2 Jan 2012

අලුත් එකක පහස ලැබීමට සුදානම්..

                                        
                                                   
                                    



                             
                                මං මුලින්ම ඔයා ගැන ඇහුවේ මගේ යාලුවෝ එක්ක එකතුවෙලා කථා කරන වෙලාවකදී .එදා මං එච්චර ඔයා ගැන හිතුවේ නැ.ඒ කථාව  එහෙම්මම මගේ හිතෙන් අමතක වෙලා ගියා. එත් පස්සේ තව දවසක් ආයෙත් කට්ටිය ඔයා ගැන කථා කරන නිසා මාත් ටිකක් අවධානයෙන් හිටියේ.ඉඳල හිටලා මගේ යාලුවෝ හමු වුනත් අපේ දේවල් නැතිව කථා කලේ ඔයා ගැන.වෙලාවකට ඒ හැමෝමත් එක්ක කේන්ති ගියපු වෙලාවලුත් තිබුනා.ඔයාත් එක්ක  කේන්ති ගියේ ඔයාට තියෙන අකමැත්තකට නෙවෙයි ඔයා ගැන මං ඒ වෙද්දීකිසිම දෙයක් දැනගෙන හිටියේ නැති නිසයි.


ගොඩක් වෙලාවට ඔයාට එයාල කියන්නේ  sexy & cute කියලා.ඔයාගේ ඇඟ හරි Slim ලු.ඔයා ගැන වර්ණනාව අහන් ඉද්දි මටත් නිකම්ම ඔයා ගැන හොයල  බලන්න හිතුනා.මං මගේ යාලුවගෙන් ඔයා ගැන විස්තර  හොයලා දෙන්න කියලා ඇවිටලි කරත් එයාල ඒක මග ඇරියා.එත් දවසක් වෙනත් යාලුවෙක් ඔයාගේ පින්තුරයක් මට පෙන්නුවා.එයා දැනගෙන තිබුනා මං ඔයා ගැන විස්තර  හොයන්න කරදර වෙන විත්තිය.ඇත්තටම මට ඔයා ගැන මහා අමුතු ආසාවක් ආවා ඒ පින්තුරේ දැක්කම.ඇත්තට හරි ලස්සනයි පින්තුරයකට මෙච්චර ලස්සනයිනම් හැබැහින්  දකිනකම් ඉවසිල්ලක් නැතුව ගියා.තව කිහිප දෙනෙක් ඔයාගේ අංගෝපාංග ගැන කථා කාර.ඇතුලේ තියෙන ඒවා මේවා ගැන.අතන මෙහෙම  වෙන්න ඇතිනේ,අරහෙම වෙන්න ඇතිනේ අන්න ඒවගේ දේවල්..ඕනෙම දෙයක් ඔයාට කියන්න පුළුවන් නිසා මේ දේවල් ඔයාට කියන්නේ.තව එකක් තියා උන් ඔයාගේ පෙට්ටිය ගැනත් කථා කරා.හදිස්සියෙවත් ඔයාව ලබාගන්න පුළුවන් උනොත් ඔයත් එක්ක ලැබෙන දේවල් ගැනත් එයාලා කථා කරා.මං ඒ වෙද්දී ඔයාගේ රූපයක් දැකල විතරක් තිබුනට අනෙත් හැමෝම ඔයාව හැබැහින් දැකල තිබුනා කීප සැරයක්ම.ඉතින් එයාල ඔයාගේ ඒවා මේවා ගැන කථා කරත් මං හැම වෙලාවේම හිතුවේ ඔයා ගැන විතරයි.එයාල ඔයා ගැන විතරක් නැතිව ඔයාට සම්බන්ද අනෙත් දේවල් ගැනත් කථා කරන්නේ උන් කොල්ලෝ නිසා කියලා  මං දන්නවා.


මගේ බොස් මාව කවදාවත් නැතුව බැංකුවට යන්න කියපු වෙලේ මං ඔහුගේ දෙමා පියන් සිහි  කලේ මට එවෙලේ තිබුණු කේන්තියට. බැංකු යන ඒක මගේ රස්සාව නෙවෙයි නේ.එත් යන්න වහනයක්වත් නැහැ මහා දවාලේ වැලි කැට පුපුරන රස්නයක් තියෙන වෙලාවේ එළියේ ඇවිදින  ඒක කොච්චර අමාරුද කියලා ඔයා වගේ ඉගල පෙලන්තිවල  ඉන්න අය දන්නේ නැහැ.ඇත්තටම ඒක හරි දුෂ්කර දෙයක්.මං ගියපු ඒ වැඩේ ඉවර වෙලා අයෙත් එද්දී වීදුරු ජනෙල් තියෙන ඇතුල  සීතල කරපු ඔයා වගේ සුපිරි පන්තිවල අය යන එන තැනක් දිහා මට ඉබේමයි මගේ ඇස ගියේ.හැම දෙයක්ම වෙන්නේ හොඳටයි කියනවා වගේ.මං ඒ විනිවිද පෙනෙන වීදුරු අතරෙන් ලාවට එදා පින්තුරේ දැකපු රූපේ වගේ කෙනෙක් දැක්කා.මං යන ගමන ඉබේම නැවතුනා.තවත් පියවර දෙකක් ඉදිරිය ඇවිත් ඇස් දෙක පිහදලා  අයෙත් බැලුවා.මං දැකපු දෙයින් මට මගේ ඇස් අදහගන්න බැරි වුනා.පොඩි කණුවකට හේත්තුවෙලා මාව  දැක්කා නොදැක්ක ගානට ඔයා වෙන පැත්තක් බලාගෙන හිටියේ.ඇත්තමයි ඔයා ගොඩක් ලස්සනයි ඔයා මගේම කරගන්න තියෙනවනම් කියලා ඉබේම කියා උනේ ඔයාගේ ලස්සනට.ඇතුලට ඇවිල්ල ඔයාගේ ලඟට එන්න්න හිතුනත් ඔයාව තව ටිකක් කිට්ටුවෙන් බලල ඇඟිලි තුඩකින් හරි ස්පර්ශ කරන්න මට ඕනේ වුනා.මං ඒ වෙලාවේ අවුවේ ඇවිදපු නිසා මට හොඳටම දහඩිය දාල තිබුනේ.එහෙම අවොත් ඇතුලේ ඉන්න මිනිසුන්ගෙන් මට බැනුම් අහන්නවෙයි කියලා බය හිතුනා.ඉතින් මං  දුරින් ඉඳල  එතන ඉන්න කාටවත් නොතේරෙන්නේ ඔයා දිහා බලන් ඉඳල ගියා.


ලස්සනට රැවටිලා මගේ යාලුවෝ ගොඩ දෙනෙක් අමාරුවේ වැටිලා තිබුනත් මට ඔයාව දැක්කම එහෙම දෙයක් හිතුනෙම නැහැ.හැමෝම ඒක වගේ නෙවෙයි කියලා මං දන්නවා.මං මගේ යාලුවෝ වගේ ඔයාගේ අනිත් දේවල් ගැන එච්චර හොයලා බැලුවේ නැහැ.මොනවා උනත් ඔයා ලස්සනයි..එදාම හවස මං මගේ යාළුවොත් එක්ක ඔයා ගැන කත කරා ඒ සියලු දෙනාම කිවුවේ  මට ඔයාට ලං වෙන්නවත් බැරි වෙයි කියලා.සුපිරි වාහනයක් තියෙන සුපිරි වැටුපක් ලබන එක්තරා පන්තියක පිරිසකට විතරයි ඔයවගේ අය ලබාගන්න පින තියෙන්නේ. අපි වගේ සාමාන්‍ය  මිනිසුන්ට ඔයා වගේ කෙනෙක්ට ලං වෙන්නවත් බැහැ  කියලා එයාලා හැම වෙලාවේම කියුවා.ඒත් මට හිත දුන්නෙම නැහැ ඔයාව අමතක කරන්න නිදා ගන්න ගියත් මට ඔයාව මතක් වෙනවා.හැම වෙලාවේම හිතුවේ ඔයාව ලබාගන්න විදියක්.එත් මාත් සුපිරි පුද්ගලයෙක් වෙන්නනම්  සැහෙන කාලයක් බලන් ඉන්න වෙනවා එතකොට ඔයත් වයසයි මමත් වයසයි."හිත ඇත්නම් පත කුඩාද" කියලා තිබුනට .ඒ සියල්ල කෙසේ වෙතත් මගේ පඩි පතනම් කුඩා බව හැමෝම දන්නවා.


පාර මාරු වෙන ඒක දවසක මං දැක්කා අලුත්ම විදියේ වාහනයක හිටපු කොල්ලෙක් ඔයාව තුරුළු කරගෙන යනවා.ඔයත් හරි උජාරුවෙන් ඌට තුරුළු වෙලා හිටියේ.ඒ කොල්ල අපේ ඔෆිස් එකට අපු දවසක ඔයත් එක්ක මං ඔයාව  අත ගෑවේ  ඔයාටත්  නොතේරෙන්න.ඔයාගේ පෙනුව වගේම ඔයාත් හරි සිනිදුයි.මට ඔයාව මගේ මේ අත්දෙකට ගන්න මගේ හිත කිවුවත් ප්‍රශ්නයක් වෙයි කියලා මං ඒ දේ කලේ නැහැ.ඇපල් මාමායි ඔයාගේ තාත්තයි අතරේ ප්‍රශ්නයක් තියෙනවා නේද?.මං ඒවා ගැනත් දැනගත්තේ ඔයාගේ විස්තර හොයද්දි.ඒ ප්‍රශ්න නිසා ඔයාටත් පොඩි හිත්වේදනාවක් ඇති නේද.කවුරු හරි වුනත් වැරදි වුනත් මං ඔයාලගේ පැත්තේ.


මට ඔයාව කවද හරි හිමි කරගන්න පුළුවන් උනොත්  දැනට මං ලග ඉන්න හැම කෙනෙක්ගෙන්ම ඇත් කරනවා.ඔයා වගේ කෙනෙක් එක්ක ඉද්දි මාත් ඒ සමාජෙට හැඩ ගැහෙන්න ඕනනේ.බාල ඒවා තමයි මං තියාගෙන ඉන්නේ.මං වගේ කෙනෙක්ට අයිති කරගන්න පුළුවන් මේ වගේ ඒවා තමයි  හරි ලේසියෙන්ම. මොනවත්ම නැතුව ඉන්නවට වඩා බාල දෙයක් එක්ක ඉන්න ඒක හොඳයි නේද.මොකද මටත් අවශ්‍ය තවාල්  තියෙනවා මාත් කොල්ලෙක්නේ.දැන් කාලේ කොල්ලොන්ට දෙකක් තියන් ඉන්නවා කියන්නේ සාමාන්‍ය දෙයක්.එහෙම එකේ මොනවත් නැති එකේ බාල අතින් අත ගියපු කෙනෙක්ව තියාගෙන හිටියට ඔයා තරහ නැහැ නේද?.ඔයාව ලැබුනොත් මං සදා කාලයටම ඔයාම විතරයි.ඔයා මගේ මං ඔයාගේ.තව ටික දවසකින් ඔයාව මං අයිති කරගන්නවා එතකන් ඔයා ඉවසීමෙන් ඉන්න.ඔයා මගේම..... 






 SAMSUNG  Tab 10.1.. ඔබ මටමයි හිමි..




                                                  
කියවද්ද වැරදි අදහසක් ආපු කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න..



40 comments:

  1. සුමුදු පහසක් හිමිවේවා කියල ප්‍රාර්තනා කරනව අලුත් අවුරුද්දෙ!

    ReplyDelete
  2. අපි උස්සයී අත

    ReplyDelete
  3. අප්පොච්චියේ කියවද්දි ආවනෙ වැරදි අදහසක්.. ටිකක් කියවගෙන ගිහින් ආයෙත් උඩට ගිහින් බැලුව මේ අසරණයගෙ බ්ලොග් එකමද කියල... පස්සෙනම් මට හිතුන ඉතින්... මේ අවුරුද්දෙ එහෙනම් හිමිකරගන්න බලන්නකො .. මගෙනුත් සුබ පැතුම් ...

    ReplyDelete
  4. මං හිතුවෙ මෝට බයික් එකක් හරි කාර් එකක් හරි කියල [මට රථ ගාය හින්ද වෙන්ඩැති]

    ඕක ලංකාවෙ කීයක් වෙනවද?

    ReplyDelete
  5. මමත් අත ඉස්සුවා කියලා හිතා ගන්න .... මමත් අසයි මෙකකට ....

    ReplyDelete
  6. කෙල්ලෙක්ට රැවටුනාට වඩා හොඳටම හොඳ තීරණයක් :D

    ReplyDelete
  7. අසරණය new year එකේ මේවා පෙන්නලා අපිව අසරණ කරනවා.

    ReplyDelete
  8. මමත් උඩම ටික කියවද්දි හිතුවෙ කාර් එකක් ගැන කියන්නෙ කියලා....හික්ස්...

    ReplyDelete
  9. මම හිතුවේ මූ අලුතෙන් සෙට් වෙච්ච කෙල්ල ගැන කියන්නේ කියලා ..

    ReplyDelete
  10. මල්ලි බලන්න ඔයිට වඩා සෙක්සි ඒවා එයි ඔය දවස් ටිකට ? මට වුනේ ආපු ගමන්ම ගත්තා සැම්සුන්ග් වේව් එකක්..ස්ලිම් ඇන්ඩ් සෙxඉ ඒත් දන් වේව් 3ත් තියෙනවා.. මේක දෙන්නත් බෑ..ස්මාර්ට් ෆෝන් 2ක් වැඩකුත් නෑ...

    ReplyDelete
  11. අපොයි බවලත් උදවියට වැඩිය දාහෙන් සම්පතක්නේ ඔක..ගුටිකන්ඩ වෙයිද හික්

    ReplyDelete
  12. අඩේ බං මරු නිර්මානාත්මක අදහසක්.... අර ඇපල් කතාවට එනකම්.. මම ඇඳගෙන හිටියේ... එතනින් තමා මට වැඩේ මීටර් වෙන්ඩ ගත්තේ.. නැත්නම් මලාට හොයන්ඩ බෑ බොල.. එළටම ලියලා තියනවා...

    නව වසරේ ඔය සුන්දරිය හිමි කරගැනීමට වාසනාව උදාවේවායි පතමි..!!!!!!

    ReplyDelete
  13. සුභ නව වසරක් වේවා!!!!

    ReplyDelete
  14. හපොයි මගේ දූවිලි වැදුනු හිතට ආපු දේවල්,....... "තව කිහිප දෙනෙක් ඔයාගේ අංගෝපාංග ගැන කථා කාර.ඇතුලේ තියෙන ඒවා මේවා ගැන.අතන මෙහෙම වෙන්න ඇතිනේ,අරහෙම වෙන්න ඇතිනේ අන්න ඒවගේ දේවල්.." ඒ කෑල්ල නම් පට්ටයි, මට ලැජ්ජාවෙ පණ යන්න ආවා. ලස්සනට ලියාලා තියෙනවා.. ඔක ගන්න මමත් සුභ පතනවා, සුභ පැතුම් විතරයි සල්ලි නම් නෑ................

    ReplyDelete
  15. එයාගෙ පපුව උබේ කම්මුලට තියාගෙන.. යට හරිය කටේ තියාගෙන මේ අවුරද්දම සතුටින් හිටපං..

    උඹ ඒක ගත්තද බං. පෙට්ටිය කඩලා දැන් පාවිච්චි කරනවද?

    ReplyDelete
  16. මම අත බාගෙට උස්සනෝ...නියමයි ඈ ඒ සිතුම් පැතුම් ඉෂ්ඨ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා...ජය වේවා.සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  17. @රාජ් = මොනවගේ සුමුදු පහසක්ද?හික් හික්
    .....................................................................................................................................................................;.....
    @බට්ටි = හරි හරි මං දන්නවා ඔයත් රැවටුන නේ කැත හිත..
    ..................................................................................................................................................................................
    @Sammani = රැවටුන නේ හු.. හු...!! බලමු නේද ගන්න තවම දෙගිඩියාවෙන් ඉන්නේ
    .......................................................................................................................................................................................
    @Observer = මොන්ක ගාය්ක්ත්ක බෙහෙත් තුබුණත් රථ ගයටනම් බෙහෙත් නැ
    ලංකාවේ 90 ක් වගේ වෙනවලු එත් මං ඉන්න රටේ එකෙක් US ඉඳන් ගෙන්වල දෙනවා 65 ක් වගේ වෙන්නේ..
    ....................................................................................................................................................................................................
    @Shyamin Ayesh = නරක ළමයා කැත හිත නේ හික් හික් .....
    ....................................................................................................................................................................................................
    @තනි අලියා = ගත්තොත් ගත්තමයි අරයල වගේ කරදර කරන්නේ නැහැ නේ .........
    ........................................................................................................................................................................................
    @තනිකඩය = අයියෝ නේ තනියා මත තවම තනිකදයනේ ඉතින් ඕව තම ජිවිතේ..
    .........................................................................................................................................................................................
    @Miyuru = හික්!! කාර් එකක්... අනේ මට නිකන් ෆිස්සු වගේ.....
    ...............................................................................................................................................................................................
    @Kumaraya = අනේ නැ බං වේලෙනවා.. අපිට කොහෙන්ද ඉතින් බූල් බල්ලෝ
    .................................................................................................................................................................................................
    @Weni = ඒකතමයි අය්යා මටත් නිතරම හිතෙනවා.. බලමු තව ටික දවසක්..ස්තුතියි උපදෙසට ...
    ......................................................................................................................................................................................................
    @Raj = හා හා කට කට..... දන්නවනේ අද කාලේ ගස් ගල්වලටත් කන් තියෙනවා නේ
    .................................................................................................................................................................................................;
    @Senna = රැවටුනානම් අත උස්සන... ස්තුතියි යාළුවා සුභ පැතීමට..
    ..............................................................................................................................................................................................................
    @සිහින මතකය = ඔබටත් පවුලේ සැම දෙනාටමත් එසේම වේවා!!!
    .................................................................................................................................................................................................................
    @Shaggy = නරක ළමයාගේ නරක හිත..ඒමේ කියක් හරි එවන්නකො අප්පා ................
    ......................................................................................................................................................................................................................
    @sAm sRi = ලගදීම යට හරිය කටට ගන්නවා.තවම ගන්දෝ නොගන්දෝ කියල හිතාගෙන ඉන්නේ..
    ..........................................................................................................................................................................................
    @ගැමියාගේ පත් ඉරුව = හු හු...!! ගැමිය රැවටුන නේ..ඔයාටත් සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
  18. අයියෝ... මොනාද අෆ්ෆා මේ දාන පෝස්ට්..මේවා කියවද්දී හදවත කීරි ගැහෙනවා..

    ReplyDelete
  19. මාත් මේ 4s එකක් ගන්න හිතන් ඉන්නෙ. වැඩේ තීන්නෙ අපිට ඔව්වගෙ තීන ප්‍රයෝජනේ මොකද්ද කියන එකයි.

    ReplyDelete
  20. අපි කොහොමත් කියවන්නේ වැරදියටනේ බං.. කැත හිත.. මාත් ගන්න ඉන්න ස්ටීව් අංකල්ගේ ඇපල් එකක්.. :)

    ReplyDelete
  21. ලැබුවා වු අලුත් අවුරුදේවත් ඔයාට එයාව තුරුළු කරගන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා ඔන්න.. :D :D

    ReplyDelete
  22. මාත් හිතුවෙ කාර් එකක් ගැන කියන්නෙ කියලා..:D

    අහ්හ්.. ඔන්න එහෙනම් බලාපොරොත්තු ඉටුවෙන්න කියලා අලුත් අවුරුද්දට සුභ පතනවා..

    ReplyDelete
  23. මට නම් හිතුණා ඔය පව්ලේ එකෙක් ගැන තමයි කියන්නේ කියලා...

    ReplyDelete
  24. ඔන්න ඉතින් අසරනයෙක් බලලා යන්න මාත් ආවා..ඔයාට ඉක්මනින් එයාව අයිති කරගන්න ලැබේවා කියලා මම පතනවා..මම නම් ඒ වගේ වෙන කෙනෙක්ව අයිති කරගත්ත..එයාගේ නම් ඇපල් අයි පැඩ්....ඒත් මට නම් ඒකෙ කිසිම විශේෂයක් නෑ..ඒකට ඇගිල්ලෙන් ඇනලා මගේ ඇඟිලිත් ගෙවිලා..මට මගේ ලැපා වටිනවා ඊට වඩා..

    ReplyDelete
  25. @Shani = මොකක්ද මේකේ වැරැද්ද..හදවත කිරි ගැහෙන්න කිසිමදෙයක් නැහැ නේ.
    ....................................................................................................................................................................................
    @ඉන්දික උපශාන්ත = ඔව් මචන් මටත් නිතරම හිතෙනවා.තව ටිකක් හිතල බලන්න ඕනේ
    ............................................................................................................................................................................................
    @Dinesh = නරක ළමයි ගන්න ගන්න අරගෙන හොඳ නරක කියන්න...
    .............................................................................................................................................................................................
    @චතුමිතු = ඔව් තුරුළු කරන්න කලින් ගොඩක් සැරයක් හුතන්න එපයි නේද .ස්තුතියි
    ...................................................................................................................................................................................................
    @හිතුවක්කාරී = කාර් එක්තරා අසරණ සිහිනයක් .ස්තුතියි ඔයාගේ ප්‍රර්තනවට
    ......................................................................................................................................................................................................
    @සයුරි = මං දන්නවනේ සයුරි බුද්ධිමත් කාන්තාවක් කියල හික් හික්...

    ReplyDelete
  26. @පුංචි කුමාරිහාමි.= මට මාරම හැපී ඔය මේ පහ්ට්ඨේ ආව ඒක ගැන.සාදරයෙන් පිලිගන්නවා.ඉතින් දැන් එකේ ඔයාට එපා වෙලාද තියෙන්නේ.කැමති නෙද්ද අසරණයෙක්ට පිනට දෙන්න.හික් හික්...

    ReplyDelete
  27. අලුත් අවුරුද්දෙ එහෙනම් එයාව ගෙදරම එක්ක එමු නේද..ලස්සනට ලියල තියෙනවා..තේරවිල්ලක් වගේ..

    ReplyDelete
  28. ඔබා ඇතුළු කාර් එකක් ගැන හිතුවේ කොහොමයි?මොලේ මාර විදිහටනේ වැඩ කරලා තියෙන්නෙ.කාර් එකක් ඇතුලෙ කාර් එකක්.හිකිස්

    ''පාර මාරු වෙන ඒක දවසක මං දැක්කා අලුත්ම විදියේ වාහනයක හිටපු කොල්ලෙක් ඔයාව තුරුළු කරගෙන යනවා.ඔයත් හරි උජාරුවෙන් ඌට තුරුළු වෙලා හිටියේ''

    ReplyDelete
  29. මටත් වැඩේ මීටර් උනේ අර ‘ඇපල්‘ කෑල්ල නිසා. :)

    ReplyDelete
  30. @සිත්රූ සිහින = ඉතින් ඔයා තෙරුවද.ස්තුතියි අගය කිරීමට
    ...................................................................................................
    @සිතුම් දුෂාන් අත්තනායක = හික්..ඒ හැමෝටම රථ ගාය..
    ...................................................................................................
    @පරිකල්පන = ඒ කියන්නේ බාගෙට ඇඳගත්තද

    ReplyDelete
  31. කියවගෙන කියවගෙන ගිහින් 'ඇපල්' කියනකොට තමා මට උතුර දකුන පෙනුනෙ....පුංචි කුමාරිහාමි හරි,මගෙත් නියපොතු රිදෙනවා..මටත් මගේ ලැපී තමා වටින්නෙ.....

    ReplyDelete
  32. ඉහි කියවන්න කලියෙන් පහලට ගිහින් ෆොටෝඑක බලලා ආයෙ ලිපිය කියවන්න ගත්තා.. :D

    ඉක්මනටම අයියට හිමිවෙන්න සුබ පැතුම් ඕන්.. :)

    ReplyDelete
  33. මේ එක එක අලුත් ගැජට් වලට ඇයි මන්දා මම ආසා නැත්තේ . .

    හොඳ වෙලාවට මට එහෙම වෙලා තියෙන්නේ . . hikz

    හීනේ ඉක්මනින් හැබෑ වේවා

    ReplyDelete
  34. @වින්චැට්කිරිල්ලි. = ඔයාල නිතරම කොට කොටද ඉන්නේ.එතකොට කොහොමත් රිදෙනවා.ඒවා මේවා කියද්දී නිකන් ගන්න හිතෙන්නේ නැ වගේ.
    ....................................................................................................
    @නන්දු = ඇයි එහෙම වැඩ කරන්නේ..මුල ඉඳලම කියවන්න එපයි.ස්තුතියි සුභ පැතුමට
    ....................................................................................................
    @දුකා = බැඳලා බබල ඉද්දි ඕවා ගැන හිත යන්නේ නැහැ නේ.අඩේ. ලොකු කොල්ලෙක් ඉන්නවා නේ.ස්තුතියි මේ පැත්තේ ආවට..

    ReplyDelete
  35. එළ එළ මේ අත පාත දාපු ගමන් ලියන්නේ...මචෝ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එක කීයද මේකේ...2.2 හරි 2.3 ද? මට බලලා කියන්න ස්කයිප් වීඩියෝ කෝල් වැඩද කියලා මේකේ...

    ReplyDelete
  36. @ඔබ නොදු‍ටු ලොවක් = මචන් තවම දන්නේ නැහැ US ඉඳල එවන එකත් එක්ක සෙට් වෙන්න බැරි වුනා.දැනගත්තු ගමන් කියන්නම්.

    ReplyDelete
  37. අත උස්සගෙන බං ඉන්නෙ පැය බාගයක් තිස්සෙ. ලින්ක් එක දැක්ක ගමන් මම හිතුවෙ ස්මාට් ෆෝන් එකක් කියලා.

    නියම ලියවිල්ලක්!!

    henryblogwalker the Dude

    ReplyDelete
  38. @Dude = ඒ කියන්නේ නරක හිතක් පහල වෙලාම නැහැ නෙ..ස්තුතියි ;ඒ පැත්තේ ආවට.

    ReplyDelete
  39. සුමුදු පහස ලැබුනද... :))

    අර දුකා කිව්වා වගේ මමත් මේ වගේ ගැජට් වලට ඒ තරම් මනාප නැහැ...
    කවුරුහරි නිකන් දුන්නත් මම ඕක විකුණලා සල්ලි කර ගනීවි කියල හිතෙනවා
    හික් හික්... :)
    ඒත් ඉතින් උඹ ඒ සුමුදු පහස විඳින්න අසාවෙන් ඉන්නවනම් ඉක්මනටම ලැබෙන්න කියල පතන්නම්
    මෙහේ ඔව්ව ටිකක් ගණන් අඩුයි මගේ හිතේ...

    ReplyDelete
  40. @ලොකු පුතා = දන්නේ නැහැ මචං ගණන කොහොමද කියල.හැබැයි ටිකක් කොට ගානකට මට හම්බු වෙනවා.

    ReplyDelete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...