13 Dec 2011

සරුංගලේ... නුඹ වාගේ රට හැර යන අපේ ළමයි!!


                                           




"දැන් වෙලාව පස්වරු එක පසුවී විනාඩී  දහා තුනයි.මේ ලක් හඬ ගුවන්විදුලි සේවයයි".........
"මේ වෙලාවේ ගීතයක් ඉල්ලීමට රසිකාවියක් රැඳී ඉන්නවා"
"ඔබතුමියගේ නමකියන්න".........
"මම චන්ද්‍රානි" 
"ඔව් චන්ද්‍රානි මහත්මිය ගීතය සුදානම් කරනකන් ඔබ තුමියගේ විස්තර ටිකක් කියන්න බලන්න ...."
"මං ඉන්නේ කඩවත කලින් ගුරුවරියක් දැන් විශ්‍රාම ගිහෙල්ල ඉන්නේ."
"මොකද මේ ගීතය තෝරාගන්න ඔබ තුමියට හිතුනේ"
"මේ ගීතය මගේ ජිවිතයට ටිකක් සමීපයි".
"කැමතිද විස්තර  කරන්න ?."

මට පුතාල දෙන්නෙකුයි දුවකුයි ඉන්නවා දැන් ඒ කවුරුවත්  මං ලග නැහැ දැන්.අපි  තරුණ කාලේ  අපේ දරුවෝ පොඩි කාලේ මේ හැමෝම එකටමයි හිටියේ අපේ ජිවිත වුනේ  මේ තුන්දෙනා.අපිට පුළුවන් උපරිමේට අපි මේ හැමෝටම ඉගැන්නුවා.එයාලත් හොඳින්  ඉගන ගත්තා.කාලයක් යද්දී අපි වයසට ගියා එයාල තරුණ ළමයි වුනා.එයාලගේ අද්‍යපනේ  හැටියට  වැටුපක් ලංකාවේ ලැබුනේ නැහැ.මං ගුරුවරෙක් විදියට හැම ළමයටම අපේ දේ අගයන්න කියල දෙනවා මගේ දරුවන්ටත් හෙමයි.ඒත් කාලයක් යද්දී ඒයාලා විදේශ ගත වෙන්න අදහස් කරා.අපිත් වැඩි කැමැත්තක් වුනේ නැහැ අපේ රටේ වටිනාකම තරුණ ළමයින්ට වඩා අපි දන්නා නිසා.මොන රටක ගියත් දුක් විඳින වෙයි කියල අපිට බයත් තිබුනා.මේ රටේ ඉගන ගෙන වෙනත් රටකට සේවය කරනවට මගේ මහත්තය කොහෙත්තම කැමති උනේ නැ.අපි නොදන්නවට අපේ දරුවොන්ගේ  නිදහස් අද්‍යපනේට   අහිංසක දුප්පත් මිනිසුන්ගේ මහන්සියත් එකතුවෙලා තියෙනවා.කාලයක් යද්දී ඒයාලා විවාහ වුනා. පස්සේ  රැකියාවට ඔස්ට්‍රලියාවේ  ගියා.එක්කෙනා 
එක්කෙනා  ගියා එයාලගේ නෝනලාත් එක්ක.ඊට පස්සේ හැමෝම මගෙන් ඈත්  වුනා.කලින් අවුරුද්දකට වතාවක් ආවා මාව බලන්න.දැන් එහෙම එන්නෙ නැහැ .එයාලට දැන් එහෙ පුරවැසිබවය තියෙනවා. මගේ දරුවොන්ටත් දැන් දරුවෝ ඉන්නවා.එයාලටත් ප්‍රශ්න ඇතිනේ කලින් වගේ මාව බලන්න එන්න වෙන්නේ නැහැ.මගේ ලග නැති වුනත්  එයාලා සතුටින් ඉන්නවා.මාත් ආසයි මගේ දරුවෝ හැමෝම ආයේ එක දවසක් හරි  එකට ඉන්නවා දකින්න.නෑදෑයෝ කොච්චර හිටියත් මට මගේ දරුවෝ නැති  පාළුව එයාලට මකන්න බැහැ.මගේ ජිවිතේ හොඳම කාලේ කැප කලේ මගේ දරුවන්ට.එත් මට එයාලත් එක්ක ඉන්න ඕනේ කාලේ වෙද්දී ඒ කවුරුවත්  මගේ ළඟ නැහැ.    

සරුංගලේ වරල් සැලේ
නිසංසලේ ගුවන් තලේ
අපෙන් මිදී වෙන රටකට යන්න හදන්නේ 
උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ

සරුංගලේ බට පතුරෙන් නුඹ සැදුවේ අපේ ළමයි
සරුංගලේ ලාටු උලා රැලි කෙරුවේ අපේ ළමයි
සරුංගලේ කොළ අලව හැඩ කෙරුවේ අපේ ළමයි
සරුංගලේ නුඹ අහසේ අපේ ළමයි තම බිමයි

සරුංගලේ නුඹ වෙනුවෙන් ගුටි කෑවේ අපේ ළමයි
සරුංගලේ නූල් යොදා උඩ ඇරියේ අපේ ළමයි
සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි
සරුංගලේ නුඹ වාගේ රට හැර යන අපේ ළමයි

මේ ගීතය හැම පදයක් පදයක් ගානෙම ඒ අම්මා කියපු කතාව තියෙනවා නේද?.ලංකාවෙන් ඉගන ගෙන වෙනත් රටවල අපි මේ වැඩකරන්නේ ඩොලර් වලට තියෙන ආසාව නිසාද.අපි මෙතන මෙහෙම ඉන්නේ එයාලගේ තරුණ ජිවිත කැප කරපු නිසා."සරුංගලේ උඩ ගියදා මතක නැතේ අපේ ළමයි"  අපේ රටට  අපේ ගමට  අපිට  ණය ගේවන්න පුළුවන් වේවිද අපේ මේ ජිවිත  කාලෙටම.අපිට  කවදාහරි මේ දුක තේරෙන්නේ අපිත් වයසට යද්දී.ඒ කලේ වෙද්දී අපේ අම්මලා නැ .. !

 දවසේ පඩියට කුලී වැඩ කරන ඈත  ගම්වල  මිනිසුන් ගෙවන බදු  වලිනුත් එක්ක තමයි අපේ නිදහස් අද්‍යපනේ රඳා පවතින්නේ.ඒත් තමන්ගේ දෙමවුපියෝ සහෝදරයෝන් ගෙන් කැමැත්තෙන් වෙන්වෙලා  වෙනත් රටක ජීවත්වෙන්නේ කියෙන් කී  දෙනාද ?.කවද අපිට අපේ රටේ නවතින්න ලැබෙයිද ?


මේ පොස්ට් එකේ සෑම දෙයක්ම මටත් බලපානවා .මෙය කියව සිත් රිදවීමක් ඇති උනානම් සමාවෙන්න.!!


සැ:යු : මේ සිදුවීම සත්‍ය සිදුවීමක් මිට අවුරුදු දෙකකට විතර කලින් මං රේඩියෝව අහගෙන ඉන්න වෙලාවක ඇහුනු දෙයක් ඒත් එක වැඩියෙන්ම දැනෙන්න ගත්තේ මාත් ලංකාවෙන් පිට උනාම. 

29 comments:

  1. මාත් ඉන්නෙ රටෙන් පිට මචන්. ඒත් මම හිතෙන් හැම වෙලේම ඉන්නෙ රටේ. පුළුවන් හැම වෙලේකම ලන්කාවේ පත්තර කියවනවා Internet එකෙන්. සමහර වෙලාවට ලංකාවේ ඉන්න අයට වැඩිය අවබෝදයක් තියනවා රටේ වෙන්නෙ මොනවද කියලා. අපි සල්ලි හොයන්ඩ රට ආවා තමයි.. ඒත් ඒක තමන්ගේ රට අමතක කරන්ඩ හේතුවක් නෙමේ.

    සමහරුන්ට තියනාවානෙ Migration මේනියා එක. එගොල්ලන්ට තමා ඔය කතාව වැඩිය ගැලපෙන්නෙ. (මම දන්නෑ උඹත් එහෙමද කියලා) ඒ ගොල්ලන්ගෙ ඉපදුන දවසේ ඉඳලා එකම සිහිනය තමා රට හැර යාම.

    මම නම් ආවේ නිශ්චිත ඉලක්කයක් ඇතුව. ඒක සම්පූර්ණ වෙච්ච ගමන් බඩු ලංකාවේ. මේ අනුන්ගේ රටවල මාලිගාවක ජීවත් වෙනවටා වඩා, ලංකාවේ ගිහින් අගුපිලක වැටිලා මරුනත් සැපයි.

    ReplyDelete
  2. @Senna = මාත් වැඩි කාලෙකට නෙවෙයි ඉන්නේ තව ටික දවසකින් අයෙත් යනවා.හැමෝම නෙවෙයි ටිකදෙකයි එහෙම මේනියාවෙන් ඉන්නේ.

    ReplyDelete
  3. හ්ම්ම් මුල අමතක නොකරනවානම් තමයි රට ගිය අත්තොන්ගේ හොදකම, අන්න එච්චරයි මට කියන්න තියෙන්නේ.

    ReplyDelete
  4. ලොකුකම අරක මේකම කියන්න එපා!

    එකක් තමා ලංකාවෙ ලැබෙන අාදායම් මදිකම. (කියන අය කඅයන විදියට)

    අනික තමා ඉගනගත්ත දේට හරියන රස්සාවක් නැතිකම. පොඩි උදාහරණයක් විදියට සසන්ත සර් කියනව කැලණිය විශ්වව්ද්‍යාලෙං වසරකට chemisty sp කාරයො සීයකට කිට්ටු ගානක් එලියට එනවලු! කෝ මුන්ට දෙන්න රස්සා? අවුරුදු ගානක් කෙමිස්ට්‍රි මයික්‍රොබයොලොජි අනංමනං ඉගෙනගන්නෙ බැංකවල අරවයෙ මේවයෙ ඉන්නද?

    කවුරුවත් කරපු පලියට රට යන මිනිහගෙම දොස් දකින්න එපා. රට යන්න වෙන්නෙ ඉන්න රටේ ඉන්න තත්වයක් නැති හින්ද!

    ReplyDelete
  5. මචං අපිටත් දැනේනව..මේ බ්ලොග් අවකාසේම කී දෙනේක් ලංකාවෙන් පිට ඉන්නවද...ලිපිවලින්..කොමෙන්ට් වලින් තෙරුම් ගන්ඩ පුලුවං ගෙවන ජිවිත කොයිවගේද කියල..
    ඇත්ත ලංකාවේ උසස් අද්‍යාපන රටාවත් එක්ක..සහ වෘතිමය අද්‍යපනය ගත්තම ලමුන්ට ලංකාවේ රැකියාවක් කරන්ඩ තියෙන ජොබ් මාකට් එක අඩුයි නමුත් සුදුසු කම් තියෙන පුද්ගලයො වැඩියි..ඒ වගේම සුදුසුකම් වලට සරිලන වැටුපක් ලැබෙන්නේත් නෑ...

    ReplyDelete
  6. මාත් ලංකාවෙන් පිට ඉගෙන ගන්නවා! ඇඟිලි ගැන ගැන ඉන්නේ මේක ඉවර කරලා ලංකාවට දුවන්න!

    ReplyDelete
  7. කාළකන්නී රටවල ඉපදුනාම ඔහොම තමයි...

    ReplyDelete
  8. දැන් තියෙන සමාජ ක්‍රමයත් එක්ක ඒ වගේ පරාර්ථකාමී සිතුවිලි මිනිස්සුන්ට පහල වෙයි කියල බලාපොර්තුවෙන්න බෑ!

    ReplyDelete
  9. @වර්ණා = මිනිස් සිත කියන්නේ එකනේ අමතක වෙනවද අමතක කරනවද?කෙනාගෙන් කෙනාට ඒ දේ වෙනස් වෙනවා
    ......................................................................................................................................................................................
    @තනි අලියා = රට යන එකේ වැරද්දක් නැහැ නමුත් මං කියන්නේ අම්මලාගෙන් දරුවෝ ඇත් වෙන විදිය ගැන
    ...........................................................................................................................................................................
    @Raj = ඇත්ත මචන් ඉගැනීමේ හැටියට පඩියක් ලැබෙන්නේ නැත්නම් රට යන්නේ නැතුව මොනවා කරන්නද
    ..............................................................................................................................................................................
    @මාතලන් = රටේද වැරැද්ද පලකයන්ගේද ?
    .......................................................................................................................................................................................

    @Sabith = දැන් හැමෝම රේස් එකක ඉන්නේ ඉතින් හැමෝම බලන්නේ දිනන්න .මේවා කාටවත් වෙනස් කරන්න බැහැ

    ReplyDelete
  10. අවුරුදු 9 ඉඳල පිටරටක ඉගෙන ගෙන..අවු.19 වෙද්දි හොඳ ජොබ් එකකුත් කරන්න ලැබුන මට..කිසිම දේකින් අඩුවක් කියන්නත් දෙයක් නැහැ මගෙ ජීවිතේට..හිතේ තිබුන එකම සිහිනය ලංකාවට ගිහින් අනාගතයේ ජීවත් වෙන්න..හිතෙන් හැමදාම ජීවත් උනේ මගෙ රටේ මම.....ඒත් එක රකුසෙක් මගෙ ඒ බලාපොරොත්තුවට ගිනි තිබ්බ....දැන් මම හිතන්නෙ ආයෙ නම් කවදාවත් ලංකාව එපා කියල.........

    ReplyDelete
  11. අපිටනම් ලංකාව දාල එන්න උනේ උසස් අධ්‍යාපන අවශ්‍යතාවය (ඒකත් එක්තරා මේනියාවක් නේද?) නිසා. ඒත් මෙහේ නවතින්න නම් කිසිම අදහසක් නැහැ..

    ලංකාවේ ආදායම මදි නිසා, එහෙම නැත්නම් සුදුසු රස්සාවක් නැති නිසා රට යන අයටනම් වැරද්දක් කියන්න බැහැ...

    හැබැයි අනිත් අය හැමෝම යනවා දැකලා අපිත් දැන් ඉන්නේ මේ රටේ කියලා කියන්න තියන ආසාවට මයිග්‍රේෂන් හීනයක් ඇති කර ගතිපු කොට්ටාශයට නම් මමත් විරුද්ධයි.

    ReplyDelete
  12. අපි මෙහේ හිටියට හිත නම් වැඩිපුරම තියෙන්නෙ ලංකාවෙ. දවසකට සැරයක් වත් අම්මට කතා කරනවා. මම රටින් පිට වෙලා දැනට මාස 10ක් විතර වෙනවා කියන්න සතුටුයි මම අම්මට කතා නොකරපු දවස් ගාන 10විතර ඇති. මෙලහකටත් ගිහිල්ලා ඒත් ජීවිතේ අඩියක් හරි උස්සල තියන්න ඔන නිසා ඉන්නවා,,, මට මෙහේ ඉන්න බෑ ලංකාවට එන්න ඔන කියන හැම වෙලාවෙම මගේ රත්තරං අම්ම මාව දිරිමත් කරල ආපු අරමුන මතක් කරල දෙනවා..........

    ReplyDelete
  13. හැමදේකම වගේ ඔය ප්‍රශ්නෙත් දෙපැත්තක් තියෙනවා කියලා මටනම් හිතෙනවා, ඒත් ඔය කියන යථාර්තය, ප්‍රියයන්ගෙන් වෙන්වීම හැමෝටම පොදුයි මට දැනෙන විදියට!

    ReplyDelete
  14. හොඳ පෝස්ට් එකක්..කීප දෙනෙක් ඇරුනම ලන්කාවෙ ඉන්න මිනිස්සුන්ට වඩා පිටරටවල රැකියා කරන්න ඉගන ගන්න ගිය බොහෝ දෙනා ලන්කාවෙ ඉන්න අයට වඩා රට ගැන හිතනවා කියල මටත් හිතෙනවා..ඒත් ඒ ඇත්තටමද show එකටද කියල තමා හිතා ගන්න බැරි.. ඒත් බොහෝ දෙනෙක් බලන් ඉන්නෙ ලන්කාවට ඇවිත් තමන්ගෙ මිනිස්සු එක්ක සතුටින් ජීවත් වෙන්න කියලත් හිතෙනවා..

    ReplyDelete
  15. මේ රටේ සාමාන්‍ය මිනිස්සූ සැප විඳලා තියෙන්නේ යටත් විජිත යුගයේ සහ නිදහසින් පෞ සුළු කාළයක් විතරයි..

    ReplyDelete
  16. @වින්චැට්කිරිල්ලි. = එක මෝඩයෙක් නිසා ඔයාට වුනු සිද්දිය ගැන මේ අසරණයටත් දුකයි.එක්කෙනෙක් නිසා හැම දෙයක්ම නැති කරගන්න එපා සහෝදරි.ස්තිතියි මේ පැත්තේ ආවාට
    .....................................................................................................................................................................................................................................
    @සයුරි = අපිට පුළුවන් කලේ සල්ලි ටිකක් එකතු කරගෙන ආයේ එන එක තමා නේද හොඳම වැඩේ (මගේ අදහස)
    ........................................................................................................................................................................................................................................
    @Shaggy = අම්මලා හැම වෙලාවේම හිතන්නේ දරුවෝ ගන්නේ සහෝදරයා.
    ...........................................................................................................................................................................................................................................
    @ලහිරු = අනිවාර්යෙන්ම ලහිරු.ඒත් ටික දෙනෙක් ඉන්නවා හැමෝගෙන්ම වෙන් වෙලා දෙමවුපියි අමතක කරන පිරිසක්
    ................................................................................................................................................................................................................................................
    @සිත්රූ සිහින = අපේ දේ අගයන්නේ ඒ දේ ගිලිහෙද්දී නේද?.එක නිසා තමා ලංකාවෙන් පිට ඉද්දි රට ගැන හිතන්නේ
    ..............................................................................................................................................................................................................................................
    @මාතලන් = යටත් විජිත කාලේ සැප වින්දේ නැහැ නේද?..හැබැයි සුද්ද ගියායින් පස්සේ ටික කාලයක් හොඳින් සැප විඳලා තියෙනවා .

    ReplyDelete
  17. මාත් ඉන්නේ ලංකාවේ නෙමෙයි යාළුවා.. මේ අගෝස්තුවේ නිවාඩුවට ගිය වෙලේ දැනුන අම්මගේ ආදරය වගේම ලංකාවේ සුවද කොහොමටවත් අමතක කරන්න බෑ..

    ReplyDelete
  18. @Dinesh = හැමෝටම එහෙම තමයි යාලුවේ

    ReplyDelete
  19. මම අද මට දෙන්න මගෙ පුංචි කාලේ කියල මගෙ කවිපෙලට වදනක් ලියා තිබූ නිසා ඔන්න මේ පැත්තට ආවා. අපිට ලංකාවෙන් ඈත් උනාම තමයි අපේ රට කොයිතරම් වටිනවද කියල තේරෙන්නෙ. මම දන්නා විදිහට ටික දෙනෙක් හැරෙන්නට ලංකාව අමතක කරන අය හරිම අඩුයි. සමහර අය රට රට වලට ගිහාම අපේ රට හෑල්ලුවට ලක් කරනවා. අපි එහෙම කරන්න හොඳ නෑ. මම රටෙන් පිට උනේ මට අවුරුදු දොළහ වගේ ඉතාම පුංචි වයසේදි. නමුත් අපේ ගෙදර අපි සිංහල කතාකලා. ආගම හොඳින් ඇදහුවා. අපි වෙනස් උනේ නෑ. දරුවෝ ඉපදුනේ පිට රට උනාට ලංකාවට එක්ක ඇවිත් අධ්‍යාපනය දුන්නා. ඒ සතුට සැනසීම අද අපි විඳිනවා. අද මම අවුරුදු පනහ වෙච්ච ආච්චි අම්මා කෙනෙක්. පහුගිය ලෝක ලමා දිනය දා මගෙ මුනුබුරා උපන්නා. හැම අම්මා කෙනෙක්ම දරුවන් වෙනුවෙන් දුක් විඳිනවා. හැම දරුවෙක්ම අම්මා තාත්තා වෙනුවෙන් තම ආදරය දක්වනවා, ළග හිටියත් නැතත් දරුවෝ අපේ වස්තුවයි.

    ReplyDelete
  20. මේ පෝස්ට් එකත් ගොඩාක් ආසාවෙන් කියෙව්වා අසරණයා ලියන ස්ට්යිල් එකට මම ආසයි..

    ඉතින් මමත් සල්ලි ටිකක් හම්බ කරගන්න රට යන්න ඉන්නේ.. ජීවත් වෙන්නත් එපැයි නේද?

    ReplyDelete
  21. මේ පැත්තේ ආවේ නැහැ කියලා සද්දයක් දාලා තිබ්බේ මේ වැඩ කෑල්ල පෙන්නන්න වෙන්න ඇති. :)

    කියන්න දෙයක් නැහැ කොල්ලා.. ෆට්ට පෝස්ටුව..
    කොල්ල ලංකාවේ නෙවේද ඉන්නේ??

    ජයෙන් ජය...

    ReplyDelete
  22. @Chandi = ස්තුතියි මේ පැත්තේ ආවට.ටික දෙනෙක් නම් ඉන්නවා තමයි රට අමතක කරන කට්ටිය.ඒ එයාලගේ මෝඩ කම්
    ........................................................................................................................................................................................
    @Sammani = ඔයා මගේ පොස්ට් වලට කැමතියි කියනවනම් මාත් ආසයි මගේ පොස්ට් ගැන.ස්තුතියි !!
    ඔව් සල්ලි නිසා නේද සහෝදරි මේ හැම දෙයක්ම.පරිස්සමින් ගිහිල්ල ඉක්මනින් එන්න.
    ..............................................................................................................................................................................................
    @sAm (සෑම්) = අනේ මං සද්ද දාන්න චන්ඩි නෙවෙයි අය්යා අහිංසකයි.පොඩි වැඩ කැල්ලක් දැම්ම හොඳයි වගේද?

    ReplyDelete
  23. ගෙදරම ඉද්දි අපිට තේරෙන්නේ නෑනේ ගෙදර තියෙන නිදහස සැනසීම කොයිතරම්ද කියලා ඒ වගේ තමයි තමන්ගේ රටේ ඉද්දි තියෙන සැනසීම දැනෙන්න නම් රටින් පිට යන්න ඕනේ.මම රටින් පිට ඉදලා නැතත් ගෙදරින් පිට ඉද්දි සෑහෙන්න අප්සට් වෙලා ඉදලා තියෙනවා

    මේක කියවද්දි මට සිංදුවක් මතක් වුණා ජයා ශ්‍රී ගේ "පිටරට විස්තර මෙව්වා" ඒකේ මේ හැම දෙයක්ම සරලව තියෙනවා කියන එකයි මගේ හැගීම.....

    දිගටම ලියන්න අයියේ ජය වේවා

    ReplyDelete
  24. @sAm (සෑම්) = එල මචන් ඒ ඇති
    ...................................................................................................................................................
    @ගැමියාගේ පත් ඉරුව = අපේ දේ වටින්නේ අපිට ඒ දේවල් නැති වෙනකොටනේ මලේ!!

    ReplyDelete
  25. මේ ගීය මා සිත් ගත් එකකි. ඇත්තෙන්ම මෙය රට හැර යනවාටත් වඩා බුද්ධි ගලනය ගන විමසන්නක් බව මගේ හැඟීමයි. කෙසේ වෙතත් මේ ගැන සටහන ලිවීමට මට උත්තේජයක් සැපයූවාට ඔබට තුති.

    ReplyDelete
  26. ස්තුතියි මේ පැත්තේ ආවට.ඔයාගේ පොස්ට් එකක් ඉක්මනින් දාන්නකෝ බඩා මාමේ

    ReplyDelete
  27. අපේ චූටි අයියත් ඉන්නෙ රට.. ඉතින් ලංකාව තරම් සිංහල මිනිස්සුන්ට සළකන රටක් තියේද?මරු පෝස්ට් එක..

    ReplyDelete
  28. @Shani = මේක අපේ රටනේ ස්තුතිය් මේ පැත්තෙ ආවට

    ReplyDelete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...