23 Nov 2011

අසරණයගේ අදෝනාව









               

මං වැඩ කරන පැය දහ තුනෙන් නමයක්   ම
ඉන්නේ සයිබ අවකාසේ තනියෙන්           ම 
කරන්න වැඩක් නැති හැම වෙලාවේම       ම
කියවනවා දකින දකින හැම දෙයක්           ම 


අහම්බෙන් දවසක් අස  ගැටුනා ඔහුගේ   විරු
කියෙවුවා ඒ සියල්ල ගෙන මගේ සිතට  විරු
"හිස් අහස " ඒ එකතුවේ කවිනම් මරේ  මාරු

එය  ලියන කිවිදගේ නම "අම්පාරේ     සඳරු" 


සිත් උනා මටත් ගලපන්න කවි සහ කතන්දර 
සිතුවා අරබන්න අවකාශයක් ගෙන සින්නක්කර 
සිටිය දින දෙක තුනක් මං කල්පනා කර කර 
සිහියට නැගුනා  කරන විදියක්  සදරුට  කරදර 

යැවුවා  ඊ තැපෑලෙන් මගේ අදහස එකට ඔතා
එවුවා හැරෙනු තැපෑලෙන් ඔහුගේ අදහසක් මනා 
පැතුවා යන්නට දුර ගමනක් හැකියාවෙන්ම මනා 
සිතුනා  නමක් "අසරණය" ඉන්නවිට මං හිත හිත 

මුල් දින පහේ බැලුව ලොව හතර දෙසින් 
දැන්නම් කවුරුවත්  නෑ  දැන් මගේ හිත හරි දුකින් 
ආපු සැම දෙනා ගියේ අයේ නොයෙන සිතින් 
ඒ සම දෙනාටම පුදනෙමි මගේ තුති ඉතින්

රුසියාවේ ඉදන් බැලුව "මදූ .."   නංගි
ඔයානම් ඉතින් හරි සීදේවි   නංගී 
ඔබ අපු දිනේ ආවේ  ඔබේ පිනෙන් නංගී 
දැන් කවුරුත් නෑ  මන් හරි කලකන්නි 

මං මෙය ලියන්නේ මගේ හිතේ අමාරුවෙන් 
රූරා වැටෙනවා කදුළු කැට මගේ දෙනෙත් අගින් 
දුක කියන්නත් කෙනෙක් නැති මේ අදුරු ලොවෙන් 
වැලපෙනවා මං බඩගිනි වුනු පොඩි දරුවෙක් විලසින් 

ලිවුවා කවි කතා මට හැකි අයුරින් 
කියෙවුවා මං තනියෙන් ඇදේ පෙරළෙමින් 
කොහොමද කියන්නේ මන් රෙදි ඇදන් ඉතින් 
අපු වමනේ නතර කලේ  මගේ දකුණු අතින් 

ආසයි  කියවන්න කාගේ   හෝ කමෙන්ට් එකක් 
මාත්  දැම්මා කමෙන්ට් විසි අටක් තිහක් 
නෑ සැලකුවේ කිසි කෙනෙක් මෙතෙක් 
අයියෝ!! ඇඩෙනවා මගේ හිත හිනි ගොඩක් 

දස දහස් බ්ලොග් කරුවන් අතරින් ද 
කිහිප දෙනෙක් ඇත ඉහලින් වැජබෙමින් ද 
අනිකුත් බ්ලොග් කරුවන්  අතරින් ද
අසාර්ථකම  බ්ලොග් කරු මම විතරද 

අසරණයට සරණක් වෙන්න 
මට ලැජ්ජාවක් නෑ 

33 comments:

  1. මට උන එකේ අනිත් එක

    ReplyDelete
  2. Shaage = අයි ඔයාගේ එක බලන්න කවුරුත් නැද්ද ?

    ReplyDelete
  3. හපොයි,. ඔයාගේ බ්ලොග් එක සින්ඩි වලට දාන්න යාළු,. එතකොට කියවන්න අය ඒවි, බුකියෙ ඉන්නවා නම් බුකියේ බ්ලොග්කරුවන්ගේ සංගමයට, බ්ලොග් අවකාශයේ මිතුරෝ වලට ඇඩ් වෙන්න, එතකොට හරි,.

    ReplyDelete
  4. @ Prarthana =ඔයාගේ මේ කමෙන්ට් එකෙන් මට ලොකු සරණක්. හරි සතුටුයි දැන්

    ReplyDelete
  5. හප්පා අදයි මං මේක දැක්කේ අප්පේ මටත් එක්ක ආඩම්බරයි !!

    මචාං ඉතින් බ්ලොගේ සින්ඩි වලට දාගන්න එපෑය

    http://blogs.sinhalabloggers.com/add-blog මේකට එක් කරන්න

    http://syndi.lankeeya.lk/ මේකටත් එක් කරන්න

    උදවුවක් ඔන්නං කියන්න මට මේල් බලන්න පමා වුණා දිගටම ලියන්න එක පාරම කට්ටිය එන්නේ නෑ හෙමීටයි එන්නේ .. සින්ඩි වලට හනි හනිකට එක් කරන්න බ්ලොගේ

    ReplyDelete
  6. His Ahasa = බ්ලොග් අවකාශේ දැවැන්තයෙක් කමෙන්ට් කරා. ස්තුතියි යාළු .

    ReplyDelete
  7. අනේ ඉතින් මටත් එච්චර තමයි අසරණයො.... සමහර දවසට හිට්ස් 168කුත් තිබුණා..... ඒත් කිහිප දෙනෙක් විතරයි කමෙන්ට්ස් දාන්නෙ.... කමක් නෑ කට්ටිය කියවනවනෙ කියල හිතාගෙන මාත් ඔහෙ පෝස්ට් දානවා.... දුක් වෙන්න එපා මලයා.... අපි එනවා....

    ReplyDelete
  8. ඔයා බුකියෙ ඉන්නවා නම් මට request එකක් දාන්න මම ඔයාව ඒ group වලට ඇඩ් කරන්නම් යාළු,..

    ReplyDelete
  9. Musik Girl.ඔයාලගේ කමෙන්ට් නිසා දැන් මට දුකක් නෑ අක්කා .....

    ReplyDelete
  10. @Prarthana = බුකියේ නෑ ඒත් කොහොමද බුකියට සෙට් වෙන්නේ

    ReplyDelete
  11. කවි ලියන්න දන්නේ නෑ කිව්වට මේ ලියල තියෙන්නේ හොඳට...:) ඔයා සින්ඩි වලට දාල බලන්නකෝ බ්ලොග් එක...කියවන හැමෝම කමෙන්ට් කරන්නේ නෑ තමා...ඒත් ඉතින් අඩු තරමේ එයාලා කියවනවානේ...

    ReplyDelete
  12. @සයුරි = අනේ ඇත්තමද ?.මගේ කවි හොදයි වගේද.කවදාවත් මට කවියක් ලියල ලකුණු 5 ක් වත් ගන්න බැරිවුන ස්තුතියි යාළු

    ReplyDelete
  13. හෑ... ගනන් ගන්න එපා මචං බුදුහාමුදුරුවොත් බුදුවෙන්න අවුරුදු ගානක් ගියා නොවැ! දිගටම ලියන්න මගෙන් සුභපැතුම්!!!

    ReplyDelete
  14. @මාතරේ = මගේ කවි කතාවලට මට වමනේ ගියත් මං දිහටම ලියනවා ස්තුතියි යාළුවා

    ReplyDelete
  15. අනේ දෙයියනේ.... අසරණයා මෙච්චර අසරණ වෙලා කියලා දැනං හිටියෙ නෑ නොවැ.... අදයි ආවෙ මේ පැත්තෙ.... මේ තියෙන්නෙ හොඳ පෝස්ටු ටිකක්.... ඔක්කොම කියවන්න ඕන.... බය වෙන්න එපා.... අපි එනවා....

    ReplyDelete
  16. @Miyuru = අනේ.. තියෙන සංතොසේට මට ඇඩුනා ඔයාගේ කොමෙන්ටුවට .

    ReplyDelete
  17. මේ සින්ඩි වලටත් ඔයාගෙ blog එක එකතු කරන්න. පටන් ගන්නකොට කවුරුත් වැඩිය එන්නෑ පස්සෙ හරියයි. තව ලස්සනට blog එක හදන්න. ජය..............
    http://ambagaha.blogspot.com
    http://www.hathmaluwa.org/
    http://maathalan.blogspot.com/

    ReplyDelete
  18. @Suru = ස්තුතියි යාළු...

    ReplyDelete
  19. මෙච්චර යාළුවො ගොඩක් ඉද්දී අසරණයා අසරණ වෙන්නෙ කෝමෙයි..? දිගටම ලියන්න යාළු.. අපි එනවා‍‍.. තව තවත් නිර්මාණ කරන්නට සුබ පැතුම් හා ජය ඔබට..!!! :)

    ReplyDelete
  20. @Nandu = අනේ.... මට දැනෙන සතුට ඔයාලගේ කමෙන්ට් කියෙවුවම

    ReplyDelete
  21. මේ ලියලා තියෙන්නේ ලස්සනට කවි පන්තියක්ම, බය වෙන්න එපා. මම දවසේ වැඩි හරියක්ම ඉන්නේ නිකන්, අනිවා එන්නම් :))) මේ සහෝදරයා එක නෙමෙයි, මේ බ්ලොග් පිටුවේ ෆලෝ කරන්න තැනක නම් මම දහ අතේ හෙව්වා හම්බුනේ නැහැ, එකත් add කලානම් හොදයි.. ජය නියතයි.

    ReplyDelete
  22. බුකියේ නෑ? වෙන්න බෑ. බුකියේ නැති වෙන්නේ කොහොමද? පරිගණකයක් සමග නෙට් තියෙන ඕනෑම කෙනෙක් බුකියේ ඉන්නවනේ :/

    ReplyDelete
  23. සැලෙන්න එපා යාළුවා.. අපේ මුල් කාලෙත් ඔහොම තමයි.. අසරණයා නමින් බුකියට ඇව්ත් අපිත් එක්ක එකතු වෙන්න.. දිගු ගමනක් අපි යමු එකට..

    ReplyDelete
  24. @වර්ණ = ඔය ඇත්තමද මගේ කවි හොඳයි වගේද?මත ඉක්මනට බුකියක් හදාගන්නවා ඔයාටත් ලින්ක් එක එවන්නම්.
    ...................................................
    @දිනේෂ් = ඔව් මං බුකියක් හදාගන්නවා ඉක්මනටම .ස්තුතියි

    ReplyDelete
  25. සැම හට මුලදි සිතෙනා හැටි ඔහොම තමා
    "සෑමා" හටත් ලැබුනේ දුක් ගින්න තමා
    ඉද හිට පෝස්ට් වල තවමත් නැතිය කොමා
    අපි සැම අසරණයි කොහොමත් බඩුම තමා

    ඔය අතරේ අසමජ්ජාති වැඩක් කරලා පොස්ට් එකක් දමා බලන්න. කමෙන්ට් හෝ ගාලා ගලාවී. තමන්ගේ දහඩියෙන් ලියන පෝස්ට් වලට තමා සමාජය ගරහන්නේ. ජය පතමි..

    ReplyDelete
  26. @sAm = ඔව් මචන් ටිකක් කාලයක් යද්දී හරියාවි කියල බ්ලොග් කරන කවදාවත් දැකල නැති යාලුවෝ හැමෝම කීවුවා ස්තුතියි මේ පැත්තේ ආවට

    ReplyDelete
  27. ඔව් දැනටමත් හරි ගිහින් තියෙන්නේ.. සැලෙන්නෙපා..

    ReplyDelete
  28. මේක නම් නියමයි..මටත් මේ දේම හිතුනා..තාමත් හිතෙනව..:D :D

    ReplyDelete
  29. @සම = ඔව් මචන් ස්තුතියි!!
    .............................................................................................................................
    @සිත්රූ සිහින = ඔයාටත් ටිකදවසක් යද්දී හරියාවි භයවෙන්න එපා ටික ටික තම කට්ටිය එන්නේ

    ReplyDelete
  30. අසරණයා තව දුරටත් අසරණයෙකු නොවේ! දිගටම ලියන්න.අපි ඉන්නවා කියවන්න.

    ReplyDelete
    Replies
    1. දැන්නම් මටත් හිතෙනවා.ස්තුතියි යාළුවා මේ පැත්තේ ආවට..

      Delete
  31. කියල වැඩක් නෑ අයියේ. මෙතන තියෙන්නෙත් මගේ කතාව. මම ලියන්න පටන් ගත්තෙත් සඳරු අයියගේ හිස් අහස දැකල. තවම කවිනම් ලිවේ නෑ. කතා හරුප විතරයි.

    කමෙන්ට් නැති එක නම් වහ කන්න හිතෙන සයිස් ප්‍රශ්නයක්. කවද හරි දවසක අපිත් තැනකට එන්නේ නැතැයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මේක කොපි කරගනින් මලේ. අපි දෙන්නගෙම වැඩි වෙනසක් නැහැ නේ.


      කාලයක් යද්දී කමෙන්ට් නම් වැටෙනවා ඒ ගැන කලබල වෙන්න එපා...

      Delete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...