28 Feb 2012

මම හෙට බඳිනවා. තවත් ආදර කථාවක්..



පොඩි කතාවක්




                                    එදා සඳුදා උදෙන්ම වැඩට ගියේ දවස් දෙකක නිවාඩුවකට පස්සේ.මටනම් සඳුදා දවසේ විශේෂයක් තිබුනේ වෙනදට ලැබෙන පාප්ප වගේ අඩු සීනි වැඩි වතුරත් එක්ක දෙන කිරි තේ ඒක වෙනුවට සම්පුර්ණ යොදය සහිත කිරි වීදුරුවක් ලැබෙන්නේ ඒ ආයතනයේ සඳුදට තියෙන මැනේජ්මන්ට් මිටින් ඒක නිසා.පැය දෙකක නිදිමත නැතිවෙන්න කියාපු පානය.කාලයාගේ ඇවෑමෙන් මටත් ඒ මිටින් එකට සහභාගී වෙන්න (අ)වාසනාව ලැබුනා.හැම දෙනාගේම ප්‍රශ්න සාකච්චා කරලා අවසානයට එන්නේ මගේ ප්‍රශ්න ගැන.ඒත් මගේ ඩ්පර්ට්මේන්ට් එකේ කවදාවත් ප්‍රශ්නයක් නෑ.සතිය ගෙවාගන්න ප්‍රශ්නයක් නැත්නම් ඒ සතිය  අමුතුවට දැනෙන්නේ.ඒ සියල්ල අවසානයේ සුපුරුදු පරිදි ඔෆිස් ඒක වටේ යන්නේ මොනවගේ ප්‍රශ්න තියේද කියල පොඩි අදහසක් ගන්න .හැම දාම වගේ කකුල් දිගවැඩි කෙල්ලෙක් ගෙන් තියෙන කරදරයක් වුනු "නෙට්වර්ක් කේබල්" ඒක ගලවන් දැඟලිල්ල එදත් තිබුනා.වතුර දාලා මැදන් ආපු ෂර්ට් ඒක පොඩි නොවෙන්න මෙසේ යට අමාරුවෙන් රින්ගද්දීම මගේ දුරකථනය දෙදරුවා.මකුණු දැල් කඩාගෙන මෙසේ යටින් නැගිට්ටේ ඒ කෙල්ලට බනින්න තියෙන හැම වචනයක්ම මුණෙන් ආරෝපණය කර ගෙනමයි.


එහා පැත්තෙන් : හලෝ කොහොමද?
මම : හොඳයි ඔයාට කොහොමද?
එයා :මටත් හොඳයි. මතකයි නේ හෙට දවස ගැන
මම: ඔව් ඔව් මට මතකයි හෙට මගේ උපන්දිනේ නේ.ඔයාට අදම මතක් වුනාද?
එයා. හෙට.. අනේ මට අමතක වුනා නේ.සුභ උපන්දිනයක්.ඒත් ඒක නෙවෙයි
මම : එහෙනම් මොකක්ද
එයා : මම හෙට බඳිනවනේ .10.20 පෝරුවේ චාරිත්‍ර
මම: අහ්.... ඔව් නේ මට දවස අමතක වුනා .දෙන්නටම ආසිරි මංගලම් හොඳින් පරිස්සමින් දෙන්න හැමදාම සතුටින් ඉන්න.
එයා:එහෙනම් පොඩි වැඩ වගයකුත් තියෙනවා.  වැඩක් ඉවර වුනා විතරයි පුළුවන් වෙලාවක ආයෙත් කෝල් එකක් දෙන්නම්කො..බායි
මම :බායි.


ඒ ඇමතුම  වෙන කාගෙන්වත් නෙවෙයි මගේ පෙම්වතියගෙන්. එයා හෙට බඳිනවලු.ජිවිතේට අමතක නොවන උපන්දින තෑග්ගක්.ඒ දෙන්නගේ විවාහ සන්වත්සර සාදය තිබෙන හැම දවසකම මගේ උපන්දිනේ.ඉතිං මම කොහොමද උපන්දිනයක් සමරන්නේ.මම ඇයට සුභ පැතුවත් අවංකව නොවෙන විත්තිය මගේ යටි හිත කිවුවා.ඒත් ලොකු දුකක් නොදැනුනත් පෙනී පෙනී තිබුණු කුසලානයක් ගිලිහුනා වගේ හැඟීමක් මට දැනුනේ.ඒ ඇමතුම කොයි මොහොතේ හෝ ලැබෙන බලාපොරොත්තුවෙන් හිටපු නිසා මට වැඩි දුකක් දැනුනේ  නැහැ.උදෙන්ම කුටු කුටු ගාන කෙල්ලොන්ගේ සද්දේ හිනා සද්දෙ ටිකෙන් ටික  නැති වෙලා පාලාතම නිශ්ශබ්ද වෙලා වගේ දැනුනා.සිහි එලොවගෙන  වට පිට බලද්දී "බොස්" ඇවිත්  එවෙලේ මම හිටපු ඩිචිෂන් එකට.ඕනෙම වෙලාවක ඕනෑම තැනක ඉන්න අවසරය මට තිබෙන නිසා ප්‍රශ්නයක් උනේ නැහැ.මේ සියල්ලම ඇරඹුමේ  සිට එකින ඒක මතක් වෙන්න ගත්තා.


අලුත් තැනක රැකියාව ලැබුනේ ගාලු පාරම ළඟ ඉතා ජනාකීර්ණ ස්ථානයක.වටේ ටිකක් උස ගොඩනැගිලි තියෙන තැනක් වුනු මේ තැන මගේ අලුත් ස්ථානයත් නවීන පන්නයට හදපු තැනක්.කලින් වැඩ කරපු තැනත් සමඟ  සංසන්දනය කරද්දී මේ තැන හුරු නැති අමුතු තැනක් වගේ දැනුනා.මගේ ඔෆිස් එකේ ඉන්න කෙල්ලෝත් වටේ ඔෆිස් වල ඉන්න  වෛවර්ණ කෙල්ලොන්ගේනුත් මට කිසි වෙනසක් දැනුනේ නැහැ.කාලයක් යද්දී අහම්බෙන් දැක්කා එයාව.ලඟම තියෙන වෙනත් තැනක වැඩ කරන ඇය ලස්සන ඇති වෙන්න තිබුණු කෙනෙක්.ඒ වෙද්දී මගෙත් එක්ක වැඩ කරපු කිහිප දෙනෙක්ට  ඇය ගැන හිත ගිහින් තිබුනේ.ඒ වටේ තිබෙන තවත් ආයතන  කිහිපයකම කොල්ලෝ  ඇය යන එන මග රැකගෙන හිටියේ තමන්ට අයිති කරගැනීමෙ අදහසින්.කාර් වැන් ජීප් වගේ සුපිරි වාහනවලින් එන යමක් කමක් ඇති කඩවසම් තරුණයොත් සමඟ අත් දිග ෂර්ට් ඒක වැලමිට ලඟට නවලා බස් එකේ යන එන  මමත් එයාට කැමැත්තෙන් හිටියේ.


ඇය මුලින්ම දැකපු දවසේ ඉඳල මාසයක් වගේ කාලයකදී ෆොන් නම්බරේ ගන්න හැකියාවක් ලැබුනා.ඊට පසු  කෙටි පණිවිඩ අපි දෙන්න අතරේ හුවමාරු වීම ටිකෙන් ටික වැඩි වුනේ අපි දෙන්නටම නොදනිමමයි.මේ කාලේ මගේ ජිවිතේ අමුතු සන්තෝසයකින් ගත අකරපු කාලයක්.නිතරම මැවෙන්නේ ආදරණිය සිදුවීම්.නිදාගන්න ගියත් ඇඳේ දෙපැත්තට පෙරළෙමින් සිහින මාලිගා හැදුවා.ආදරේ හමුවේ රජුන් පවා බොළඳ වෙද්දීත් මමත් බොළඳ හීන දැක්කා. බොළඳ කවි ගැලපුවා.මාස තුනකට විතර පස්සේ මං බලාපොරොත්තුවෙන් හිටපු ඒ වචනේ එයාගෙන් ලැබුනා.මුදල් තියෙන යාන වාහන තියෙන ඒ සියල්ල නැතිව සාමාන්‍ය කෙනෙක් වෙච්ච මට කැමති වීම මට මං ගැන ආඩම්බරයක් තිබුනේ.


මගේ යටි සිතේ ඇඳිලා තිබුණු ඒ රූපේම ඇයට පිහිටලා තිබුනා.ගමන බිමන කථාව අහිංසක කම කරන විලාසිතා පවා  මා ගෑණු ළමයෙක්ගෙන් බලපොරොත්තු වූ සියල්ල ඇයට පිහිටලා තිබුනා.මේ කාරණා නිසා මම හැම වෙලාවේම හිටියේ ගොඩාක් සන්තෝසෙන්.ඒ වෙද්දී වටේ ඉන්න ඇයට බැල්ම දාපු සියලු දෙනා මාත් සමග වෛර බැඳගෙන ඉන්න බව මට තේරුනේ  ඔවුන්ගේ හැසිරීමෙන්.අපි මෙහෙම ආදරෙන් හිටියත් ඒ සියල්ල කලේ ඇයගේ ආයතනයට නොතේරෙන්න මොකද ඈ ඒ වෙද්දී රැකියාව කලේ ඇයගේ මාමට  අයත් ආයතනයක.


කලින් මං තනියෙන් හදපු අහස් මාලිගා අපි දෙන්නම එකතුවී  හදන්න ගත්තා.අපි ඉඳල හිටලවත් රණ්ඩු වුනේ නැහැ.ඇයට ගොඩාක් ඉවසීම තිබුනා ඒ වගේම ප්‍රශ්නයක් හොඳට තේරුම ගැනීමේ හැකියාව තිබුනා. මට මේ කරුණු කාරනා නිසා හැම වෙලාවේම එයා ගැන තව තවත් ආදරේ වැඩි වුනා.මේ විදියට මගේ අලුත් ජිවිතේ මාස 9 ක්  සතුටින් ගාලගෙන ගියා.රැළි නැති සයුරේ කුණාටුවක ආරම්භය වගේ අපි දෙන්නගේ ආදර කතාවට කණ කොකා හඩලන්න ගත්තා.විවාහ විය යුතු වයසේ හිටපු ඇයට ගෙදරින් පොඩි බලපෑමක් ඇවිත්.ඒ අපි දෙන්නට ලැබුණු පලවෙනි අසුභ ආරංචිය එයයි..


ඇයගේ වචන වලින් කියානවානම් ඇයට  විවාහ යෝජනාවක් ඇවිත්. ඒ දේ ස්ථිර වෙලත් ඉවරයි ඒ පවුල් දෙකෙන්. ඒ කිසි දෙයක් වෙනකන් ඇය දන්නේ නැහැ.ඒවාට විරුද්ද වීමේ හැකියාවක් තිබිලත් නැහැ.මෙයාගේ කැමැත්ත නැතුව ගෙවල් දෙකේ කැමැත්තෙන් කෙනෙක්ව විවාහ කර දෙන්න තරම් හැකියාවක් අද කාලේ තියෙන්නේ කොහොමද.අනිත්ඒක කොළඹ ජිවත් වෙන පිරිසක්.ඇයට යෝජනා වී තිබුනේ ඇයගේ නංගිගේ මහතගේ අය්යා.ඒක ගෙදර අක්කයි නංගියි අනිත් ගෙදර අය්යලා මල්ලිලා විවාහයක්.මේ හැම දෙයක්ම මට ලොකු ප්‍රශ්නයක් ගෙනාවා.එන්න එන්න හිතේ ප්‍රශ්න වැඩි වුනා.


ඇයගේ අම්මට එක් වස්ථාවක අපේ සම්බන්දෙ ගැන කියපු වෙලාවේ දුන් පිළිතුර  වුනේ. "ඕවා ඉතිං එහෙම තමයි නවත්වන්න බැරි කමක් නැහැ නේ.පටන් ගෙනත් වැඩි කාලයක් නැහැ නේද?"වැනි වචන.දවසක් කලත් ආදරේ ආදරෙමයි.ඒත් ඒ අම්මා ඒ ගොල්ලන්ගේ නෑදෑ පරපුර ගැන විතරයි හිතුවේ.ලඟම නෑදෑයෝ පවුලේ හැමෝම මාසයකට සැරයක් එයාලගේ ගෙදර එකතු වෙනවා.ඒ හැම දවසකම හැමෝම කතා වෙන්නේ මෙයා ගැනලු.මට කියපු විදියට ඇයත් හිටියේ ගොඩාක් කලකිරීමෙන්.අපි දෙන්න වෙනුවෙන් කතා කරන්න කිසි කෙනෙක් හිටියේ නැහැ.එයාගේ යාලුවෝ පවා උදවු කලේ "රෙක්ස්" කියන ගෙදරින් බල කරන කෙනාත් එක්ක විවාහ වෙන්න.


වයස 23 ක් වුනු ඇය කොහොමත් විවාහ විය යුතු වයසේ හිටියේ. මට විවාහයක් සඳහා කිසිම සුදුසු කමක් තිබුනේ නැහැ.ඇයත් මමත් එකම වයසේ වුනු අපි තව කල් ගන්න කොතකුත් දේවල් කලත් කිසිම ප්‍රථිපලයක් නැති වුනා.ඇයගේ දෙමාපියන් එක්ක කතා කරන්නත් මට ඒ වෙද්දී දුවෙක් දෙන්න තරම් සුදුසුකම් තිබ්බේ නැහැ.ඒත් සුදුසුකම් හදාගන්න ටික කාලයක් අවශ්‍ය  වුනාත් ඒකට  කාලයක් දෙන්නෙත් නෑ කියල දන්නවා.එක් අවස්ථාවකදී ඇයගේ ගෙදර ගිහින් කතා කරන්න උත්සහ කලත් ඇය ඒ දේට අකමැති වුනා.ලංකාවේ ඒ වෙද්දී තිබුන නීතියත් මම හොයල බැලුවො මට මොනයක් විදියකින් හරි සහනයක් තියෙවිදෝ කියලා.මට දැනගන්න ලැබුණු විදියට දෙමාපියන්ටත් බැහැ තමන්ගේ දරුවාව බලෙන් විවාහ කර දෙන්න.ඒ දේ නීති විරෝදියි.දෙමාපියන් අත්තඩංගුවට ගැනීමේ හැකියාවත් තියෙනවා.මං ඒ දේ ඇයට කිවුවත් අම්මව පොලිසියෙන් අල්ලන යනවට කොහෙත්තම කැමති වුනේ නැහැ.අවසානයට තිබුනේ අපි දෙන්නට හොරෙන් විවාහ වෙලා ටික කාලයක් දුරක ගිහින් ඉන්න..මම ඒ යෝජනාව කලේ ඇයගේ ඇත්ත අදහස  දැනගන්න.කොහොම වුනාත් මං කවදාවත් කැමති නැහැ ඒ විදියේ විවාහයකට.ඒත් ඇයගේ පිළිතුර වුනේ අම්මට දුකක් දෙන්න බැරි නිසා එහෙම දෙයක් කිරීමේ අකමැත්ත.


මම කරන යෝජනාවලට  අකමැති වීම මට ටිකක් සැකයි.හදිස්සියෙවත්  ඒ එක යෝජනාවකට කැමති වුනාත් මම ඒ දේවල් කරන්නේ නැහැ.මොන දේ කරත් බුද්ධිමත් වෙන්න ඕන නිසා.මම කොතෙකුත් යෝජනා කරත් ඒ කිසිම දෙයකට යහපත් පිළිතුරක්   ලැබුනේ නැහැ.ගෙදරට කීකරුව හැදුනු අහිංසක කම නිසා හා දෙමාපියන්ට තියෙන ලැදියාව නිසා වෙන්නත් ඇති කියල මට හිතුනා.අපි දෙන්නට කරදරයක් නොවෙන්න කොතෙකුත් දේ කලත් ඇයගේ ප්‍රතිචාරය වූයේ එකතු වෙන්න වාසනාව තියේනම් මොන භාදකේ ආවත් පුළුවන් කියාය.ඒත් මට ටිකෙන් ටිකේ තේරුම ගියා මේ දේ එක පාර්ශ්වික ආදරයක් බව.එක්කෝ ගෙදරින් බලපෑම නිසා කැමති එහෙමත් නැත්නම් ඒ ගෙදර වට පිටාවේ තිබුණු  බලපෑමත් එක්ක තනිව සටන් කිරීමේ නොහැකියාව.


ටික කාලෙකට පස්සේ ඒ කථාව ටික ටික අඩු වෙලා ගියා.අයෙත් අපි දෙන්නට හොඳ කාලයක් ලැබුවා.ගෙදරින් තිබුණු බලපෑම නැති වෙලා.හැම දාම හවස බස් එකේ බත්තරමුල්ලට  වෙනකන් කතා කර කර යෑම බත්තරමුල්ලේ ඉඳල නුගේගොඩ ඇයගේ ගේ අසලට  වෙනකම්  කතා කරනගමන් ඇය ලඟින්ම යන්න හැකි වුනා.මේ යන හැම පාරකම විවාහයට යෝජනා වෙලා තිබුණු රෙක්ස්ගේ මිතුරන් ඉන්න බව මම දැනගෙන හිටියේ.ඒත් ඒ කිසි දෙයක් ගැන හිතන්නේ නැතුව ඇය මාත් සමග ඇවිදීම නිසා  මට ඇය ගැන පැහැදීමකින් ඇතිවුනා.ඔහුට කැමැත්තක් තිබුනනං මාත් සමග කොහෙත්තම ප්‍රසිද්දියේ ඇවිදින්න එන්නේ නැති බව මම දන්නවා.


දවසක් අපි හැමදාම වගෙ වැඩ ඉවර වෙලා බස් එකේ ගියේ වෙනදට වඩා සතුටින් එකිනෙකාට විහිළු කරගනමින්.දවසේ දින චර්යාවෙන් අවසාන එක් වූ නින්දට පෙර ඇමතුම මට ලැබුනේ වෙනදට වඩා කලින්.ඒත් එයා පැත්තෙන් ඇහුනේ ඉකි බිඳුම් දිගු සුසුම් පමණයි.මොනවා හරි ලොකු දෙයක සේයාවක් බව මට තේරුම් ගිය.ටික වෙලාවක දෙපැත්තේම නිෂබ්දයි."මගේ වෙඩින එක තීන්දු වෙලා දින වෙන් කරගෙන ඒ නැකත් ගෙනල්ල .දෙසැම්බර් වල තියෙන්නේ.".දැන් මට කරන්න කිසි දෙයක් නැහැ පරක්කු වැඩියි .කලින් කරන්නත් හැකියාවත් තිබ්බෙත් නැහැ.ඒ ඇමතුම මගේ ජිවිතේ ලබපු භයානකම ඇමතුම .


මට  ගැලපෙන මම ඇයගේ සියලු ඉරියවු වලට ආදරේ  කරපු කෙනෙක්.මට ලැබුණු හොඳම වටිනාම කෙනා වෙනත් කෙනෙකුට අයිති වෙන්න යන්නේ.එදා රාත්‍රීයෙන් පසු සතියක් විතර මම ගතකරපු විදිය මම දන්නේ නැහැ.මට කියන්න කෙනෙකුත් හිටියේ නැහැ.මිතුරන් කොතෙකුත් හිටියත් ඒ කිසිකෙනෙකුට කියන්න බෑ.ඇයත් සමගවත් මම කතා කරන්න කැමැත්තක් තිබුනේ නෑ. ඒ වෙද්දී විවාහයට තව මාස 3 ක් විතර තිබුනා.සති දෙකකට විතර පසු අපි ආයෙත් කෙටි පණිවිඩ හා ඇමතුම්  හුවමාරු වුනා.අපි ආයෙත් සතියකට දවසක් වගේ මුණ ගැහුනා.පිළිකා රෝගියෙක්ගේ අවසාන දින කිහිපය සතුටෙන් තියනව වගේ අපි දෙන්නට දෙන්නා එකිනෙකව සතුටු වෙන විදියට හිටියේ.


වෙනද ඇගේ දුරකතනයට ඇමතුමත් ගත් විට ඇහෙන ඒ රිගින් ටෝන් එකට ඇහෙන ඒ සිංදුව වෙනත් තැනක ඇහෙද්දී මහා පාළුවක් වගේ දැනුනා.සාමාන්‍ය දෙනා වගේ අපිත් ෆොටෝ හුවමාරු කරගෙන තිබ්බේ.විවාහය ළඟ නිසාත් වෙනත් කෙනෙකුත් එක්ක ඉන්න නිසාත් එයාට ප්‍රශ්නයක් වෙයි කියල මම දුන් ඒ පිංතුර ආයෙ ඉල්ලුවත් මට  දුන්නේ නැහැ මාව මතක් වෙන්න ඕනේ නිසා.වෙනත් කෙනෙකුත් සමග විවාහ වුවත් තවත් කෙනෙකුගේ පිංතුර ඇය ළඟ තියාගෙන ඉන්නේ.දවසක් විවාහ උත්සවය සැරසීමට අවශ්‍ය රේන්ද හෝ එවැනි යමක් ගැනීමට නුගේගොඩ විච්චුර්ණ බඩු තිබෙන සාප්පුවකට මමත් ගියා.මගේ පෙම්වතිය වෙනත් කෙනෙකුත් සමග කෙරෙන විවාහයට අවශ්‍ය  කළමනා ගන්න ගියේ ඇයි කියල අදටත් මට හිත ගන්න බැහැ.ඒ ගියපු දවස වීදුරුවලින් හදපු ලස්සන තෑග්ගක හිටපු  පොඩි කුරුල්ලෝ දෙන්නෙක් ගලවල එකෙක් මට දීලා  අනිත් එකා ඇය තියාගත්තා .ඒ ලස්සන තෑග්ග දෙකට වෙන් කරාම  වටිනා කම නැති වෙනවා නේ කියල මං ඇහුවම ඇයගේ පිළිතුර වුනේ.මේ තනි කුරුල්ලා දකිද්දී ඉබේම අනිත් එකත් මතක් වෙනවා එතකොට නිකම්ම ඔයාට මාවත් මට ඔයාවත් මතක් වෙනවා නේ කියාය.


අවසාන මාස එකහමාර එයා හැසිරුනේ මට එයා එපා වෙන විදියට.ඉඳල හිටලා අපි හමු උනා. එයාගේ ශරීරයේ ලොකු වෙනසක් දැක්කා.රූපය ගැන නිතරම හිතපු ඇය දුර්වර්ණ වෙලා අපිරිසිදුයි.අඳින ඇඳුම කිසි පිළිවලක් නැහැ.නියපොතු කටින් කඩා කාපු අපිලිවලට තිබුනේ.සාමාන්‍ය කෙනෙක් උවත් හවස ගෙදර යද්දී පොඩි හෝ ආලේපයක් පාවිච්චි කලත් ඇයගේ තිබුනේ උදේ ආලේප කරපු ආලේපන දියවී අප්‍රසන විදියක් .ඒත් එහෙම වුනත් කොල්ලෝ එයා දිහා හැරි හැරි බලන්න තරම් රූපයක් ඒ වෙද්දීත් ඇයට තිබුනා.මේ වෙනසට හේතුව මට කිවුවේ හැම දෙයම එපා වී ඇති නිසා පිලිවල සිටීම පලක් නැහැ කියල.මගේ ශරිරයත් මට නොපෙනෙන වෙනස් වෙලා තිබිල.මානසික ප්‍රශ්න තියෙද්දී ඒ දේ ශරීරයට බලපෑමක් තියෙනවා කියල මට තේරුම ගියා.


විවාහයට පෙර සතියෙත් අපි සුපුරුදු විදියට බස් එකේ ගියේ ඒ අපි මුණ ගැසෙන ආවසාන දවස බව දැනගේනමයි.ඒත් මට ගොඩාක් වෙලාවට හිතුනා ඇය මට කරන්නේ බොරු ආදරයක් නේද කියල.ඇයි එයා මට මෙච්චර ආදරේනම් ගෙදරින් කියන දේට කැමති වුනේ.ඒ දේ ඇයගෙන් ඇහුවත් පිළිතුර වුනේ මම ආදරේද නැද්ද කියල ඔයාට තේරෙනවා ඇති නේ කියල..ඒත් මම ඒ දෙයට පිළිතුරක් දුන්නේ නැහැ.අවසාන දවස කීපයේ මට එයාව එපා වෙන විදියට වැඩ කලේ මට එයා ගැන වෛරයක් ඇති කරවල දුක අඩු කරන්න ඕනේ නිසාලු.විවාහයට පෙර දින මට ලැබුණු ඇමතුමේ අවසානයට ඈ කිවුවේත් "මම ඔයාට ආදරෙයි"කියල


ඇය හරියටම මගේ 24 වෙනි උපන්දිනය දවසේ සුභ මොහොතින් ඇය වෙනත් කෙනෙකුත් සමග අලුත් ජිවිතයක් ගතකරන්න ආරම්භ කල.ඇයටනම් ඒ දවස විශේස සන්තෝෂ දවසක් වෙන්න ඇති.ඒත් මට....


ඒ මගේ අවසාන පෙම්වති 2008 දෙසැම්බර් මගේ උපන්දිනය දවසේ විවාහ වුනා.ලඟදි දවසක ඇයගේ රිගින් ටෝන් එකට දාපු ඒ ගීතය හදිස්සියෙන් අහන්න ලැබුනා.එක ඇහෙන වාරයක් වාරයක් පාසා ඒ අතීතය මතක වෙලා දුකක් නැතත් මහා අමුතු දෙයක් දැනෙනවා.අපේ රට කොච්චර කුඩා රටක් වුනත් හදිස්සින්වත් ඇය පාරකදිවත් දැකල නැහැ.ඉන්න ගෙදර හැම විස්තරයක්ම  දැන ගත්තත් ප්‍රශ්නයක් වෙයි කියල ඒ අහලකටවත් යන්න හිතිලා නැහැ.සමහර විට මගේ ෆොටෝ අර විදුරු කුරුල්ලා තවමත් එයළඟ ඇති නැත්තනම් කුඩුකරලා ෆොටෝ ඉරල විසිකරලත් ඇති.


ඒත් මට දැනගන්න ඕනේ ඇය මට ඇත්තටම ආදරේ කලද මට මොනවා හැරි දෙයක් කරන්න තිබ්බද කියන ප්‍රශ්න ටිකට උත්තර විතරයි මට දැන් කිසි දුකක් නැහැ ඈ මට අහිමි වුනු එක ගැන.හිටියනම් සතුටුයි.තවම කෙනෙක් නැත්තේ ඒ වේදනාව නිසා නොවෙයි රටේ නැති නිසා.අනුකම්පාවකින් තොරව ඇත්තම අදහස කියන්න.

~~අසර්~~

138 comments:

  1. ආදරේ කියන්නේ මහ පුදුම දෙයක් අසාරයෝ....විස්වාස කරන්න මගේ වෙඩිම දවසෙ උදෙත් මගේ පරන ලව් එක කෝල් කරලා කිව්වා එන්න කියලා..එයාගේ තාත්තා මගේ ඔළුවට පිස්තෝලයක් තියලා දෙන්නවම මරලා දානවා කියලා කිව්වා කියලා කියන්නේ කොහොමද...බයට නෙමේ ඒ වෙලාවේ මම ආදරේ කරේ (දැං)ගෙදර එක්කෙනාට...

    ReplyDelete
    Replies
    1. උඹට ඒ වෙඩින් එක දවසේ දැනුන දෙ ගැන මට හිතාගන්න පුළුවන්.සමහර වෙලවල් වලදී අපිට දැඩි තීරණ ගන්න වෙනවා මචං.

      Delete
  2. ඇත්තටම එයා ආදරේ කලාද කියල මට හිතා ගන්න බැහැ..ඔයාට එයා ආදරේ කරන්න ඇති..ඒත් ඔයා ඒ වෙද්දි හොඳ ස්ථාවරයක නොසිටිය හින්දා එයා සමහරවිට රෙක්ස්ට කැමැත්තෙන් ඉන්නත් ඇති..එක පාරට යාලු වෙලා ඉඳල අතඇරල දාලා යන එක පසු කාලයකදි එයාට ප්‍රශ්නයක් වෙයි කියල හිතල එයා ඔයාට තියෙන ආදරේ වෙනසක් නැති බව අගවන්න ඇති..

    මොන ප්‍රශ්නයක් තිබ්බත් ආදරේ කරද්දි හිත හයිය කරගෙන ඉන්න කෙල්ලෙක්ට නැත්නම් පුලුවන්..හොරෙන් නෙමෙයි එයාට උත්සහ කලානම් ඔයා ලඟට එන්න තිබුනා..ඒ නිසා මම නම් කියන්නෙ ඔයා හිත හදාගත්තු එක හොඳයි..

    ReplyDelete
    Replies
    1. අවුරුදු 23ක් තමන්ව හදාවඩා ගත්ත දෙමව්පියො ටික කාලෙක ආදරයක් වෙනුවෙන් අතඅරින එකද කෙල්ලට කරන්න තිබුනෙ :) අනික් අතට එහෙම ‍කරන කෙල්ලෙක් මූවත් දාල නොයයි කියල විස්වාසෙන් කියන්න පුළුවන්ද?...

      අනික් අතට ඒ කෙල්ලත් දැනගෙන ඉන්න ඇතිනෙ මූ දීපු ඔප්ෂන් ක්‍රියාත්මක කලත් ඒකෙන් මූටත් හොඳක් වෙන්න ඉඩක් නොතිබුන බව... බැරිවෙලාවත් කෙල්ල එහෙම කැමති වෙලා මූට කරගන්න බැරිවුනා නම් ඒ වෙද්දි....

      (ජීවිතේ පළවෙනි පාරටද කෙහෙද කෙල්ලෙක්ගෙ පැත්තට කතා කලේ ;) )

      Delete
    2. නෑ මම කිව්වෙ එහෙම දෙයක් නෙමෙයි..තමන්ගෙ ආදරේ වෙනුවෙන් අම්මගෙ සතුට බිලිදෙන්න ඕන වෙන්නෙ නැහැ කොහෙත්ම..ඒත් මේ කතාවෙ හැටියට ගෙදරින් අකමැති වෙන්න තරම් අසරනයට අසරන කමක් මට පේන්නෙ නැහැ..එයාට ජොබ් එකක් තියෙනවා..අනික වයස 23 යි..එයාට ජීවිතේ හදා ගන්න තව අවුරුදු 2ක් දෙන්න තිබුනා..ඒකට එයාට අම්ම්මගෙ හිත අවුරුදු 2කට හරි හදා ගන්න තිබුනා..අනික 23 කියන්නෙ වයසක් නෙමෙයි..ඉකමනින්ම විවාහ වෙන්න තරම්..එය කැමති වෙලත් නැ අම්ම එක්ක කතා කරනවට මේ ගැන..ඉතිං එහෙනම් ඇයි එයා එහෙම කලේ..

      දන්නැහැ මට හිතුනෙ එහෙම..සමහරවිට මම වැරදි ඇති.. :)

      Delete
    3. @ සිත්රූ සිහින = මට හිතුන විදියට එයාට තිබුනේ අම්මා තාත්තා නෑදෑයෝ සතුටු කරන අදහසක්.ඒ ඇය මාත් එක්ක කියපු විදිය.සමහර විට රෙක්ස් ගැන මට වඩා ආදරයක් ඇතිවුනාද දන්නේ නැහැ.

      @සාතන්.මම කොහෙත්තම කාවදාවත් දෙමාපියන්ට විරුද්දව ඒ දෙ කරන්නේ නැහැ.ඒත් එයා මම වෙනුවෙන් පොඩි හරි බල පෑමක් කරන්න තිබ්බ.ඒ හෙම දෙයක් එයාගේ පැත්තෙන් වුනේ නැති නිසා මට පොඩි සැකයක් වගේ තියෙන්නේ.

      @ සිත්රූ සිහින = ඔව් සමහර විට පොඩ්ඩක් අම්මාට තේරුම කරලා දුන්නනම් මොනවහරි වෙනසක් වෙන්නත් ඉඩ තිබුනා.ඒ වෙද්දී මම සාමාන්‍ය තත්වයකට ඇවිත් තිබුනේ.ඒත් පවුලක් නඩත්තු කිරීමේ අපහසුව ඒ වෙද්දී වයස 24 ක් කියන්නේ කොල්ලෙක්ට විවාහ වෙන වයසක් නෙවෙයි නේ.

      Delete
    4. @සාතන්.....OMKARA හින්දි ෆිල්ම් එක බලල තියෙනවද...?:)

      Delete
    5. @අග්නි ධාරා: නෑ බන්... ඇයි එහෙම ඇහුවෙ?.. මම කියල තියෙනව වගේ එකක් ඒකෙ තියෙනවද?... මම කිව්වෙ තනිකරම මට වෙච්ච සිද්ධියක් හරහ මම දේවල් දකින්න පුරුදු වුන විදිහ... මේකට පහල තියෙන පෝස්ටුවට දාපු කමෙන්ටුවෙ අන්තිම ටික බලපන්කො...

      Delete
    6. හොයාගෙන බලන්නකෝ....;)

      Delete
  3. උඹ ඒ කෙල්ලට අවංකව ආදරේ කලානම් ඒ ගැන සතුටු වෙයන්...

    අනික් අතට කෙල්ල උඹට ඇත්තටම ආදරේ කලාද කියන එකට අපිට උත්තර දෙන්න බෑ... උඹත් එක්ක හිටපු කෙල්ල ගැන උඹටත් ප්‍රශ්නයක් තියෙනව නම් අපි කොහොමද පෝස්ට් එකක් කියවල ඒකට උත්තර දෙන්නෙ...

    මාත් 2002 දීපු පරවියො ජෝඩුවකගෙ පිළිමයක් සෑහෙන කාලෙකට පස්සෙත් හංගල තියන් ඉන්නව කියල වෙන්ඩ හිටපු මස්සිනාගෙන් දැනගන්න ලැබුන... ඒ මදෑ බන්... :)

    ReplyDelete
    Replies
    1. ඔව් සාතන් මට තේරුම ගන්න බැරිවුණු එකේ මේ පොස්ට් එක කියෙවුවමත් තේරුම ගන්න බැහැ තමා.ඒත් ඉතිං එයා සතුටින් ඇති.

      මම කරන හොඳ දේවල් මට එයා කරපු හොඳ දේවල් එයාට.

      Delete
  4. ඇය ඔබට ඇත්තටම ආදරේ කලාද කියලා අපටත් සිතා ගන්න අමාරුයි . ආදරේ කලත් වෙන් වෙන්න වෙනව කියල දන්න නිසා
    …ඇය සැබැ ගති ගුණ සඟවා ගත් බවකුත් පේනවා . කොහොම උනත් ඔබ හිත හදාගත් එක ලොකු දෙයක් ..
    …අර කුරුල්ලො දෙන්නගෙ කතාවනම් හරිම දුකක් ඇති කලා හිතට .

    ReplyDelete
    Replies
    1. එයා හැබැයි මට අන්තිම දවස් කිහිපයේ හැසුරුණු විදිය නිසා මගේ හිත හැදුනේ නැහැ.ඒ කාලේ මගේ ඔෆිස් එකේ හිටපු අක්කා කෙනෙක්ට මේ ප්‍රශ්නේ කියපුවහම එය ගොඩාක් දේවල් කිවුවා මගේ හිත හදෙන්න.

      Delete
  5. එයා ඔයාට හුගක් ආදරේ කරලා. මට ඒක විශ්වාසයෙන්ම කියන්න පුළුවන්. මොකද වෙන කසාදයක් බැද ගන්න නොගියත් මගේ එකම පෙම්වතාගෙන මම අයින් උනෙත් එයා ඔයාගෙන් අයින් වුන විදියටමයි. මම එහෙම කලේ මම ආදරේ කරපු කෙනාගේ දෙමාපියෝ දෙන්න අකමැති වුන නිසා. ඔයාගේ ෆොටෝ එයා ලග නැතුව ඇති.ඒවා හිත හයිය කරන් එයා පුච්චන්න ඇති. පාරකදී හමුවුනොත් අහක බලන් යන්න එපා.එහෙම ගියොත් ඒක එයාට උහුල ගන්න බැරි වෙයි. වෙදාවගේ නැතත් අඩුගානේ හිනාවෙලා හරි යන්න.

    ReplyDelete
    Replies
    1. "පාරකදී හමුවුනොත් අහක බලන් යන්න එපා.එහෙම ගියොත් ඒක එයාට උහුල ගන්න බැරි වෙයි. වෙදාවගේ නැතත් අඩුගානේ හිනාවෙලා හරි යන්න."

      මේ කෑල්ල කියද්දිනම් මට සිංදුවක් මතක් වුනා..

      "පළමුව සිනා සෙයි..
      දෙවැනිව ලියුම් දෙයි..
      තෙවැනිව තෑගි බෝග ඇරන් යයි..

      ඉන්පසු ප්‍රේම ග‍ඟේ..
      පීනාලා සතුටින්..
      ප්‍රේම කරයි දෙන්නට දෙන්නා.."

      ඒකි බැන්දා.. උඹ තනිවුනා.. දෙන්නා වෙන්වුනා.. ඉතින් ඒක ඉවරයි.. මතකය හැමදාම තිබුනාවේ.. එත් වැරදි තැනකදි අතීතයට පන දෙන්න යන්න එපා උඹ.. ඒක මහ විනාශයකට මුල..

      මේ කිව්වේ අත්(දෙකම)දැකීමෙන්.. :)

      Delete
    2. මම කිව්වෙනෑ අනේ අයෙම පැටලෙන්න කියලා. එයා බැදල නම් වැඩක් නෑ. එයාටම කියලා ජීවිතයක් දැන් තියෙනවනේ. මම කියන්නේ හතුරේවගේ යන්න එපා කියලා.

      Delete
    3. ඉතින් මම කියන්නෙත් ඒකමනේ බට්ටියේ.. බැදපු ගෑනුත් එක්ක ආපහු මොකට පයිරු-පාසානම් (හරිද මන්දා..:) තියාගන්නවද. ඔන්න නොබැද හිටියනම් ෂළකලා බැළුවට කමක් නෑ කියන්න තිබුනා..

      අදුනන්නේ නෑ වගේ යනකොට බටිටිට දුක හිතෙන්නේ තාමත් දෙන්නම සිංගල් නිසානේ. ;)

      Delete
    4. @ බට්ටි = ඒත් පුන්චන්න ඕනෙනං ඇයි මට ඒ ෆොටෝ දුන්නේ නැත්තේ.කවදාවත් අහක බලන යන්නේ නැහැ.ඒත් මට කිසි දුකක් නැහැ.මට තිබුනේ සැකයක් විතරයි.

      @ නාකියා. = ඉන්න ගෙදර අනෙකුත් විස්තර දැනගෙනත් මම එයාව බලන්න ගියේ නැත්තේ නිකන් ප්‍රශ්න ඇති කරගන්න ආස නැති නිසා.

      Delete
  6. ඔහොම තමයි අසර් අයියෙ ජීවිතේ අපි හිතන පතන දේවල් ඒ විදියටම වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හිතන දේවල් ඒ විදියට වෙනවනම් ජිවිතේ ලස්සන නැහැ.දියුණුවත් නැතිවෙන්න තිබුනා.

      Delete
  7. හොඳ නිර්මාණයක්......

    ReplyDelete
    Replies
    1. මේක ඇත්ත කතාවක් නෙමේද?

      මම හිතුවා ඇත්තට සිද්ධ් වෙච්ච දෙයක් කියලා..

      Delete
    2. ඔබා මාමගෙ කමෙන්ට් එක දැකල මමත් ඩබල් චෙක් කලා :)
      ඇත්ත එකක්නෙ... නැත්තන් මෙහෙම දාන්නෙ නෑනෙ

      /අනුකම්පාවකින් තොරව ඇත්තම අදහස කියන්න/

      Delete
    3. @ ඔබා මාමා = මේක නිර්මාණයක් නෙවෙයි අය්යා.මට වුනු සිදුවිමාක්‌.

      @ හරි = මේ දෙ ඇත්තටම සිද්දවුනු දෙයක්.මිට අවුරුදු 3 විතර කලින්.මං හිතන්නේ ඔයාගේ පලවෙනි කමෙන්ට් එක නේද?ස්තුතියි යාළුවා.

      @ සතන් = ඔව් අන්තිමටම ඒ ටික දැම්මේ. ඒ වචනෙන් තේරුම ගන්න අමාරුයිද?ඇත්ත කතාවක් යන වග.

      Delete
    4. Sorry,මං දැක්කෙ නෑ //අනුකම්පාවකින් තොරව ඇත්තම අදහස කියන්න// කොටස

      Delete
    5. හෙ හෙ... එච්චචර හිතන්න එපා මාමේ.නිර්මාණයක් විදියට අගයපු එකත් කොච්චර දෙයක් ද?

      Delete
  8. කෙල්ල ගැන දැන් කියන්නම් මට හිතෙන දේ..
    ඒකි උඹට ඇත්තටම ආදරේ කරන්න ඇති මුළදි. කොහොමත් ආදරේ කරන්න පටන් ගද්දි මහා ලොකු දෙවල් ගැන හිතන්නෑනේ. පස්සෙනේ ඒවා ගැන හිතන්නේ. අන්න එහෙම කාලයක් යද්දි එයාට ගෙදරින් ආපු යොජනාවත් එක්ක උඹ ගැන දෙපාරක් හිතන්න ඒකිට වෙලා තියෙනවා.ඒ හිතද්දි ආදරේ කියන එක ප්‍රබල සාධකයක් වෙලා නෑ.
    අනික මට හිතෙනවා ඒකි උඹට වගේම අනික් පොරටත් රිද්දලා මානසික පළිගැනීමක් උඹලා දෙන්නගෙන්ම කරලා තියෙනවා. සමහර විට ඉස්සරහට එයාගේ දෙමාපියන්ගෙනුත් සියුම්ව පළිගන්න වැඩ කරයි. හැබැයි එහෙම වෙන්නේ උඹත් එක්ක ගෙවපු ජීවිතෙයි. අරුත් එක්ක ගෙවන ජිවිතෙයි සන්සන්දනය කරලා දැන් එක අසාර්ථකයි කියලා දැනුනොත් තමා.

    මෙච්චර ආදරේ කරලත් උඹේ උපන් දිනේ මතක නෑ කියන්න තරම් ඒකි කුරිරු වෙලා තියෙන්නේ. එතකොට එදාටම වෙඩින් එක දාගෙන තියෙන්නේ.(වෙන අය දින නියම කරගත්තත් ඒකිට තිබුනා ඒක කොහොම හරි වෙනස් කර ගන්න. අඩුම අරූට කිව්වනම් අපි තව මාසයක් ඉවසමු කියලා ඌ අනිවා අහනවා.) ඇයි තව උඹව එක්කරගෙන වෙඩින් එකට බඩු ගන්න ගිය එක.. තව අරූගෙ යාළුවොන්ට පේන්න බදින් ඔන්න මෙන්න කියලා තියෙද්දිත් උඹත් එක්ක එහෙ මෙහෙ ගිය එක. එක නම් අරූගෙන් පළිගන්න කරපු දෙයක්. උඹව පාවිච්චි කරලා විතරයි.. අනික ඒකිට ඔය මගුළට අකමැති වෙන්න පැහැදිලි හේතුවක් තිබුනා මම දකින හැටියට. ඒ තමයි නංගි බැදපු ගෙදරටම මටත් යන්න බෑ කියන එක. එහෙම කියලා තව ටිකක් කල් ගන්නත් තිබුනා.

    මට හිතෙන හැටියට ආදරෙයි කියලා පෙන්නුවට ඒකි ඇත්තටම උඹට ආදරේ කරලා නෑ.. හැබැයි ඒක දන්නේ ඒකිම තමා. උඹත් දැන ගන්න ඉඩ තියෙනවා. මොකද උඹ‍නේ පෙම්වතා. ලියලා තියෙන දේවල් කියවපු වාම හිතුන දේ මේ. මොනවා උනත් උඹ හොදින් ඉන්නවා කියන එකට මට සතුටුයි..

    ප.ලි. - "ඒකි" කියලා ලියලා තියෙන්නේ තරහකට නෙමේ.. :). තවත් දෙයක්, නරකද දැන් අසරණයට සරණක් හොයා ගත්තොත්..

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනෙ මේ දේමයි.. :))

      Delete
    2. @ නාකිය = උඹේ කමෙන්ට් එක මාර කමෙන්ට් එකක් හිතේ දෙයක් තිබුනා ඒ දෙ මට වචනවලට ගලපගන්න බැරුව හිටියේ.මගේ හිතේ තිබුණු ලොකු ප්‍රශ්න ටිකක් නැතිවෙලා ගියා වගේ. ඒත් මගේ උපන්දිනේ දවසේ දින දාගත්තේ ඇයවත් නොදැනුවත්ව. ඒ වෙඩින් එකේ සියලු දේවල් වුනේ ඒ ගෙවල් දෙකට ඕනෑ විදියට.දෙන්නටම රිද්දන්න අපි දෙන්නාව පාවිච්චි කරලා තියෙනවා කියල මටත් දැන් හිතෙනවා.

      නංගි බැඳපු ගෙදරට එයාට යන්න බැහැ කියල ඊට කලින් මාත් එක්ක කියල තිබුනා.මම ඒ කාලෙම හිත හදා ගත්ත නිසා දැන් කිසි දුකක් නැහැ.සමහර විට මට ඊට වඩා දස ගුණයක් හොඳ කෙල්ලෙක් ලැබෙයි වාසනාව තියෙනවනම්.

      එකී කියල කිවුවට මල පනින්න තරම් මම පිස්සෙක් නෙවෙයි.හෙක් හෙක්ස්‌...

      Delete
  9. මම නම් හිතන්නේ එයා ඇත්තටම උඹට ආදරේ කරන්න ඇති.එකී උඹව තව දුරක් ගෙනියන්න අකමැති වෙන්නැති උඹ දුක වේවි කියල.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම හිතුනු වෙලාවලුත් තිබුනා.ඒත් .... අනේ මන්ද මචං එක එක දේවල් හිතෙනවා.

      Delete
  10. Ane manda.. comment ekak noda yanda bari una..Yaluwek widiyatawat contact ekak thiyagaththanam oya tharam hith ridaweemak wen ne.mage adahasa.mokada, e girl th prash na diha kalpanawen baluwa wage mata penenne.ara lunui kandai beela imu kiyala gihin dennagema jeewith apayak karagan nethuwa, duka daragena, umbatat honda jeewithayak gathakaranda deela eya gihin.umbata wagema eyatat duka ati ban..mokada kello godak welawata bolandai.eth umba e wage kellekta adare kala eka umbata wasanawak.eki moda wela umba ekka awanam.samahara wita 2nama godak karadara windinda tibba.newatha dawasak hamuwewa kiyala hithapan.mokada yaluwek unat jeewitha kalema inna puluwan.GF wendama ona ne..ekai hari adare ban..Jayawewa.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ.මම ඒ දේවල් ඒ එයාට කිවුවේ ඇත්තම අදහස දැනගන්න.කවදාවත් ඒ වගේ තීරණ ගන්නේ නැහැ.තව අවුරුදු 2 ක් ඉන්න පුළුවන් උනානම් මොනවහරි වෙනසක් වෙන්න තිබුනා.යාලුවෙක් විදියට අපි සම්බන්දයක් තියාගෙන හිටියනම් අපි දෙන්නාම හිතින් විඳවනවා නේ.(එයා මට ආදරේ කලානම්)

      Delete
  11. අඩේ මරුනෙ බන්... ඔහොම එකක් නැත්නම් ජීවිතේ කිසි ගතියක් නැහැ බන්.. මමනම් හැම වෙලේම හිතන්නේ වෙන්ඩ තියන හොඳම දේ තමා වෙලා තියෙන්නේ කියලා.. ප්‍රශ්ණෙට මුහුණ දෙනකොට අමාරුයි.. ඒත් පස්සේ හැරිලා බලපුවම හිතෙනවා ඒ දේවල් එහෙම උන එක හොඳයි කියලා..

    අසරණයට සරණක් වෙන්ඩ කැමති, තනිකඩ ගෑල්ලමයි ඉන්නවනම් අත උස්සන්ඩ....

    ReplyDelete
    Replies
    1. මටත් ඒ කාලේ ගැන මතක වෙද්දී ටිකක් අප්සෙට් ඒත් දැන් ගානක් නැහැ.

      දැන් කවුද සෙනා කියපු දෙගන හිතල බලන්නේ.

      Delete
  12. අනේ මන්දා අයියේ... ඇත්තටම ආදරේද කියලා ඉතිං ඔයාට තේරුනෙත් නැත්නම් අපිට තේරෙන එකකුත් නෑ නෙ.

    මොනවා වුනත් ඔයාට පොඩි ට්‍රයි එකක් දෙන්න තිබුනා එයාගෙ ගෙදරට කත කරන්න.එයා ඒකටත් අකමැති වුනේ ඇයි දන්නෙ නෑ.සමහර විට අම්මලාගෙ හිත් වෙනස් වෙන්න වුනත් තිබුනානෙ නේද??

    ReplyDelete
    Replies
    1. මම ඉතින් ට්‍රයි කල.එයාගේ පැත්තෙන් කිසි දෙයක් වුනේ නැහැ .අම්මලා ගැන විතරයි එයා හිතුවේ.අම්මලාගේ හිත වෙනස් කරගන්න තිබුනා එයාගේ හිත වෙනස් වුනානම්.

      Delete
  13. නිර්මානයක්ද ? ඇත්ත කතාවක්ද... ? මොනව කියන්නද... අපි හැමෝම හරි... අපේ පැත්තෙන් බලද්දි...

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක් නෙවෙයි මචං මේ මට වුනු සිද්දියක්.එක අතකින් එකත ඇත්ත.අපි හරි කියල තමා හැම වෙලාවේම හිතෙන්නේ.

      Delete
  14. දුක් වෙන්න එපා කියන්න බෑ..මේක ඇත්ත කතාවක් නම්.ඒත්.හරිම කන්ගාටුවක් මගේ හිතට ආවා..ගෑනු ලමයි සමහර දේවල් වලදි ගොඩක් අසරනයි අසාර්...

    ReplyDelete
    Replies
    1. දුකක් නැහැ කුමාරියේ.ඒත් මට තිබුණු පොඩි ප්‍රශ්න ටිකක්. මටත් හිතුනා අම්මල වෙනුවෙන් එයා ඒ තීරණේ ගත්තද දන්නේ නැහැ නේ.එකනේ එයා පිලිවලකට ඇඳුමක්වත් ඇන්දේ නැත්තේ.

      Delete
  15. මම ආදරේ කරපු කෙනා අපේ ආදර කතාවට තිත තිබ්බේ එයාගේ අම්මා අකමැති නිසා. ඉතින් ඒ කියන්නේ එය‍ා මට ආදරේ නැහැ කියන එකද? අදටත් මම දන්නවා එයා මට පන වගේ ආදරෙයි කියලා. එත් එයා අසරණයි.
    මට ඒ දේ උනත් මම කරන්නෙත් එකමයි, මම කවදාවත් දෙමව්පියන්ට විරුද්ද වෙන්නේ නැහැ.
    සතුටු වෙන්න ඔයාට ගොඩාක් ආදරේ කරපු කෙනෙක් හිටියා කියලා

    ReplyDelete
    Replies
    1. moko kiritopi denawa kiyala nandammawa rawattuwada?

      Delete
    2. ඔව් ගනුලමයි පිරිමි ළමයින්ට වඩා මේ වගේ අසරණ වෙනවා.ඒත් ඉතිං මමත් කැමති නැහැ කාගේවත් අම්මලාගේ හිත රිදවන්න.ඒත් ඒ අම්මලාගේ හිත හදන්න එයාගේ උදවුවත් ගොඩක් බල පානවා.

      @ඇනෝ = මේක විහිළුවක් නෙවෙයි සහෝදරයා.එයාගේ ජිවිතේ ඇතිවුණු සංවේදී සිද්දියක්.

      Delete
    3. ඇත්තද වර්ණා මෙි කියන්නේ. ඔයා නැන්දමිමාට කිරිටොපි කවන්න හැදුවද?

      Delete
    4. @ ඇනෝ සහ නදුන්
      අනේ නැහැ. හදහන් ප්‍රශ්නයක් නිසයි අකමැති උනේ, ඒ අම්මා හරිම හොදයි, ඒ උනත් ඉතින් තමන්ගේ පුතා කරදරේ වැටෙනවාට කැමති නැහැනේ, එයාලා තදබල ලෙස හදහන් විශ්වාස කරන අය.

      @ අසාර්
      ගණන් ගන්න එපා අසාර්.. කිරිටෝපියක් ගැන කියලා මේ විහිලු කරන්නේ මාව හොදට දන්නා කෙනෙක්නෙ. ඒ වගේ අය තමයි ඇනෝ විදියට ඇවිත් වැඩිපුරම බනින්නේ. ඕවාට තරහා ගන්න හොද නැහැ.

      Delete
  16. පෝස්ට් එක කියෙව්වා :((
    දැන් කමෙන්ට් එකක් දාන්න වෙලාව මදි... වැඩට යන්න හදන්නේ
    හෙට උදේට ඇවිත් මගේ අදහස කියන්නම්

    ReplyDelete
    Replies
    1. හරි හරි මට සරණක් වෙන්න ගිහින් උඹ අසරණ වෙන්න එපා කොලුවෝ.පරිස්සමින් ගිහින් එන්න.

      Delete
    2. මම ඊයේ කතාව කියෙව්වේ ටිකක් කලබලෙන්, වැඩට යන්න පරක්කු වෙන නිසා
      නිවිහැනහිල්ලේ මේක බැලුවම තමයි තේරෙන්නේ ඒ දවස්වල උඹ හිටපු තත්ත්වේ
      මොනවා උනත් දැන් උඹ සතුටින් ඉන්නවනේ, ඒ හොඳටම ඇති
      ගිය දේ ගියාවේ කියල අපිට කියන්න පුළුවන් උනාට උඹට උඹේ උපන් දිනේ අමතක කරන්න පුළුවන්ද...?

      Delete
    3. ඔව් මට තවම හිතාගන්න බැහැ ඒ කාලේ මම හිටපු විදිය ගැන.විඳින්න පුළුවන් උපරිම වේදනාව වින්දා.දැන් මට ගානක්වත් නැහැ.

      නොලැබුණේ මගේ තිබ්බ වාසනවකටත් වෙන්න පුළුවන් නේ.ඒත් මම මගේ උපන්දිනය දවසට පොඩ්ඩක් විතර මතක වෙනවා.කාලයක් එක්ක ඒ දෙ හරි යාවි.

      Delete
  17. දුකය් අප්පා :'(

    ReplyDelete
    Replies
    1. දුක වෙන්න එපා සහෝදරයා දැන් මම හෙන සතුටින්.

      Delete
  18. ගිය දේ ගියාවයි කියල අතෑරල දාන්න...

    ReplyDelete
    Replies
    1. නැතිවුණු දෙයකට හඩා පලක් නැහැ නේද මචං.

      Delete
  19. දුකයි තමයි බං , ඉස්සරහට යමු

    ReplyDelete
    Replies
    1. ඔව් හැබැයි ඒ කාලේ.දැන් දුකක් නැහැ.උඹලත් දුක වෙන්න එපා.

      Delete
  20. අපේ ජීවිත වල හැමදාම අපි හිතන පතන දේවල්ම ලැබෙන්නේ නෑ.. ඒ වගේම විවාහය වගේ බරපතල කාරණාවකදී ගැහැණු ළමයි සෑහෙන්න අසරණ වෙනවා... ඉතිං ඒ කියන්නෙ දෙන්නට දෙන්න ආදරේ නෑ කියන එකත් නෙමෙයිනේ.. දෙමව්පියන්ගෙ අකමැත්ත උඩ සිද්ද වෙන දේවල් වල එතරම් සාර්ථකත්වයක් නැති බව මාත් පිළිගන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර විට අපි දෙන්න අතර ප්‍රශ්න එන්නත් ඉඩ තිබ්බා.එදාට එයා මට සාමකරන්නත් පුළුවන්.අම්මලට එරෙහි වුන නිසා මෙහෙම වුනා කියල.

      Delete
  21. මටත් කවදාහරි මගේ ෆෝමර් ගර්ල් ෆ්‍රෙන්ඩ් ට සුබ මංගලම් කියන්න වෙයි !

    ReplyDelete
    Replies
    1. ඒක තම කොල්ලෙක්ට තියෙන අසුන්දරම මතකය. එහෙම නොවේව කියල මම ප්‍රර්ථනා කරනවා.දැන් කෙනෙක් නැත්නම් විතරක්.

      Delete
  22. අහ්හ්.. අසර් අයියාගෙ කතාව මේකද එහෙනම්... හුඟාක් ආදර කතා ඉවරවෙන්නෙ දුකින් තමා..:(

    ප්‍රේමය කොහෙද දුක එතනය... දුක කොහෙද හේතුව ප්‍රේමයය....

    ReplyDelete
    Replies
    1. ආදර කතායි සුරතල් සතුන්ගේ කතායි දෙකම ඉවර වෙන්නේ දුකෙන්.

      දුක කොතනද එතන මම.

      Delete
    2. සුරතල් සතුන්ගේ කතාවල සතාට කරදරයක් වෙනවා එක්කෝ හොරු අරන් යනවා ඒවානේ වෙන්නේ.හැබැයි ආදරේ ඊටවඩා උතුම්.

      Delete
  23. මේ වගේ උපන් දින තෑග්ගක් නම් ජීවිතේට කාටවත් හම්බ වෙලා නැතුව ඇති..හැම උපන්දිනේටම පිච්චි පිච්චි ඉන්නෙ නැතිව සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. දැන් ගොඩාක් කල්නේ.මට කිසි දුකක් නැහැ.එයත් එක්ක කෙන්තියකුත් නැහැ.ස්තුතියි මේ පැත්තේ ගොඩ වැදුනට

      Delete
  24. //මම: ඔව් ඔව් මට මතකයි හෙට මගේ උපන්දිනේ නේ.ඔයාට අදම මතක් වුනාද?
    එයා. හෙට.. අනේ මට අමතක වුනා නේ.සුභ උපන්දිනයක්.ඒත් ඒක නෙවෙයි
    මම : එහෙනම් මොකක්ද
    එයා : මම හෙට බඳිනවනේ .10.20 පෝරුවේ චාරිත්‍ර//

    ෂික්... ඒ ටිකනම් මාර විදියට වැදුනා.එයා ඔයාට ආදරේ කරන්න ඇති.හැබැයි තාවකාලිකව. ඇත්තටම ආදරේ කරනම් මොන ප්‍රශ්නේ ආවත් දාලා යන්නේ නැහැ.ආදරේ වෙනුවෙන් ජීවිතය පුජ කරන කෙල්ලෝ ඉන්නවා.ගෙවල්වල විරෝදය කියන්නේ බොහොමයක් පෙම්වතුන්ට මුහුණදෙන්න වෙන සාමාන්‍යය ප්‍රශ්නයක්.ඒ වගේ සරල සාමාන්‍ය කාරණයක් නිසා ඇය ඔය දරුවාව දාලා ගිය එකෙන් පෙන්නේ එයා එච්චර ආදරය කරලා නැහැ කියලයි.ඇත්තටම ඇයව නැතිවීම ඔය දරුවාට වෙච්චි යහපතක්.ඔය දරුවාට ඉක්මනින්ම හොද ගුණයහපත් දැරිවියෙක්ව මුණගැහේවි.(ඒ එක්කම ඇය ගැන මතකය ඔබ පවසන මට්ටමට වඩා වැඩි බලපෑමක් ඔබට කරනවායැයි සිතේ.දුක් වෙන්න එපා)

    ReplyDelete
    Replies
    1. උපන්දිනය අමතක වීම සමහර විට වඩා වැඩි නිසා අමතක වුනාද දන්නේ නැහැ නේද?.මටත් හිතෙනවා එයා නැති වුන ඒක හොඳයි කියල අපිට ජිවිතේ එන ප්‍රශ්න විසදන්න මිට වඩා ශක්තිමත් වෙන්න ඕනෑ නේද?

      මටත් හිතෙනවා ළඟදීම හොඳ කෙනෙක් ලැබෙයි කියලා.පරණ සිදුවීම් ගැන මගේ හිතේ කිසි දුකක් නැහැ.

      Delete
  25. කඳුලු ආවා අයියේ මට නම් මෙහෙම දෙයක් දරාගන්න බැරිවෙනවා ඔහොම දේවල් ටිකක් කියලා ආදරෙයි කියලත් කිව්වාම කොහොමද දෙයියනේ ඉවසන්නේ...අම්මලට දුක් දෙන්න බැරි කතාව ඇත්ත ඒත් අයියේ මෙහෙම දුකක් දෙනකොට අනේ මන්දා...ඔයා සිරාවටම ආදරේ කරලා තියෙනවා නැත්තම් කොහොමද අර වෙලාවේ නොබැන අරහෙම දෙයක් කියන්නේ....

    මට මතක් වුනා කාලෙකට කලින් මම ලියපු කවියක්

    ඔබ කවක් පමණක් වේවි
    නිතර හද රිදුමන් දේවි

    මේ කවියට එක අක්කා කෙනෙක් කොමෙන්ටුවක් දාලා තිබුනා අහිමි ආදරේකදි කාටත් හිමි දේ... කියලා ඒ කතාව ඇත්තමයි කියලා තේරෙන්නේ මේ වගේ කතා ඇහෙද්දි....මේ ඉන්නවා වගේ ෆිට් එකේ ඉමු(දැන් මම නිදහස් ගොවියෙක් කියලා කියපු හේතුව තේරෙන්නේ දැන්)

    ReplyDelete
    Replies
    1. ගොවියාගේ කතාව මතකයි නේද තවම.දරාගන්න බැහැ ඒත් මම දරාගත්තා.අද ඒ ගැන මතක වෙද්දී දුකක් නැහැ.ඒත් මොනවහරි අමුතු ෆදෙයක් දැනෙනවා.

      අර අක්ක කියපු දෙ ඇත්ත නේද?ආදරේදී කාටත් හිමි දෙ විරහව.

      Delete
  26. ඔය වගේ වෙලාවටනම් කවුරු උනත් අසරණ වෙනවා අසරණයෝ...මේ කතාවේ කාට වැරැද්දක් කියන්නද කියලා මට හිතාගන්න බැහැ...එකක් හිතන්න පුළුවන්. දුවගේ අනුමැතිය නැතුව ලඟම නෑයෙක් යෝජනා කරලා ඒවා ස්ථිර කරපු එක දෙමව්පියන්ගේ වැරැද්දක් නේද...එයාලාට ආදරේ කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැතුව ඇති...

    //සාමාන්‍ය කෙනෙක් උවත් හවස ගෙදර යද්දී පොඩි හෝ ආලේපයක් පාවිච්චි කලත්//
    යකඩෝ....මම නම් උදේට ආලේප කරන්නෙත් ලිප් බාම් එකක් විතරයි...ඒකත් සීතල රටක ඉන්න නිසා...

    ආ ඒක නෙමේ ඔන්න මම ඔයාගේ වයස හොයා ගත්තා...බලාගෙන යනකොට ඔයා මට වඩා වැඩිමල් නේ...:ප්

    ReplyDelete
    Replies
    1. ඒ අම්මලා මහා අමුතු මිනිස්සු වෙන්න ඇති.අනිත් ඒක එයාට පොඩි හරි දෙයක් කරන්න තිබ්බා.

      නැහැ සාමාන්යෙන් ගෙදර යද්දී පොඩ්ඩක් මුණ හොදලවත් යනවා නේ.මෙයා එහෙමත් නැහැ

      නැහැ නැහැ.මම ඔයටවද කොහොමත් බාලයි එතන වයසේ පොඩි වෙනසක් තියෙනවා.ආසනය අගය කිවුවේ.

      Delete
    2. අනේ ඇත්ත වයස කියන්නකෝ අප්පා...:ප 2008 දෙසැම්බර් වෙද්දී 24 උනා කියන්නේ ඉතින් මට වඩා බාල නැහැ...හූ හූ

      Delete
    3. ඔයාගේ දන්නවා නේ මගේ උපන්දිනේ ඒත් මට පොඩ්ඩක් වැරදුන තමා.දැන් ගාන හදල බලද්දී මතක වුනේ.ඒත් දින වකවානු සියල්ල හරි. ඔයා ජනවාරි මම දෙසැම්බර්.මං හිතන්නේ 23යි.

      Delete
  27. මොනවා උනත් ගැහැණු ලමයෙක් ගෙදරින් පැනලා එන්න කැමති නැහැ කියලා මම අත්දැකීමෙන්ම දන්නවා අසරණයා. ඔය තරමි නොවුනත්, මටත් ඔය වගේ අත්දැකිමක් තියනවා. ඒත්, මම එයාට බල කලේ නැහැ මචං. එයා අන්තිමෙිදි කසාද බැදලා දැන් ලමයෙකුත් ඉන්නවා. මම යුද්දේ ආවරණය කරන්න ගියා. මම උතුරේ හිටපු නිසා ඒ දුක ගොඩාක් හිතෙන් අඩු වුනා. ඒත් අදටත්, සමහර වෙලාවට යාළුවෙලා ඉන්න කපල් එකක් දැක්කම, ලිබර්ටි සිනමා එක දැක්කම අතීතය මතක් වෙනවා මචං. මම ඒක නිසා දැන් වැඩිය ඒ පැත්තේ යන්නෙම නැහැ. නිකං මොකටද හිත රිදව ගන්නේ... තනිකඩ ජිවීිතය හොදයි මචං...

    ReplyDelete
    Replies
    1. මමත් කවදාවත් එහෙම පැනල යන්නේ නැහැ.එයාගේ අදහස දැනගන්න විතයි එහෙම කිවුවේ.ඒත් කවදාවත් නොබඳ ඉන්න එපා.මමත් එච්චර දුක් විඳලා ඒත් කවදාවත් නොබඳ ඉන්නේ නැහැ.ගිය දෙ ගියා.

      Delete
  28. අපි 100% හදවතින්ම කෙනෙක්ට ආදරේ කරත් ඒ ආදරේ 100% අපිට ලැබෙන්නේ හරිම අඩුවෙන්.. අයියා හදවතින්ම එයාට ආදරේ කලානේ.. ඒ ඇති.. මගේ නම් අදහස දැන් ගිය දේ ගියා.. අන්තිමේ අහලා තිබුන ප්‍රශ්ණ වලට දැන් උත්තර සෙවීමෙන් ප්‍රතිඵලයක් තියෙනවද? ඇත්තම අදහස කියන්න කියලා තිබුන නිසා මෙහෙම කිවුවේ.. අහිතක් හිතන්න එපා අයියේ..

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ.එහෙම මොනවත් හිතන්නේ නැහැ.එයා බොරු ආදරයක් වෙන්න ඇති.ඇත්තටම කාලයක් ආදරේ කළා.

      Delete
  29. මම හිතන විදියට....අපි ඇත්තටම ආදරේ කලානම්...ඒ ආදරේ හරියටම ඉෂ්ඨකරන්නත් ඕනෙ...
    මොකද අම්මල අප්පච්චිල නෙමෙයිනෙ කසාද බැන්ද කියල ජීවත්වෙන්න ඕනෙ අපි.හැම තිස්සෙම “අපි“ කියල හිතන,අපිට පුළුවන් කියල හිතන,ඕනෙ දුකක් විඳින්න පුළුවන්, මොනදේ සිද්දවුනත් දාල යන්නෙ නැති කෙනෙක් හොයාගන්න....

    ගියදේ ගියා අයියේ....දැන් ඒගැන හිතල වැඩක් නෑ...සතුටුවෙන්න ඒ ගෑනුළමය ඔයාගෙ ජීවිතෙන් ඈත්වුන එක ගැන....:)

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත ගිය දේ ගියා. මම ඒ ගැන හිතන්නේ නැහැ.එයාගේ පැත්තෙන් සමහර විට හරි වෙන්නත් පුළුවන්.

      ඔයාට තිබුණු සුමුදු නම නැති කරලා රළු නමක් දාගෙන නේ. ඒ මොකද?

      Delete
    2. මොනා කරන්නද අයියො....කස්ටිය නිසූප අක්කවයි මාවයි ටපලවගත්තනේ...:(

      Delete
  30. ඕනෙම වෙලාවෙ සෑමා ඉදල නැහැ නොවැ... මේක මම බැලුවේ පාන්දර 3.15ට, නිදිමත විනාස වෙලා ගියා බොල.

    //මම ගතකරපු විදිය මම දන්නේ නැහැ.මට කියන්න කෙනෙකුත් හිටියේ නැහැ.//

    ඒත් දැන් ඉන්නවා උඹ කියන දේවල් අහගෙන ඉන්න පිරිසක්. සිරා මචං. ආදරේ ඔහොමයි. ඒ මතකයන් සුන්දරයි. උබට වරදින්නෙ නැහැ බොල !

    ReplyDelete
    Replies
    1. උඹල ඉන්න නිසා නේ මචං මේ කාටවත් නොකියපු කතාවක් මේ හැමෝටම කිවුවේ.උදේ 3.15 වෙනකන් අල තැම්බූවද නැත්නම් ඉගුල්ලුවාද?

      Delete
  31. මේක ඇත්තටම උඹට සිද්ධ වෙච්ච එකක් නම් මට උඹ ගැන පට්ටම දුකයි.
    ඒ කිසි දෙයක් නැතත් කතාව ලියල තියනව රිදෙන්නම

    ReplyDelete
    Replies
    1. අපිට ජීවිතේ ලැබෙන්නෙ නැති දේවල් තියනවනම් මොන දේ කලත් ඒව ලැබෙන්නෙ නෑ.අපිට එහෙම වුනේ අපේ අවසනාවට හරි කරුමෙට හරි කියල මුලින් හිතුනත් ටික කාලයක් යනකොට තමයි ඒ දේ සිද්ධවෙලා තියෙන්න අපේම හොඳට බව තේරෙන්නෙ.

      "whats' happening in our lives, from the day we were born to the day we are going to close our eyes,everything has it's own purpose."

      ඔන්න මට හිතුන දේ!

      Delete
    2. ඔව් මචං කස්සා මේ මට වුනු සිද්දියක් මටත් හිතුන අවස්ථාවල් අනන්තයි ඒ ගැන.මගේ අවාසානාවක් නොවෙන්නත් ඉඩ තිබුනා.

      Delete
  32. ම්ම්ම්ම්..මේ මට හිතෙන විදිය.........
    ආදරේ කරන්න පටන් ගන්නෙ අම්මලාගෙන් අහල නෙවේ නේද?
    එහෙනම් ඒ ආදරේට අරුතක් පුරවන්න ඕනෙ.......
    ඇත්තටම ආදරේ කරනවා නම්,මොනම හේතුවකටවත් මම නම් මගෙ කොල්ලව දාල යන්නෙ නැහැ..මම මැරුනොත් ඒකට නම් කරන්න දෙයක් නැහැ.........
    අම්මලට පැහැදිලි කරල දෙනවා...එයාල තේරුම් ගන්නෙ නැත් නම්, ඒ කියන්නෙ එයාල මගෙ සතුට ට වඩා හිතන්නෙ එයාලගෙ සතුට ගැන..........
    එහෙනම් දෙමව්පියො උනත් ඒ තරම් ආත්මාර්තකාමී අයව ටිකක් රිදුනට කමක් නැහැ කියල මම මගෙ එයත් එක්ක අපේ ආදරෙත් එක්ක සතුටින් ජීවත් වෙන්න පටන් ගන්නවා........
    මුලින් පොඩ්ඩක් දුක හිතේවි...ඒත් දෙමව්පියො කවදාවත් දරුවන්ව එයාලගෙ ජීවිත වලින් ඈතට විසි කරන්නෙ නැහැ...අපි සතුටින් ඉන්නව දැක්කාම පහු වෙලා හරි එයාල සතුටු වෙනවා......( දැන් මේක බලල කවුරුවත් මා එක්ක වලියට එහෙම එන්න එපා ....මම ඒ කෙල්ල උනා නම් මම අසරණය එක්ක පැනල යන එක යනවා යනවා යනවා මයි.):):):):):):)

    ReplyDelete
    Replies
    1. මම නම් කොහොමහරි අම්මලාව කැමති කරගන්න බලනවා. මට ආදරේ කරන කෙනා මම හිතන විදියට මට ගොඩාක් ආදරෙයි නම් මගේ අම්මලාගේ අකමැත්ත මත මාව විවාහා කරගන්නේ නැහැ. මොකද අවරුදු විසි ගානක් කැත කුණු අතගාලා අපිව හදපු අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි එයාටත් ඉන්න නිසා.
      ආදරය කියන්නේ ගොඩාක් බලගතු හැගීමක්, එත විවාහය කියන්නේ සංකීර්ණ බැදීමක්. එහිදී තමන්ට අනාගතේ ලැබෙන දරුවනුත් තමන්ගේ අම්මා තාත්තා බැන්ද විදිය අහන්න පුළුවන්. එතකොට අපි එයාලාට ආදර්ශමත් වෙන්නේ කොහොමද?
      ආදරේ කරපු හැමදේම ලග තියාගන්න කියලා නියමයක් නැහැ. ආදරේ කරන කෙනා හැමදාම සතුටින් ඉන්නව නම් තමයි සාර්ථකත්වය.

      Delete
    2. වෙලාවට කිරිල්ලි ඒ කෙල්ල නොවුනෙ..නැත්තම් "වින්චැට් කිරිල්ලි" වෙනුවට නම වෙනස් කරන්න වෙනවා "අසරණ කිරිල්ලි" කියලා.. හිකි හිකි:D

      Delete
    3. පැනල ගියාට පස්සෙ කෝමද අනේ අසරණ වෙන්නෙ..? මට එයා ඉන්නව.. එයාට මම ඉන්නව...අපිට ලමයි ඉන්නව........

      Delete
    4. @ කිරිල්ලි = මාර වදන්නේ ඔයා දුන්නේ.ඔයා මොනවා වුනාත් කෙලින් කතා කරන කෙනෙක්.ඔයා වගේ හිතන කෙනෙක් වුනානම් කොච්චර හොඳද?අම්මල ගැන කියල තියෙන දේවල් සිරා ඇත්ත.
      අන්තිමට කියපු දේ ගැන.. තවම ඔයා පරක්කු නැහැ මොකද කියන්නේ පැනල යමුද? ටිකක් දුර පැනල ගිහින් ඉතුරු ටික ඇවිදගෙන යමු.

      @වර්ණා = ඔයාගේ කතාව සාධාරණයි.ඒත් අම්මලා කියන දේට කැමති වෙන්න කලින් පොඩ්ඩක් අම්මලත් එක්ක කතා කරන්න තිබුනා නේද? වෙන වෙන්න දේත් එක්කත විදියකට වෙන්න තිබුනා..

      @හිතු කෙල්ල = මාත් එක්ක ගියාට එහෙම අසරණ වෙන්න දෙන්නේ නැහැ.බොරුනම් එන්න ඔයා මාත් එක්ක පැනල යන්න හඬ පානේ.

      @කිරිල්ලි = මෙන්න කෙල්ලෝ මෙහෙම කෙල්ලෝ ලබන කොල්ලෝ එල කොල්ලෝ.මොකද කියන්නේ නංගි තවම කල් තියෙනවා තීරණයක්‌ ගන්න.අපි යා....

      Delete
    5. මෙතන මොකද අනේ මේ වෙන්නෙ...

      යාලුවෙක්....

      Delete
    6. මටත් හිතාගන්න බැහැ..

      Delete
  33. මේ කතාව ඒ අක්කගෙන් ඇහුවොතින්.. ඒ අක්කටත් කතාවක් ඇති.. කාටවත් කියන්න බැරිවුණ.. දෙපැත්තක් වගේ එකම කාසියක... සමහර අපි හිතනදේවල් ඒ විදිහටම වෙනවා.. සමහර දේවල් නොවෙනවා.. සමහර දේවල් හොඳට හෝ නරකට පහුවෙලා හරි ඉස්සරවෙලා හරි සිද්ධවෙනවා.. අයියා අවංකවම ආදරය කල එක ගැන සතුටුවෙන්න..
    ඒ වගේම ප්‍රාර්ථනා කරනවා.. අයියා හොයන, ප්‍රාර්ථනාකරන ලස්සන හිරු එළියකින් අයියාගෙ ජීවිතය ආලෝකමත් වෙන්න කියලත්..!!! :) අපිටත් කේක් ලැබෙන්න කියලත්.. :P

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් හිතුනා නංගි.ඒත් ඉතිං පොඩි හරි උත්සහයක් කරානම් වෙනසක් වෙන්න තිබුනා.

      ඔව් මට හොඳ කෙනෙක් ලබෙවිනේ.එතකොට බැරියෑ කේක් දෙන්න.

      Delete
  34. මමත්නම් එකගයි කිරිල්ලිත් එක්‌ක.කවුරුවත් යාලු වෙන්නෙ ගෙදරින් අහලා නෙමෙයි.අනික එයා ගෙදර අය කියන දේ අහනවනම් ඒ විදියට ඉන්න ඕනනම් මොකටද මේ වගේ ආදරයක්‌ පටන් ගන්නේ.අනික අම්මලා කොච්චර අපිව ඈත් කරනවා කිව්වත් ඒක කවදාවත් කරනවද? නැහැනේ..

    ReplyDelete
    Replies
    1. හරි ඒ වගේ හිතු මනාපේ පැනලා ගිහින් කසාද බන්දා කියමු ඔයා. අපි නිකම් හිතමුකෝ. ඔයාගේ තාත්තා හෝ අම්මාට හෘධයාබද තත්වයක් තියෙනවා කියමු. හදිස්සියෙන් ඇතිවූ ඒ කම්පනයෙන් තාත්තා හෝ අම්මා ජිවිත කාලෙටම ඇස් පියාගත්තොත්? ඔයාට කසාදබදලා ජිවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් වෙයිද?
      දෙවියනේ මට නම් බෑ

      Delete
    2. @dreams = ආදරේ කරන්න පටන් ගද්දි එහෙම දේවල් හිතන්නේ නැති කෑම තම ඉතිං මුල.අම්මලා ටිකක් තදේට හිටියට එහෙම දේවල් වෙනවා අඩුයි.

      @වර්ණා = ඇත්තටම පැනල යනවා කියන්නේ ප්‍රශ්නයෙන් පැනල යමක්.මම ඒ හෙම දෙයක් එයාගේ ඔලුවට දැම්මේ එහෙම අදහසකින් නෙවෙයි ඇත්ත දැනගන්න.

      Delete
    3. මම කියන්නේ පැනලා යෑමක්‌ ගැන නෙමෙයි.එයා අවංකවම ආදරෙයි නම් එයා ඒ දේ ලබාගන්න උත්සහ කරන්න ඕනා.මෙයා කෙරුවෙ ප්‍රශ්නෙන් පැනලා ගියා වගේ වැඩක්‌නේ.මගේ ආදරේදි මටත් ගෙදරින් අකමැති උනා.ඒත් මම ඒ දේ නැතිකර ගත්තේ නැහැ.ඒ නිසා ගෙදර අයත් පස්‌සේ කැමති උනා.ඒ වගේ මෙයාටත් ටිකක්‌ හරි try කරන්න තිබුනා.

      Delete
    4. වර්ණා@.... එතකොට පනදීගෙන ආදරේ කරපු කොල්ලට එක පාර කිව්වාම ''මට අම්මල කියන එකකට කැමති වෙන්න වෙලා'' කියල..... ඒ වෙලාවෙ ඒ දුක දරා ගන්න බැරුව..එහෙම නැත් නම් කෙල්ල වෙන එකෙන් එක්ක යනදාට ඒ දුක දරා ගන්න බැරුව ඒ අහිංසක කොල්ල හාට් ඇටෑක් එකක් හැදිල මැරිනොත්? එතකොට ඒ කොල්ලගෙ දෙමාපියො?? ඒකට වග කියන්නෙ කවුද පොලීසියෙන්ද???:D :D :D

      Delete
    5. ඔව් කිරිල්ලි දෙපන්තෙන්ම බැලුවොත් මම කියන දේ මයි ඔයා කියන දේ උනොත් එකේදිත් වෙන්නේ. දෙන්නටම දුක් විදින්න වෙනවා. මම කියන්නේ නැහැ දෙමව්පියන් අකමැති වෙච්චි පලියට ඒ කොල්ලව අතාරින්න ඕනා කියලා. මේ අසරණයාගේ සිද්දියේදී ඒ කෙල්ලට තමන්ගේ අම්මලා ව කැමති කරවගන්න පුළුවන් කම තිබුනා. එත් එයා එකේම කලේ නැහැ. එකට එයාට හේතුවක් ඇති. අපි දන්නේ නැහැ මොකක්ද කියලා.
      මගේ පැත්තෙන් නම් මගේ අම්මා අකමැති උනොත් මම පොළොවේ පස් කාලා හරි කමතිකරවගන්නවා. මොන ගැටේ දාලා හරි. මගේ අම්මා හෝ ඔහුගේ අම්මා එකපාර අකමැති උණු පලියට අනේ මගේ අම්මා ඔයාට අකමතිනේ , අපි වෙන්වෙමුද කියලා නම් කවදාවත් කියන්නේ නැහැ. කොහොමහරි කැපවෙලා කැමති කරගනනවා

      Delete
  35. අදමයි මේ පැත්තට ආවේ. මේක කියවලා හිතට මහා මොකක්දෝ වුනා.අනේ මංද ඒ ගෑණු ළමයා අවංකව ආදරේ කලානම් මම හිතනව මීට වැඩිය ටිකක් ඒ ආදරේ දිනාගන්න ටිකක් වැඩිපුර උත්සහ කරන්න තිබුනා කියල. අවුරුදු 23 කියන්නේ ගෑණු ළමයෙකුට උනත් කසාද බඳින්න මහා ලොකු වයසක් නෙවේ.තව අවුරුදු 2ක් හෝ 3ක් දෙමාපියන්ගෙන් ඉල්ලගෙන ඔබත් ස්ථාවරයකට එනකම් ඇයට බලා සිටින්න පුලුවන් කම තිබුනා නේද කියල මටනම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔයාව ආදරෙන් පිලිගන්නවා ගොඩාක් ස්තුතියි මේ පැත්තේ ආවට.මමත් ඉතිං ඉඳල හිටලා ඔයාගේ පැත්තේ ගිහින් තියෙනවා නේ.

      ඒ ආදරේ දිනාගන්න මම ගොඩාක් උත්සහ කළා ඒත් එයාගේ පැත්තෙන් මොනවත් වුනේ නැහැ.එයාට අම්මත් එක්ක කතා කරලා පොඩි හරි විසඳුමක් දෙන්න තිබුනනං මම ගොඩාක් ස්තරවත් වෙනවා.

      Delete
  36. මම මේ දැන් මේ සිංදුව ඇහුවේ. අහලා බ්ලොග් කියවන්න ගත්තම උබගේ පෝස්ට් එක දැක්කා.
    http://www.youtube.com/watch?feature=player_embedded&v=WtAhLpOsC1w

    ReplyDelete
    Replies
    1. මමත් ඒ සිංදුව අහල මේ කමෙන්ට් කලේ.නිකන් මටම ලියපු සින්දුවක් වගේ.ඒ කාලේදී මමත් මේ වගේ සින්දු ගොඩාක් ඇහුවා.දැන් හිතෙනවා ඒක මහා පිස්සු වැඩක් කියල.

      ස්තුතියි යාලුවා.

      Delete
  37. අනුකම්පාව නිසා නෙවෙයි අයියේ...ඒත් මේ කතාවනම් දුකයි.ඔය හිතට හැබෑ ආදරයක් ඉක්මනින්ම ලැබෙයි අයියේ....

    ReplyDelete
    Replies
    1. කතාව දුකක් තමයි.එත ඒ ඉස්සර යාළුවා දැන් නැහැ.හොන්දකෙන්ක් ලැබේවා කියලත් මම හිතනවා.

      Delete
  38. කතාව අහලා මටත් දුක හිතුණා සහෝ, ඒත් ඔයා ඔයාගේ ආදරේට වංචාවක් කරලා නෑනේ, ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් හැමදේම ඔයා කරලා තියෙනවා, ඒ නිසා ඉක්මනට හැමදේම හරියයි.....

    ReplyDelete
    Replies
    1. ඔව මම ඒ කිසිදෙයක් ගැන දුකක් නැහැ.පොඩි ප්‍රශ්න ටිකක් තිබුනා.එකයි ඇහුවේ.
      ස්තුතියි මචං

      Delete
  39. අනේ මන්දා.. අයියා අවංකව ආදරේ කරානේ.. ඒ නිසා දුක් වෙලා වැඩක් නෑ.. මතකය නම් හරියට හිතට වද දෙනවා තමයි. ඒත් කරන්න දෙයක් නෑ.. කොහොම හරි අමතක කරන්න වෙනවා අයියේ..

    ReplyDelete
    Replies
    1. ඔයා දුක් වෙන්න එපා මේ කතාව කියවල.මට දැන් කිසි දුකක් නැහැ.

      Delete
  40. කණගාටුයි. දෙයක් කියන්නං! අාදේ විවාහය කියන්නෙ හුදෙක්ම ජෝක් එකක් විතරයි., එ්ව බැරි උනා කියල කවදාවත් දුක් වෙන්න එපා.

    මෙහෙම කේස් තියන හැම මිනිහටම මම කියන දේ තමයි...........

    Dipun Nirmal Perera
    November 23, 2011
    Dipun Nirmal Perera

    අයිෂේ , අපි ජීවත් වෙලා ඉන්නෙ ටික කාලයයි,
    විඳෝ විඳෝ ඉඳල හරියන්නෑ අයිසෙ!
    වලේ තියන එක මනුස්ස ජීවිතයක් ගොඩගත්තනං ජීවිත කාලයක් සන්තෝසෙං හිටියෑකි බං!

    ReplyDelete
    Replies
    1. විඳවන්නේ නැහැ මමනම්.එත ඒ කාලේ ගොඩාක් දුකෙන් හිටියේ.හේතුව එයා නැතිවුන එක හා එයා ගැන තිබුණු හිතේ කලකිරීම.

      Delete
  41. මේක මම කියවපු සුපිරි කතවක් මචන්.......එල කිරි!!!ඔහොම යමු

    ReplyDelete
    Replies
    1. කොහෙද දැන් හැබෑටම ඔය යන්න කියන්නෙ..අනිත් එක අසර්ට දැන් කියන්නෙ එලකිරි කියලද​??? හිහි...

      Delete
    2. @ එල කොල්ල.= ස්තුතියි මචං එත මේක කතාවක් වෙන්නේ මට වුනු සිදුවීමක් නිසා.

      @ ඇනී = ඔයා යන තැනකට අපිත් එනවා.ඉස්සර කිවුවා එළ කිරි කියල.

      Delete
  42. එයා ඔයාට අවන්කවම ආදරේ කරන්ට ඇති. ඒත්... කෙල්ලො කොල්ලො කියලා නෑ. අපි හැමෝම සමහර වෙලාවට හුඟක් අසරණයි... එයාට වෙන විසඳුමක් තිබුණෙ නැතුව ඇති...

    මගෙ යාළුවෙක් ඉන්නවා. ගෑණු ළමයෙක්. එයා යාළුවෙලා හිටිය පිරිමි ළමයගෙ අම්මා එයලගෙ සම්බන්ධෙට තදින්ම විරුද්ධ උණා.ඒ හින්දම ගෑණු ළමයගෙ ගෙදර අයත් ඒ සම්බන්ධෙට කැමති වුණේ නෑ නැන්දම්මා එයාට වෙනස්කම් කරයි කියලා.ඒත් මේ දෙන්නා අව‍කවම මහ හුඟාක් ආදරේ කළා.පිරිමි ළමයගෙ අම්මා කිවුවා " උඹ ඔය කෙල්ලව බැන්ඳොත් මම වහ බොනවා බොනවාමයි" කියලා. ඒ වගේම එයාට වෙන ගෑණු ළමයෙක්ව බඳින්නත් කිවුවා.තමන් ආදරය කරපු ගෑණූ ළමයයි, දස මාසයක් කුසේ තියන් ඉදලා ලෝකෙට බිහි කරපු අම්මයි අතරේ පිරිමි ළමයා අසරණ උණා. ඒයා අම්මලා ගෙනාපු ප්‍රොපෝසල් එකට අන්තිමේදි කැමති උණා. දැන් බබාලා දෙන්නෙකුත් ඉන්නවා. ඒත් අර ගෑනු ළමයා තාම බැඳලා නෑ. කවදාවත් බඳින්නෙත් නෑ කියලයි කියන්නේ.ගෙදරින් ගේන එක ප්‍රොපෝසල් එකකටවත් තව වෙනතුරුත් එයා කැමති උණේ නෑ. දැන් වයස අවුරුදු තිස් හතරක්.... කාගෙද මේ කතාවෙ වැරැද්ද??? හැමෝම අසරණයි.ඒත් හිතින් විඳවනවා...

    ReplyDelete
    Replies
    1. මගේ කතාවට වඩා ඔයාගේ යාළුවා ගැන මටත් දුක හිතුනා.මොනවා වුනාත් ඒ ගෑනු ළමයා ග්‍රේඩ් .අම්මල ඒ වගේ තීරණ ගන්නේ මොන හිතකින්ද කියල හිතාගන්න බැහැ.අපිත් කවදාහරි දෙමාපියෝ වුනු දවසක තේරේවි.

      ස්තුතියි මේ පැත්තේ ආවට.

      Delete
  43. මේක කොහොම හරි මග හැරිලා .... දැනුයි දැක්කේ. අසරණයත් අසරණ වෙන වැඩක් නේ වෙලා තියෙන්නේ. ජීවිතේ හැටි ඔහොම තමයි .... වෙන්න තියන දේවල් වලක්වන්න අපිට බෑනේ.

    ReplyDelete
    Replies
    1. මට වෙන්නෙම මාව අසරණ වෙන වැඩමයි.එත් හැම දුකක්ම ටික කාලයයි නේ.හැම දෙයක්ම වෙන්නේ හොඳට නේ.

      Delete
  44. ඔළුවට උදේම යකඩ පොලු පාරක් වැදුන වගේ බොල... දුක්වෙන්න දෙයක් නා. කෙල්ලත් හරි කොල්ලත් හරි.. මොකද මම දන්නා කෙල්ලෙකුත් ඉන්නවා මේ කතාවේ කෙල්ල වගේම. තවමත් ඒ කෙල්ල අර කොල්ලගේ පින්තුරු සිහිවටන ලියුම් තියාගෙන ඉන්නවා. එකී ඒ කොල්ලට ඇත්තටම ආදරේ කරලා. කොල්ල ඒකිව දාල ගිහින්. තවමත් ඒකිට ඒ ආදරේ අමතක කරන්න බෑ.. පවු...

    ReplyDelete
  45. මම දන්නවා කියවන ගොඩාක් දෙනෙක්ට අප්සෙට් යනවා කියල.එත් මට දැන් කිසි දුකක් නැහැ.එච්චර හිතාන්න එපා.තමන්ගේ ආදරේ වෙනුවෙන් ජිවිත කාලෙම දුක් විඳින පෙම්වතුනුත් ඉන්නවා.

    ස්තුතියි යාළුවා.

    ReplyDelete
  46. කතාව අහලා මටත් ගොඩක් දුකයි අසරණයෝ.හිත හදාගන්න

    ReplyDelete
    Replies
    1. මට දුකක් නැහැ අවුරුදු 3 විතර කලින් නේ.ඒ කාලෙම මම හිත හදාගත්තා.

      ස්තුතියි මේ පැත්තේ ආවට.

      Delete
  47. මචන් මෙහෙත් එකම කථාව.
    මට එකක් කීවැකි සහතිකෙන්ම ඒකි උඹට ආදරේ කරේ නෑ.
    මටත් ඔහොමමයි වුනේ මචන්.ගෙදරින් කැමති එකා එක්ක ඉන්න ගමනුත් මට කීවෙ ඒකිට ඒකා ගැන හැඟීමක් නෑ එහෙම බුදු ටෝක්.
    මාත් විශ්වාශ කරා.එකම එක දවසක් මම ඒකිගෙ ගී මේල් ලොග් වෙලා චැට් හිස්ට්‍රිය බලනකම් විතරයි විශ්වාසෙ තිබ්බෙ.ඒකෙ මම දැකපුවා වෙන කොල්ලෙක්ට දකින්න හම්බෙන්න එපා කියා තමා මම හිතන්නෙ.
    ආහ් අමතක වුනා මම අවුරුදු 4ක් ලව් කරපු එක මෙහෙම කරේ.ඉතින් අනිත් වුන් ගැන කියන්න දෙයක් නෑනෙ මචන්.

    ReplyDelete
  48. මට තේරෙනවා මචං.මමත් ඒ දුක වින්ද්දා .උපරිමෙන්ම වින්දා.විශ්වාස කරන්නම බැරි සත්ව කොට්ටාශයක් නේ මිනිස් සතා.උඹට ඊට වැඩ හොඳ කෙනෙක් ලැබේවි.උඹ වරදක් කරලා නැහැ නේ.මාරකයක් පැන්නා කියල හිතාගනින්.

    ReplyDelete
  49. උබේ බ්ලොග් එක ඊයෙ වැඩට ගිහින් කියවන්න අරන් දැන් ඉවර කලේ... උබ ලියනව සිරා මචන්.. පණ් පිහිටුවල ලියන ගතියක් තියෙනවා... උබේ බ්ලොගේ මෙච්චර කල් කොහොම මගඇරුනද මන්දා...

    සුබ පතනවා මචන් දිගටම ලියපන්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං මාව ඇගය කිරීම ගැන.හැබැයි මේක කියවන්න ගිහින් වැඩ මග හැරිලා ප්‍රශ්න එහෙම දාගන්නවා නෙවෙයි.

      Delete
  50. මං දන්නෑ අසරණයෝ මම හරිද කියලා හැබැයි... ඔයා ලියපු ටික කියවපුවාම මට හිතුනෙත් එයා ඔයාට ඇත්තටම ආදරය කළාද කියලා... ඒත් කාගෙවත් ආදරයක් judge කරන්න මං කවුද... ඒ ළමයම තමයි ඒක දන්නෙ....

    ReplyDelete
    Replies
    1. මටත් අක්ක හිතපු දේම ගොඩාක් දවස වලට හිතිලා තියෙනවා.ඒත් අපිට කිසි ප්‍රශ්නයක් එන්න කලින් එයා හැසුරුණු විදියෙන් මට දැනුනා මට ආදරේ ඇතියි කියල. මොකද දැන් හදිස්සියෙන් වගේ අපේ පැත්තේ ගොඩ වෙන්නේ බිසී නේද?

      Delete
  51. me story eka dakela mata mawama mathak una....!!! mamath mehema kela kenek ta. eth ehem kale adare nathi nisa nemyi eyata...family eke only child una mata ammi & thathi ta dukak denna bari nisa & e wedith eya married nisa...eth ada mama man gatha e theranaya gana sathutu.... ada mama hoda husbond kenek inna podi keli pattek inna ammi kenek.. oyata godaaaak adaraya kerana kenek labena kiyala wish kerenewa..gd bless u..!!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඉතිං ඔයාගේ පැත්තෙන් බලද්දී සාධාරණයි.අපේ හැම දෙයකටම මොනවා හරි හේතුවක් තියෙනවා.ඒ දේවල් නිසා හැම දෙයම හොඳින් සිද්ද වෙනවා.

      ස්තුතියි ශිවන්ති.

      Delete
  52. මගේ කියලා කවුරුත් නැති රටක තනියම ඉන්න මගේ ජීවිතේටත් ඔහොම කෙනෙක් ආවා... ඒ කාලෙ හැමොම මගෙන් අහනවා ඇයි ඔච්චර සතුටින් කියලා.... මාස 6ක් විතර හැම දේකතම ලගින් හිටපු කෙනා එක පාරටම "i'm seeing another girl" කියලා කිවුවම...... මේ දේ සිද්ද වෙලා තාම මාස 3ක් වත් නැහැ.... මමත් ඔය විදියට හිතුවා.. එයා ඒ කලේ බොරුවක් ද කියලා.... හොදම දේ තමයි අපි එකම තැන වැඩ කරන්නේ.... (මේ කතාවට අදාල පුද්ගලයා විදේශිකයෙක්)

    ReplyDelete
    Replies
    1. මිනිස්සු වෙනස් වෙන්නේ අපි නොහිතන විදියට.ඒත් කාලයක් දුකින් හිටියට පස්සේ සතුටු වෙන්න පුළුවන්.ඔයාත් දුක් වෙන්න එපා.

      Delete
  53. මම අදනෙ මේක දැක්කේ.
    සිරාව්ටම දුක හිතුනා බන් උඹ ගැන.බොක්කටම දැනුනා කතාව.
    මොනවා කරන්නද ඉතින්, අපි හැමෝම වගේ ඔය වගේ දුක් හිතේ හිර කරගෙන ඉන්න අය තමයි.අන්තිමට ඒ දුක, දුකක්ද කියලා නොදැනෙන තරම්ම අපි ඒකට හුරු වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙනම් ගොඩාක් දුක දැනුනා.පස්සේ ඒ හැම දෙයක්ම අතීතයට එකතු වුනා දැන්නම් කිසි දුකක් නැහැ.

      Delete
  54. ������������ matath okamai

    ReplyDelete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...