි වෙලාවක නැවත යමක් ලියපන්... පුලුවන් විටෙක අපිවත් බලන්න වරෙන්...
ReplyDeleteස්තුතියි මචන් සුභ පැතුමට.
Deleteඋඹගේ පොස්ට් ගොඩාක් මග අරුනා.එත් ඉක්මනින් එනවා.
සුබපැතුම් දිගු ගමනකට...
ReplyDeleteස්තුතියි යාලුවා.
Deleteගෝඩෝනියා දීපු ලින්ක් එකක් හරහා තමා මම මුලින්ම ඔයාගෙ බ්ලොග් එකට ආවේ. මම ප්‍රිය කරන බ්ලොග් අතර ඔයාගේ බ්ලොග් එකත් ඇතුලත් . එතෙක් මෙතෙක් ලියූ හැම ලිපියකින්ම ගත යුතු දෙයක් තිබුනා . ඉදිරියටත් හොඳ ලිපි ලියන්න ශක්තිය දිරිය ලැබේවා !
ReplyDelete…
ස්තුතියි ගිම්හානි. ඔයා ඉතින් හැමෝටම සප් එක දෙගෙන යන කෙනා නේ.
Deleteදිරිගැන්වීමට ස්තුතියි..
සුභ පැතුම් අසරණයා!!!! හැමදාමත් ආසාවෙන් කියවපු බ්ලොග් එකක් මේක..වෙලාව තියෙන විදිහට දිගටම ලියන්න. ජය පතනව ඔබට!
ReplyDeleteස්තුතියි චාම්ස්. පුළුවන් හැම වෙලාවේම ලියනවා.
Deleteසුභපැතුම් :)
ReplyDeleteස්තුතියි යාලුවා.
Deleteපළවෙනි උපන්දිනේ ඉස්සෙල්ලාම සුභ පැතුම තිළිණිට..එයාගේ සිත්තරේ බලන්න තමයි මම නම් ඉස්සෙල්ලාම එන්නෙ..ඊට පස්සෙ අසරණයට..ළඟදි ඉඳන් ලියවිල්ල නැවතුනත් දිගටම ලස්සනට ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteවැඩ වසම් වුගය ඇවිල්ල තියෙන්නේ.ඉතින් වැඩ ටිකක් වැඩියි.
Deleteස්තුතියි රූ..
ඔව් ඔව් අපි ඉන්නවෝ...
ReplyDeleteඔව් ඔව් රති කෙලියටම ඉන්නවා.
Deleteජය..!
ReplyDeleteස්තුත්යි
Deleteෂාහ්..මේ වගේ මැගසින් වල අසාර් අයියගේ ලිපි පල වුනා කියලා දැනන් උන්නේ නෑනේ...! නියමයි අයියේ නියමයි...ආසාවෙන් කියවන බ්ලොග් ලිස්ට් එකේ උඩම තැනක මේ බ්ලොග් එකකත් තියනවා කියලා මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි.
ReplyDeleteසන්තෝසයි මලයෝ සන්තෝසයි...
Deleteස්තුත්යි මචන් උඹල දෙන හයියට..
සුභ පැතුම්....
ReplyDeleteස්තුතියි යාළුවා..
Deleteade coment නැති උනාට.. අපිත් ආව හොඳේ .. එල එල සුබ පැතුම් .. ජය වේ.. ඈ
ReplyDeleteදන්නවා මචං කියවන හැම දෙනාම කමෙන්ට් කරන්නේ නැහැ කියලා.
Deleteස්තුතියි සහෝදරයා.
සුභ බ්ලොගොවර්සරියක් අසරණයා. බ්ලොග ලියන උඹටත්, අඳින තිළිණිටත්, උඹේ බ්ලොගටත් උණුසුම් සුබ පැතුම්. මම මේක ෆලෝ නොකරපු බව දන්නෙ දැ. මොකද මම රීඩර් එකේන් නෙවෙයි යන්නෙ මගෙ බ්ලොග් රෝලෙන් නිසා. ඔන්න මම ත් ෆලෝවර් කෙනෙක් අද ඉඳලා.
ReplyDeleteතවත් රසවත් පෝස්ට් කියවීමට පුල පුලා බලාසිටින,
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මේ ඔයාගේ නමත් තියෙනවා.follow නොකලත් හැමදාම එනවා නේ. බලන්න සෑම්ගේ නමට පහලින්...
Deleteඔව් දිගටම ලියන්න හිතාගෙන ඉන්නේ
ස්තුතියි..
උබේ අඩුව පුරවපං ලියලා..
ReplyDeleteඅපරාදෙ මෙහෙම බ්ලොගක් වේලෙන්නේ..
දිගටම ලියනවා මචන් මගේ පොඩි කාලේ යාලුවා.(බ්ලෝග)..
Deleteස්තුතියි..
අනේ අසරණ මලයෝ සමා වෙයන්. මම අද දවසේ උදේ වරුවේ වැඩ වලට හිර වුනා. හවස පොස්ට් එකක් ලිව්වා. නැත්නම් මේ වගේ අවසානෙට කමෙන් කරන්නේ නා. ඔය ක්‍රිකට් ගහන්න එනකම් මම බලන් ඉන්නේ.
ReplyDeleteපරක්කු වුනාට කමක් නැහැ අපි හමූම කාර්යබහුලයි නේ.
Deleteමම ආයෙත් රට ආවා. සෙල්ලම් කරන්න වෙලාවක් හොයාගන්න බැරි වුනා.මාසයයි හිටියේ. ගොඩාක් ස්තුතියි කවද හරි එනවා.
පලවෙනි උපන් දිනේට සුභපැතුම්! තව බොහෝ කල් කියන්න වැඩ අඩු වෙලා නිවාඩු වැඩි වෙන්න කියල ප්‍රර්ථනා කරනව :)
ReplyDeleteස්තුතියි යාලුවා..
Deleteඔන්න මාත් සුබ පැතුම් එකතු කරන සහෘද පිරිස අතරට එකතුවෙනවා. ලංකාවෙන් බැහැරව සිට රමණිය සහ විචිත්‍රවත් ආකාරයෙන් සිංහල බ්ලොග් අවකාශය සරසන ඔබට . මගේ ගැනත් තියනවා. අපූරු සැරසිල්ල.
ReplyDeleteතමන්ගේ අඩවියෙ පළවු ලිපියක් වෙනත් මාධ්‍යකින් පප්රකාහයට පත්වුණාම ලැබෙන සතුට නම් කියල වැඩක් නෑ. මමත් ඒ සතුට ලබල තියෙනවා.
ඔව් ඇත්ත මුලිම එහෙම දෙයක් දැක්කම අපි ගැනම සතුටක් ඇතිවෙනවා.
Deleteස්තුතියි..
චිරාත් කාලයකට සුභ පැතුම් අයියණ්ඩි :)
ReplyDeleteස්තුතියි මල්ලි..
Deleteමගෙනුත් සුබ පැතුම් අසරණයා ...සැහෙන්න මහන්සි වෙලා ස්තුතියටත් ..
ReplyDeleteහේ හේ මම නෙවෙයි මහන්සි වුනේ සිත්තර තිළිණි.
Deleteස්තුතියි..
අහම්බෙන් ලැබුණ බ්ලොග් ලින්ක් එකෙන් හමුවෙලා කමෙන්ටුවකින් මුල පිරුව ජීවිත කතාවක දිග ඇරඹුමක්..!
ReplyDeleteපෝස්ට් ගණනට නෙමෙයි..
ලියැවෙන වචනයක් ගාණනට සාර්ථකව ඉදිරියට යන..
දිගු ගමනකට හදවතින්ම සුබ පැතුම්.. :)
මගෙ නම නෑනේ අර සිත්තරේ.. :P
හිහිහී.. ඉස්සර වගේ ආයෙත් ලියන්න අයිස් කාලයක් උදාවේවා...!!! කියලා ප්‍රාර්ථනා කරනවා.. ;D
ඔයාගේ නම නැති වෙන්න විදියක් නැහැ නේ. ඔය උඩින්ම තියෙන්නේ. හේ හේ. අයිස්ඇ එන්නේ කාලාන්තරයකින් නේ.
Deleteස්තුතියි..
කලින් එද්දි මේ පොස්ට් එක තිබුණෙ නෑනේ. අදත් නිකමට ආවෙ බලන්න.
ReplyDeleteඅවුරුද්දකුත් වෙන්න ඇවිත් නේද? අර්ධ ශතකොටත් ළඟයි. සුභ පැතුම් යාළුව. ඉඩ ලැබෙන පුළුවන් හැම වෙලාවකම ලියන්න. ජය !
මේ පොස්ට් පොඩි ප්‍රශ්නයක් වුනා. ගොඩාක් දෙනෙක්ට මග ඇරිලා ඇත්තේ. ඒ ගනම් දුකයි.
Deleteස්තුතියි..
මමත් ටිකක් පරක්කු වුනා. පෙරේයිදා මළ ගෙදරක ගියා.
ReplyDeleteයන්න කලින් මේ පෝස්ට් එකට දෙතුන් වතාවක් ලොග් වෙන්න හැදුවත් "පේජ් නොට් ෆවුන්ඩ්" නිසා.කරන්න දෙයක් නෑ.
බ්ලොග්වර්සරියට සුබ පැතුම් සහෝ, දිගටම ලියමු.....
ජය වේවා....!!!
ඔව් ඔව් වැරදීමකින් පුබ්ලිෂ් වුනා එකයි වුනේ. හදන්න ටිකක් වෙලා ගියා.
Deleteස්තුතියි..
මම එන්න පරකු උනානේ ඉතින්.. දන්නවනේ බිසී කියලා..
ReplyDeleteඅවුරුද්දට සුභ පැතුම් අසාර් අයියේ.. මේ ටිකේ වැඩ වැඩී බව ආරංචී.. ඉඩ තියෙන වෙලාවක හෙමීට ලියමු.. ජය වේවා...
දන්නවා දන්නවා අයිස් යුගය අවසානයි නේ මටත් එහෙමමයි.
Deleteබලහන් අපි කොහොම හිටපු කොල්ලොය මෙහෙම වැඩ කරතහැකියේ.
ස්තුතියි..
පළමු වසරට සුභපැතුම්...
ReplyDeleteදිගටම ලිවීමට වාසනාව ලැබේවා යැයි පතමි ..
ස්තුතියි යාලුවා.
Deleteඅඩේ අයියේ උණ්ඩුකපුච්චෙන්ම සුබ පැතුම් කිව්වා....ජය වේවා....
ReplyDeleteඋඹ තමා මට යටින්ම සුභ පැතුවේ. බොක්කටත් වඩා පහලින්
Deleteස්තුතියි යාලුවා.
අම්මෝ... අවුරුද්දකුත් ගියාද අයියා... මට මතක් උනෙත් දැනුයි මම ලියන්න අරන් අවුරුද්දක් ලං වෙන්නත් එනවා... පෝස්ට් ගොඩක් මග හැරුණා.. මාස කීපයක්ම.. ඔයාගෙ විතරක් නෙමෙයි හැමෝගෙම.. දිගටම ලියන්න මගෙනුත් සුභ පැතුම්..!!!
ReplyDeleteමටත් හිතා ගන්න බැරි වුනා මෙච්චර කාලයක් ගියාද කියලා. ඔයාත් දැන් වැඩිය පෙන්න නැහැ නේ.
Deleteස්තුතියි යාලුවා සුභ පැතුමට..
සුභ පැතුම්..!!!
ReplyDeleteදිගටම ලිවීමට වාසනාව ලැබේවා
ස්තුතියි යාලුවා.
Deleteටික කාලයක් පහු උනත් මෙන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් ! අප්‍රිකාව ගැන දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්තෙ අසර් ගෙ බ්ලොග් එකෙන් තමයි.. එකක් තියෙන්නෙ ලියන්න ගත්තහම කිය්වන්න තියෙන කාලය අඩුයි..මාත් ලියන එක අඩු කරලා කියවන්නයි මේ හදන්නෙ ..
ReplyDeleteස්තුතියි වෙනි අයියා. කාලයක් තිස්සේ ඔයාගෙත් රස පොස්ට් කියවන්න් පුරුදු වෙලා ඉන්නේ.
Deleteසුබ පැතුම්... ටිකක් පරක්කු වුණාට සමාවෙන්න! අවුරුද්දක් ගෙවිලා ගිය ඉක්මන. හැබැයි ඔබෙන් ඉගෙනගත්ත දේවල් නම් ගොඩක්, හරියට අවුරුදු ගානක ඒවා වගේ. ඉදිරියටත් මේ වගේ ම ලියන්න ශක්තිය ලැබේවා!!!!!
ReplyDeleteකොල්ලා දැන් වැඩ නේ. පරක්කු වුනාට මොනවා වෙනවද?
Deleteස්තුතියි..
සුබ පැතුම් අසාර්..(කෝ අර තිළිනියා..?උන්දැටත් කියාපන්)
ReplyDeleteස්තුතියි යාලුවා. මම උන්දැටත් කියන්නම් කෝ....
Deleteබ්ලොග් ලියන්න ආරාධනා කරපු උඹව බලන්න මම ආවේ අදමද මන්දා. ඕන එකක් අවුරුද්දක්ම ලීවා කියන්නේ. හරි මම එහෙනම් ඇවිදලා කියවලාම එන්නම්. අඩේ යන්න කලින් සුභ පතන්න එපායෑ. ජයවේවා යාළුවා.. ඉදිරියටත් සාර්ථක ලිපි මහ ගොඩාක් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
ReplyDeleteමට මතක විදියට මිට කලින් ඇවිල්ල තියෙනවා.
Deleteස්තුතියි මචං..
මගේ බ්ලොග් ඒක මට හදලා දුන්න කෙනාව මෙයාට මතකද දන්නේ නෑ..මටනම් මතකයි එයාව..:පි
ReplyDeleteපුළුවන් හැම වෙලාවකම ලියන්න අයියේ.
හා හා.. ඔයා කාලෙකට වැඩ කරනවා ආයෙත් පැත්ත පළාතේ එන්නේ නැහැ.අයෙත් දිගට ලියන්න පටන් ගමු..
Deleteසුබ පැතුම් මචන්
ReplyDeleteස්තුතියි මචං ...
Deleteපලවෙනි උපන්දිනේට මගෙන් උණුසුම් සුභපැතුම්.....
ReplyDeleteමේ දවස් වල A/L වලට හිරවෙලා නිසා වැඩිපුර බ්ලොග් කියවන්න එන්න ලැබෙන්නෑ
ඒත් ආවොත් අනිවා ඔයාගේ බ්ලොග් එක කියවනවා.....
ගුවන් සේවිකාවකට සේවකයෙක් වුනෙමි ඒක තමා ඔයාගේ post වලින් මම කැමතිම post එක
ඉස්සරහටත් ලියන්න අපි බලන් ඉන්නවා.....
කාලෙකින් දැක්කේ නැහැ කොහොමද ඉතින් ඔයාගේ විභාගේ එහෙම.
Deleteඩැක්කඩ මම ලෑ..............:‘( මාව අමටක කලලම ඩාල........:(
ReplyDeleteආ ලෑ ලෑ ඉන්නෝ..............^_^
Deleteහේ හේ.බොරුවටනේ බය වෙන්නේ.
Delete