11 Dec 2011

සිගන්නෙක් සමඟ රැයක් ...!!

                         



"එහෙනම් ඔයාල දෙන්නයි අලුත් කෙනයි ගියහම ඇති වෙයි නේද" ?


ඒ අපේ බොස් මගේ නම සඳහන් කරලා මාත් එක්ක නෙට්වර්ක් කරන ඒ ආයතනේ පරණ දෙන්නට කියනවා ඇහුනා.අද අපිට මීගමු පැත්තේ කොම්පැනි එකකට නෙට්වර්ක් කරන්න යන්න ඔක්කොම සුදානම්. මාවත්  එක්කගෙන් යන්නේ.මං මේ ආයතනයට බැඳුනු අලුත ඉතින් එහෙම උනාම පොඩි ළමය වෙච්ච අපි කඩේ යන්න වෙනවා.වැඩට ගියපු පළවෙනි දවසෙම රස්සාවකට ගියාම වෙන කරදර.කැපිලි එපා වෙන විදියට පරණ සේවකයන්ගෙන් අහන්න වෙන අවලාද මේ හැම දෙයක්ම ජිවිතේ මට වඩා අත්දැකීම් තියෙන අපේ තාත්ත කියල දුන්නා.ඉතින් මට මේ කරදර කිසි දෙයක් වැඩිය හිතට ගත්තේ නැ.තාත්තා කියපු හැම දෙයක්ම නිතරම මගේ ඔලුව වටේ කම්පනය වෙන නිසා.එත් මං මේ ආවේ වැඩ ඉගන ගන්න.ඉතින් මොන දුක විඳලා හරි.කොම්පුටර් වලට සම්බන්ධ හැම දෙයක්ම ඉගන ගන්න ඕනේ කියල මට නිතරම හිතුනා.


පැය දෙකක ගමනකින් පස්සේ අපි අපේ ගමනාන්තය වෙත ලංවුනා.අද වැඩේ කරන්නේ සුගත්,දමිත් සහ අසරණය නොහොත් මම.අපිව ගෙනත් දාපු වාහනේ අපිව දාල  යන්න ගියා.අපිට පැය 4,5,ක වැඩක් තියෙන්නේ ඒත් අපිට වැඩිවෙලා කරන්න දුන්නේ නැහැ ඒ ආයතනයේ ලොක්කා.අපි බිත්ති කඩද්දි,එහා මෙහා යද්දී එයාලට කරදරි ලු.ඉතින් අපි අකමැත්තෙන් වුනත් ඉන්න සිද්ද වුනා එයාල වැඩ ඉවර වෙලා යනකන්.අපි වාහනෙන් බහිද්දී ඔෆිස් එකේ හිටපු තරුණ  ගැහැණු ළමයි අපි දිහා බැලුවේ ඇස් කොනේන් ළඟම ඉන්න යාලුවටත් නොපෙනෙන්න.මිනිස් සිත වෙනස් වෙන්න තප්පරයක්වත් යන්නෑ කියල මට එදානම ඇත්තටම හිතුන.අපි දිහා  ඇස් කොනෙන් බලපු ඒ ගැහැණු ළමයි අපිට ඔරවන්න පටන් ගත්තා.ඇසිල්ලකින් එයාල වෙනස් වුනු හේතුව මොකක්ද කියල කල්පනා කරද්දී මට මතක් උනා මගේ අතේ තියෙන්නේ මොනවද මේ කියල.වයර් රෝල්,මිටියක් බට කැලි සහ නෙට්වර්ක් එකකට වුවමන කරන ගොඩක් දේවල් මං ළඟ තිබුනා.එහෙම "නාට්ටාමි" කෙනෙක් වගේ කොල්ලොන්ට තරුණ කෙල්ලෝ කැමති නැහැ නේ.වාහනෙන් බැස්සේ කොල්ලෙක් වගේ එත් මගේ ලග තිබුණු අනන් මනම් ජාති නිසා.සුරූපී මුහුණෙන් මවපු ඒ සිනහව ඇසිල්ලකින් විරූපී   එරවිල්ලක් බවට පත් වුනා.මේ වගේ දෙයක් මග ජිවිතේ වුනු පළවෙනි දවස නෙවෙයි.එත් හිතට මොනවද වුනා වගේ.ඒ හිතේ අමාරුවෙන් කල්පනා කරනගමන් පඩිපෙලක් නගිද්දී කකුල පැටලිලා පඩිපෙළ උඩ වැටුනු වෙලේ අපිත් එක්ක හිනා වුනු ගැහැණු ළමයි දෙනෙක් අතින් කට වහගෙන පිටිපස්ස බල බල ගියේ මොන  මොනවද කියමින්.


අපේ බොස් කියපු විදියට .සුගත් සහ දමිත් ගේ සහයෝගෙන්   අපි  තුන්දෙනාම එකතුවෙලා වැඩේ ඉවර කරද්දී පාන්දර 1.00 විතර වෙලා.අපි ආපු වාහනේ  අපි බැස්ස ගමන්ම කොළොඹ ගියා.මේ මහා රෑ ඉන්න තැනක් නැහැ කොහෙවත් නවතින්න කියල වැඩිපුර සල්ලි දුන්නෙත් නැහැ ප්‍රශ්න ගොඩක්. තිබුනේ එක විසඳුමයි දැන්ම කොළොඹ  යනන බස්  එක නගින්න. ගෙනාපු බඩු එහෙම තියල අපි තුන්දෙනාම බස් එකේ කොළඹ ආවා. 


මං ඒ කාලෙ නැවතිලා හිටියේ රාගම කිට්ටුව.අනෙත් දෙන්නත් වෙනම පැත්තක.මහාබාගේ ලගින්  බස්  එකෙන් බහිනකොට උදේ 2.45 වගේ එතනින් ටික දුරක් සුගත් එක්ක ගිහෙල්ලා  එතන හන්දියෙන් එයාගේ ගෙදරට හැරුනා.එතන ඉඳල මං ඉන්න තැනට ටිකක් දුරයි පාරේ බස් නැහැ වීල් එකක යනන තරම් පඩියක් ඒකාලේ නැ.රස්සාවල්  කරන එක මේ තරම් අමාරුද? කඩවත පැත්තට යන වැන් කාර්.මාව පහුකරන් ගියේ  උඹට හොඳ වැඩේ ඔහොම කටු කපන්  ටික කාලයක් යනකන් කියන්නාක් වගේ.කරන්න තියෙන්නේ එළිය වැටෙනකන්  මඟ නැවතිලා යන්න.මග කිවුවට කොහෙ නවතින්නද කාටවත් පොදු ස්ථානය වෙච්ච බස් නවතුන්පොල මගේ නවතන්පළ කරගත්තා.


එදා අමාවක දවසක්ද කොහෙද වටේටම කරුවලයි පාරේ තැනින් තැන විතරයි බල්බ් තියෙන්නේ ඒවායිනුත් සමහරක් වැඩ නැහැ.වැස්සක් වැහැල පැවුවා විතරයි.දැන් උදේ 3 විතර වෙලා පළාතම  සීතලයි.පලගටියන්ගේ සද්දේ වවුලෝන් ගස්වල එල්ලෙද්දී එන ඒ හඬ හැමෝටම කරදරයක් වෙන කරදර කාර පරපෝෂිතය වන මදුරුවාගේ කොඳුරලා කියන සින්දුව එදා දවස මහා පාළු භයානක රැයක් කරා.දවල් දවසෙම වැඩ කරලා මහන්සියි බඩගිනි,නිදිමතයි,ඉන්නෙත්  පාළු ගඳගහන අපිරිසිදු බස් නවතුන්පොලක මට එවෙලේ කළ හැක්කේ එකම දෙයයි.කවුරුත් වැඩිවෙන අපිරිසිදු ඒ ලෑල්ල මත ඇලවීම පමණයි.බඩගින්න හා මහන්සියත් එක්ක තිබුණු කේඩරි ගතිය නිසාම නිදාගන්න  එක හිතපු තරම් අමාරුවක් උනේ නැ.


ලොකු ලොරියක හෝන් සද්දෙන්   මං ගැස්සිලා අහරෙනවිට පොඩ්ඩක් එළිය  වැටිලා.එක සැරේම ඇස් අරින්න කම්මැලි කම නිසාම ටිකක් සාමාන්‍ය තත්වෙට එනකොට මට ඇහුනා ඉස්කෝලේ යන ගනු ළමයි 5-6 ක් වගේ වටවෙලා මගේ පැත්ත බල බල අනිත් මාව පෙන්නලා  මොන මොනවද කියවනවා.මගේ ඇඟ ආයෙත් සීතල  උනා මොන විලි ලැජ්ජාවක් ද මේ.මං දකින්නේ හීනයක්ද?.උදෙන්ම ඉස්කෝලේ යන ළමයි ඇවිල්ලා  බස් හෝල්ට් එක වටේ එහා මෙහා යනගමන්  වැඩි දෙනාගේ ඇහැ ගියේ මගේ කකුල් දෙක පැත්තට රෑ කවුරුවත් මගේ කලිසමවත් ගලවගෙනත් ගිහිල්ලද ? මං නිදාගෙන ඉන්න වෙලාවේ මොනවහරි දෙයක් සිද්ද වෙලා වගේ මට දැනුනා.එතන උන්නු හැමෝටම හොරෙන් ඇස් වල කබ කඩලා  හෙමිහිට බැලුවා මගේ කකුල් දෙක දිහා. මං දැක්ක දෙයෙන්  මං ඉබේම එතනින් නගිටුනා.මොකක්ද මේ වෙන්න යන්නේ මගේ කකුල් දෙක පැත්තෙට කකුල් දාගෙන මං නිදාගෙන උන්නු ඒ ලෑල්ලේ මුණ පුරා වැවුණු මහා ඝන රැවුල,වලස් තොප්පියක් වගේ අවුල් උනු කොන්ඩේ,ගෝනියක් වගේ ඇඳුමක් ඇඳගත්තු කකුල් දෙකෙන්  ඕජස් ගලන සිඟන මිනිහෙක් හොඳටම නිදි.මුළු රෑ පුරා  මං නිදාගෙන තියෙන්නේ මේ මනුස්සයත් එක්කද.මං දැන් කොහොමද මෙතනින් එලියට යන්නේ කලිසමක් ඇඳන්?.



"ඩෙක්ස් ෂුස් දාගෙනත් ඇවිල්ලා අලුත් කෙනෙක්ද"?
 "කලින් මෙතන එක්කනයි හිටියේ දැන් දෙන්නෙක්ම ඉන්නවනේ"  


එතන හිටපු කට කැඩිච්ච කෙල්ලෙක් කියනවා ඇහුනා.ඉස්කෝලේ යන ටිකක් ලොකු පන්තිවල  ගැහැණු ළමයි ගොඩක් එකතුවෙලා කියපු ඒ කතා මට යන්තම් වගේ ඇහුනෙ... ඒ කාලේ  වෙද්දී මාත් ඉස්කෝලෙන් අස්වුණා විතරයි.මගෙයි ඒ කෙල්ලෝ ටිකගෙයි වයස එච්චර ලොකු වෙනසක් නැතුව ඇති.කල යුත්තේ පුළුවන් තරම් ඉක්මනින් මෙතනින් පිට වෙලා යන්න.මගේ කලිසම් සාක්කුවේ තිබුණු ලේන්සුවෙන් කට දෙපැත්තයි ඇස් දෙකයි පිහදාගෙන ධෛර්ය හිතට අරගෙන එලියට එනවත් එක්කම තව කෙල්ලෙක් කියනවා "මේ ඔයාගේ අයියද ?"  මට කියන්න කිසිම දෙයක් නෑ පුදුම ලැජ්ජාවක් හිතුනේ.මං බස් එකක් එනකන් හිටියොත් තව තව දේවල් අහගන්න වෙන නිසා මං ඇවිදගෙන  ටික දුරක් ගිහිල්ලා බස් එකක නැග්ගා. එත් මට එක දෙයක් නිසා සතුටුයි එතන හිටපු කිසිම කොල්ලෙක් මට මොනවත් කිවුවේ නැහැ.     



එදා  හවසම  මට උණ හදුනා...!   


49 comments:

  1. හයියෝ... ගම කාලනෙ... අර ගෑණු ළමයි ඉස්සරහ අඬු පඬු මිටියකුත් එක්ක ඇදගෙන වැටුනාම....ඒක තව හොඳයි වගේ ඉතුරු ටික බලනකොට... හික්ස්...මදැයි රස්සාවට ගිය පළවෙනි දවසෙම වෙච්චි හරිය... මල්ලි මේවයින් සැලුන්නෑනෙ ඈ...?

    මේක කියවනකොට මට මතක් උනේ මෙහේදි සීත කාලෙ දවසක් අපේ මහත්තයා රෑ වැඩ ඇරිලා එද්දි අපේ කොල්ලො දෙන්නෙක් ඔහොම බස් හෝල්ට් එකක අනාථවෙලා ඉන්නව දැකලා ගෙදර එක්කන් ආව එක... අන්තිමට උන් දෙන්න හින්දා අපි කාටවත් නිදන්න නැති වුනා එළිවෙනකම්... දෙන්නට නිදාගන්න ලැහැස්ති කරලා දුන්නාම පොරවල් දෙක එතැන ඉඳන් එළිවෙනකම් කයිය ගැහුවෙ නැතැයි නිදි නැතිව....

    ReplyDelete
  2. ජීවිතේ යම් දවසක ආපහු හැරිලා බලද්දි මේ කාපු කටු මිහිරි මතක වෙනවා. එදාට මේ මතක අමිහිරි උනත් නොදැනුවත්වම හිනා යනවා. එදා අපෝ මේ කට්ට කියලා ඔය ෆීල්ඩ් එකෙන් අයින් උනා නම් අද ඔතන ඉන්න වෙන්නෙ නෑනෙ. සමහර විට ඉන්න වෙන්න බස් නැවතුමකම තම්යි අනිත් සෙට් එකත් එක්ක.....

    ReplyDelete
  3. මමත් ලීස් ලයින් එකක් හදන්න මිද්දෙනියේ ෆැක්ටරි එකකට ගිහිල්ලා ඔය වගේ කට්ටක් කෑවා...වැඩේ කරලා ඉවර උනාම එක එකා මාරු උනා..මගෙන් යන්නේ කොහොමදවත් ඇහුවේ නෑ...මමත් එතකොට් ඒ වැඩට ගිය අළුත.ක‍ටු ජොබ් තමයි අළුත් උන්ට දෙන්නේ..මම මිද්දෙනිය ටවුමේ කඩ පිලක හිටියා එලිවෙනකං...ලැපත් එල්ලගෙන..ඒක කවුරුහරි ඉස්සුවොත් ඉතිං ඒ කාලේ හැටියට අවුරුදු ගානක් ඒකේ නය ගෙවන්න වෙන නිසා බෑග් එකත් තුරුල් කරං එලිවෙනකං හිටියා...

    ReplyDelete
  4. ඕවා මොනාද බන් අපි හිඟන්නො ඉඹලත් තියෙනවා. ඩෝප් වැඩිවෙලා. හැබැයි ණය වෙලා හරි ගෙදර එනවා. ත්‍රී වීලර් වල ඇවිල්ලා ගෙවල් ළඟදී පැනලා දුවපු වාර අනන්තයි.

    ReplyDelete
  5. දුක හිතෙන පෝස්ට් එකක්..එදා ඔයා ලබපු ඒ අත්දැකීම ලොකු පිටිවහලක් වෙයි ඔයාගෙ අනාගතයට..මට නම් හිතෙන්නෙ මේ වගේ සිදුවීම් කෙනෙක්ට තමන්ගෙ දෙපයින් පොලවෙ පය ගහල ජීවත් වෙන්න ලොකු ආශීර්වාදයක්..

    ReplyDelete
  6. මදුරුවාගේ කොඳුරලා කියන සින්දුව ? හික් හික් මටත් ඔය සින්දුව අහලා අහලාම එපා උනා ඒ කාලේ මම පොඩ්ඩ දවසක් නතර වෙලා හිටපු ගෙදරදී. හිහි,.
    හ්ම්ම් මොනා උනත් සිගන්නෙක් එක්ක නිදාගත්තා එකත් ඉතින් හොද අත්දැකීමක් තමයි. අසරණයා මේ ලියන විදියට මම හරිම ආසයි :)))

    ReplyDelete
  7. @Miyuru = නෑ අක්කේ.. මං සැලුනේ නෑ.මං දැන් ඉන්නේ ප්‍රංස කොම්පැනි එකක ඒත් වෙනත් රටක .
    ......................................................................................................................................................................
    @Shaggy = ඔව් මල්ලි මතක් වෙද්දී හිනා යනවා කවදාවත් මට ඒවා ගැන දුකක් හිතිලා නෑ.කටු කමනම් ඉතින් මොනවද
    ................................................................................................................................................................................
    @ඔබ නොදු‍ටු ලොවක්.... = අම්මෝ ... මටනම් ලැපක් තිය වයර් කල්ලක්වත් තිබුනේ නෑ .තිබුනානම් මං තවම ණය ගෙවනවා .
    ......................................................................................................................................................................................
    @මාතලන් = මචන් හිගන්නෝ ළඟ මාර ගදයිනේ කොහොමද ඉම්බේ.ණය වෙලා යන්න විදියක් තිබුනේ නැහැ මචන් ඒ කාලෙ
    .....................................................................................................................................................................................;
    @සිත්රූ සිහින = අනිවාර්යෙන්ම අක්කා... මේවා නිසා තමා පැමිණෙන දුක් පැණි රසයි කියල ඉන්නේ
    ...........................................................................................................................................................................................
    @වර්ණා = හනේ......... ඔයාට මේ සින්දුව අහල එපා වෙලාද?ඇත්තටම මං ලියන ඒවාට ආසද? හේ හේ ............!!

    ReplyDelete
  8. කටු කෑවෙ නැත්තන් ජොබ් එකේ කිසිම ගතියක් නෑ
    පස්සෙ කාලෙක මතක් කරන්න මේ විදියෙ කටු තියෙන්න ඕන.

    ReplyDelete
  9. කෙල්ලො ටිකව ගිනිතියන්න හිතෙන්න අැති නේ :D
    :( :( :(

    ReplyDelete
  10. හි හි හි අයියෝ ඕවත් කටුද බන් . අපේ ජීවිතේම ඔහොමනෙ. මහබාගේ රාගම කියන්නේ මගෙත් රූට් එකක්. රාගම පැත්තේ යනවනම් මම නම් යන්නෙම කෝච්චියේ. රෑට කෝච්චි නැත්තම් පාරේ පරිප්පු කන්නේ නැතුව කොටුව ඉස්ටේසමේ හරි ඇලට් එකක් දාගන ඉන්න පුළුවන්.

    ReplyDelete
  11. සංවේදි සටහනක්.. ජීවිතේ සමහරක් කටු කාලයක් යද්දි ම්හිරි වෙනවා...

    ReplyDelete
  12. මෙන්න මේවට තමයි නියම අත්දැකීම් කියන්නේ ලස්සනට ලියලා තියෙනවා.හොද ධෛර්යයක් තියෙන අයියා කෙනෙක් සුභ පතනවා ඉදිරියට.මෙහෙම දිගටම ලියන්න

    ReplyDelete
  13. හිඟන්නොත් නරක එවුන් නෙවෙයි බං .. උන් එහෙම වෙලා ඉන්නෙ මොකක් හරි හේතුවක් හන්දයි.
    ඔය විදිහට කට්ට කෑවම තමා හොඳ ආත්ම ශක්තියක් එන්නෙ මිනිස්සුන්ට.

    ReplyDelete
  14. @Roshan Herath = අනිවාර්යෙන්ම මචන් දුකක් නැතුව සැපක් නැහැනේ මේ ලෝකේ ස්තුතියි මේ පැත්තේ ආවට
    ......................................................................................................................................................
    @තනි අලියා = ඒ බන් ඇයි බන් කෙල්ලෝ අපිට මෙච්චර දුක් දෙන්නේ
    ............................................................................................................................................................
    @රෙප් මහත්තයා = නෑ බන් මං හිතුවේ මගේ අලුත් යාළුවා බෝඩිමට ගිහින් දැවී කියලා.එහෙම කාලෙ නේ බන් ඌ ..
    .............................................................................................................................................................
    @Dinesh = ඇත්තමයි දෙනේෂ් මතක් වෙද්දී හිනා යනවා
    ..................................................................................................................................................................
    @ගැමියාගේ පත් ඉරුව = ස්තුතියි මලේ මේ පැත්තේ ඇවිල්ලා සරණක් උනාට හැමෝටම මේ වගේ අත්දැකීම් තියෙනවා නේ
    ..................................................................................................................................................................
    @kumaraya = ඔව් මචන් කුමා දැන් මට ඕනෙම කට්ටක් ඉවසන් වැඩ කරන්න පුළුවන්

    ReplyDelete
  15. ඕවා තමා මචන් ජීවිතේට පෙට්‍රල්... ඔහොම අත්දැකීමක් තියන එක ඇත්තටම වාසනාවක්.. උඹට වරදින්නෑ..නැගපන් උඩටම.. හැබයි උඩට ගිහින් ගහනවා නෙමේ පයින්.

    Background එක වෙනස් කලාට ස්තූතියි මචන්.. දැන් කියවන්ඩ ලේසියි..

    ReplyDelete
  16. @Senna = මට සතුටු කඳුළු එනවා මචන් උඹලගේ කොමෙන්ට් වලට ඇත්තමයි !!

    උඹලගේ සපෝර්ට් එක නැත්නම් මේක දෙගටම කරගෙන යන්න මරුයි .ස්තුතියි යාළුවා !!

    ReplyDelete
  17. නියම අත්දැකීමක් නේ...අසරණයටත් වෙන වැඩ...

    ReplyDelete
  18. @සයුරි = සයුරි මේ මට වුනු එක සිදුවීමක් විතරයි!!.මතක් වෙන ඒවා මං ලියන්නම්.ස්තිතියි

    ReplyDelete
  19. කට්ට කාලා කාලා ගන්න අත්දැකීම් කවදාවත් අහක යන්නෙ නෑ සහෝ... ඒවා තමයි අදටත් අපිට ඕන වෙන්නේ!

    ReplyDelete
  20. @ලහිරු = ඇත්තමයි යාලු .එක සැරේම උඩට ගියොත් SMS තරුවක් වාගේ තමා ස්තුතියි මේ පැත්තේ ආවාට

    ReplyDelete
  21. අසරණයා අසරණ වූ එක් අවස්ථාවක් වගේ. ඕව මොනාද බං සැලෙන්නෙපා. මේවා තමයි කවදා හරි හයියට හිටින්නේ. කෙල්ලෝ හිනා වුනාට ඒ ඇතිතිලට ඔච්චර අත්දකීම් නැහැ..

    කොල්ලා මේක (බ්ලොග් එක) ටිකක් පලල් කරලා වගේ.. මොකද සීන් එක..

    ජය ශ්‍රී !

    ReplyDelete
  22. @sAm = ඔව් මචන් ලාමක කෙල්ලෝ මොනවත් දන්නේ නැහැ .

    කලින් තිබුණු විදිය කියවන්න අමාරුයි වගේ නේද?.

    ReplyDelete
  23. දැන් අවුලක් නැත. පළල ටිකක් අඩු කරපං මචෝ. මටත් කළු බැක්ග්‍රවුන්ඩ් එකක් දාලා තිබිබා ගොඩක් එවුන් බැන්නා. මොනව කරන්නද රසිකයාට හිස නමපං.. :)

    ජය සිරි...

    ReplyDelete
  24. ජයශ‍්‍රී ලොක්කා... කවුරු කැමති උණත් නැතත් උඹලා වගේ එවුන් තමයි වැඩ්ඩෝ වෙන්නෙ අන්තිමේදී..... යකඩ පන්නරේ එන්නෙ තැලෙද්දිනේ...

    ReplyDelete
  25. @sAm (සෑම්)=ඔව් නේද රසිකයෝ කියන දේවල් දෙනවා බන්.
    .................................................................................................................................
    @නරකයා = සැලුනේ නේ මචන් දවස් දෙකක් විතර පොඩි ලැජ්ජාවක් දැනුනා ඊට පස්සේ ගානක්වත් නැහැ

    ReplyDelete
  26. මම මේ කියනදේ ගොඩාක් සාහසිකයි.. ඒත් අපිට කිංඩියට හිනාවෙනවනම් කෙල්ලෙක්.. ඒ කෙල්ල කවදා හරි අපි නිසාම අඬන්න ඕන.. මම කිව්වේ අපි වැරැද්දක් කරලා නෙවේ.. අපෙන් ණය ගෙවන්න බැරි උදව්වක් අරන්...

    ReplyDelete
  27. @lahirucc = අනිවාර්යෙන්ම ඕනෑම කෙනෙක්ට ඔය දේ පොදුයි

    ReplyDelete
  28. ලිවීමක් තුලින් මනාව චිත්ත රූප මැවීමේ හැකියාව ඔබට තියෙනවා ! සුපිරියි !

    ReplyDelete
  29. @Weni = අයියා ඔයා සිරාද කියන්නේ හෙක් හික් ..ස්තුතියි

    ReplyDelete
  30. ඔය වගේ අද්දැකීම් ගැන කවදාකවත් දුක් වෙන්න එපා . අද්දැකීම් තමා අපිව ජීවත් කරවන්නේ . කවදාහරි අතපය වාරු නැතිව ගිය දාකට පොඩි එවුං රැලක් එක්ක එකතු වෙලා අපිට මේ අද්දැකීම් කියමින් සතුටක් ලබන්න පුලුවන් .

    උඹ සිරාවට ලියලා තියේ ජයම වේවා !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං ..කවදාවත් මට සිදුවෙලා තියෙන දේවල් ගැන කිසිම දුකක් නැහැ.ගොඩාක් සිදුවීම් මට රසයක්.

      Delete
  31. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කියන්න බලන්න ඒවා ඔයාගේ බ්ලොග් එකෙනුත්.අපිත් ආසයි දැනගන්න..

      ස්තුතියි..

      Delete
  32. ඔයාටත් වෙන්නෙ පුදුම වැඩ තමයි..ඒත් මට හිතෙනවා ඔයාට ලැබුනේ කෙනෙකුට ලේසියෙන් නොලැබෙන අවස්ථාවක් කියලා. ආසාවෙන් කියෙව්වා...ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ඔව් කුමාරියේ.ගියපු අලුත ඉතිං අපිට කට්ට වැඩියි.මොනවා වුනාත් දරාගැනීමේ හැකියාව වැඩි වුනා.

      ස්තුතියි..

      Delete
  33. අයියෝ කලින් දැම්ම් කමෙන්ට් එක වැටිලා නැ... හ්ම්ම්ම්ම් :(

    ReplyDelete
    Replies
    1. මෙක කියවලා මට මගේ ජිවිතෙ සමහර සිදුවිම් කිපයක් මතක් වුනා... :)

      Delete
    2. ඔයාගේ කලින් කමෙන්ට් එක ස්පැම් වෙලා. ඔන්න මම ඒ දෙකම දැම්මා.

      Delete
  34. එකනේ මෙ ලැප්ටොප් එක පිස්සු කරනවා... හිහිහි...

    ReplyDelete
    Replies
    1. නැ මන හිතන්නේ මගේ පැත්තෙන් වරද වෙන්න ඇත්තේ..

      Delete
  35. උබලගෙ බොසා මාර ඩයල් එකක්නෙ බං..මරැ කතාව මචං .ඒක නෙවේ උබ නෙට්වර්කිං කරන පොරක් කිව්වා නෙ ..අපි ගෘප් එකක් තියනවා නෙට්වර්ක් වලටම ඒකට වැඩ කාරයො අඩු වෙලා හිටියෙ උබත් සෙට් වෙයං මචං..https://www.facebook.com/groups/296881617028001/..එල ජය වේවා.........!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මම එකතු වෙන්නම් මචං.හැබැයි මම වදකාරයෙක්නම් නෙවෙයි..ස්

      ස්තුතියි මචං මේ පැත්තේ ආවට..

      Delete
  36. පහල ඉඳන් ඉහල යන අය වැඩවලට දක්ෂයි , එකපාරට ඉහලට එන අයට වඩා

    ReplyDelete
  37. කියල වැඩක් නෑ. අයියේ.... ගොඩක් දෙනෙක් ආපහු හැරිලා යන කඩයිම් වලින් අයියා නොනැවතී දිගටම ගිහින් තියනවා. සුබපැතුම් අයියේ.

    ReplyDelete
    Replies
    1. හැරිලා ගියානම් අද මම මෙතන නැහැනේ මලේ...

      Delete
  38. ඇත්තම කියනවා නම් රස්සාවට ගිය දවස්වල කාපු කටු කියන්න වචන නෑ..
    කොහොම වුනත් නංගිලා සෙට් එකේ වචන ටික නම් මරු...!!

    ReplyDelete
  39. mehama katuth kala tiyanna one machan...attamata life eka atal eke terenne ethakota.oya mandira wala hadena puyara babaa melo rahak ne..man nam onema dekata set wela inne unath ekai malath ekai kelloth balloth ne man witarai mage loke saralai dundarai..a widihata man kamati. me wage aya tawa ati gud luck brother

    ReplyDelete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...