18 Jan 2012

අපේ ගමේ "බූත වනේ".1 කොටස..

                                   
                                                  


                             එදා සිකුරාදා පාසල් ඇරිලා ගෙදර ආවේ සුමතිපාල හදල දුන්නු නයා වාට්ටුව සරුංගලේ නුල් කාල් දෙකම ඉවර වෙනකන් උඩ යවන්න.නුල් කාලක්  උඩ යැවුවත් උඩු හුළගට අහුවන නිසා කරදරයක් නැතුව  ඒ දිහා බලන් ඉන්න පුළුවන් කියල අංජන කිවුවා.එත් නූල් කාල් දෙකම දුන්නොත් හවස බාන්න ඕනේ නැහැ.ඊලග දවසේ හවස නැත්නම් ඉරිදා හවස බාන්න පුළුවන් කියල මට වඩා සරුංගල් ගැන දන්නා අංජන මාත් එක්ක කිවුවේ පොල් බිඳෙන කන්ද පාමුල බයිසිකලේ තල්ලු කරන ගමන්.

හරියටම තව පැයකින් ගමේ එහා කොනේ තියෙන වෙල් යායට මගේ සරුන්ගලෙත් අරන් එන පොරොන්දුවෙන් අපි දෙන්න වෙන් වුනා.එදත් සුපුරුදු පරිදි සරුංගලේ අතට ගද්දි අම්මා බැන්නේ කිසිම වැඩක් නැතුව හැම වෙලේම සරුන්ගලෙත් එක්ක ඉන්න නිසා.එත් අම්මට තේරෙන්නේ නැද්ද හැම දාම සරුංගල්  යවන්නේ නැහැ එක කාලයක විතරයි නේ ඇයි එකවත් තේරුම් ගන්න අම්මට බැරි කියල කියන්නත් හදල කිවුවේ නැත්තේ එකට ඒක කතා කලොත් කොහොමත්ම යන්න දෙන්නේ නැති නිසා.රෑ වෙන්න කලින් ගෙදර එන පොරොන්දුව මත අඩි 7 ක් විතර දිග වරලත් එක්ක සරුංගලේ ඉම්පනවා වෙල් යායට අරගෙන යන්න පිටත් වෙද්දී බයිසිකලේ හැඩල් එකේ වැදිලා සරුංගලේ ඉරුනා.ඉරුණු සරුංගලේ පොඩි සවරන් කැල්ලක්  මුට්ටු කරලා වෙල් යායට යද්දී අංජන එතනට ඇවිල්ලා.

අම්මා මේ වෙල් යායට එන්න දෙන්නේ නෑ. මෙතන පාළු තැනක් නිසාත් වෙළෙන් එහා තියෙන මහා කැලේ බයානක සත්තු ඉන්න නිසාත් ගම කොනට වෙන්න තියෙන හින්ද ගමේ ගොඩ දෙනෙක්ගේ ඇසට අසු වෙන්නේ නැති මායිමේ පිහිට ඇති නිසා.හරිම පාළුයි හවස පහෙන් පස්සේ කැලේ පැත්තෙන් එන ඒක ඒක බය හිතෙන සද්ද නිසාත් ගමේ වැඩිහිටියෝ ගොඩ දෙනෙක් ඒ කලේ හඳුනුවේ "අවතාර වනේ " ලෙසයි.අපිට ඒ ගැන එච්චර හිතන්න වෙලාවක් දැනීමක් තිබුනේ නැහැ අඩි 7 ක් විතර දිග වලිගයක් තියෙන දිග සරුංගලයක් නූල් කාල් දෙකක් උඩ යවන්නම් ලොකු  වෙල් යායක් තියෙන ඕනේ.ගමේ කොල්ලන්ගෙන් වැඩ කාර කොල්ල වෙන්න නං ලොකුම සරුංගලේ වැඩිම දුරක් යවන්න වෙනවා.දැනට අපේ ගමේ තියෙන ලොකුම සරුංගලේ සුමතිපාල මට හදල  දුන්නු නයා වාට්ටුව සරුංගලේ.
                                                     
අන්ජනලගේ තාත්තගේ නැතිවුනේ  හරක් හොයන්න මේ කැලෙට වැදිලා.මාස දෙකකට විතර පස්සේ භාගෙට දිය වෙච්ච ගුණසෙන මාමගේ මිනිය හම්මුනේ කැලේ හොරෙන් දර කපන වෙනත් පිරිසකට.ඒ කාලේ අංජන හිටපු විදිය මාට හොඳට මතකයි අපිත් එක්ක කතා කරන්නේ නැහැ.අහන දෙයට උත්තරයක් දීල උගේ පාඩුවේ හිටියේ.ගුණසේන මාමගේ මිනිය පොලිසියෙන් වට කරගෙන ඉටිකොලෙක ඔතල ගමට ගෙනාපු දවසේ අන්ජනගේ අම්මයි අක්කලා දෙන්න අඬපු විදියට කාකි ඇඳුම ඇඳන් හිටපු පොලිස් ලොකු මහත්තරුන්ටත් ඇස් රතු වෙලා තිබුනා.ගොඩක් දෙනෙක් කිවුවේ වලහෙක් එක්ක පොර බැදලා කියල.තව කිහිප දෙනෙක් කිවුවේ දිවියෙක් එක්ක සටන් කරලා කියල.ඒ කොහොම වුනත් ගුණසේන මාමගේ ඉනේ  නිතරම තියෙන කිතුල් මල්  මදින මල් පිහිය කෑලි ගැලවෙච්ච මස් දිය වුනු  ඒ මිනිය තිබුණු අහලකවත් තිබිල නැහැ.

ඒ කැලේ අක්කර එකසිය ගානක් විතර විශාලයිලු.කන්දෙන් එහා පැත්තේ තියෙන්නේ වෙනත් දිස්ත්‍රික්කයක්.මෙහා පැත්තේ තියෙන්නේ අපේ දිස්ත්‍රික්කේ.දිස්ත්‍රික්ක වෙන් කරන්නේ ඒ කැලේ තියෙන විශාලත්වය නිසා කියලා අපේ ගමේ දහම් පසෙලේදී උදේ රැස්වීමේදී ලොකු හාමුදුරුවෝ කිවුවා මතකයි.ඒ කැලේ භයානකම සත්තු 3 දෙනාම ඉන්නවා.ඒ වගේම සඳුන්,හොර,කළුවර වගේ සුර්ලබ වටිනා ගස් ඇතිවෙන්න තියෙන කැලයක්.නීතිවිරෝදී වැඩ ඕන තරම්   වෙනවා. කැලේ එහා පැත්ත වෙනත් පොලිසියකට මෙහා පැත්ත තවත් පොලිසියකට.මොන වැරදි වැඩ කලත් නීතියෙන් පැනල යන්න ඒ  හොරු හොදට දන්නවා.

අපේ සරුංගලේ දිහා තව කීප දෙනෙක්ම බලාගෙන ඉන්නේ ඒ සරුංගලේ තියෙන විශාලත්වය නිසා.විනාඩි 15 ක් උත්සහයකින් යන්තම් සරුංගලේ උඩට නැග්ගුවා.නායා වාට්ටුව සරුංගලේ උඩයන දිහා අනිත් පොඩි උන් බලන් ඉන්නේ ඉරිසියාවෙන්.ගිය සැරේ ලොකුම සරුංගලේ හැදුවේ මිලින්ද එයා මට වඩා ගොඩක් ලොකු පන්තියක හිටියේ.මේ සැරේ මගේ එක තමා ලොකුම එක.එත් මට වඩා එකේ අගේ තියෙන්න අංජනට.පව් ගුණසේන මාමා හිටියනම් මටයි අංජනටයි සරුංගල් හදල දෙන්නේ ඒ මාමා.එත් දැන් කාටවත් කියල සරුංගල් හදවන්නේ නැහැ.අම්මටවත් කරදර කරන්නේ නැ සවරන් කොළ ඉල්ලා.ඒ අතින් අංජන මං වගේ නෙවෙයි  ජීවිතය ගැන හොඳ අවබෝධයෙන් ඉන්නේ.

වෙනද නුල් කාලක් ඉවර වෙන්න යවද්දීත් උඩු  හුළගට අහුවෙලා වලාකුල් වහල.එත් අද වෙනදට වඩා වෙනස් කියල අංජන කිවුවේ අහස දිහා බලන ගමන්.සරුංගලේ මුදුන් කරන්න හැදුවත් මුදුන් වෙන්නේ නැහැ දුර යන්නේ.අල්ලන් හිටපු නුල එක සැරේම සැහැල්ලුවක් වගේ දැනුනා.ඒ එක්කම  අංජන කෑ ගැහුවේ "සරුංගලේ කඩාගෙන යනෝ" කියලා.එක දැකපු වටේ බලන් හිටපු හැමෝම අපිට හිනා වුනා. අංජන සරුංගලේ වැටෙන පැත්තට  දිවුවා  මාත් ඒ පස්සෙන් දිවුවා.

අපි කැලේ ඇතුලටම ගියේ සරුංගලේ කොහොම හරි හොයාගෙන ඊලග දවසේ අරුන්ට  පේන්න  උඩ යවන්න.

අද හුලන් අඩුයි නේද ඒක නිසා උඩ  ගියේ නැහැ නේ

අංජන හේතු කියනවා.එත් මං දැක්කා හවස එද්දී ඉරුණු තැනට අලවපු සවරන් කැල්ල ගැලවිල වගේ මං කිවුවා.එත් සරුංගලේ කඩාගෙන ගියේ කූරිය ගහද්දි දිග වරලයි නුලයි ඔක්කොම එකට පැටලුන නිසා.මේ මහා කැලේ අපි තනියෙම ටිකක් ඇතුලට ඇවිල්ල.සරුංගලේ වැටෙනු තැන හිතින් අනුමාන කරගෙන ඒ  තැනට අපි ආවත් ගහක පටලිච්ච නුලක්වත් පෙන්න නැහැ.තියෙන හැම ගහක්ම මහා රූස්ස ගස්.

"මං මේ ගහට නැගල බලන්නම්" අංජන උනන්දුවෙන් කිවුවා.

එතන තිබුන කඳ හීනි හොර ගහට බඩ ගෑවේ ලේනෙක් ගස් නගින විදියට.තාත්තගේ හැකියාව පුතාටත් ඒ විදියටම පිහිටලා නේ කියලා මටත් නොදනිම කියා වුනා. ටික වෙලාවකින් හින් හිනාවක් එක්ක ගහෙන් බැස්ස අංජන ඈත  ගහක වරලක් පෙන්න තියෙනවා කියලා සතුටින් කිවුවේ.අපි මේ කැලේට මෙච්චර අතුලට ආවේ අදමයි එත් අපිට කිසි බයක් දැනුනේ නැහැ.පැයකට කිට්ටු කාලයක් අපි කැලේ ඇතුලට ඇවිද්දා.ලොකු ගස් අස්සෙන් නයි හුඹස් පහු කරගෙන පුස් වැල්වල එල්ලිලිය  හරි විනෝදෙන් සරුංගලේ තියෙන ගහ ලහට කිට්ටු වුනා.මගේ සරුංගලේ වුනාට මට වඩා වුනන්දුව තියෙන්නේ අංජනට.එත් දැන් ඒක මගේ නෙවෙයි ඒක අපේ.

අංජන තවත් ඒ වගේම ලොකු ගහකට බඩ ගාන ගමන් මට  ඒ දිහා බලන් ඉන්න විතරයි තියෙන්නේ.හවුලේ සරුංගල් යැවුවට හවුලේ ගස් නගින්න බැහැ නේ.හරි ලස්සන කැලයක් කැලේ ඇතුල සීතලයි වාහන වල සද්ද, "ආතර්" මාමගේ ගල් මොලේ  සද්ද වගේ සද්ද මොනවත් නැ.හැම දාම මෙහෙට වෙලා ඉන්න තිබුනානම් කොච්චර ශෝක් ද කියලා මට හිතුනා.ටික වෙලාවකින් සරුන්ගලෙත් එක්ක අංජන ගහෙන් බැස්ස.එත් සරුංගලේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉරිලා.එත් කමක් නැහැ සරුංගලේ ලැබුනානේ අන්ජනට දැන් මට වඩා සන්තෝසයි.ගස් දෙකක්ම බඩ ගාල හොඳටම මහන්සි වෙලා හිටපු අංජන ගහක් මුලින් වාඩි වුනේ වතුර ටිකක් ඉල්ලගෙන."මං කොහෙන්ද බං වතුර දෙන්නේ මටත් තිබහයි".මේ කැලේ වතුර හොයන්න එච්චර අමාරු වෙන එකක් නැහැ.එත් දැන් වටින් ගොඩින්  කරුවල වෙන්නත් ඇවිත්.අදනම් අම්මගෙන් ගුටි කන්න තමයි වෙන්නේ මං අංජන අතින් ඇදල නැගිට්ටවන ගමන් කිවුවා.

වතුර වැටෙන සද්දයක් වත් ඇහෙන්නේ නැහැ.කිරලේක්ගේ,ඇටි කුකුලේක්ගේ, කෑ ගහන සද්ද සහ හුළගට ගස් වල අතු හෙළවෙන "හෝ" "හෝ" සද්දේ විතරයි ඇහෙන්නේ.ඒ සද්ද වලට මං වගේම අංජනත්  ටිකක් බයවෙලා හිටියේ.ඉරුණු සරුන්ගලයත් අතින් අරගෙන අපි දෙන්න අඩිය  ඉක්මන් කරලා කැලෙන් එලියට යන්න පිටත් වුනා.ටිකක් දුර යද්දී අපි දැක්ක කබරංක ගහක්.හොඳට ඉදිලා ගෙඩි හැම තැනම වතුර තිබහට නියමයි.එත් බිම තිබුණු හැම ගෙඩියක්ම සත්තු බාගෙට කාල දාපුවා.මොනවා කරන්නද මහන්සිය නොබලා  තිබහ වැඩි කමට අංජන ආයෙත් ගහට නැග්ගා.වතුර තිබහට කාබරංකා  ගෙඩියක් කැවහම වතුර තිබහට ෆැන්ට බෝතලයක් බිවුවට වඩා සනීපයි.


දැන් හොඳටම රෑ වෙලා.අපේ ගමට රෑ වෙන්න කලින් මේ කැලේට රෑ වෙන්නේ තියෙන ඝන කලේ නිසා ඉර එලිය වැටෙන්නෙත් ටිකක් අඩුවෙන් ගෙදරට වඩා ඒ කැලේ සීතලයි.අපි දෙන්නටම අමුතු බයක්  දැනුනා අම්මල දැන් හොඳටම බය වෙලා ඇති.මේ හැම දෙයක්ම උනේ මම නිසානේ.එත් අංජන මට මොනවත් කිවුවේ නැහැ මහා ගස් තුකටම බඩ ගාලා  ඒ හැම දෙයක්ම අපි දෙන්නම එකට විඳුමු කියන්න තරම් අංජන හොඳ යාලුවෙක් වුනා. ගුණසෙන මම වගේම මූත් හරි හිත හොඳ එකා.අපේ කැලෙන් එලියට යන්න ගියත් අපි ආපු පාර හොයාගන්න බැරි වුනා.කටු ගස් වල පඳුරු වල පැටලී පැටලී සරුංගලේ අරන් යද්දී තවත් ඒක ඉරිලා ගිය.


මේක වැඩි දුර අරන් ගියොත් වට්ටුවවත් ඉතුරු වෙන්නේ නැහැ ඒ නිසා අපි මේක ගහක් ලඟින් තියෙල හෙට ඇවිත් අරන් යමු අංජන කිව්වේ තරහෙන් වගේ.


මෙච්චර අමාරුවෙන් ගස් නැගල හොයා ගත්තු සරුංගලේ මේ මහා කැලේ මැද තියල යන්න  කොහොමටත් බෑ.ටික දුරක් යද්දී මට තේරුණා මේක අරන් ගියොත් අංජන කියපු දේ වෙන බව.ලොකු ගහක් හොයල ඒ ගහේ අපේ අත උසින් ගැට ගහල එල්ලුවේ බිම තිබුනොත් සත්තු පාගල කඩා දාවි කියන බයට.අපි දෙන්න ඒක ලගින් නිතරම හිටියා.මං කොහොමත් කරුවලට බයයි අන්ජනත් මේ කැලේ ඇතුලෙන් එන අමුතු අමුතු සද්දවලට බය වෙලා හිටියේ.අපිට නොදනිම අපේ පාර වලහිලා. තව තවත් කැලේ ඇතුලටම ඇවිත්.අන්ජනගේ තාත්තට වුනා වගේ අපි දෙන්නටත් මේ සත්තුන්ට බිලි වෙන්න වෙයිද.රැහයියෝන්ගේ සද්ද මදුරුවෝ කොඳුරන සද්දේ එක්කම බඩගින්නත්  අපේ ගමන තවත් එපා කලා.ගෙදර ඉද්දි මේ වෙලාවට කාල නිදාගන වෙලාව.එත් අද මහා කැලයක් මැද්දේ අපි දෙන්න විතරක්.ඒක සැරේම කැලේ කිසිම සද්දයක් නැතිව ගියා.කකුලට පෑගෙන වියලි  දර කැල්ලක සද්දයක් විතරක් ඇහුනේ.අයෙත් අමුතු සද්ද එන්න පටන් ගත්ත.අංජන මගේ අතින් හයියෙන් අල්ලගතා.ගමේ ලොකු  මිනිස්සු මේකට බූත කැලේ කියන්නේ  මේ එන සද්ද නිසා වෙන්න ඇති. 



මේ කැලේ වලස්සු ඉන්නවද දන්නේ නැහැ. දිවියා,සර්පයෝ,දළ තියෙන වල් ඌරා  වගේ ධරුනු සත්තු ඉන්නවා.හිටපු ගමන් පායන කාලෙට වතුර හොයාගෙන ගමට එන මේ සත්තු කීප දෙනෙක්ම ආයේ යන්නේ නැ.බඳින තුවක්කුවකට හරි මොකක් හරි උගුලක හිර වෙලා පරලොවම යනවා.ඉතින් උන්ගේ සන්වරේ එකෙක් අපේ ඉස්සරහට අවොත් අපිට වෙන්නෙත් ගුණසේන මාමාට වුනු ඉරණමයි.උන් සත්තු උනත් අපිත් එක්ක කේන්තියෙන් ඇත්තේ.ලොකු මිනිස්සු කරන වැඩ නිසා පොඩි අපි නිකන් මැරුම් කන්න වෙන්නේ.


ටික වෙලාවකින් අංජන අල්ලන්හිටපු  මගේ අත ඇත්තරියා.ඒක සැරේම ආයෙත් ගහකට බඩ ගානවා.මට මොනවත් හිත ගන්න බැහැ.



"මොකක්ද බං කරන්නේ.ආයේ ගස් නගිනකන් බලන් ඉන්න බැහැ යමු ඉක්මනට". මං පහල  තනියෙන් ඉන්නේ බයේ කෑ ගැහුවා.එත් මං කීයටවත් කියන්නේ නැහැ මට බයයි කියල කොච්චර බයේ හිටියත් නම්බුව ගැන හිතන්න එපයි.මට වඩා හිතන්න පුළුවන් අංජන කෙලින් තියෙන උස ගහකට නැග්ගා.ඒක සැරේම හයියෙන් කෑ අහගෙන ගහෙන් බැස්සා.


මොකද බං සතෙක්ද ගහ උඩ?.මොකද කෑ  ගහන්නේ.මොකක්ද උනේ?.


අපි කරුවලේ වුනත් හරි පැත්තට ඇවිල්ල තියෙන්නේ මං දැක්ක ගහ උඩදී ලාම්පු එළියක්. ඒ අපේ ගමේ පැටි මාමගේ ගෙදර ලාම්පු එළිය වෙන්න ඕනේ.පැටි මාමනේ වෙළ කිට්ටුවම ඉන්නේ.අම්මෝ...!! ඇති  යන්තන්  ගෙදර යන්න පුළුවන්..!!


තව කොටසක්ද කොහෙද ඇත.


නූල් කාලක් යනු මීටර් 800 ක් දිග නූල් පන්දුවක්.

පොල් බිඳෙන කන්ද යනු ලෙලි නැති පොල් පටවාගත් කරත්ත ඒ කන්ද නගිද්දී කන්දේ තියෙන ආනතිය වැඩි කමට  පොල් ගෙඩි බිමට වැටිලා බිඳෙන නිසා.

~~අසාර්~~

73 comments:

  1. ඉක්මනට දාමු බලන්න අනිත් කොටසත්.. මේ වගේ ත්‍රාසයජනක කතා වලට මම මාරම ආසයි.. කවදාවත් නැතුව අද මම එකද කොහේද.. :)

    ReplyDelete
    Replies
    1. ත්‍රාසයට ඇලුම් කරන්න ඔය එඩිතර කොල්ලෙක් නේද.ඉතුරු ටිකක් ඉක්මනින්ම දානම්

      Delete
  2. මේ කැලේ සිංහරාජේ කෑල්ලක් වත් ද? අපූරු කතාව...ඉක්මනට ඉතුරු ටිකත් ඕනේ....

    ReplyDelete
    Replies
    1. ඔව ටිකක් සින්හරජෙට ලඟයි එත එක නෙවෙයි.ඉක්මනින්ම දානවා.

      Delete
  3. මාත් ආසම කතා තම කැලේ, හොල්මන්, සත්තු....ඉක්මන්ට කියන අනිත් ටික........

    ReplyDelete
    Replies
    1. ඔයා හොල්මන් වලට ආසයි ද.අම්මෝ...... මං භයාආ..අයි ඉතුරු ටික දවස දෙකකින් දානවා.

      Delete
  4. ගමටම ආවේනික භාශාව යොදල ලියන විදිය ලස්සනයි. කබරංකා වලට අපි කීවෙ කාමරංගා කියලා දැන් නම් Star Fruit සුපර්මාර්කට් වලින් කියලා ගන්නවා !

    ReplyDelete
    Replies
    1. අපි කීවෙත් "කාමරංගා" කියලා. ඇත්තටම අසරණයගේ ගැමි වචන වලට තමා මාත් මනාප.

      Delete
    2. හුහ්...අපි නොදන්න ස්ටාර් ෆෘට්....

      Delete
    3. @Weni නෑ.. එක එච්චර ගතියක් තියේද මගේ වචන.එතකොට අපි කියල තියෙන්නේ වැරදි වචනේද.කාබරංකා ද කාමරංගා ද.මට නිකන් කැරකිල්ලවගේ.

      Delete
  5. අනිත් ටිකත් ඉක්මනටම දාන්න. මේක ඇත්තටම වෙච්ච දෙයක් නේද? බුදු අම්මේ...

    අසරණයට ගොඩාක්ම ස්තුතියි අපේ පැත්තට කට්ටියට පාර කිව්වට. කිහිප දෙනෙක් ගොඩවෙලා ගියා. :)

    ReplyDelete
    Replies
    1. සින්දු කෙල්ලේ ඔයා කොහෙද අන්තරස්දාන වෙලා හිටියේ.බය වෙන්න එපා.ඉක්මනටම දානවා

      Delete
  6. කාඹරංකා ගැන අහල තිබුණට කවදාවත් කාල නෑ.... අහුවුනු තැනකදි ගන්න ඕන බලන්න....

    බයත් හිතෙනව අප්පා... අනිත් කොටස කියවන්න මග බලාගෙන ඉන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඔව අරන් බලන්න වතුර තිබහට ෆැන්ට පරාදයි..ඔයා විනෝද සවාරියක් ගියද ගිය සතියේ.පේන්නවත් හිටියේ නැහැ.

      Delete
  7. කාමරංගා මමත් කාලා තියෙනවා.
    ඉතිරියත් ඉක්මනට දාමු ,, මමත් මාර ආසයි මේ වගේ කතා වලට :))

    ReplyDelete
    Replies
    1. කොහොමද රහා..ම්ම්... රස නියමයි..ඉතිරිය ඉක්මනට දානම්.

      Delete
    2. කෝ ඉතිරිය :/

      Delete
  8. කතාව සිරා මචං, අංජනගේ තාත්තට වෙච්ච දේ, අංජනත් ඒ වගේම කැලේ අතරමං වීම.. පට්ට ගැලපීමක්.

    තාත්ත මැරැන දවසේ දුක වගේම කොහොම බය හිතෙන්න ඇතිද මේ සිද්ධිය වුණ ද‍වසේ..

    ReplyDelete
    Replies
    1. දෛවය මොන විදියට සරදම් කරනවද දන්නේ නැහැ නේ.

      මං දැක්ක අන්ජනගේ මුනේ තිබුන බය..

      Delete
  9. ' කයිට් රනර් ' පොත හෝ චිත්‍රපටිය බලල තියෙනවද? පොත සිංහලට පරිවර්තනය කරලත් තියෙනවා. පරිවර්තනය ඉතාමත් ඉහලයි. හොයාගෙන කියවන්න වටින පොතක් 'සරුංගල් ලුහු බඳින්නා '

    ReplyDelete
    Replies
    1. එකෙත් වෙන්නේ මේ දෙයමද කලෙක අතරමං වෙනවගේ දින එකක් ද?

      Delete
    2. ජීවිතේ අතරමං වෙලා ආයෙත් ගොඩ ඒමක්

      Delete
  10. අද තමයි මේ පැත්තේ ආවෙ . කතාව ආසාවෙන් කියෙව්වා .ලිවීමේ රටාව සිත් ගන්නවා .
    …ඔයා මාව සොයාගෙන ආත්තම්මගෙ පෙට්ටගමට ගිහින් තිබුනා . ඒක කරන්නෙ ලොකු ජෝන් . මම කවි කීපයක් දැම්මා මුලදී .ඒ කාලේ පෙට්ටගම පාළු නිසා . දැන්නම් දාන්නෙ නෑ . මුණු පොතේ කවි දානවා .

    ReplyDelete
    Replies
    1. ඉතාම ආදරෙන් පිලිගන්නවා සරණක් වෙන්න අපුඑක ගැන.ඉතුතියි දිරිගැන්වීමට.

      එකනේ ආච්චි කෙනෙක් හොයාගෙන ගියේ.සීයා කෙනෙක් ඇවිල්ල දොර ඇරියේ.ඒ වුනාට ලොකු ජෝන් සියා මාරු කොල්ලා.

      Delete
  11. ඉතුරු කොටසත් ඉක්මනට ලියන්න... මං ආසයි ත්‍රාසජනක කතා කියවන්න. :D :D

    ReplyDelete
    Replies
    1. ඔයා චන්ඩි කෙලෙක් නේ ඉතින් ත්‍රාසයට භීතියට කැමති නේද හික්ස්.. කතාවේ ඉතුරු නෑ...කතාව පිනිස්.

      ඉක්මනින් දන්වා.

      Delete
  12. Replies
    1. ස්තුතියි යාළුවා ඇගයීමට..

      Delete
  13. හම්මියෝ... බය හිතුනා... මමනම් ඔහොම කැලෑවක යන්න බයවෙයි..:( ඉතුරු ටිකත් කියවන්න ඕනෙ ඉක්මනටම.. ඉක්මණටම ලියන්න අයියා..
    ලස්සනයි භයානක වුනත්..

    ReplyDelete
    Replies
    1. මමනම් බය හිතුනම ඉතිපිසෝ ගතව හත් සැරයක් කියල වතුර බීල නිදාගන්නවා. ඉතුරුව ළගදීම

      Delete
  14. භයානකම සත්තු 3 දෙනාම කිව්වෙ?

    ReplyDelete
    Replies
    1. ඒ කෑලාවේ ඉන්න භයානකම තුන්දෙනා වලහා දිවියා වල් ඌරා.

      Delete
  15. ඇත්තට කොහේද බං ඔය කැලේ..කියහං කො උඹ ආපු වෙලාවක ඔකේ පොඩි රවුමක් දාමුද...අපේ ඉස්කොලේ ගාව ගෙදරක කාමරංකා ගහක් තිබුනා ඉස්කොලේ ඇරුනම අප්පිරියා වෙනකං ඔය්ට ගෙඩි කාල තියෙනව බං..අඩො කතාව පට්ට මචං..උඹට කියන්ඩ තාම මං ගාව තඩි මොනරෙක් තියෙනව ගිය සැරේ අගොස්තුවේ මම ඔක උඩ ඇරියා..ආ මගේ නොනත් ඇදගෙන ගියා වැඩේට..ඔයවගේ ආතල් එකක් ගන්ඩ සරුංගලයක් ඇරලම බලන්ඩ ඔන..නැද්ද ලොක්කා

    ReplyDelete
    Replies
    1. අම්මෝ කෑලේ යන්න බැ.නරක සත්තු ඉන්නවා.උන් හරි සැරයි.අපිව දැක්ක ගමන් අපිව ඌයිය වෙනකන් ගහවි.

      දෙවෙනියා කියපු එකනම් කරමු කොල්ලා.සරුංගලයක් වලාකුල් වැහෙන්න උඩ යවනතරම් ආතල් එකක් තවත් නැහැ.

      Delete
  16. පෝස්ට් එක කියවන්න වෙන්නේ හෙට, දැන් නිදා ගන්න යනවා. මේ දවස් වල රෑ වැඩ
    කියවලම කමෙන්ට් කරන්නම්

    ReplyDelete
    Replies
    1. හරි හරි නිදගෙනම කියවන්න.

      Delete
  17. ලස්සන කතාවක්..මේ දෙන්නටත් බූතයෙක් හම්බෙයිද..ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. බුත කැලේ කිවුවට බුතයෝ නැහැ..හෙක් හික්...

      Delete
  18. යකෝ අපි දැන් කැලේ හිරවෙලානේ.. ඉක්කමනට එළියට ගනින්.. බයේ බෑ මේක ඇතුලෙ....

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් කැලේකට වෙලා හිටු.ලොකු සතෙක් ආවොත් ගහකටවත් බඩගාන්න..

      Delete
  19. සරුන්ගල් පිස්සුව ආයෙත් හැදුන වගේ!
    ඉක්මනට ඉතුරු ටිකත් ලියමුනේ?:)

    ReplyDelete
    Replies
    1. කොහොමද සරුංගල් වලට යන රණ්ඩු..ෂා එහෙම වින්දනයක්..

      Delete
  20. හොද වැඩේ එක අතකට කොල්ලන්ට පේන්න සරුන්ගල් යවන්න හැදුවට.... මටත් ආසයි ඔය කැලේ බලන්න හැබැයි දැන් ඉතින් තියෙනවද දන්නෙ නෑ.......

    ReplyDelete
    Replies
    1. අපි සත්තුන්ට බිලිවෙන එක හොඳ වැඩක් වෙන්නේ කොහොමද..සත්තුන්ටනම් හොඳ කෑමක් අපි දෙන්නා.

      තවම ඒ කලේ තියෙනවා.

      Delete
  21. ඇත්තටම ලස්සනයි අසාර්.ෆිල්ම් එකක් බලනවා වගේ දැනුනා..මමත් ඒ බූත කැලේට ගියා වගෙයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිරිගැන්වීමට..බූත කැලේට ගියපු කෙනෙක් යහතින් ආවේ නැහැ.දැන් ඔයාටත් බූත කැලේ තමා ඉන්න වෙන්නේ.ඕන ඔයාගේ පිටිපස්සේ බුතයෙක්.....අම්මෝ..!!

      Delete
    2. මට වඩා බුතයෝ කොහෙද අනේ ?

      Delete
  22. මයිල් යමරෙට කෙලින් වේගෙන ආවා අම්මේ මම හිතුවෙම අර මැරුණු මනුස්සයා ගහ උඩ කියයි කියලා හම්මෝ හොඳම හරියෙන් නවත්තලානේ අනිකත් දාන්නෝ ඉක්මන්ට....මරු අත්දැකීමක් අයියේ පිස්සු හැදෙනවා

    ReplyDelete
    Replies
    1. හා හා..බයවෙන්න එපා.එතන අපි දෙන්නෙක්නෙ...ඒ යකා කැ ගහල තියෙන්නේ ලාම්පු එළියක්‌ දැකල නේ..ඉතුරු ටිකක් කියවලම ඉන්න..

      Delete
  23. ලස්සන කතාවක්! හරි අාසයි කැලෑ වලට :)

    ReplyDelete
    Replies
    1. හැබැයි ඒ කලේ අලි නැහැ.හික් හික්..

      Delete
  24. ඔන්න මමත් මේ පැත්තට ආවා..ඇත්තටම ලස්සන කතාවක්..

    ReplyDelete
    Replies
    1. ඔබව සදරෙයෙන් පිලිගන්නවා.ස්තුතියි ඇගයීමට..

      Delete
  25. ඊළඟ කතාව දානකල් බලන් ඉන්නවා... මාත් අසයි මේ කතාවට.. :)

    ReplyDelete
    Replies
    1. ඊලග ගතව වෙනකන් ඉන්න.හැබැයි කවද වෙයිද දන්නේ නැහැ..

      Delete
  26. ලස්සන කතාව බං...
    කෝ ඉතුරු ටික...
    මේක ඇත්ත කතාවක්ද

    ReplyDelete
    Replies
    1. ටිකක් ඇත්ත..ඉතුරුටික ළගදීම..

      Delete
  27. උපරිමයි මචන්.එක හුස්මට කියවගෙන ගියා.නියම කතාව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කස්සා.. ජයෙන් ජය!!

      Delete
  28. එ ඒ ඔය ඇත්ත සීන් එකක්ද??? මාත් එනවා ඔය කැලේ ඇවිදින්න.. මන් ඔය වගෙ එවට පට්ටම ආසයි

    ReplyDelete
    Replies
    1. ඒ කලේ හලී ලොතුයි.ඔයාට අයෙ එන්න බැරිවෙයි..

      Delete
  29. ඇඩ්වෙන්චර් වගේ නේද? ඵල ඵල! හරියට ෆිල්ම් එකක් වගේ!

    ReplyDelete
    Replies
    1. ටිකක් ඒ වගේ..මගේ කතාව හොරකක් කරලා ෆිල්ම් එකකුත් ගහලද හෙක් හෙක්..

      Delete
  30. එළ කථාව මචෝ..මමත් පොඩි කාලේ සරුංගලයක් ගන්න පොල් ගහකට නැගලා හෙන ගේමල් දීලා බැස්සේ...අර කන්ද ගැන අහන්න හිටියට අන්තිමට කියලා තියෙනවනේ නම හැදිච්ච හැටි...පොල් බි‍ඳෙන කන්ද....එළ ඈ..ඉතුරු ටිකත් ලියමුකෝ බලන්න...

    ReplyDelete
    Replies
    1. මංනම් ගස් නගින්නේ අතු තියෙන ඒවාට විතරයි..පොල ගස් ගැන හිතන්නවත් බැ.

      Delete
  31. මාත් මාර ආසයි කැළෑ වල ඇවිදින්න... ඒත් මේක දැක්කම බයත් හිතුන....ඊළඟ කොටසත් දාන්න...අද තමයි ඕන්න ආවෙ ඉස්සෙල්ලම...

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිලිගනිමි..කාලවල් වල යද්දී බයයි තමයි දන්නවනේ ඉන්න සත්තු..

      Delete
  32. "අවතාර වනේ "
    කැලේ නමත් නරකම නැහැ.

    "අපි කරුවලේ වුනත් හරි පැත්තට ඇවිල්ල තියෙන්නේ මං දැක්ක ගහ උඩදී ලාම්පු එළියක්. ඒ අපේ ගමේ පැටි මාමගේ ගෙදර ලාම්පු එළිය වෙන්න ඕනේ.පැටි මාමනේ වෙළ කිට්ටුවම ඉන්නේ."

    කැලේ නම හැටියටනම් මේක පැටි මාමගේ ගෙදර ලාම්පු එළිය කියල හිතන්න බැහැ.ඒත් බලමුකො....ඉතුරු කොටසත් ඉක්මනට දාන්න...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතුරු ටිකත් කිවලම බලමු..

      Delete
  33. අද තමා මුලින්ම මෙහෙට ගොඩවැදුනේ.
    ලස්සන කතාව සරුංගල් ගැනනම් කතා කරලා වැඩක නැහැ අම්බානට රණ්ඩු වෙලත් තියෙනවා ඕක නිසා.
    එක නෙමෙයි ඉක්මනට ඉතුරු ටිකත් දාපං මචන්.

    ReplyDelete
    Replies
    1. ඉතා ගෞරවයෙන් පිලිගන්නවා..සරුංගල් වලට යන රණ්ඩු ඉතින් වැඩක් නැහැ.

      ඉතුරු ටික ඉක්මනින්ම දානවා.

      Delete
  34. හරිම ලස්සනට ලියලා තියෙනවා අයියේ.. යොදාගෙන තියෙන ගැමි බස් වහර, උදාහරණ ගොඩක් ලස්සනට ගලපලා තියේ.. :)
    ඒ ඇත්තටම ගමේ පැටි මාමගේ ගෙදර ලාම්පු එළියද..? නැතිනම් කැලේ අතරමං වෙන්න තවත් මඟක්ද..?
    ඉතිරි කොටස එනකල් බලාගෙන ඉන්නවා.. :)

    ReplyDelete
    Replies
    1. මේ ගැමි වහර අපේ ගමේ මං පොඩි කාලේ කතා කරපු විදිය.කාලයත් එක්කම මං ඒ වචන කතා කරන ඒක නැවතුන.එත් එකේ අමුතු රසයක් තියෙනවා නේද.

      ඉතුරු ටික ඉක්මනින්ම දානවා..

      Delete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...