7 Jan 2012

බ්ලොග් කරුවන්ගේ පැටිකිරිය අසරණයාගේ ඇසින්.

                                 
                                        


         බ්ලොග් එකක් පටන් ගෙන සති දෙකක් ඇතුලත හිට්ස් ලක්ෂ ගානක් බලාපොරොත්තු වුනු ගොනෙක් මං.එහෙම මානසික වැටිලා දණහිස් තුවාල වෙලා ඉන්න අවස්ථාවේදී  මාව දිරිමත් කරලා බ්ලොග් එකේ තියෙන අඩුපාඩු පෙන්නලා ටිකෙන් ටික සාර්ථක වෙන විදිය කියල දුන් නවක බ්ලොග් කරුවන් හා පැරණි  බ්ලොග් කරුවන්ට මට හැකි අයුරින්  ඇගයීමට ලක් කරන්න මට හිතුනා.දැනට මාස දෙකකට කලින් අරඹපු  මේ බ්ලොග් එක දැන් හිතේ  කිසි දුකක් නැතිව කාටවත් කියාගන්න බැරිවුනු අසරණ අවස්ථාවල් හා ලජ්ජා සහගත සිදුවීම් හැකි අයුරින් ගලපලා පොස්ට් එකක් විදියට පිට කරන්නේ මගේ හිතේ නිදහස වෙනුවෙන්.2000 ක්  පමණ වන බ්ලොග් කරුවන් අතර ගලිවරයොත් එක්ක හැප්පෙන ලිලිපුට්ටෙක් මං.ඉතින් මේ ඔබ වෙනුවෙන් කරන සුළු හැඳින් වීමක්..

සඳරු ඉතින් මෙයා තමයි මගේ බ්ලොග් ගුරුතුමා.මෙයා ගැන කියන්න දෙයක්  නැහැ නේ.නැගනහිර අහසේ පායපු තරුවක් වුනු ස්ටාර් කෙනෙක්.හරි හරි වැඩ කරපු කෙනෙක් වැඩිය කියන්න ගිහිල්ල වරිගේ නහ ගන්න ඕනේ නැහැ නේ.

Music girl සින්දු කෙල්ල කියන්නේ මෙයට තමයි.මුල් කාලේ ඉඳලම එන කෙනෙක් පලවෙනි පොස්ට් එකේ ඉඳලම ආවා ගියා.වැඩිය පොස්ට් දන්නේ නැහැ.හැබැයි  ඒ දාන්නෙත්  ඉතා දුර්ලබ සිදුවීම්.කවුරු හරි  BBQ එක්ක සැලඩ් කාලා තියෙනවද? .මෙයාගේ බ්ලොග් එකේ තියෙනවා සිද්දිය.මෙයාගේ කමෙන්ට් එක නිසා තමයි මගේ මෝඩ අදහස නැතිව ගියේ.එදා ඉඳල කමෙන්ට් බලාගෙන කිසිම පොස්ට් එකක් ලිවුවේ නැහැ.ලියන එක හොඳින් ලියන්න ට්‍රයි  කලා.

වර්ණා මෙයනම් හරි නිශ්ශබ්ද කෙල්ල.අලුත් අයට අත හිත දෙන්න හරි කැමතියි. සින්ඩි ගැන කියල දුන්නු කෙනෙක් නේ මෙයා.හරි  දුකෙන් ඉන්නේ සුරතල්ලු හැමෝම නැති වුනා කියලා.අයේ කිසිම සතෙක් හදන්නේ නැහැලු.ඔය කිවුවට...බලමුකෝ ...

නාන්දු දොස්තර නෝනා  කෙනෙක් වෙන්නලු යන්නේ. ලංකාවට ඇවිල්ල බ්ලොග් ලියන හැමෝටම නොමිලේ බෙහෙත් කරනවා කිවුවේ. මට අහගන්න බැරි වුනා පශු වෛදය වරයෙක්ද නැත්නම් අනෙත් කෙනෙක්ද කියලා.

ShagsZone   මේ මල්ලි ඉන්නේ කොරියාවේ.මෙයාගේ බ්ලොග් එකේ කවි විතරමයි තියෙන්නේ.මාරයි වැඩිය දාන්නේ නැහැ හැමෝගෙම බ්ලොග් වලට සප් එකක් දීගෙන ඉන්නවා..

නචියා මාසෙකට පොස්ට් එකයි දාන්නේ ඒ දාන්නෙත් කෙල්ලෙක් කොල්ලෙක්ට බුට් එකක් දීපු සීන් එකක් මුල් කලේ අපු කෙනෙක්.හෙන බිසී පොරක්ක්ලු .හාවා උල්කාපාතය දකිනවගේ තමයි මෙයාගේ පොස්ට් එකක් දකින්නේ.

ප්‍රර්ථනා මෙයා මට කිවුවා ඉතින් මල්ලි බුකියත් එක්ක එකතුවෙන්න, සින්ඩි වලට ඇඩ් වෙන්න කියලා.මං ඒ අක්කා කියපු විදියට කලා.පස්සේ හොයල බැලුවා මේ අක්කා කවුද කියලා මෙයා ඉපදිලා තියෙන්නේ මං මොන්ඩිසොරි  ගියපු අවුරුද්දේ.මට මල්ලිලු. ඒ උනාට මං අක්කා කියලා තවමත් කියන්නේ.

සයුරි.  ඉතින් මේ අක්කා ඉන්නේ ඇමරිකාවේ  මගේ හිත හැදෙන   කමෙන්ට් කරපු කෙනෙක් .මට පොඩි කාලේ ඉඳලම ඇමරිකා  යන්න  ආසාවක්  තිබුන .මෙයා ඉතින් හෙන මිටරෙනේ  ඒයට  තේරුණා  මං මොකාටද    එන්නේ  කියලා චැට් කරන වේලාවකදී  කිවුවා මල්ලි මං බැඳලා  කියලා. ලැජ්ජාවේ  කඳුළු   බින්දු  දෙකක් පැන්නා  කීබෝඩ්  එකට. එකක් F කී  එකට අනෙත් එක Any  කී එක උඩට .නාසා එක බලන්න  ගිල්ල  අපිට  ඒ  ගැන  ලොකු විස්තරයක්  කලේ..

suri මේ මල්ලි සා/පෙළ කරේ මේ ලගදි.සින්ඩි වල ලින්ක් දුන්නේ බ්ලොග් එකේ වැරදි කියලා දුන්නේ මෙයා..දැන්නම් වැඩිය පේන්න නැහැ..

වර්ණ. බ්ලොක් එක කරන දෙනේෂ්. නිලියෝන්ට  අඹ කඩලා දෙන්න හෙන ආසයි. "මඩර්" එකකට සම්බන්ද වෙලා දැන් ඉතාලියට පැනල ඉන්නේ.ලගදි පාපොච්චාරණයක් කලා.ලංකාවේ නිතිය අනුව උඹව අත්තඩංගුවට  ගන්න බැහැ.වරෙන් මලේ ලංකාවට. ඉස්කෝලෙදි  වෙච්ච සීන් කට උලාට  වුනු විදියට අපිට කියනවා.අපි අහුවෙයි!!

සිත්රූ සිහින.. මෙයානම් රොමැන්ටික් කෙල්ලෙක්. කවි තමයි වැඩියෙන් ලියන්නේ.මාර සප්  එකක් දෙනවා හැමෝගෙම බ්ලොග් වලට.

මියුරු.. මිහිරි කියලලු ගෙදරට කියන්නේ. අප්පා ...මෙයද .. ලෝකෙම ඔම්ලේට් වෙලා ගියත් ෆන්  එකේ ඉන්න කෙල්ලෙක්(හැබැයි  අවුරුදු 25 විතර කලින් දැන් ඇන්ටි.) ඕස්ට්‍රේලියාවේ(ලු) ඉන්නේ.මෙයාගෙත් මාර කතා සෙට් එකක් තියෙන්නේ. බෝඩින් කථා, කැම්පස් කථා.වැඩිය හොඳ කථා දාන්නේ නැහැ හෙන  අගේ.ෆප්පෝ... හැම විදියෙම කථා කවලම් කරලා දාන්නේ..

හිතුවක්කාරිගේ හිත. මෙයා ඉතින් හිතුවක්කරියක්ද කියන්න  දන්නේ නැහැ.සැහෙන්න ජනප්‍රිය කතාවක් ලියන්නේ මෙයනේ.ටික කාලෙකට කලින් මෙයා ළඟ වේකන්සියක් තිබුණා මාත් ඇප්ලයි කරා.උත්තරයක් දුන්නේ නැහැ.සමහර විට සුදුසුකම් මදි වෙන්න ඇති..


sAm sRi  සැමා කියලා හැමෝම කියන්නේ.අම්මෝ මෙයද .හෙන ආතල් ඩයල් එකක්.ඉස්කෝලෙදි කරපු දේවලුයි වේච්ච දේවලුයි හෙනම ආතල්.ලියන විදිය ඊටත් වඩා ආතල්.මෙයනේ ඉස්කෝලේ ඇරිලා ගෙදර යනගමන් මඩ වලක තිබිලා කොම්පුටරයක් ඇහිලුවේ.කොහොම වටිනා මඩවල්ද සැමලගේ ගෙවල් පැත්තේ තියෙන්නේ කියලා ඉස්සර මට හිතුනා.එත් පස්සේ කාලෙක දැනගත්තා ඒ ඇහිලුවේ කොම්පියුටරයක් නොවෙයි කැල්කියුලේටරයක් කියලා.වැඩිය කියන්න බැහැ ගිහිල්ලම බලන්න.

ගැටයා අනිවාරතේ බ්ලොග් එක ලියන්නේ මෙයා.හෙන රහස් පරීක්ෂකයා.ශෝලොක් හෝම්ස්ට වඩා දස්සයා.මෙයට මාර සහජ හැකියාවක් තියෙනවා.ඕනෑම කෙනෙක්ගේ රදනක දතක් දිහා බලලා අක්කගේ වයස කියන්න පුළුවන්.ඒවගේම තමයි බෙල්ලේ තියෙන උපන් ලපේ දිහා බලල උදේට කපු දේවල් ගැන කියන්න පුළුවන්.තීක්ෂණ බුද්ධියක්  තියෙන්නේ ඇඟ පුරාම. නියපොතු කපන්නේ නැත්තේ ඒකලු..

ඔබ නුදුටු ලොවක් .නම බණ්ඩාර. මෙයගෙයි මගේ සාමනකම් ටිකක් තියෙනවා.මෙයාගේ  ගම අර පාලමෙන් එහා පැත්තනේ.මාත් ඉතින් ඒ පැත්තේ.කරන්නේ IT ජොබ් එකක් මාත් එහෙමයි.දැන් ඉන්නේ අප්‍රිකා රටක ඉතින් මාත් ඉන්නේ අප්‍රිකාවේ රටකනේ (රටවල් දෙකක කවදාවත් නොදැකපු කෙනෙක්). ලංකාවේ ඉන්න කන්  හෙන ජල්තරස්  වැඩ කරලා තියෙන්නේ.තේ හදන එකාටවත් ඉන්න දීල නැ.මෙයා මුලින්ම කොළඹ ආපු දවසේ ටවුන් හෝල් එක ලද්දී බස් එකෙන් බැහැල රුවන්වැලි සැය කියලා හිතල අර මහා බිල්ඩිමට වැඳලා.("බණ්ඩා කොළඹ ගියා  වගේ" කථාව හැදුනේ මේ බණ්ඩාට නොවෙයි වෙනත් බණ්ඩා කෙනෙකුටය.)

Raj මෙයත් ඉතින් අතල් ගන්න කැමති පොරක්.යාලුවෙක්ගෙ සාක්කුවේ තිබිලා කොන්ඩම් එකක් නැති වුනා කිවුවේ.අපි නොදන්නා චෙස්.සනි අන්කල්ගේ හෝල්මන් කතාවක් කියාගෙන ආවා ඒක එක සැරේම නැවතුන..උගේ කතාවටම ඌම බයවෙලා.  


අයේෂා කුලතුංග Ice ගේ කෝලමලියන්නේ මේ කොලම නේ.ඉස්සර මගේ බ්ලොග් එකට හොඳ සප් එකක් දුන්නු කෙනෙක්.ඉන්නේ නුවර.හැන්  බැග් එකේ යටටම වෙන්න පොඩි ටෝච් එකක් තියාගෙන ඉන්නේ. කට්ටිය එහෙමයි කිවුවේ . අයෙෂලගේ ගෙදර ඉඳල  බස් එකේ මහියංගනයට රුපියල් 7.50 යි.එතකොට ගෙදර ඉඳල කැන්ඩි ටවුන් එකට රුපියල් 80 යි.ගෙදර පිටි පස්සේ වෙළෙන් පැනලා මහියංගනේ ටවුන් එකට යන්න විනාඩි 10 යි.ඇහුවම  කියන්නේ අපි කැන්ඩි ගර්සලා  කියලා.හෙක් හෙක් .....අපි නොදන්නා කැන්ඩි..


ලොකු පුතා. ලොකු පුතා බ්ලොග් ඒක ලියන පොඩි කොල්ලෙක්.ජිවිත කථාව පොඩියට ලියාගෙන ලොකු ගමනක් යනවා පාසල් විත්ති කියලා.සමහර ඒවානම් මාරම සංවේදී.පොඩි කාලේ  අමුතු විදියේ කවකටු පෙට්ටියක් දැකල තියෙනවනේ.රෑ හොඳටම බයවෙලා..පව් පොඩි එකා.

ගැමියාගේ පත් ඉරුව.මට බයිසිකල් පැදීමේ ආසාව නැති කලේ මේ ගැමියා.වේද ගෙදර කථා කියලා ඒ විඳපු දුක අපිට රසකරල ලියන්නේ මේ පොඩි එකා.ලගදි විභාගේ කලේ.. ගීත රචකයෙක් වෙන්න හදන්නේ.අලුත් අවුරුද්දට අම්මගෙන් අරුම පුදුම තෑග්ගක් ලැබිල ඉන්නේ.සන්තෝසේ බෑ..


තනි අලියා. අපෝ... මෙයාද කරන තරම් සෙට් වෙන තරම් ඔක්කොම ආක්කල.එකක්වත් නැහැ නංගි කෙනෙක් ගැන  කතාවක්.මේ ලගදි කියනවා අලුත් එකක් ගැන අක්කා කෙනේද කියලා ඇහුවම නැහැ  ලු.මං හිතුව එහෙනම් මේ සැරේ ගොඩ යන්න නංගි කෙනෙක් හොයාගෙන නේද කියලා.පස්සේ කියනවා එය ඇන්ටි කෙනෙක් අයියා..


Senna මෙයා ඉන්නේ ජා- ඇල මට කිවුවේ එහෙමයි.ඇත්තටම කොහෙද දන්නේ නැ.මාර කොල්ලෙක් ඉවසීම පුරුදු  වුනේ  මෙයාගේ පොස්ට් එකෙන් අනෝල  වගේ අයට  ඉවසීමෙන්  උත්තර දෙන්නේ පුරුදු වෙන්නනම් මිනිස් ගති සහ දේව ගති කියලා පොස්ට් ඒක කියවන්න .ලංකාවේ කෙල්ලොත් මේ සේනා වගේ  ඉවසනවානම් කොල්ලෝ වුනු අපේ ජිවිත කොච්චර සුන්දර වේවිද?

Observer හැමෝම කියන්නේ ඔබ මාමා කියලා.ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ලගදිනේ හේතුව හොයා ගත්තේ.අපේ තාත්තගේ බාප්පාගේ වයස.විසි දෙකේ කොල්ලා වගේ ඉන්නේ.සුදු වෙච්ච ඒක කෙස් ගහක් හොයා ගන්න නැහැ.දවස් දෙකකට සැරයක් ඩයි කරනවලු (මියුරු අක්කා කිවුවේ)මෙයා හෙන කුකා.දෙල් පට්ට කරිය කොස් කොළ මැල්ලුම ලෙසටම උයන්න පුළුවන්.හවස වැඩ ඇරිලා ගෙදර එද්දී කෑල්ල කෑල්ල ගෙනල්ල ඉස්සෙල්ලම C .T .B  .බස් එකක් ගෙදර එසැම්බල් කලේ මේ මාමා තමයි. පවුලේ වාහනය වුනෙත් ඒක. ලංකාවෙන් පිටමන් කරද්දී ඒ බස් ඒක ගම්පහ ඩිපෝවට දීල 99 බදු ක්‍රමයට.(මංනම්  දාන්නේ නැහැ රට්ටු කියන්නේ එහෙමයි.)

Sammani මෙයත් මං වගේම අලුත් බ්ලොග් කාරියක් .කොට ජිවිතයක් ගත කරන්නේ.උස අඩි 4 යි අඟල් නෑ  ෆොර් ෆිට් නො ඉන්චේර්ස්."නුරි" කියලා ජපන් නමක් තියෙන සිංහල කෙල්ලේ ගැන  කතාවක් ලියනවා..හෙන බිසිලු ..........

sabith මෙයානම් අපි වගේ නෙවෙයි ඉගන ගන්න කොල්ලෙක් ඉන්නේ බංගලාදෙසියේ.වැඩිය පොස්ට් දන්නා විදියක් නෑ පාඩම් වැඩ නේ..

මාතලන් මගේ බ්ලොග් ඒක ගැන වර්ණනාවක් කලේ මෙයාගේ සින්ඩියෙන්.ඔබ මාමගේ මියුරු අක්කගේ බ්ලොග් හොයාගත්තේ මෙයාගේ සින්ඩිය හරහා.

වින්චැට්කිරිල්ලි. අළු පාට හැන්දෑව බ්ලොග් එකේ උරුමක්කාරිය මේ කෙල්ල නේ. මෙයා ඉන්නේ ඉතාලියේ..මෙයත් ජොලියේ  ඉන්න කෙල්ලෙක්.කජු අලුව කාල සබන් පෙන බීපු කෙල්ලෙක් හෙන රසයිලු අපිටත් ට්‍රය් කරන්න කියන්නේ..අපිනම් කරයි..

shani .ශනිගේ හිත බ්ලොග් ඒක ලියන්නේ මෙයා.ලගදි ප්‍රතිපල ආවේ.පිළි ගන්න බැහැ කියන්නේ ප්‍රතිපලේ.. දවසක් මට කියනවා එයට චුටි නංගි කියලා කියන්නලු.ඉතින් පොටෝ එකකුත් එවුවා.අප්පා... දකුණු ඉන්දියාවේ නිලියක් වගේ.හෙන මහතායි.ඉතින් කොහොමද කටක් ඇරලා  චුටි නංගි කියන්නේ.

රාජ්. රජගේ නවාතැන ලියන්නේ   මේ රාජ්. කලින් කිවුවේ  වෙන රාජ් කෙනෙක් ගැන.මෙයා ඉතින් හැම විදියෙම කථා කියනවා දේශපාලන, සමාජීය.ඒ අස්සේ උසාවි කථා. මේ ලගදි ජනප්‍රිය බ්ලොග් කරුවා හොයන්න හෙන ගේමක් දෙනවා.අලුත්ම ජමිතික සුත්‍රයක් හදාගෙන යනවා.ඉස්සරහට බලමු. වැඩ.

නරකයා.හෙන පරණ පොරක්.කොස් ඇට කලා බස් වල යද්දී වෙන සීන් එකක් ගැන ලිය තියෙන්නේ.යාපනේ යද්දී එකටම හිටපු කොල්ලගේ නංගිට ලයින් දාපු එකෙන් නේ මේ යකා.

මහි.ඉස්සර ඉඳලම අපු කෙනෙක්.ටිකක් පරණයි.මෙයත් මාර දේවල් ගැන ලියන්නේ..කාටුන් බලන්න හෙන අසයිලු සොනික් ඉන්න කාටුන් ඒක හැම දම බලනවා කියන්නේ.මොකක්ද දාන්නේ නැහැ විෂේශේ.



kumaraya .මාලිගාව බ්ලොග් ඒක මෙයා මාලිගවක හිටියට රජෙක් නම් නෙවෙයි ඔබා මමට ඔබා මල්ලි කියලා කියන්නේ. ඉතින් කොහොම වයස පොරක් ද.එයනම් ඒක ඒක විදියේ පොස්ට් දානවා.

ඉන්දික උපශාන්ත. සැහැල්ලුව බ්ලොග් එකේ තියෙන කිසිම පොස්ට් එකක් සැහැල්ලුවට ගන්න බැහැ.මාර දේවල් තියෙන්නේ.කවි නිකන් පිස්සු කොර.

Weni අයියා. මෙයාගේ මාර ස්ටයිල් එකක් තියෙනවා පොස්ට් වල. ගැණු ළමයි ගොඩක් ආසාවෙන් කියෙවුවෙ මෙයාගේ පොස්ට් එකක් . ඉ මේල් වලින් ගොඩක් ගැණු ළමයි අතරේ ජනප්‍රිය වුනේ.ලොකු චුවක් ඕනේ කියලා තියෙන පොස්ට් ඒක.හැබැයි විනි අයියා නොකිය කිවුවා එයට ලොකු එකක් තියෙනවා කියලා.. මං ආස එයාගේ සාක්කුවට අත දාද්දි සාක්කුවේ ඉඳල කරපොත්තෙක් පැනලා වුනු  සිද්දිය මාර අතල් කථාව.
 

සැ/යු. දෙකක් දාගත්තු වේලාවකදී මට මේ හිතුනු හැටි.කාගෙවත් හිතක් රිදවීමේ සඳහා නොවෙයි හුදෙක් මගේ වින්දනය සඳහායි.කාපු බීපු වෙලාවට කියන දේවල් ගැන වැඩිය හිතන්න එපා.!!






69 comments:

  1. මොනාද කොල්ලෝ උඹ බිවුවේ ?

    ReplyDelete
  2. මොනාහරි වැරදිලා පැවිල තියනව

    ReplyDelete
  3. අත්තන ඇට කසාය බීලා.....කවුද අනේ කිව්වෙ මම ඉන්නෙ ඒ රටේ කියල???...හූ..හූ..හූ.....

    ReplyDelete
  4. මේකා බොන්න ඇත්තෙ රා... ගස්වලට වැඳ වැඳ රා බොන එකානෙ මේ...

    දැන් උඹේ පැටිකිරියත් මේ කොනකින්ම දැම්මනං නරකද.....

    ReplyDelete
  5. කළගුණ සැලකීම උතුම් ගුණයක් මචං...

    ReplyDelete
  6. අනේ අසරණයා!!!

    ReplyDelete
  7. අඩේ උඹට මොකද බන් උනේ.. ? අද හවසත් හොඳට හිටියා නේද... කොහොම උනත් කට්ටියගෙම පැටිකියනම් යස අපූරුවට හොයාගන තියනවා නේද... ?

    ReplyDelete
  8. යත්හර්තවාදියා ලියන ගුරුසින්හයා නං මට පේන්න් බෑ. ලස්ට් රෝව් එකෙන් එලෙව්ව වගේ අන්තර්ජාලෙඋත් එලවල දාන්න වටිනව

    ReplyDelete
  9. අඩෝ මගේ නමත් දාලා...අපිත් ලිලිපුට්ස්ලා තමා :)

    ReplyDelete
  10. පස්සේ දන්නේ මම වැඳලා තියෙන්නේ ලේක් හවුස් එකට ...හික් හික් හික් ....

    ReplyDelete
  11. @අසරණයා - උඹේ මේ අසමජ්ජාති පෝස්ට් එකෙන් උඩ ඉන්න හැම එකාම මට බුක් මාර්ක් කොර ගන්න උනා බොල.. කලින් බුක් මාර්ක් කොරගත්ත අයත් ඉන්නවා..

    @ඔබ නොදු‍ටු ලොවක් - ඇයි බොල උඹ ලේක් හවුස් එක දැක්කේ වයිට් හවුස් එක වගේද?

    ReplyDelete
  12. //හවස වැඩ ඇරිලා ගෙදර එද්දී කෑල්ල කෑල්ල ගෙනල්ල ඉස්සෙල්ලම C .T .B .බස් එකක් ගෙදර එසැම්බල් කලේ මේ මාමා තමයි. පවුලේ වාහනය වුනෙත් ඒක. ලංකාවෙන් පිටමන් කරද්දී ඒ බස් ඒක ගම්පහ ඩිපෝවට දීල 99 බදු ක්‍රමයට.(මංනම් දාන්නේ නැහැ රට්ටු කියන්නේ එහෙමයි.)//
    මෙන්න මේ ටික දැක්කම මට අමුතු ජොලියක් ආව. මට පේන්නෙ ඉස්සෙල්ල අයිංකරන බෝතල් හයෙන් වීදුරුවක් පෙව්නද?:)

    ReplyDelete
  13. ශඃ ශඃ! හැමෝම ගැන පුලුල් අධ්‍යනයක් කරල තියනවනෙ! :D :D

    අර අැන්ටි සීන් එක....... මෙහෙමයි, ඔෆීසියෙ අක්කලත් ඉන්නව! :D මට එක්කෙනෙක් හරියටම හරියන ටීෂර්ට් එකක් දුන්න අනේ :D :D :D

    ReplyDelete
  14. ඩෝප් සීන්.... ගනන් ගන්න එපා..

    ReplyDelete
  15. කැව බිව්ව වෙලාවක උනත් මං ගැනත් උබට මතක් උනා එහේනම්..හික් කාපු බිපු වෙලාවට කියන එව්වා කවුද ගනං ගන්නේ මචං

    ReplyDelete
  16. ඔය උඩින් කියපු උදවිය ඔක්කොම මටත් දිරි දුන්න අය අදහස් දැක්වීමෙන්! නියම සෙට් එකක්!

    ReplyDelete
  17. මම ඉන්න දිහාවේ ඔය කියන ජාති ගන්න නැහැනේ කරුමෙට...
    තහනම්නේ.... හරාම් හරාම්
    තියෙන්නේ සුදු පාට එව්වා තමයි (එව්වා හරි ගඳයි, මෙහේ ඉන්න එව්වෝ හරියට පෙරන්න දන්නේ නැහැ නොවැ)
    නැත්නම් උඹ බීපු ජාතිය අහගෙන මටත් සති අන්තේ අජරාමර වෙන්න තිබ්බා
    මම හොරාට ඊයක් එවන්නම්, බීපු ජාතියේ නම කියල එවපන්
    ලංකාවට ගියපු හැටියේ ටෙස්ට් කොරල බලනවා... සත්තයි... :)))

    අගේ ඇති පෝස්ටුව මචෝ.
    ඔබා මාම ගැනනම් උඹ ඇත්තම ඇත්ත කියල තියෙන්නේ... හික්

    ReplyDelete
  18. අම්මප මාවත් මතක් කොරල තියෙන්නේ ..බීපු වෙලාවක වුනත් .. පින් සිද්ද වෙනවා මලයො ..
    මාත් ඉතින් මේ බ්ලොග් ලෝකෙ උඹ වගේ එකෙක් තමයි ..තවම පොඩියි.

    ReplyDelete
  19. ඔහෙප්පලයං. මගේ මල්ල ගැනත් ලියලනෙ. කාපු බීපු වේලවාට පුංචි විහිළුවක් විදියට හරි රාළහාමිලා වගේ අය අපි ගැනත් මතක් කොලාට ස්තූතියි.

    ReplyDelete
  20. ස්තූති කතාව කරන්නෙ ්බන් වැඩක් ඉවර උනාමනේ...

    ReplyDelete
  21. පල පල මගෙ චරිතෙ ඝාතනය කොරල.... මම දැන් උසයි ..... ඉස්සර තමයි එහෙම මිටි .... හිකිස් .... දැන් 5 යි අගල් 3 යි .... මොනා උනත් අපූරුවට කට්ටිය ගැන හොයාගෙන තියෙනව .....

    ReplyDelete
  22. අයියෝ සඳ... හිස මත ද මංද....

    ReplyDelete
  23. හෆ්ෆටසිරි!!!! අම්මියෝ!!!! මම එච්ච්රම හිතුවක්කාර නෑ මෙයා...:D හිකි හිකි.. ටිකයි හිතුවක්කාර... කවුද කිව්වෙ සෑහෙන්න ජනප්‍රිය කතාවක් කියලා ඒක...:p

    අහ්හ්හ් අන්න ඒ දැන්වීමනම් ජනප්‍රිය වුනා එලටම..:D ඒක හුදෙක් විනෝදය සඳහාම දාපු එකක්නෙ අනේ...වේකන්සියක්ම නෙවෙයි...මම ඉනට්‍ර්ව් කෝල් කලෙත් නෑ...

    කොහොම වුනත් ස්තූතියි අසරණයා ඔයාට..ඉදිරියටත් දිගටම ලියන්න...:)

    ReplyDelete
  24. කස්ටියව අඳුන්නලා දුන්නු විදිහ නියමයි . . හික්ස්

    ReplyDelete
  25. එල පෝස්ටුව. මොනවද බන් උබ බිව්වේ නිවිච්ච ඇල් වතුරද?

    ReplyDelete
  26. අසරණයා කිව්වට මේකා හෙන අණ්ඩපාලයෙක් පාටයි....කොහොම වුනත් හොඳ එකෙක් වගේ...:D

    ReplyDelete
  27. ඇ බොලේ මම ගැනත් දාලා ආඩම්බරේ බැරුවා.. හ්ම්ම් හ්ම්ම් සුරටත් සතුන් නම් ඇති කරන්නේ නැහැ තමයි එත බලමුකෝ :ඩ්

    ReplyDelete
  28. මේවා මේ ඉරිසියාවට කියන කතා.. අපි නිලියන්නට අඹ කඩ්නවට තියෙන පැහැදිලි ඉරිසියාව.. ඔක්කොම හරි මොකටෙයි මඩර් කේස් ඇදලා ගත්තේ.. මම මේ හැංගිලා ඉන්නේ..

    ReplyDelete
  29. @හිස් අහස = දිග නමක් තියෙන තුන් හුලස් හැඩයක් තියෙන බෝතලයක් බන්
    ........................................................................................................................................................................................................;
    @Chiran = නෑ බං ඉතා කැමැත්තෙන් බිවුවේ.අනේ මන්ද මොනවා වුනාද කියලා.
    ...............................................................................................................................................................................................................
    @වින්චට්කිරිල්ලි = ඔයාල කියන්නේ ඒවාට කසය කියලද.අපිනම් කියන්නේ වෙනත් නමක්.මං දන්නවා ඔය ඉන්නේ ඒ රටේ නෙවෙයි කියලා අනන්‍යතාවය ආරක්ෂා කරන්න ඕනනේ.අර මොට්ට පල වගේ උන්ගෙන්
    ..................................................................................................................................................................................................................
    @නරකය = අනේ නෑ බං ඉංග්‍රීසි නමක් තියෙන බිමක් බිවුවේ.මට හැමෝම කියන්නේ අවංකය කියලා.අහපන් අපේ ගමේ ග්‍රමසේවකගෙන්.
    .......................................................................................................................................................................................................................;
    @Pradeep Gunarathna = මුල අමතක කරන්න හොඳ නැහැ නේ.සප් ඒක දුන්නු කට්ටිය මතක් කරන්න එපැයි නේද?.. .
    .............................................................................................................................................................................................................................
    @Gordonia ceylanica = අප්පා මාර අමාරු නමක් නේ තියෙන්න.නම කියවන්නනම් දෙකක් දාගන්නම වෙනවා.ස්තුතියි යාළුවා මේ පැත්තේ ආවට.
    ..................................................................................................................................................................................................................................
    @Senna = නෑ බං දවස් ගානකට කලින් වෙච්ච දෙයක්. බය වෙන්න එපා දැන් සනීපයි.සැ/යු කෑල්ල ලියුවේ හොඳ සිහියට ආපු ගමන්.
    ........................................................................................................................................................................................................................................
    @ඇනෝ = අනේ මචන් මගෙන් මොනවහරි වැරද්දක් වුනාද.කවුද ගුරුසිංහ කියන්නේ.මං එයාව අඳුරන්නේ නැහැ.
    .............................................................................................................................................................................................................................................
    @Sabith = උඹට ලිලි පුට්ටෝ කියනවනම් අපි වගේ අලුත් උන්ට කියන්නේ ඔටුවෝ කියලද බං..
    ...................................................................................................................................................................................................................................................
    @ඔබා නොදුටු ලොවක් = ඒ කියන්නේ නගර සභා බිල්ඩිමට නෙවෙයිද වැන්දේ.එත කොට පාර මාරුවෙන්න පැය එකහමාරක් බලන් හිටියෙත් උඹද බං;

    ReplyDelete
  30. @sAm sRi = පොඩි කාලගුණ සැලකීමක් කලේ කට්ටියටම.මට වැරදීමක් වෙලා තිබුණු තැනක් හරි ගැස්සුවා බන්ඩරයා.
    ......................................................................................................................................................................................................................................................
    @රාජ් = ඔබා මාමා ගැන මං වැඩිය දාන්නේ නැහැ රට්ටු කියන කතානේ.මොකක්ද බං අන්තිම බෝතල් 6 ගැන කිවුවේ මට ඒක තේරුනේ නැහැ.
    ............................................................................................................................................................................................................................................................
    @තනි අලියා = හොඳ ලිපියක් ලියද්දි හොඳ අද්යනයක් කරන්න ඕනේ.බොරුනම් සැමගෙන් අහපන්.නංගි කෙනෙක් ලැබේව කියලා අයෙත් ප්‍රර්ථනා කරනවා.
    ............................................................................................................................................................................................................................................................;
    @මාතලන් = ටක්කෙට තේරිලා තියෙන්නේ.වැඩිය හිතන්න එපා..
    ...................................................................................................................................................................................................................................................................
    @raj = කෑවා බිවුවා කියලා උඹලව අමතක වෙනවද බෝල.අප්සෙට් යන දෙයක් කියවුනනම් ගණන් ගන්න එපා ඩෝප් පිටනේ ..
    .......................................................................................................................................................................................................................................................................
    @විසිතුරු = ඔව් මචන් මාර හෙල්ප් එකක් දුන්නු සෙට් එකක්. ඔය උඩින් ඉන්නේ අයයි පහලින් ඉන්න අයයි ඔක්කොම හෙල්ප් කරා..
    ..............................................................................................................................................................................................................................................................................
    @ලොකු පුතා = ඒවානම් ගහන්න එපා ඇස් වපර වෙනවා.පාසල් විත්ති කථා ටික කියවද්දීනම් හිතෙන්නේ නැහැ උඹ බොන එකෙක්ද කියලා.ඔබා මාමා ගැන කියලා තියෙනවා ඇත්තද බං.
    ..............................................................................................................................................................................................................................................................................
    @kumaraya = ඔව් ඔව් උඹලව අමතා කරලා කොහොමෙයි.පොඩි එකෙක් කිවුවට එන වයසයි නේ බං උඹ.
    ........................................................................................................................................................................................................................................................................;..........
    @ඉන්දික උපශාන්ත = අඩේ.... උඹ ඇත්තටම පොලිසියේද පොඩි වැඩක් කරගන්න බැරි වෙයිද?
    ...................................................................................................................................................................................................................................................................................
    @amila chathuranga = මේ පොඩි පෙර හුරුවක්.වෙනසකටත් එක්ක වැඩේ මැදදී ස්තුති කරන්න හිතුනා.
    ......................................................................................................................................................................................................................................................................................
    @sammani = සමාවෙන්න දන්නෙ නැහැනේ ඔයා දැන් උස ගිහිල්ල කියලා. කැම්පස් එකේදී කකුල් දෙකෙන් එල්ල තිබ්බලු නේද?.(කලිසමක් ඇඳන් ඉන්න වෙලාවක).මේ හැමෝගෙම විස්තර අමුතුවෙන් හෙවුවේ නැහැ සම්මානි පොස්ට් කියෙවුවහම දැනගත්තා කගේ කාගේත් පැටි කිරිය.

    ReplyDelete
  31. @පවනි = නේ නේ දැන් හොඳටම සනීපයි.ස්තුතියි මේ පැත්තේ ආවට.
    ..........................................................................................................................................................................................................................................................................................;;
    @හිතුවක්කාරී = ඇයි ඔයා කොල්ලොන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්නේ.බොරු බලා පොරොත්තු දෙන්න එපා. කොල්ලෝ පව්.
    .................................................................................................................................................................................................................................................................................................
    @දුකා = හේ හේ..මං මෙයාලගේ විස්තර දන්නෙ මෙච්චරයි මචන්..
    ...................................................................................................................................................................................................................................................................................................
    @රෙප් මහත්තයා. = ටිකක් තද පාට බිම එකක් අයිස් කැටයක්නම් උද පාවුනා.
    .....................................................................................................................................................................................................................................................................................................
    @ලකී = අයියෝ මං අහිංසක අසරණයෙක්.අණ්ඩපාල වැඩ කරන්නේ නැහැ කවදාවත්..
    .......................................................................................................................................................................................................................................................................................................
    @වර්ණා = මටත් ආඩම්බරයි ඔයාල මගේ යාලුවෝ වෙච්ච ඒක ගැන.මං හිතන්නේ තව ටික කාලෙක්න් ඔයා කරපොත්තෙක් හරි ගෙදර ඇති කරවී..
    ...........................................................................................................................................................................................................................................................................................................
    @Dinesh = ඉතින් අපිත් ආසයිනේ අප්පා නිළියන්ට අඹ කඩලා දෙන්න.චාන්ස් එකක් නැද්ද?.බය වෙන්න එපා ඔයා උඩින් කොමෙන්ට් දල තියෙන්නේ පොලිසියේ මහත්තයෙක් .මොනවා හරි කරලා දෙවි.

    ReplyDelete
  32. පොඩ්ඩක් හිටින්ඩකෝ කමෙන්ට් කොරන්ඩ කලින් කියන්ඩ දෙයක් තියෙනවා.
    මේ බ්ලොගේ අප්ඩේට් වෙන්නේ නෑනේ මගේ බ්ලොග් රෝල් එකේ.. දැන් අයෙත් යුආර්එල් එක දාලයි හදාගත්තේ..
    ස්තුතියි කිව්වා මේ ලිපිය ගැන මාව දැනුවත් කරට.. :))
    ______________________________________
    දැන් නියම කතාවට >>>
    මං මහියංගනේද බොල ඉන්නේ? ඉරිසියාවනේ තියෙන.. හැක හැක......
    නුවර ටවුමට විනාඩි 10යි... හූවක දුර...
    අපි කොහොමත් කැන්ඩි කෙල්ලෝ තමයි හරිය.. ඇහැක් නම් වෙලාවක් අපේ දිහා ඇවිත් යන්ට වර... නුවරද මයියන්ගනේද කියල පෙන්නන්ට... :PPP
    ______________________________________

    හලේ නියම පොස්ට් එකක් නේ... මොන කිව්වත් හිතේ කිසිම කහටක් නෑ හරිය? :DD
    ජය වේවා!!

    ReplyDelete
  33. හිහිහී.. හොඳවෙලාවට අහන දේවල් වලට උත්තර දෙන්න මට වෙලාවක් නැත්තෙ.. :D දැන් අයියා හොඳ සිහියෙන්දෑ මං ස්තූති කතාව කරන්න.. :D

    බ්ලොග් ගමනේ ඉදිරියටම යන්න.. සුබ පැතුම් අයියේ..
    ඔබට ජය..!!!

    ReplyDelete
  34. අඩේ මාවත් ලියලා මම හිතුවා ලියලා නැතුවම ඇති කියලා බැලින්නම් ලියලනේ ස්තූතියි ඈ....අම්මාගෙන් ලැබුනු තෑග්ග ගැන තාමත් සංතෝසයි මේ මාසෙන් පස්සේ තමා කෙල වෙන්නේ.ගීත රචකයෙක් උනාම නරක් වෙලා තියෙයි නේ හි හි ලංකාවේ ගීත සාහිත්‍ය විනාසයි

    මට තව විශේෂ දෙයක් කියන්න ඕනේ අයියේ මම ලියපු බ්ලොග් එක මගේ යාළුවො දෙන්නෙක්ට විතරයි මුලින් පෙන්නුවේ ඒ දෙන්නා විතරක් කොමෙන්ට් කරයි කියලා විතරමයි මම හිතුවේ ඒත් ඔයා තමයි මට මුලින්ම කොමෙන්ට් එකක් දුන්නේ හිතන්න මට කොච්චර සතුටු ඇතිද කියලා ඇත්තටම බොහෝමත්ම ස්තූතියි අයියේ මට නැගිටින්න අත දුන්නට

    මේ ලිපියෙන් මම නොදන්න බොහෝ දෙනෙක්ව අදුරගත්තා ඒකටත් බොහෝම ස්තූතියි...

    @Ice (අයේෂා කුලතුංග) නුවරට විනාඩි 10ක දුරින් තියෙන ටවුන් එක මොකක්ද අප්පා මමත් නිතර දෙවේලේ නුවර ගියාට එහෙම ටවුන් එකක් දැකලා නෑ බස් හෝල්ට් නම් තියෙනවා හි හි ෂුවර් මෙයා මහියංගනේ තමයි අඩේ දඹානේ දඹානේ මට දැනුයි මීටර් උනේ..

    කොට අයට බබ්බු හම්බුනාම උස යනවාලු හොදේ අපිනම් දන්නේ නෑ මටත් කෙල්ලෙක් කිව්වේ

    උඩ ඉන්න බ්ලොග් අයියලා අක්කලා ඔන්න මම එනවා ඔයාලගේ අඩවි වලටත්

    මම වගේ පුංචි බ්ලොග් ලියන්නෙක්ව අදුන්වා දුන්නට බොහෝම ස්තූතියි අයියේ

    ReplyDelete
  35. මේ හැමෝටම චරිත සහතික දීල තියෙන්නෙ.
    මම ඔය ලමයට සහතිකයක් දෙන්නම්කො.
    අසරනයා කිව්වට කොහොමටවත් අසරනයෙක්නම් නොවේ.
    බොහොම දක්ෂ දරුවෙක්.හැමෝගෙම වාගේ හිත් දිනාගෙන බ්ලොග් ලොකයේ නොදන්නා නොහඳුනනා බොහෝ අයගේ විස්තර මේ හැටි හොයාන
    ඒ ඒ අයගේ යහපත් දේවල් තමන්ගෙ ජීවිතයට ලංකරගෙන අනාගතයේ බොහොම ඉහල තලයක දිවි ගෙවන්නට තරම් වාසනා ගුනයක් හිමි පින්බර ලංකා පුත්‍රයෙක්
    ජයම වේවා!

    ReplyDelete
  36. පට්ට වචන සහ සුපිරි හඳුන්වා දීම්...ජය..!!

    ReplyDelete
  37. @Ice අයේෂා කුලතුංග = ඉතින් ඔයාගේ යාලුවොමනේ මට කිවුවේ.නුවර ටවුමේ ඉඳල විනාඩි 10 දුර කියන්නේ.එහෙනම් ඔයා ඉන්නේ මාලිගාව ලග තියෙන මල් කඩේකඩ ?හික් හික්. ගැමිය කියලා තියෙන ඒවා ඇත්තද?උස යන කථාව.
    ................................................................................................................................................................................
    @නන්දු = අපරාදේ මං කලබල උනේ.නැත්නම් තව විස්තර ටිකක් දැනගන්න තිබුණා.අපෝ.. දැන් මං හොඳ සිහියෙන් ඉන්නේ.
    ...................................................................................................................................................................................
    @ගැමියාගේ පත් ඉරුව = අප්පට සිරි මට කොච්චර ආඩම්බරද.උඹ වගේ දක්ෂ බ්ලොග් කරුවෙක්ගේ බ්ලොග් එකකට ඉස්සෙල්ලම කමෙන්ට් එකක් දාන්න ලැබීම.බබ්බු කතාවනම් මං දාන්න නැහැ මලේ.
    .......................................................................................................................................................................................;
    @වැලිමැඩියා = කොහෙද මෙච්චර කාලයක් ගිහින් හිටියේ හොයන්නත් නැහැ.ඉස්කෝලේ ප්‍රින්සිපල් වත් අපේ ගමේ ලොකු හමුදුරුවොවත් මට කවදාවත් මෙහෙම වර්ණනාවක් කරලා නෑ.මට නිකන් කැරකෙනවා වගේ.
    ......................................................................................................................................................................................
    @චමින්ද ගුණරත්න.= ස්තුතියි දිරිගැන්වීමට ජයෙන් ජය.!!

    ReplyDelete
  38. හප්පේ...තව පොඩ්ඩෙන් හිනාව නවත්ත ගන්න බැරි වෙලා හොස්පිටෑල් යන්න වෙනවා...නියමෙට චරිත සහතික ටික දීලා තියෙන්නේ :) බොහොම ස්තුතියි අසරණයට...මොනවද මලයෝ බිව්වේ හැබෑට?

    @ අයිස් : //අපි කොහොමත් කැන්ඩි කෙල්ලෝ තමයි හරිය//
    ඈ කෙල්ලේ, නුවර කෙල්ලෝ මාතර භාෂාවත් කතා කරනවද? :)

    ReplyDelete
  39. මෙයා කක්කි ඒවා බීලා....

    ReplyDelete
  40. අසරණයා ,,, මටත් කියා දෙන්න බුකියත් එක්ක එකතු වෙන ක්‍රමය .........

    ReplyDelete
  41. සන්තෝසයි ලියලා තියන දේවල් ගැණ. අපි හම්බ වෙලා තියනවද ???.. (මට හරියටම මතක නෑනෙ).. වගකීම් ගොඩාක් වැඩියි මගෙ ජොබ් එකේ. ඒ හින්දම ගොඩාක් වැඩ වැඩි වෙලා.

    බූට් සීන්ම විතරක් නෙවේ ලියන්නෙ මචෝ, අහන්න දකින්න ලැබෙන දේවල්, පෝස්ට් එකක් ලියන්න වෙලා නැති උණත් ඒ වගේ සීන් ඒකක් දැන ගත්තම දවස් දෙක තුනක් හරි ටික ටික ලියලා පෝස්ට් එකක් දාන්නෙ....

    ReplyDelete
  42. හැමෝම ගැන ලියලනෙ..මෙයාට Wikipedia එක පරාදයි..:D

    හරිම සතුටුයි..හැම යාලුවෙක් ගැනම ඔයාගෙ හිතේ වෙන වෙනම යම්කිසි ප්‍රතිරූපයක් තියෙන එක ගැන....ඒ වගේම මම ගොඩාක්ම කැමති අර ඔයා ජොබ් එකට මුලින්ම ගිය දවස් වල දවසක් රෑ බස් හෝල්ට් එකක ඉඳපු පෝස්ට් එකට..

    ඉතිං මේ හිට් වෙන්න ආසාවෙන් උන්නු අපේ අසරණයා ඉක්මනිනම් ජනප්‍රියම බ්ලොග්කරුවෙක් වෙන්න කියල මම හදවතින්ම සුබ පතනවා!!

    ReplyDelete
  43. ඔබා මාමා මේක දැකලා නැද්ද කොහෙද ??? එහෙමත් නැත්නම් දැකලා නොදැක්කා සේ ඉන්නේ CTB බස් වැඩේ ඇත්තද ???

    මචං අසරණයා... දවසට එක බ්ලොග් එක ගානේ අරන්, අර බිව්ව මොනවා හරි උලව්වත් බීගෙන දවසට එක පෝස්ට් එක ගානේ එක බ්ලොග් එකක් ගැන විචාරයක් ලියපන්. උඹට හොඳ අනාගතයක් ඇති බව පේනවා. මඳ පවනට මෙහෙම නම් !!! @#$^!@$@#%#$^#

    ReplyDelete
  44. අයියෝ මෙයා හැමෝම වොෂින් මැෂින් දාලනේ..හොඳ වෙලාවට මම පහු වෙලා ආවේ..කමෙන්ට්ස් බලාගෙන් ලියන එක නම් ලියන කෙනාට හිතට වදයක් තමයි..එතකොට ලියන්න වෙන්නේ හිතේ තියෙන දේ නෙමෙයි නේ...ඒත් ලියන දේකට අනිත් අයගෙන් ලැබෙන ප්‍රතිචාර ලියන කෙනාව දිරිමත් කරනවා කියලයි මම හිතන්නේ...

    ReplyDelete
  45. මම 46 ....කමෙන්ට් නොකලට කමෙන්ට් වලට සබ්ස්ක්‍රයිබ් වෙලා බලාන හිටිය කියන්නේ මොනවද කියල .ඔබා මාමගේ බස් කතන්දරේ නම් ඇත්ත වගේ . සද්දයක් නැත්තේ ඒකද කොහෙද , උඹ ගැන බ්ලොග් ප්‍රමෝවට ලිව්ව බවකුත් මගේ මතකයේ තියෙයි . පොඩ්ඩක් දාගත්ත වෙලාවට මේ වගේ තවත් ලියහන් .සුභ පැතුම් !

    ReplyDelete
  46. මම කොල්ලොන්ට බලාපොරොත්තු දුන්නෙ නෑනෙ..:(

    ReplyDelete
  47. අසරණය පව්....... මලක් ඇදලද කොහෙද...හෙහ්...හෙහ්...

    ReplyDelete
  48. අද තමා ඉස්සෙල්ලම මේ පැට්තට ආවේ....
    පස්ට පෝස්ට් එකක් ආහ්හ්......අයෙමත් ශොට් එකක් දාගෙන ලියන්න ගන්න..:D

    ReplyDelete
  49. උඹ ඉන්නේ මොන රටේද...විස්තර එවන්න obanodutu@gmail.com

    ReplyDelete
  50. අම්මා එල වැඩක්නෙ. මෙක බලලා කිහිප දෙනෙක් අපේ පැත්තෙ ඇවිල්ල තිබුනා. මට වෙලාව මදි කම තමයි ගැටලුවකට තියෙන්නෙ, නැත්නම් කතා උනත් ලියනවා. මම කවි ලියන්නෙ වැඩ කරන ගමන්, කොලයක් වැඩ කරන මැශිමෙ අලවලා හිතට එන ඒවා ලියනවා,

    ReplyDelete
  51. අඩේ අප්පා... මෙන්න මගේ ගැනත් ලියලා... :D උපන්දිනයක් දාලා නෑනේ හලෝ... ඉතින් කවුද දන්නේ අයියද මල්ලිද කියල.. :D
    මම හැමදාම කියනවා වගේ බ්ලොග් අවකාශේ හරිම සොඳුරුයි,. වැටුනොත් නැගිටින්න, උඩට යන කෙනෙක්ට අත දෙන්න අපේ මේ පවුලේ ඕනේ කෙනෙක් පසුබට වෙන්නේ නෑ අයියෙ,. ජය වේවා,..

    ReplyDelete
  52. @ ප්‍රර්ථනා අක්කි.
    මෙයා අයියා නෙමෙයි අනේ අන්කල්. හැට පැනලා හොට බිම ඇනිලා ඉන්නේ මෙය :ඩි'

    ReplyDelete
  53. @සයුරි = අප්පෝ වැඩිය හිනාවෙන්න එපා..බීපු ඒවා කියන්න බැහැ ඔයත් ට්‍රය් කරොත්.අයේෂා කථා කරන්නේ පොරව කරේ තියාගෙන ඉන්න මිනිස්සු ඉන්න පැත්තේ වගේ.හෙක් හෙක්..
    ......................................................................................................................................................................................
    @පොඩි මෑන් = චියා...අයෙනම් බොන්නේ නෑ.
    ....................................................................................................................................................................................
    @sammani = ඔයාගේ බ්ලොග් එකේ නමින් face book එකක් open කරන්න. පස්සේ grop එක්ක එකතු වෙන්න
    ................................................................................................................................................
    @නචියා = මචන් හම්බ වෙලා නැහැ.ලගදි මං බ්ලොග් ලියන්න පටන් ගත්තේ.
    ................................................................................................................................................

    @සිත්රූ සිහින = ඔව් ඉස්සර ආසාවෙන් හිටියේ.දැන් ජනප්‍රිය වෙන්න ආසාවක් නැහැ.බස් හෝල්ට් කථාව ඉතින් තවම මතක්වෙනවා.හෙක් හික් ...ස්තුතියි
    ................................................................................................................................................................................................

    @chathuranga perera = ඔබා මාමා ඒවා ගැන කිසිම කතාවක් නැහැ.මචන් චතුර මාව මරන්නද හදන්නේ.ඕවා බියුවහම ලෙඩ වෙනවා.

    ReplyDelete
  54. @පුංචි කුමාරිහාමි = කාටවත් නපුරක් කරන්නේ නෙවෙයි කුමරියේ එහෙම කලේ.ස්තුති කිටීමක්. කොමන්ට් බලාගෙන ලිවුවහම ඒවා සාර්ථක වෙන්නේ නැහැ.මගේ පරණ පොස්ට් එකක්වත් සාර්ථක උනේ නැහැ.
    ........................................................................................................................................................................................
    @බුවාගේ සිතුවිලි = හොරා වගේ බලන් ඉන්නවා නේ හි හික්...මන් හිතන්නේ ඔබ මම හැමෝම කියන දේවල් හොරෙන් බලන් ඉන්නවා ඇති..ස්තුත්යි දිරි ගැන්වීමට.
    .......................................................................................................................................................................................
    @හිතුවක්කාරී = ඔව් ඔව් එපි බලාපොරොත්තුවක් විදියට තේරුම් අරගෙන නේ ....හිතුවක්කාර නංගි
    .......................................................................................................................................................................................
    @Observer = මලක් .. මං පුෂ්ප කුමාර කෙනෙක් නෙවෙයි දියරයක් වගේ දෙයක්.
    .................................................................................................................................................................................................
    @කූබු = සාදරයෙන් පිලිගන්නවා.ඊලග සැරේ ෂොට් එකක් දල ලිවුවොත් මේ ඉන්න කට්ටිය මට ෂොට් එක දෙනවා.අයි කැමතිද මට කරදරයක් වෙනවට
    .................................................................................................................................................................................................
    @ඔබ නොදුටු ලොවක් = හරි මචන් මං මේල් එකක් එවන්නම්.
    ..............................................................................................................................................................................................
    @Shaggy = යකෝ වැඩ කරන ගමන් සංවේදී කවි ලියන්න ඔඹ කොහොම පොරක් වෙන්න ඕනෙද..
    ..................................................................................................................................................................................................
    @ප්‍රර්ථනා = ඔයා ගැන නොකියා කොහොමද බුකිය ගැන කියල දුන්නේ ඔයානේ.උපන්දිනේ දන්නා
    .කොහොමද.අප්සෙට් නේ..හේ හී....
    ...............................................................................................................................................................................................;
    @වර්ණා = මට නකියක් කියනවනම් ඔයාට කියන්න වෙන්නේ ඇන්ටි කියලනේ "ඇනිලා ඉන්නේ මෙය :ඩි'" මොකක්ද මේ "ඩී" කියන්නේ. හෙක් හෙක් හු..

    ReplyDelete
  55. හපොයි දැන් නේ මම හරියටම කට්ටිය අදුන ගත්තේ .. :D

    ReplyDelete
  56. අගේ ඇති පෝස්ටුවක්.මමනම් බ්ලොග් වලට අලුත්.තේරෙන විදිහට කිව්වොත් බ්ලොග් ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ.ඉගෙනගනිමින් පවතී......
    බ්ලොග් ලියන අය ගැන දැනගන්න කැමැත්තක් තිබුනා....දැන් හරි...හික්..හික්...

    ReplyDelete
  57. අයියෝ මම වොෂින් මැශින් දාලයි කිව්වේ විහිලුවට...අපි යාලුවෝ එකතු උනාම කරන්නේම ඕකනේ..ඒක තමා යාලු කම..ඔයා හරි කමෙන්ට්ස් බලන් ලියනකොට අපිව හිර වෙනවා..ඒත් එහෙම නැති උනාමත් අපි ටිකක් විතර උනන්දුව අඩු කරගන්නවා නේද..කවුරුත් බලන්නේ නැතිව ඇති කියලා හිතනවානේ

    ReplyDelete
  58. @ = මොකද ?
    .....................................................................................................
    @චතුමිතු = පරක්කු වෙලා හරි අඳුන ගත්තනේ.ස්තුතියි.
    .............................................................................................................
    @සිහින මතකයන් = අපෝ මේකේ තියෙන ඒවායින් ඉගන ගන්න එපා.
    .................................................................................................
    @පුංචි කුමාරිහාමි = එක ඇත්ත.කොමෙන්ට් වෙනුවෙන්ම ලිවුවොත් අපි හිරවෙනවා.

    ReplyDelete
  59. උබ වෑඩක් නෑ බන්....මගෙ ගෑන කියල නෑනෙ ;)....මගෙ ගෑන උබ දන්නෙවත් නනෙද බන්????එවුනාට මන් උබගෙ posts කියවනවා මචන්!!!!comments දාන්න වෙලාවක් තිබ්බෙ නෑති නිසා සමා වියන්!!!උබට ජය කොල්ලො

    ReplyDelete
  60. @ela kollek = අඩේ මචං දන්නේ නැහැ නේ.කොමෙන්ට් දාන පිරිසට වඩා කියවන උඹල වගේ පිරිස වැඩියි ඒ හැමෝම නිසානේ මේක සාර්ථක වෙන්නේ.ස්තුතියි යාළුවා.

    ReplyDelete
  61. පිස්සු හැදෙයි..යකඩෝ මෙන්න මාත් ඉන්නවා ..උඹේ නම "අසරණයා" නෙවේ "අසරණ සරණයා" කියලා වෙනස් කරගනින්කො :)

    ReplyDelete
    Replies
    1. උඹ වගේ රහස් පරීක්ෂකයෙක් ආස්සරේ කරන්න ලැබීමත් වාසනාවක්..

      Delete
  62. අදනෙ දැක්කෙ මං හිටියෙ නැති දවස්වල දාපු පෝස්ට් සමහරක් මග ඇරිලා කියලා....
    හික්ස්... බොහොම ස්තුතියි ඇඩ් එකට ඈ....
    ඒක නෙවෙයි... බෝ හදන්නෙ අර ඔබා මාමයි මායි තරහ කොරවන්නද බොල.... උන්දගෙ ඩයි එකේ වග බොට කියන්නැත්තෙ ෂුවර් එකටම බින්දි.... ඇයි උන්දැනෙ ඊයෙ පෙරේදා එහේ ගිහින් ඉඳලා ආවෙ.... බෝ මාව අල්ලගත්තෙ ඒකට...හුම්... ;D

    ReplyDelete
    Replies
    1. මං එත් බැලුව මොකද මියුරු අක්කගේ මසුරන් වදන් නැත්තේ කියල.ඔය ඉතින් රෝන්දේ ගිහින්නේ.අනේ මං එහෙම හිතාගෙන නෙවෙයි එත් දෙන්නම ඉන්නේ එකම රටේනේ.හැබැයි බින්දී අක්කනම් මං වැඩිය අඳුරන්නේ නැහැ.මං කියපු දේවල් ඔක්කොම ඇත්තද.ඒ කියන්නේ ඔබා මාමා ඩයි කරනවද?

      Delete
    2. ආනේ මගේ නමත් දාල කියහන්කො........ මේ කිව්වත් වගෙ මම පහුගිය දවස් වල පේන්න හිටියෙ නැ . කිව්වත් වගේ O/L කොරාට පස්සෙ A/Lත් කොරන්ඩ සිද්ද උනානේ එක නිසා මේ පැතිවල එන්නවත් වෙලාවක් නෑ..... ඒත් හිතින් ඔයාල ලග තමා හරිය.....
      ඉතින් මේ පැත්තට නිතර ගොඩ වෙන්න බැරුවට තරහ ගන්ට එපා ඕන්.........
      හැමදා ජය ලැබෙන්ට කියල ප්‍රාර්ථනා කොරනවා.......... :DDDDD

      Delete
    3. තරහා නැහැ මලේ..මට අත හිත දුන්නේ උඹලනේ ඉතිං පොඩි ස්තුති කිරීමක්.පුළුවන් වෙලාවක ඇවිත් යන්න වරෙන්.තියෙන දෙයක් කාල බිලා යන්න.

      Delete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...