14 Aug 2012

උඹ හොරෙන් තියාගෙන ඉන්නවනේ. මටත් දියන්කෝ.



                          හිස ජෙල් ගෑම,එලියට  යද්දී විලවුන් ගෑම, වගේ පුරුදු  ඒ කාලේ ඉඳලම තිබුනා. ඉස්කෝලේ කාලේ දී ගෑවේ තිබුන මිල අඩුම  එක. දැන් මාසෙන් ඉවර කරන එක  ඒ කාලේ මාස  6ක් විතර ගෑවා. ඒ ඔළුව ඒ කොන්ඩේ ප්‍රමාණයත් එකම වගේ ඒත් පිරිමැස්ම හොඳට තිබුන මගේ ජෙල් අඩුවෙන් වතුර වැඩියෙන් පාවිච්චිකරපු නිසා අමාරුවෙන් කල් ඉකුත්වීමේ දිනට පෙර කොහොම හරි ඉවර කරගත්තා. රැකියාවට කොළඹ ආවයින් පස්සේ ඉතින් ඔළුව පිරෙන්නම ජෙල් කිරීම ඉබේම පුරුදු උනා. මොකද උදේ පිටත් වුනාම හවස එනකන්ම කොන්ඩේ එකම විදියට තියාගන්න තිබුන එකම විකල්පයනේ. අපේ අක්කා (ලොකු අම්මගේ දුව) වැඩ කලේ  ජෙල්, සබන්, ක්‍රීම්, වගේ නිෂ්පාදනය කරන ලංකාවේ ප්‍රධාන ආයතනයක. විද්‍යා අංශයේ හිටපු ඇය අලුත් නිෂ්පාදන කරන්නේ අක්කා සහා එයාගේ කණ්ඩායම. අලුත් දෙයක් නිෂ්පාදනය කරද්දී මට තිබුන වාසියනම් කියල වැඩක් නැහැ. හැම දෙයක්ම වෙළඳ පොලට දාන්න කලින් ටෙස්ට් කරනවා. ලැබ් වල ටෙස්ට් කරයින් පස්සේ  පාරිභෝගිකයෝ කිහිප දෙනෙක් හරහා සමීක්ෂණයක් කරලා ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව හොඳම නිෂ්පාදනය තමා  වෙළඳ පොලට නිකුත් කරන්නේ.

ඉස්සර  ලැබෙනවා ජෙල් බෝතල් 10ක් විතර සුවඳ විලවුන් බෝතල්, අලුත් ක්‍රීම් වර්ග හැම දෙයක්ම වගේ. ඒ හැම බෝතලයක් එක්ක පොඩි ෆෝර්ම් එකකුත් ලැබෙනවා. යාළුවො අතරේ බෙදලා හැමෝගෙම අවංක අදහස් ලියන්න. මේ සාම්පල් ලැබෙන්නේ වෙළඳ පොලට අලුතින් දාන්න තිබෙන  ඇසුරුමේ නෙවෙයි දැනට තියෙන   කුමක් හෝ බෝතලයක. මොකද අලුත් ඇසුරුමේ හැඩය මිනිසුන් දැනගැනීම වැලක් වීමට. ෆර්ෆිම් වගේ ලැබුනාම මට තව කෙනෙකුට බෙදල දෙන්න හිත දෙන්නෙම නැහැ. ඇතැම් දවස් වල මම තනියෙම ෆෝර්ම් ටික අකුරු වෙනස් කරලා පෑනේ පාට වෙනස් කරලා අත්දෙක මාරු කරලා පුරවල දීලා ඒ හැම නිෂ්පාදනයක්ම තනියෙන් බුක්තිවින්දා.  එහෙම නැත්නම් යාළුවො ආපු වෙලාවක ඒ බෝතල් ඉඹින්න දීලා ෆෝර්ම් පුරෝපු වෙලාවලුත් තිබ්බා. මම දන්නා විදියට මා හරහා ටෙස්ට් කරපු නිෂ්පාදන වෙළඳ පොලෙ වැඩිකල් තිබ්බේ නැහැ.

ගැහැණු ළමයින් වෙනුවෙන් නිෂ්පාදනය කරන ඒවා දුන්නෙත් මට. ෆේෂ් වොෂ්, සබන් ජාති, තව අනම් මනං හැම දෙයක්ම.  අප්පේ..... බලන්න එපැයි ඒ කාලේ ගෑනු ළමයි මම වැඩට එනකන් බලන් හිටිය විදිය. ඒත් මම වැඩිය එයාලට බෙදන්න  ගියේ නැහැ ඒවත්  මමම ගෑවා. ටෙස්ට් එකරන්න දෙන ඒවා විස වෙලා ලස්සනට තියෙන මුණ කැත වුනොත් බඳින්න ඉන්න කොල්ලොන්ගෙන්  ගුටි කද්දී ඔය කිසිම ආයතනයක් එන්නේ නැහැ නේ මාව බේරගන්න. කාලෙකට කලින් වෙනත් ආයතනයක ෂැම්පු වගයක් මේ විදියට ටෙස්ට් කරන්න දීලා  මාතර පැත්තේ ගෑණු ළමයෙකුගේ කොන්ඩේ කපන්න වෙලා. ඊට කලින් අවුරුද්දේ අවුරුදු කුමාරිය වුන ඇයගේ කොන්ඩේ කපන්න වෙලා තියෙන්නේ ඇස්වහ කටවහා හින්දා කියල ඒ ගමේ වයසක මිනිස්සුනම් කියල තියෙන්නේ. කොහොම වුනාත් ලක්ෂ 10 වන්දියක්නම් ඒ ආයතනයෙන් ලැබිලා තිබුනා ලු. මම ලංකාවෙන් එද්දී දුක් වුන යාලුවො වැඩි දෙනා මේවා භාවිතා කරපු අය. ඒ දුක් වුනේ ඔවුන්ගෙන් වෙන් වෙනවට නෙවෙයි නිකන් ලැබෙන දේ නොලැබෙන හින්ද. මමත්  ඒවා දුන්නු  අක්කත් දැන් ලංකාවේ නැහැ.

දවසක්  නාන්න ගියපුවෙලේ  බාත්රූම් එකේ නානප්ප්‍රකාර බෝතල්. මට ටෙස්ට් කරන්න නොදුන්න නිෂ්පාදනත් තිබුනා  ලස්සන ලස්සන බෝතල් වල දාපු ඒවා, රට බෝතල්, මේ හැම එකකම මොනවා හරි දෙයක් තිබුනා. පිරිමි නිෂ්පාදන කියල බැලු බැල්මට පේන්න කිසි දෙයක් තිබුනේ නැහැ. වැඩේ සාධාරණයි මොකද  එහෙම දෙයක් තියෙනවනම් මට දෙනවා නේ. පිරිමින්ටත් ගැහැණුන්ටත් ගැලපෙන දෙයකට තිබුනේ මවුත් වොෂ් එකක් විතරයි. ඒත් ඒ බෝතලේ තිබුන ලේබල් එක ගලවලා සුදු පාටින් තිබුන වචන දෙකක්. දිග වචනේ අමාරුවෙන් කියෙවුවාත් තේරුම ගන්න බැරි වුනා විද්‍යාත්මක නමක් තිබුනේ. අනිත් වචනේනම් පුළුවන් "සාම්පල්" කියල තිබුනේ. මොනව කරන්නද ලස්සන වෙන්න ගාන කිසි දෙයක් තිබුනේ නැති කොට නාලා ඉවර වෙලා දත් ටික මදින්න මවුත් වොෂ් එක හලාගත්තා ටිකක් වැඩිපුර, නිකන් ලැබෙන දේ නේ. ඒත් වෙනදා පාවිච්චිකරන ඒවාට වඩා වෙනස් රසයක් දැනුනේ මම හිතුවා කලින් ඒවාට වඩා හොඳ නිෂ්පාදනයක් වෙන්න ඇති. කරාබු නැටි ටිකක් වැඩිපුර දාලා ඒ නිසා මෙහෙම වෙන්නේ. සතියකට කලින්  කාපුවත් උගුරට එනවා වගේ දැනුනා. අමාරුවෙන් ඒවාත් නවත්වගෙන කටේ තියෙන දියරය හක්කෙන් ඒ පැත්තටයි මේ පැත්තටයි මාරුකරලා උගුරත්  හෝදලා වතුරෙන් කට හොදද්දී බෝල බෝල කටින් පිට වුනා. කවදාවත් මෙහෙම දෙයක්  දැකල නැහැ මට හිතුනා සමහර විට පොඩි වුන්ට හදපු එකක්ද දන්නෙත් නැහැ නේ දත් මැදීම පුරුදු කරන්න. තව වතුරෙන් කට හෝදද්දී පෙන වගේ පිට වෙන්නේ නවතින්නෙම නැහැ. දහ වතාවක් විතර සේදුවයින් පස්සේ  ටිකක් සාමාන්‍ය තත්වෙට ආවේ.  කෝකටත් කියල එලියට යද්දී බෝතලෙත් අරන් ගියා. අක්කත් ඉන්නවා සාලෙට වෙලා.

"අක්කේ මේ... මොනවද ටිකක් සුවඳයි."
"අහ්.. මේ අපි අළුතින් හදපු හර්බල් ශේම්පු ඒක කොන්ඩේ කැඩෙනවට හොඳයි. ටෙස්ට් කරන්න තියෙන්නේ. තවම මර්කර්ට් එකේ නැහැ. ඕනේනම් අරන් යන්න."


                                          සබන් බෝල බෝල ගියේ මෙහෙමයි.

ආයෙත් එහෙම්මම ගිහින් දොර වහගත්තා. කවදත් අපිට පුරුදු සිග්නල් වලින්ම දත් මැදලා එලියට ආවේ. ඒත් පැය ගානක් යනම් කටේ අපුල ගතිය ගියේ නැහැ.

හිටපු ගමන් මම බෝඩිමේ ඉන්න කම්මැලි හිතුනාම එහෙ ඉඳං වැඩට යන්නේ.  එහෙම යද්දී මම පාවිච්චිකරන ජෙල් එහෙම අරන් යන්නේ නැහැ. ඒ කාලේ ඒ/සී එකේ ඉද්දි හම වෙලේනවට මම ක්‍රීම් එකක් ගෑවා පුරුද්දක් විදියට. එහෙ යද්දී මොකටද ක්‍රීම් වුනත් අරන් යන්නේ. බෑග් ඒක බර වැඩි වෙන ඒක විතරයි නේ. උදේට වැඩට යද්දී හොරෙන් අක්කගේ කබඩ් ඒක ඇරලා ලස්සන බෝතලයකින් ටිකක් ගාගෙන ගැහැණු ෆර්ෆිම් ටිකක් දෙපැත්තට විදගෙන මම යන්නේ. ප්‍රංශ සමාගමකින් මෙයාලගේ  නිෂ්පාදනයට අමුද්‍රව්‍ය ලැබෙනේ. ඉතින් තිබුනේ හොඳම දේ වගේම ලංකාවේදී දැකලම නැති බෝතල්. එදා ගෑවා ක්‍රීම් එකනම් වෙනදා ගාපු එකට වඩා වෙනස් හොඳට තෙතමනය තියෙනවා සුවඳත් හොඳයි. ඒ පුරුද්දට මම තව දවසක් අක්කට හොරෙන් ඒ ක්‍රීම් එකම ගාගෙන ගියේ.  ඔෆිස් එකේදී දවල් කෑමට කලින් ඇතැම් දවස් වලට අතේ වැලමිට ළඟ ඉඳල හෝදගෙන  මුණත් බෙල්ලත් එක්ක හෝදගෙන ෆ්රේෂ් එකේ කැමට යන්නේ. එතකොට ගොඩාක් කන්න පුළුවන්. එදා දවල්  අතේ වතුර ගැවෙද්දී සුදුපාටට මතු වුනා අමුතුවට. වතුර දාන්න දාන්නා පෙන එනවා . කල්පනා කරලා බැලුවා වොෂ් රූම් එකේ කවදාවත් බෙහෙතකට සබන් කැල්ලක් හොයාගන්න නැහැ. ඒත් අතේ සබන් තියෙන්න කොහොමද කියල කල්පනා කරද්දී පිටිපස්සෙන් ආපු එකා ටිකක් බලං ඉඳලා කියනවා " උඹ හොරාවගේ සබන් කෑල්ලක් ගෙනල්ලා තනියෙන්ම පාවිච්චි කරනවා නේ. මටත් ටිකක් දියන්කෝ අත්දෙක පොඩ්ඩක් හෝදගන්න."  
අඩේ මචං මේ අන්තිම ටික නේ.  අදයි ඒ සබන් කෑල්ල ඉවර වුනේ. දන්නවනේ මෙතන තිබ්බොත් ඉතිං රෙදි හෝදන්නත් කට්ටිය එනවනේ."  නෝන්ඩි නොවී එදා බේරුනා. ඊළඟ සතියේ ඇවීත් මුණේ ගාන ක්‍රීම් අත්වල  ගාන ඒවා ෆෙර්ෆුම් අතරේ අර ලස්සන බෝතලේ අතට අරන් බැලුවා. බාත්රූම් එකේ තියෙන ඕනේ දෙයක් අල්මාරිය ඇතුලේ. අනේ එකත් පිටරට ෂැම්පු එකක්.


ප/ලි  මේ කතාවත් මතක වුනේ හෙන්රි අයියගේ  මට හිතෙන හැටි බ්ලොග් එකේ මේ පොස්ට් එක කියෙවුවාම.

හැමදාම වගේ සිත්තරේ තිළිනිගෙන්.


මේ ටිකේ යාලුවෝ ගොඩ දෙනෙකුගේ පොස්ට් කියවන්න බැරි වුනා. ටිකක් වැඩ වැඩි වුනා. තරහ නැතිව ඇති කියල හිතනවා.මොකද මේ සතියේ බදාදා ලංකාවට යන්න හිතාගෙන ඉන්නේ. එහෙනම් අපි ටික දවසකින් ආයේ හමු වෙමු.  

154 comments:

  1. හොඳ වැඩේ නොදන්නා ඒවා ගාන්න යනවට :පී
    සිත්තරේ නම් නියමයි හැමදාම වගේ..:)
    එහෙනම් ඉතින් පරිස්සමට ඇවිත් ලංකාවට ගොඩබහින්න කෝ..
    සුබ ගමන්!!

    ReplyDelete
    Replies
    1. ආ..මම එක වෙලා.

      Delete
    2. ඒ කාලේ මොනවද කොහේ ගාන්වද කාගේද, මේ කිසි දෙයක් ගැන හොයල බැලුවේ නැහැ ලැබුන දේ ගෑවා..

      ස්තුතියි යාළුවා.

      ඔයා එක නිසා දෙන්නම් දත් මදින ශේම්පු එක.

      Delete
    3. අලේ තැන්කු :)
      නිකන් දෙනවනම් ඉතින් කමක් නෑ

      Delete
  2. හය්යු...ඔයිටත් වෙන වැඩ .අපේ අය්යා දවසක් වතුර කියල හදිස්සියට සර්ජිකල් බීල තිබුන...මට ඒක මතක් උනා පොස්ටුව කියෙව්වම.

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකද වුනේ ටිකක් අමාරුවෙන්න ති බඩ දනවා නේද?

      Delete
    2. අපේ ගෙදර මේසයක් උඩ අලුත්ම පැණි බෝතලයක් තිබුන දවසක් මං ඉස්කෝලේ ගිහින් එද්දී. පැණි වැඩිය කන්න දෙන්නේ නැති නිසා කවුරුත් එන්න කලින් ටිකක් වැඩිපුර හලා ගත්ත කටට... කිසිම රසක් නෑ. එහෙම්මම දැම්ම බිමට. පස්සෙයි දන්නේ ඒ ඔයිල් බෝතලයක් කියල. :)

      Delete
    3. චන්දන වෙලාවට තණකොළ බෙහෙත් එහෙම තිබුනේ නැත්තේ.

      Delete
  3. අපේ එකෙක් ටූත්පේස් කියල වින්ටජිනෝ වලින් දත්මැද්ද. කතා සීරීස් එකක් තියනව ඔයගැන. දාන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඕව් ඒක ගොඩක් දෙනෙක්ට සිද්ද වෙන දෙයක්. පුරුද්දට මුඩිය ඇරලා දත් මදිද්දී තමා රසය දැනෙන්නේ.

      Delete
  4. ආ වරෙන් වරෙන් ලංකාවට අපේ ඔබනොදුටු ලොවක් සහෝත් උඹ එන දවස්වලම ලංකාවට එනව මං හිතන්නේ උබේ පොස්ට් එක කියෙව්වම මතක් උනේ අපේ පරන ඔෆිස් එකේ හිටපු කෙල්ලෙක් කියපු කතාවක් දවසක් එකිගේ තාත්තා මුනේ ගාන ක්‍රිම් කියලා කෙල්ල කකුලේ මයිල් ගලොන ක්‍රිම් එක මුනේ ගාගෙන හික්ස්

    ReplyDelete
    Replies
    1. නුදුට්ටා එනවද ලංකාවට. ආවම සෙට් වෙමු.

      ඉතින් ඒ තාත්තට ආයේ රැවුල කපන්න ඕනේ නැතුව ඇති. එකත හොඳ ක්‍රමයක්. පුදුම කරදරයක් නේ තියෙන්නේ මේ රැවුලත් එක්ක.

      Delete
  5. කියවගෙන එද්දි හෙන්රියගෙ කතාවමයි මතක් වුනේ.

    මචං ජෙල් අමුවෙන් ගානවට වඩා වතුර එක්ක ගෑවම කොන්ඩෙ හදන්න ලේසි බං

    ReplyDelete
    Replies
    1. මගේ කතාව මතක වුනේ ඒ පොස්ට් ඒක කියෙවුවාම.

      ඒ හැම විදියකින්ම ජෙල් ගානවා. නවත්වන්න හිතෙන්නෙම නැහැ.

      Delete
  6. අපිනම් තරහයි. අර ගෑණු ළමයින්ගේ නිෂ්පාදන වලට ඇතුලත් සනීපාරක්ෂක තුවා උඹ වෙන වැඩකට පාවිච්චි කරා කියලා කොල්ලෝ කියන්නේ.... :) ;)

    ReplyDelete
    Replies
    1. ඒ ආයතනයේ ඒ ජාතියේ තුවා හදන්නේ නැහැලු. මොනවද බං එවන් කරන්න පුළුවන් තව වැඩ? ටිකක් ලොකුවට තිබුනනං නාලා ඇඟපතවත් පිහදගන්න තිබුන නේ. හෙක් හෙක්..

      Delete
  7. මමත් පොඩිකාලේ අපේ අර මම කියලා තියන ටල් මාමාගේ ක්‍රීම් එකක් ඔලුවේ ගෑවා අන්තිමට බලනකොට ඒක අලුහං ක්‍රීම් එකක්

    ReplyDelete
    Replies
    1. ඒවා ගැවම අල්ට්‍රා ස්ට්‍රොන්ග් ගෑව වගේ ඇති නේ. දවස් දෙකක් නැවත් කොන්ඩේ ඒ වගේමයි.

      Delete
  8. පොච්චියේ .... උඹ හරි ඩේන්ජරස් වැඩ නෙව කරල තියෙන්නෙ. ඇයි යකඩො කැමැත්තෙන් රට හාවෙක් වෙච්ච එකෙක් ගැන මම මේ ඇහුවමයි.

    ReplyDelete
    Replies
    1. ඒ මොකද බං රට හාවෙක් වෙනවා කියන්නේ සිරාවට තේරුනේ නැහැ.

      Delete
    2. ඒ කිව්වෙ බං ඔය මීයො වගේ පරීක්‍ෂණ කරන්න ගන්න එවුන් ගැන. උඹට ඉතිං ඔය අසරණ මූණ දිහා බලං මීයයි කියන්නෙ කොහොමෙයි. ඒකයි ටිකක් මොඩ් කරල රට හාවා කිව්වෙ.

      Delete
    3. රට හාවා ලස්සනයි නේ.

      Delete
  9. හොද වැඩේ හොරෙන් ගාන්න යනවට.වෙලාවට ව්සක් විසක් නොවුනෙ. ලංකාවට එනවා කිව්වා.හොදා හොදා....

    ReplyDelete
    Replies
    1. කොහොමද කොන්ඩේ හැලෙන් හැම දියවෙන් මොනවා හරි දෙයක් වුනානම්. අම්මෝ එහෙම වුනානම් මමනම් මැරෙනවා.

      ස්තුතියි..

      Delete
  10. මූට වෙලා තියන වැඩ.....

    බොට වසක් විසක් නොකැවි බේරුනා ඇති

    ReplyDelete
    Replies
    1. අත පයක ඔය මොනව හරි ගෑවත් කන්නේනම් නැහැ කිසි දෙයක්.

      Delete
  11. මාත් කාලයක් ඔහොම සමාගමක ට්‍රේනින් හිටියා,
    ඒ දවස් වල ගාපු ජෙල් වලටද කොහෙද ඒ ටිකේ හෙනටම කොණ්ඩේ ගියා
    දැන්නම් ඉදලා හිටලා තමයි ජෙල් පාවිච්චිය

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තියෙන සමහර ජෙල් වලට කොන්ඩේ යනවා. එත හරියටම නෝට් කරලා නැහැ මොකක් ගෑවමද එහෙම වෙන්නේ කියලා.

      Delete
  12. අර උඩ කොන්ඩ කුරුල්ලෙක් වගේ කොන්ඩයක් තියෙන පින්තූරය ඔයාගේ නේද? මට නම් ඔයාව අඳුනගන්ට පුලුවන්වෙයි. කොන්ඩේ කූරු උඩට තියන, ලඟින් යද්දි සුවඳ හමන කෙනෙක් වෙන්ට ඕනේනේ.:)

    අර ෂැම්පු දාලා දත් මැද්ද කතාව අහපුවාම හිනා ගියා. හොඳ වෙලාවට ඒවායින් මැදලා දත් ටික කලු උනේ නැත්තේ. එහෙම උනා නම් ලේසියෙන්ම අඳුනගන්ට තිබුනා හී හී.....

    ReplyDelete
    Replies
    1. ඒ පින්තුරේ ඉන්නේ මම නෙවෙයි. වෙන කෙනෙක්. ඒත් කොන්ඩේ ජෙල් කරාම ඒ වගේ තමා. ජෙල් කරපුවාම සුවඳ තියෙන්නේ ටික වෙලාවයි. කොන්ඩේ ගල් වගේ හයි වුනාම සුවඳ යනවා.

      කොන්ඩේ කළුවෙන ශේම්පු එකක් වුනානම් දත් ටිකත් කලුවෙයි. වෙලාවට කොන්ඩේ ශක්තිය වැඩි වෙන එකක් වුනේ.

      Delete
    2. // කොන්ඩේ කළුවෙන ශේම්පු එකක් වුනානම් දත් ටිකත් කලුවෙයි. වෙලාවට කොන්ඩේ ශක්තිය වැඩි වෙන එකක් වුනේ. //

      එහෙනම් ඉතිං “ඇල්ලුවට හපන්න පුළුවන් ද?“ කියල කවුරුත් උඹෙන් අහන එකක් නෑ.

      Delete
    3. තවමනම් නැහැ. හොරෙන්නේ හපන්නේ.

      Delete
  13. තාමත් ඔයා ක්‍රීම් ශැම්පු වලට ආසද ? වැඩිය පාවිච්චිය හොදනෑ ..
    …ලංකාවට ආවම කතා කරන්න.

    ReplyDelete
    Replies
    1. ෂැම්පු කරන්නේ ඉඳල හිටලා ඒත් වැඩට යද්දී ක්‍රීම් එකක් ගාගෙන යන්නේ.

      Delete
  14. දැනගෙන කන්න ඕනෙ වැඩනෙ....නුවර ආවොත් එන්න....

    ReplyDelete
    Replies
    1. හරි මල්ලි මම එන්න කලින් මැසේජ් එකක් දැන්නම්.

      Delete
  15. ලැබ් ‍රැට් කෙනෙක් වුනාම ඔහොම තමයි

    ReplyDelete
    Replies
    1. මට හොඳටම විශ්වාසයි ඒ හදපුවා හොඳ ඒවා කියලා. නැත්නම් මම මේ වෙද්දී දියවෙලා ගිහින්.

      Delete
  16. නිකං දුන්නම දෙමල පත්තරේවත් එපැයි කියනවය අපි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත වැඩක් නැති වුනාත් නිකන් දෙන නිසා ගන්නවා.

      Delete
  17. ඔක්කොමත් හරි සිත්තර අඳින්නෙ කවුද කියන එක තමා ප්‍රශ්නෙ.. මෙච්චර කල් හිතන් හිටියෙ එව්වා අසර්ගෙ සිත්තර කියලා..

    ReplyDelete
    Replies
    1. නැහැ මම ඉතින් මචන් හැමදාම යටින් දානවනේ සිත්තරේ අඳින කෙනාගේ නම. අදත් ඉතින් එයාම තමා.

      Delete
  18. හිහිහි... අසරණයා කියලා තමා කියන්න වෙන්නේ.. මම දැක්කා කාගේද මන්දා බ්ලොග් එකක air freshener ඇඟට ගහ ගත්ත සීන් එකකුත්.. :D

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙකුත් ඉන්නවා බේගොන් එකක් ඇඟේ ගා ගෙන කෙල්ල බලන්න ගියපු එකෙක්.

      Delete
  19. සිද්ධවෙලා තියෙන්නෙ අනාගැනීම් වුනත්, පෝස්ට් එක හුගාක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඒ අයි පොස්ට් ඒක වටින්නේ. ආදර්ශයට ගන්න දෙයක් තිබේද??.. හෙක්ස්‌..

      Delete
  20. අනේ අසරණයා....

    ReplyDelete
  21. නිකන් හම්බවෙනවානම් මොනවා උනහම මොකෝ නේද අසර්?

    ReplyDelete
    Replies
    1. ඕව් නිකන් ලැබෙන දේ තව කෙනෙක්ට දෙන්න හිතන්නෙත් නැහැ. මොකද මමත් ඉතින් ඒවාට ලැදි නේ...

      Delete
  22. ගිනි පිග් කෙනෙක් නේ බං උඹ! නිකං හම්බෙනවනම් දෙමළ පත්තරේ උනත් මොකෝ! නේද බං! safe journey!

    ReplyDelete
    Replies
    1. ඇත්ත නිකන් ලැබෙන හැම දේම ගන්න හොඳ නැහැ බං. මම දන ඉස්සර වගේ නෙවෙයි.

      ස්තුතියි..

      Delete
  23. අයියෝ ඔයාටත් වෙන වැඩ !

    ReplyDelete
    Replies
    1. හික්ස්.. මොනවා කරනනද ඒ කාලේ අතේ බැඳපු ඔරලෝසුව හොඳ නැහැ නේ..

      Delete
  24. අඩේ ක්‍රීම් කියන ජාතියනං මට හෙන අප්පිරියයි ඈ...
    මිනිස්සු කෝම ගාං ඉන්නවද මන්දා..

    ReplyDelete
    Replies
    1. එහෙම අප්පිරිය වෙන්න එපා. සුවඳ ගහද්දි කොල්ලෝ කැමති නේ.

      Delete
    2. කොල්ලෝ කැමතියි :ඕ

      Delete
    3. නෑ නෑ කෙල්ලෝ කෙල්ලෝ... වැරදී අදහසක් ආවද නැහැ නේ.

      Delete
  25. ඔයාගෙ ඉත්තෑකූරු ඔලුව නියමයි ඈ...

    ReplyDelete
    Replies
    1. ආරක්ෂාවට තියන ඉන්නේ. ලන්ට ආවොත් අනිනවා එතකොට සතුරාගේ බයටම එන්නේ නැහැ.

      Delete
  26. හික් හික් මරු සීන් ටිකක් නේ...අපේ එකෙක් ඔය වගේ දන්නේ නැතුව ඒ කාලේ ආපු සුදු පාට හෙයා ජෙල් එකක් මූනේ ගාගෙන මූන කො‍ටු රෝල් පොත වගේ උනා....

    ReplyDelete
    Replies
    1. මුනට මොනවා හරි වුනානම් ඉතින් වැඩක් නැහැ. ඉතින් මොකෝ වුනේ පස්සේ හරි ගියාද?

      Delete
  27. ඔහොම ජෙල් ගාලා කොණ්ඩෙට හානි වුනේ නැද්ද ? මගේ නම් එහෙම වෙලා වැඩේ නැවැත්තුවා... සිරාට හිටියෙ නෑනෙ මෙහෙම අක්කලා හැබෑට...

    ReplyDelete
    Replies
    1. කොණ්ඩෙට මොනවත් වුනේනම් නැහැ. හැලෙන ගතිය ටිකක් තිබ්බා. ඒත් දැන්නම් ඒ ගතිය නැත්තේම නැති තරම් ලංකාවේ තියෙන ජාති කිහිපයක් ඔලුවට හොඳ නැහැ.

      Delete
  28. ඉස්කෝලෙ ගිය දවස්වල දෙකයි පනහට තිබ්බ පැකට් ගෑව.දැන් නම් ගාල ඉන්න බෑ.ඔලුවෙ කැක්කුමයි..
    හොඳ නිවාඩුවක් සෙට්වේවා!

    ReplyDelete
    Replies
    1. ඒ ඔලුව කැක්කුම හැදෙන්නේ වතුරත් එක්ක ගෑවම. ඒත් හැමෝටම නැහැ ටික දෙනෙකුට විතරයි.

      Delete
  29. hane..hane..me asar ayyath karana wada....... :)

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද නංගි..

      Delete
  30. අඩේ මමත් සමහර වෙලාවට දත් මදින්න සමහර ශැම්පු වර්ග පාවිච්චි කරනවා මාරම සනීපයක් තියෙන්නෙ අප්පා

    ReplyDelete
    Replies
    1. බොරු කියනන් එපා බං. ඇත්ත කියපන් උඹ ෂැම්පු දාලා දත් මදිනවද? කන්ඩිෂනල් ඒවාද?

      Delete
  31. මම චූටි කාලේ සබන් වෙනුවට ෂැම්පු ගාලා ඇඟ හෝදලා තියෙනවා... :))) අපේ අයිය මට බයිනවා...එකසිය ගාණට...

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම ගාල තියෙනවා ඒත් හැම දාම නෙවෙයි.

      Delete
  32. අයියෝ ඔයාටත් වෙන වැඩ... බලාගෙන යනකොට අසර්ට ෂැම්පු ටිකක් අපලයි වගේ නේද? ;)
    Have a safe journey Asar!

    ReplyDelete
    Replies
    1. ඕව් දැන්නම් ගන්නේ හදිසියෙන් ඒත් සල්ලි දිලාතමා මම ගන්නේ.

      ස්තුතියි...

      Delete
  33. ස්තුතියි අසරණයා ලින්ක් එකට සහ මහත්මා ගතියට.

    මටත් කියන්න තියෙන්න උඹ නම් මාර ගිනීපිග් කෙනෙක්නෙ කියලා තමයි.

    මමත් හෙයා ජෙල් ලෝලියෙක් බං. උදේට නැගිට්ටාම කොන්ඩෙ ඉස්සරහින් බිමට පාත් වෙලා තියෙනකොට ගෙදර අනිත් උනුත් කියනවා ඔය කොන්ඩෙ හදාගෙන එන්නකො කියලා. හික්ස්. හොඳම විදිය නාපු ගමන් කොන්ඩෙ පොඩ්ඩක් තෙතට තියෙද්දි ජෙල් කරන එක.

    උඹලා කොහොමද බං ජෙල් ගාලා හෙල්මට් දාන්නෙ? ඒක නම් හෙන ඇනයක් නේ?

    එතකොට අර මොයිස්චරයිසිං ක්‍රීම් ගාන එකෙන් මාර ආරක්ෂාවක් තියෙනවා තමයි. විශේෂයෙන්ම සීතල දවස්වලටත්. අර හම සුදුමැලි වෙලා පිපෙන එක නවතිනවා.

    ප.ලි: අර වන්දි ගෙවන්න වෙච්ච ශැම්පූ එකේ නම මට ඊයකින් එවපංකො, ඒක නොගෙන ඉන්න

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. //ස්තුතියි අසරණයා ලින්ක් එකට සහ මහත්මා ගතියට. // ස්තුතියි කරන්න දෙයක් නැහැ මචං..

      මම ගෙදරින් එලියට යද්දී තම ගන්නේ. ඒ කාලේ ඉඳලම.

      මම බයිසිකල් වල යන්නේ නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒත් හදිස්සියට දාපු දවස් තිබුනා. හොඳ ස්ට්‍රෝන් ජෙල් එකක් ගෑවම හෙල්මට් එකක් නෙවෙයි ඔලුවට පොල් ගෙඩියක් වැටුනත් කොන්ඩේ එලවෙන්නේවත් නැහැ.

      ඕව් මට ඒ ක්‍රීම් ඒක ගන්නම ඕනේ. හම පිපෙන ගතිය ටිකක් තියෙනව තමා සිතල දවස් වලට.

      උඹටත් වන්දියක් ගන්න ආසවෙන්ද ඉන්නේ. මම දන්නා විදියට දැන් ඒ බ්‍රෑන්ඩ් ඒක ලංකාවේ නැහැ..

      Delete
  34. හයියූ.... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹටත් ජෙල්ම ලැබේවා..

      Delete
  35. එතකොට ගාලා තියෙන්නෙ ක්‍රීම් ෂැම්පු...කොච්චර ෂෝක්ද...කාටද ඒ වගේ ඇලුත් ඒවා ටෙස්ට් කරන්න ලැබෙන්නේ....

    ReplyDelete
    Replies
    1. වැරදුන දවස් දෙකම ෂැම්පු තමා ක්‍රීම් ගොඩේ තමා ඒවත් දාලා තිබුනේ..

      Delete
  36. සුබ ගමන්. ගිහින් එන්න..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයා ඉතින් දැම්ම ගොඩ බහින්නේ නැහැ නේ..

      Delete
  37. හපොයි ටෙස්ටින් රන් වලට යනකොට බලාගෙන පරිස්සමෙන් යන්න ඕනේ, කොහොමද අර නොදන්නා එකක් ගාල මුණ පිච්චිලා හෙම ගියානම්. මට හෙයාර් ක්‍රීම් ජෙල් ගාන එක නම් මොනා කරලත් නවත්තන්න බෑනේ අප්පා. පොල් තෙල් ගාපුහාම නළලට පෙරනවානේ


    සුබ ගමන් අසාර් අයියේ

    ReplyDelete
    Replies
    1. // කොහොමද අර නොදන්නා එකක් ගාල මුණ පිච්චිලා හෙම ගියානම්. // බය හිතෙන කතා කියන්න එපා බං. මමනම් එහෙනම් ඒවා ටිකක් වැඩිපුර බිලා මැරෙනවා..

      ස්තුතියි..

      Delete
  38. හිහිහී..
    //ටෙස්ට් එකරන්න දෙන ඒවා විස වෙලා ලස්සනට තියෙන මුණ කැත වුනොත් බඳින්න ඉන්න කොල්ලොන්ගෙන් ගුටි කද්දී ඔය කිසිම ආයතනයක් එන්නේ නැහැ නේ මාව බේරගන්න.//

    ඕවා ටෙස්ට් කරලා ඇති අයියා බේරිලා ඉන්නවා.. :P

    පරිස්සමින්,සතුටින් ගිහින් එන්න අයියේ.. :)
    බුදු සරණයි..!!

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත මගේ කොන්ඩේ තවම හොඳින් තියෙනවා.

      ස්තුතියි ටික දවසකින් හමුවෙමු.

      Delete
  39. රටේ තියන හැම එකක්ම ගාගන්න යන්ට හොඳනෑ, මූණෙ තියෙන්නෙ ගොඩක් සියුම් හමක්නේ.
    ඒත් ඉතිං නිකන් හම්බවෙන එකනේ නැද්ද! :D

    ReplyDelete
    Replies
    1. එක තමා ඒවායේ තියෙන බරපතල කම තේරෙන්නේ දැන් තමා. ඒත් ඒවායේ ලොකු ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ ප්‍රධාන ආයතන වලනේ ඒවා ටෙස්ට් කලේ.

      Delete
  40. ඇති දත් ටික වැටුනේ එහෙම නැතුවා.. පරිස්සමට ලංකාවට වරෙන්. ඒත් යද්දී ඩබල් පරිස්සමට.. මොකද ලංකාවට ඇවිත් තෙල් ගහන ෆ්ලයිට් මට ෂුවර් නෑ.

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි ඒකත් එහෙමද ? මේ කාලකණින්ව මරන්ඩ ඕනා බන්.. ඇත්තමයි...ඒත් පරිස්සම වෙනවා කියලා අපිට මොනවද කරන්ඩ පුලුවන්..

      අසර් අහල බලපන් අර අක්කගෙන් ටෙස්ට් කොරන්ඩ ගෙනාපු පැරචුට් එහෙම නැද්ද කියලා.. මතක් කරලා එකක් පිටේ බැදන් වරෙන් ආපහු එනකොට..

      Delete
    2. ක්සන්ඩර් නම වෙනස් කලාද? මේ නමත් හොඳ. මටත් සුවර් නැහැ වගේ තෙල් සංස්ථාවේ ඉන්න ලිපිකරුවෙකුගේ වැඩක නිසානේ ලංකාවට බාල තෙල් ලැබිලා තියෙන්නේ.

      සෙන්නා = මම ලොකු කුඩයක් අරගෙන යන්නේ හදිස්සියකදී ප්‍රොයෝජනවත් වෙයි නේ.

      Delete
    3. නම ගුගල් දෙයියෝ මාරු කළා මචං. මොනවා කරන්නද? තව නමක් ඔනෙමලු. කලින් වගේ ක්සැන්ඩර් | Xander කියලා කොටන්න දෙන්නෙත් නෑ.

      මම මේ මෙහෙ ආව ගමන්ම දැනගත්තේ ඔය තෙල් කේස් ඒක. ඉතින් මට නිකමට හිතෙනවා මෙහෙම යද්දී ලංකාවෙන් තෙල් ගහපු ෆ්ලයිට් එකක් මගින් හිට්ටා කියලත් නිවුස් එකක් එයි කියලා.. පිස්සු හැදෙනවා.

      පහල තැනින් ගලා යයි ජලේ කිව්වලු නේ කවුදෝ කට කහද්දී. මකුළු දැලට වඳුරෝ අහුවෙනවද? නෑ නේ.

      Delete
  41. අපි පොඩිමකාලෙ හෙයා ජෙලි තිබුනද මන්ද, සිංහල වෙදකඩේකින් පෙනෙල ඇට අරන් තලල..වතුරත් එක්ක කවලම් කරල ගානව..කඩෙන් අවවාද කරලදෙන්නෙ...සීතල වැඩියි..සෙම අමාරු හැදෙයි ඔලුවෙ ගෑවම කියල. මාර සීතලයි ඔලුවෙ ගෑවම.

    ReplyDelete
    Replies
    1. අපොයි..හෙයාජෙල් වියයුතුයැ..!

      Delete
    2. අපේ තත්තාලගේ කාලේ තිබිල තියෙන්නේ පොල්තෙල් එක්ක වතුර ගාන සිද්දියක්. පෙනෙල ඇට ඔලුවේ ගෑවම ගඳක් වගේ එන්නේ නැද්ද?

      ජෙලි ජෙල් වුනාම මොකද කන්නවත් බැරියේ..

      Delete
  42. මම නම් එදා ඉඳලම ඔය සුකුරුත්තම් පාවිච්චි කළේ නෑ බන්.. පොඩි කාලේ සන්ලයිට් ඇඟේ ගාලා තමා නෑවේ.. ටොයිලට් සෝප් ගන්ඩ පුලුවන් කමක් තිබුනෙ නෑ.. එතකොට සන්ලයිට් බහු කාර්යය වුනා.. අදටත් මම ඔලුවට අනම් මනම් දාන්නෙ නෑ.. අඩුම ගානෙ පොල්තෙල් ටිකක්වත්.. ටිකක් පෙනුම හොඳ වෙන්ඩ ඕනා කියලා හිතුනොත් ගාන හේයාර් ක්‍රීම් එකක් තියනවා.. ඒක දැන් සෑහෙන කාලෙක ඉඳ ගානවා.. ඇයි යලට එකයි මහට එකයිනෙ.. :-)

    මට මේක කියවගන යද්දි ඩුඩ් ගෙ කතාව තමා මතක් වුනේ.. බලද්දි උඹටත් ඒක දැකලනෙ මතක් වෙලා තියෙන්නෙ..

    එහෙනම් සුබ ගමනක් සහ නිවාඩුවක් පතනවා...!!

    ReplyDelete
    Replies
    1. සන්ලයිට් ගෑවම ලෙමන් සුවඳයි නේ බං. එකත හොඳයි මමත් ගාල තියෙනවා සුවඳ ගහන්න පොඩි කාලේ.

      ඕව් මේ කතාව මතක වුනේ හෙන්ද්රිගේ පොස්ට් එක කියෙවුවාම.

      කරන්න තියෙන වඩාත් එක්ක නිවාඩු දවස්ටික මදි වගේ..

      Delete
  43. "ගැහැණු ළමයින් වෙනුවෙන් නිෂ්පාදනය කරන ඒවා දුන්නෙත් මට. ෆේෂ් වොෂ්, සබන් ජාති, තව අනම් මනං හැම දෙයක්ම......"
    මෙතන නම් පොඩි පරහක් තියනවා වගේ! ;)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අනම් මනං කිවුවේත් ඔය අත පයේ ගාන ඒවා විතරයි. කිසි රහසක් නැහැ සිරා ඇත්ත.

      Delete
  44. නිකං දෙනවනං ඕනෙ ඔළුවෙ කැක්කුමක් කිව්වලු... වෙලාවට ඕව ටෙස් කරන එක නැවැත්තුවෙ. නැත්නං මේ වෙද්දි දත් කළු වෙලා කොණ්ඩෙ සුදු වෙලා නිකං නෙගටිව් එක වගේ වෙලා තියෙයි නෙහ්... :)

    ReplyDelete
    Replies
    1. වෙලාවට මම ලංකාවෙන් ගියේ. තරුණ වෙන්න ගාන ඒවා වැඩි පුර ගලා වයස 40න් විතර කොහොමද වයසට ගියානම්.

      Delete
  45. " මම දන්නා විදියට මා හරහා ටෙස්ට් කරපු නිෂ්පාදන වෙළඳ පොලෙ වැඩිකල් තිබ්බේ නැහැ."

    ඒක ඉතින් අනිවාර්‍යෙන් වෙන්නම එපැයි.. අයියම අකුරු වෙනස් කරලා එකම අදහස වෙනස් විදිහට ලිවුවම ඔක අහන්නත් දෙයක්ද.. මම මේ කල්පනා කරේ ඒ කොම්පැනිය ගැන.. තාම තියෙනවද?

    අපිනම් ඉතින් දන්නෝ ලංකාවට යන වග.. ඒ යන වැඩත් හොදින් කරගෙන පරිස්සමින් එන්නෝ... :)

    ReplyDelete
    Replies
    1. ඒ කම්පනිය තවම හොඳින් තියෙනවා. ලංකාවේ ප්‍රධානම ආයතනයක්.එක ලේසියෙන් වැටෙන්නේ නැහැ.

      ස්තුතියි මචන් ටිකදවසකින් හමුවෙමු.

      Delete
  46. ආශිර්වාද වේවා..
    ජය ශ්‍රි..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා බමුණා.

      Delete
  47. හි හි...අච්චෝ අච්චෝ.....:) ච්ත්රෙත් නියමා...යි යාලු :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලුවා චිත්තරේ තිළිනිගෙන්

      Delete
  48. අය්යෝ අසරණය ගම කාගේනනේ .. ඒ මොනවද ගිහින් එනකොට අපිට අරන් එන්නේ ඇ

    ReplyDelete
    Replies
    1. අප්‍රිකන් අලියෙක අරං එන්නම් ලොකු කන් දෙකක් තියෙන.

      Delete
  49. කොල්ල නාගෙන වගේ... හැබැයි ඉතින් ඒකත් පෙර පින තමයි. අපිට එයාර්පෝට් එකට එන්න වෙයිද? සුබ ගමන් එහෙනම්!!!

    ReplyDelete
    Replies
    1. මේ දේ කරන්න ගිහිනුත් වෙනදා වගේ අනාගත්තා මචං..

      එන්න එන්න එයාර්පෝර්ට් එකට.

      Delete
  50. ඔය හෙයා ජෙල් නම් මාත් ගානවනෙ පුතෝ මගේ කොට කොණ්ඩෙ එක විදියකට තියාගන්න.... මට හෙයා ස්ප්‍රේ නම් අල්ලන්නෙම නෑ.... හැබැයි ඒ ගාපු ගෑවිල්ලට අර පරිකල්පන කිව්ව වගේ නෙගටිව් එකක් වෙලා නැවතුනේ නැතිවා ඇති.... හික්ස්....
    මාත් ස්කින් ක්‍රීම් එකක් කියලා හිතාගෙන කන්ඩිශනර් එකක් ගාලා (ඒකෙ ඔක්කොම විස්තර තිබ්බෙ අරාබි අකුරු වලින්) හම වේලිලා, හමයන්න පටන් ගත්තා.... එතකොටයි වෙච්චි වැඩේ තේරුනේ....

    ReplyDelete
    Replies
    1. ආ...අමතක උනානෙ... සුභ ගමන් හොඳේ... :D

      Delete
    2. සුමියුරු කාලෙකින් ඇවිත් තියෙන්නේ.

      මමත් එක දවසයි ස්ප්‍රේ පවිච්චිකලේ. සුපෙර් ග්ලූ ඔලුවේ ගෑවා වගේ. බරබතල කම තේරෙන්නේ දැනුයි. මේ විදියෙන් ඉතුරු වුන එක ගැන. ඉතින් ඒ වේලෙන ගතිය නවත්වන්න තව ක්‍රීම් ගෑවේ නැද්ද?

      ස්තුතියි සුමියුරු.

      Delete
    3. ඒක නවත්තලා වෙන ක්‍රීම් ජාතියක් ගෑවම සතියෙන් විතර හරි ගියා.....

      Delete
  51. මරු වැඩේ..
    මට හිතෙන්නෙම ඊට පස්සේ අසරණයගේ බඩ සුද්ද වෙන්ඩ ඇති කියලා. හික්ස් :)
    කතාවේ ලස්සන තිළිණිගේ සිත්තරෙන් තවත් වැඩි වෙනවා !
    කතාවයි සිත්තරෙයි දෙකම ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. ගිලුනේ නැහැ මතක විදියට. ඒ නිසා නිකන්ම සුද්ද කරගන්න තිබ්බ චාන්ස් එක නැතිව ගියා.

      ස්තුතියි මධු...

      Delete
  52. අපිට නම් ඕව වෙලා නෑ... :)

    ReplyDelete
  53. මම නම් හිස ජෙල් ගෑම බොහෝ දුරට අඩු කරලා ඉන්නේ,,සුභ ගමන් මචෝ

    ReplyDelete
    Replies
    1. හිටපු ගමන් කොන්ඩේ කොටටම කපලා දානවා ඒ කාලෙට ඉතින් මාස තුනක් විතර යනකන් ජෙල් ගන්නේ නැහැ.

      Delete
  54. මේ කතාව කියෙව්වාම මතක් වුණේ අනිල් කපූර්ගේ ඉන්ටර්වීව් එකක් දවසක් පත්තරේක තිබුණා. ඒකේ තිබුණු විදිහට අනිල් කපූර්ගේ කට්ටේ දාගත්තු අප්‍රසන්නම දේ තමා ටූත් පේස්ට් කියලා හිතලා ෂේවින්ග් ක්‍රීම් :D

    ReplyDelete
    Replies
    1. මුනේ ගාන වෙලාවට පොඩ්ඩක් දිවේ ගැවිලා තියෙනවා ඒත් ෂැම්පු තරම් අප්‍රසන්න රසයක්ම දැනෙන්නේ නැහැ.

      Delete
  55. අයියෝ වෙච්ච දෙයක් :D

    ReplyDelete
    Replies
    1. අයෙනම් ඒ දේවල් කලේ නැහැ. නම බලලා ගෑවේ..

      Delete
  56. දැන් එය ගාපු ඒවයේ හැටියට කොණ්ඩෙ ඉතුරුවෙලා තියනවද? ඔය මොනවා ගෑවත් ජීවන සුවද තරම් සුවඳක් තවත් හමුවෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත හොඳට නාලා ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ.

      Delete
  57. අර කෝච්චියේ ආව කතාවේ ඔයාගේ කොණ්ඩෙ ඉත්තෑකූරු වාගේ තිවුනෙ ඇයි කියලා දැන්නෙ තේරුනේ ..අයියෝ සල්ලි..

    ReplyDelete
    Replies
    1. හෙක්...ඇන්නොත් ලේ එන තරමට දරුණුයි.

      Delete
  58. අසරණයා කිව්වට ඔයාගෙ ඉතුරු ඔළුව දැක්කම අසරණ කම කොහේ ගියාද හිතුනා

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්.... මේ මගේ කොන්ඩේ නෙවෙයි..

      Delete
  59. මුකුත් ලියන්නේ නැද්ද හලෝ??

    ReplyDelete
    Replies
    1. ලියන්න පටන් ගන්න ඕනේ ඉක්මනින්. ආයෙත් අවා රස්සාවට.

      Delete
  60. මම නම් ජෙල් වෙනුවට වෙන විකල්පයක් භාවිතා කරනවා මම දැක්කා කව්ද කෙනෙක් ඒ ගැන පොස්ට් එකකුත් දාලා තියෙනවා... (පෙනෙල්ල ගෙඩි ගැන )

    ReplyDelete
    Replies
    1. මමත් අහල තියෙනවා.හොඳයිලු කොන්ඩේ ලස්සන වෙනවා කියන්නේ..

      Delete
  61. හේ හේ කාලෙකින් ඇවිත්

    ReplyDelete
  62. ආයෙ ලියන්න ගමු නේද ඉතින්.. :)

    ReplyDelete
  63. අඩෝ උඹ ලියන්නේ නැද්ද??

    ReplyDelete
  64. ඇයි මනුස්සයෝ උඹ ඔහොම හිටියම මේක ලියන්නෙ පොලිසියෙන්ද?

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම පටන් ගන්නවා.

      Delete
  65. මොනාද හලෝ...ලියන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හේ හේ ඉක්මනින්ම එකක් දානවා..

      Delete
  66. ජෙල් කිව්වම මට මතක් උනේ උබෙයි මගෙයි දෙන්නගෙම යාළුවෙක්

    ReplyDelete
    Replies
    1. කවුද බං ඒ."සු" එකෙන් පටන් ගන්න එකාද?...

      Delete
  67. ඕවා ගාන්න ගිහින් උඹගේ තට්ටේ පෑදුනා නම් අන්ත අසරණ වෙනවා. :D

    ReplyDelete
    Replies
    1. මම එකට විටමින් දානවා ඉඳල හිටලා.

      Delete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...