27 Dec 2011

කිතුල් ගස් වන්දනාව.

                               
                       
                       
                      කො කලිසම ගලවලා දිග කලිසම ඇඳපු අලුත. ගැණු ළමයින්ට හිත යන්න පටන් ගත්තු මුල් කාලේ.ලොකු පන්තිවල උන් එක්ක පැටලෙන කුරුමානම් අල්ලන හිතන් හිටපු  අවුරුදු 9 ක් කොටට ඇඳලා දිගක් අන්දම ලොකු මිනිස්සු කියල වලිප්පුව හැදුනු 10 වසරට ගියපු ඒ අලුත.ඒ කාලේ වෙද්දී අපේ ගොඩක් දෙනෙක් විටමින් කුරු උරන්න පුරුදු වෙලා හිටියේ.ගෙදර වහලේ වැඩ කරන්න ආපු වයසක මාමා කෙනෙක්ගේ බීඩි හොරෙන් බිල අහුවෙලා ඒ හැමෝම ඉස්සරහ මට ගැහුවයින් පස්සේ ආයේ මං පොල් කොළයක්වත් බිවුවේ නැහැ.මගේ යාලුවෝ ගොඩක් පුරුදු උනේ දුම උරලා වළලු පිට කරන්න.එකට තියෙන ආසාවට ගොඩක් දෙන ඒවා  උරන්න පුරුදු උනා.මම  වළලු  තියා කරාබු වත් පිට කරන්න කිසිම උත්සහයක් අද වෙනක්න් දරල නැහැ ඒ වේදනාව මතක් වෙන නිසා.


වැරදි වැඩ වලට පුරුදු වෙන වයස මං පහු කරමින් හිටියේ.පන්තියේ ඉගන ගන්න ළමයිනට උදවුවක් විදියට අපි හැම වෙලාවේම පිටි පස්සේ පේලියේ හිටියේ.ඒ වෙද්දී මං මූඩී පාගල විතරයි තිබුනේ.අනෙත් හැමෝම මොන මොනවා හරි දෙයක් ඒ වෙද්දී  කරලා තිබුනේ.අපේ ඉස්කෝලෙට පරක්කු වෙලාම එන කෙනා තමයි ප්‍රගීත්.එයාගේ ගෙදර තිබුනේ ඉස්කෝලේ ළගමයි එක නිසා  ඒ කාලේ ඉඳලම පරක්කු වෙලා එන්නේ.ප්‍රගිත්ගේ   සියාලගේ ඉඩමක් තියෙන්නේ අපේ ඉස්කෝලේ අල්ලපු වත්තේ.අපි ඒකට ඉන්ටවල් එකට යන්නෙ හෙවන තියෙන නිසා.දිග කලිසම ඇඳපු අලුත නිසා අපි සෙල්ලම් කරන්නෙත් නැහැ කුණු ගැවෙන හින්ද . පොඩි කොල්ලොන්ගේ බෝල ඒ කැලේට ආවම අපි හංගගෙන ඉන්නවා. සල්ලි තියෙන පොඩි උන්ගෙන් රුපියලක් දෙකක් ඉල්ලගන්නවා හොයල දුන්න එකේ කුලිය විදියට.


ඔහොම කාලයක් යද්දී අපි දැක්කා පොඩි කිතුල් ගහක් තියෙනවා මලකුත් එක්ක වැඩිය උස නැහැ අඩි 12 ක් වගේ ඇති.මේක ප්‍රගිත්ලගේ සීයාගේ එයා හැමදාම දවසට තුන් සැරයක් ගහට නැගල මුට්ටිය බානවා  හසිත් දැකල තියෙනවා.ඒ අරගෙන යන්නේ තෙලිජ්ජ ඒවා උණු  කරලා හකුරු හදන්න. මං පොඩි කාලේ කුකුලගේ පිහාටු විකුණලා  කොල්ලොන්ට අරන් දුන්නේ මේ සීයා හදපු හකුරු .මෙයා ඒ කාලේ ඉඳල සුළු වියපරිකයෙක්.මං ඒ වෙද්දී අම්මා ගෙදරට විනාකිරි හදන්න එකතු කරපු පොල් රා බිල තිබුනට කිතුල් රා බිල නැහැ.එතන හැමෝටම වඩා මට උවමනාව තිබුනා  මේවයේ රස බලන්න.එත් කොහොමද මේක කරන්නේ අපි 6 දෙනෙක් ඉන්නවා ඉස්කෝලේ මේවා බිල අපි මොනවගේ දේවල් කරාවිද කියල පොඩියට බයකුත් තිබුනා.


කිතුල් ගහ දිගට හැර ගහල තියෙන්නේ.නගින්නත් ලේසියි එත් නගින්න බැහැ ගහ උඩට යද්දී වටේටම පේනවා. සුදු ඇඳගත්තු කෙනෙක් කිතුල් ගහ කට නගිද්දී ඕනෑම කෙනෙක් උනන්දුවෙන් බලනවා.ඒ වෙලාවට සෙල්ලම් කරන පොඩි කොල්ලොත් අපිට කැමති නැහැ ප්‍රින්සිපල්ගෙන් ලකුණු දාගන්න කැමති ශිෂ්‍ය නායකයෝ හැම වෙලාවේම බැලුවේ අපේ වැරදි .ඉස්කෝලේ අනෙත් ළමයි එක්ක ප්‍රින්සිපල් කවුද කියල හොයන්නත් අමාරුයි.ඈතදී  ප්‍රින්සිපල් අඳුරගන්න තිබුනේ එක විදියයි ඒ ප්‍රින්සිපල් ගේ හෙන ගහපු පිට්ටනියක් වගේ කිසිම කොණ්ඩයක් නැති තට්ටේට හිරු එළිය වැටුනහම ඇති වෙන දිස්නෙන් අපිට ඉන්න ස්ථානය ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.


තෙලිජ්ජ වලට පෙර තියෙන දියරය බොන්න පුළුවන් විදිය තුසිත හොයාගත්තා.ඒ ක්‍රමය ක්‍රියාත්මක කරන්න ඊලග දවසේ ඉන්ටෙවල් එක එනකන් අපිට ඉන්න සිද්ද වුනා.ඊලග දවසේ උදෙන්ම කට්ටිය සුදානම් කරා.11.00 බෙල් එක ගහපු ගමන් ප්‍රගීත් ලගේ සීයාගේ ඉඩමට යන්න කට්ට්ය සුදානම්.අපි බලාගෙන ඉන්නු දවසයි වෙලාවයි ලං වුනා.සියල්ල සුදානම් කට්ටිය ඉස්කෝලේ වෙලාවේ කරන්න යන්නේ පස්වෙනි සිල් පදේ  කඩන්න(ඉතින් අපිට හරියාවිද).ගත්තා ගලක් ගැහුවා මුට්ටියට පරණ වෙච්ච ඒ කළු පාට  මුට්ටුය කෑලි  අංසක 360 ක  වට ප්‍රමනකය වසාගෙන ඒ කැලි එකෙන් එක බිම වැටුනේ වටේම ඉන්න හැමෝගෙම ඇඳුම් වල කිතුල් රා සහ මන්න්ඩේ රැඳෙන විදියට.ඒත් ගල ගහපු තුසිත එතනම මුණ අල්ලාගෙන බිම ඉඳගෙන් ඉද්දි අනතුරක් වෙද්දී ඉක්මනටම දැනෙන මටනං තේරුණා මොනවහරි කරදරයක් නේද කියල. තුසිත ඊලග දවසේ ඉස්කෝලේ අවේ "මකගේ යලක්" කාටුන් එකේ ඉන්න මල් මාමා වගේ.නහය පුරාම ලොකු ප්ලාස්ටරයක්  ගහගෙන.එදා වැටුන වලං කැල්ලක්  වැටිලා තියෙන්නේ තුසිතගේ නළල ඉරාගෙන නහය තුවාල කරගෙන.


ඊලග  දවසේ  මොනවත් උනේ නැති වගේ අයෙත් එතනට ගියාම අපි දැක්කේ අලුත් මුට්ටියක්.කලින්  දවසේ වගේ නැතුව විද්‍යානුකුලවා මුට්ටියකට ගලක් ගහන විදිය හසිත විස්තර කරා. මුලින්ම අපි නියමිත  ස්කන්දයක් හා වට  ප්‍රමාණයක් සහිත  එයට සුදුසු ගලක් සොයාගත්තා.අඹ ගහකට,රඹුටන් ගහකට හා බල්ලෙකුට ගල් ගහන විදියට වඩා වෙනස් රා මුට්ටියකට ගල් ගහන විදිය.ඒකට සම්කිසි විද්‍යානු කුලව චලනයක් කරන්න ඕනේ කියල හසිතගේ කැම්පස්  ඉන්න  අය්යා ලඟ ගෙදරක නංගි කෙන්ක්ට කියල දෙනවා අහගෙන ඉඳල  තියෙනවා.


කලින් කියපු විදියේ ස්කන්දයක්  සහිත ගලක් නියමිත ප්‍රවේගයකින්  පොළොවේ සිට අංසක 90 ක් හෝ 80 වක කෝණයකින් මැටි  මුට්ටියේ මද්‍යා  ලක්ෂයට අඟලක් එහාට වෙන්න ඒ ගල පතිත කරන්න හසිත සුදානම් උ/පෙ කරන අය්යල වගේ ඒ විද්‍යාව අත්හද බලන්න අපි මේ උත්සහ කරන්නේ 10 වසරට ගියපු අලුත (අපි කොහොම  පොරවල්ද).මේ හැම දෙයකින්ම එක දෙයක් වරදුනොතින් කලින් දවදේ තුසිතට වුනු දෙයම හසිතට වෙන බව ඔහු වගේම අපිත් දැනගෙන හිටියේ.වැඩි වේගයකින් මුට්ටියට වදුනොතින් කැලි කැඩෙනවා.අඩුවෙන් වැදුනොත් මුට්ටිය බිඳෙන්නේ නැහැ.(මේ මං දන්නා විද්‍යාව මේකෙ වචන වැරදි ඇති.)


හැම දෙයක්ම හොඳින් සිද්ද උනා මුට්ටිය බිඳෙන්නේ නැතිව පිපුරුණා රා ටික ටික පොලොව වෙත  ගලාගෙන ආව.එකා පස්සේ එකා වෙන්න රා බින්දුවක්වත් බිම වැටෙන්නේ නැතිව දිය ඇල්ලකින්  වතුර බොන  කෑරලන්සේ අපි ඒ පිරිසිදු රා වල රස බැලුවේ.



සියල්ල අවසානයේ අපේ පන්තියට යද්දී ඉන්ටෙර්වල් එක ඉවර වෙන්න කිට්ටුයි.ගැණු ළමයි රංචුවක් පහු කරපු ගමන් ඊට  ටිකක් එහායින් ඉන්නේ කොල්ලෝ රංචුව.මේ හැමෝම පහු කරගෙන පන්තියේ සුන්දරම තැන වෙච්ච පිටි පස්ස පේලියට යන්න හදන්නේ.ගැණු ළමයි ටික පහු කරනවත් එක්කම මට  "ගුඩුස්" ගියා.


"අම්මෝ .... ගඳ මොනවද ඒ කසිප්පු ගඳක්ද කොහෙද?"



ටවුමේ චීන කෑම කඩේ බන්දු මාමගේ දුව අපේ පන්තියේ චමිලා අතින් නහය වහගෙන ළඟ ඉන්න ටික දෙනෙක්ට ඇහෙන්න කිවුවා.එයාට ඕනෙම ගඳක් අඳුර ගන්න හැකියාවක් තියෙනවලු.මං ඉක්මනට මගේ සපත්තු අඩිය දිහා බැලුවා.  


"කසිප්පු ගඳ එන්නේ පැගුනම නෙවෙයි හලෝ ඒවා බිවුවහම ...."


"මුහුද සැර වෙලාවට ඔරු පදින්න හොඳ නැහැ" කියනවා වගේ වැඩි කතාවක් නැතිව මං මගේ තැනට ගියා.දවස් දෙකකට පස්සේ ප්‍රින්සිපල් ගේ ඔෆිස් එකේ ඉඳල ඉස්කොලෙටම ඇහෙන්න ලව්ඩ්ස් පිකර් එකෙන් හොඳ හුරු පුරුදු නම් වගයක් කියනවත් එක්ක ලාවට මගේ නමත් කියනවා ඇහුනා.සාමාන්යෙන් එහෙම නම් කියල කතා කරන්නේ විශේෂ ළමයින්ට,ශිෂ්‍ය නායකයන්ට වගේ ළමයින්ට.මගේ නමත් කියපු නිසා මාත් ගියා.වැඩේ කියන්නේ ඒ කියපු හැම නමක්ම මාත් එක්ක එදා හිටපු අනෙත් 5 දෙනාගේ.වෙනද අපිව පිළිගන්නේ ප්‍රින්සිපල් වුනාට එදා පිළිගන්න ඉස්සරහට ඇවිල්ල හිටියේ නහය පුරාම ප්ලාස්ටරයක් දාපු තුසිත ඇස් දෙක රතුපාට බෝත්තන් දෙකක් වගේ.කඳුළු බේරිලා කඳුලුත් එක්ක හොටු එනවා ඒවා පිහදන්නත් බැහැ ප්ලස්ටරේ නිසා.අපිට වෙන්න යන දේ හැමෝටම හොඳට තේරුණා එදා කරපු දේ කවුරු  හරි දැකලා.තුසිතට හොඳටම ගහල එතකොට හැම දේම වමාරලා.


අපි හැමෝටම වේවැල් පාරවල් 20 ගානේ  එක සමානව ලැබුනා.ඉතුරු දඬුම දෙන්නේ හෙට කියල අපිව පන්තියට  පිටත්කරා.එදා දවසම අපි වාඩිවෙන්න බැරි අමාරුවකින් හිටියේ.එත් හෙට වෙන්නේ මොනවද කියල අපි කවුරුත් දන්නේ නැහැ.


අපේ දඬුවමේ දෙවෙනි දවස ලැබුවා උදේ 9 වෙද්දී අපි හැමෝම ප්‍රින්සිපල් ළඟ."අද උඹලට මං ගහන්නේ නැහැ වෙන දඬුවමක් දෙනවා" ගහන්නේ නැති ඕනෑම දඬුවමක්  විඳින්න අපි කැමැත්තෙන් හිටියේ.අපිව එක්ක ගියා අපි විනාස  කරපු ඒ කිතුල් හග යටට "ගහ වටේට හිට ගනිල්ලා" ප්‍රින්සිපල් මහා සද්දෙන් කිවිව.මං හිතුවේ "ගිනි ගිනි බෝල රැලි රැලි මලේ" සෙල්ලමවත්  කරන්න දෙනවදෝ කියල.එත් හිතල ඉවර වෙන්නත් කලින් දෙවැනි දවසේ දඬුවම ක්‍රියාත්මක කරා.ඒ හවස දෙක වෙනකන් කිතුල්ගහට වැඳගෙන මුට්ටිය දිහා බලන් ඉන්න.බෝ ගහකට කලින් වැඳලා තිබුනට කිතුල් ගහකට වඳින්නේ අදයි.හපෝ එක සරල දෙයක් නේ කියල හිතුනට ටිකක් වෙලා යද්දී එක මහා සංකීර්ණ දඬුවමක්‌ කියල තේරුම් ගියා.ඉඳල හිටලා අපිව බලන්න අමුත්තෝ ආවා.ඒ විනය භාර සර් සහ අනිත් ගුරුවරු. ඇවිල්ල  මොන මොනවදෝ කියල ගියා. අපිට ඇහුනේ නැහැ ලජ්ජාවට කන් අගුල් වැටිලා තිබුනේ ඒ වෙලාවේ.මට හිතෙන විදියට අපිට බැන්නා.ඉන්ටර්වල්  එකේදී 6 වසර පොඩි ළමයි එක්ක අවේ පෝලිමේ ඒ පන්තිභාර ගුරුවරුත් එක්ක.ඉස්කෝලේ හැමෝම අපිව බලන්න ආවා.ඒ හැම කෙනෙක්ම අපිට විවිද ජාතියේ දේවල් කිවුවේ තරහකට නෙවෙයි.අපි ඉස්කෝලේ ප්‍රසිද්ද වුනා එක දවසෙන්.


තව දවසක් උදා උනා.හැම දාම වගේ අපි ඉස්කෝලෙට ගිහාම අපි දිහා හැමෝම අමුතු විදියට බැලුවා.පන්තියෙට එන ගුරුවරුත් අපි දිහා බලල හ්ආ.. මේ මෙයාල නේ...! ඊට වඩා දෙයක් කිවුවේ නැහැ. කාලයක් යනකන්ම අපිට "රා ගුඩ්ඩා"  "කිතුලා" වගේ විවිද නම් වලින් කට්ටිය අපිට කතා කලා එත් ඉවසීම අපි හොඳින් ප්‍රගුණ කරලා තිබුණු නිසා අපි ඒවාගැන එච්චර හිතුවේ නැ.කාලයකට පස්සේ ඒ හැම දෙයක්ම හැමෝගෙන්ම  හිත් වලින් මැකිලා ගියා. 




සැ/යු : හිස් අහසේ සඳරුගේ යාළුවා  කිතුලා සහ අපි අතර කිසිම සම්බන්දයක් නැත.ඔවුන් සිටින්නේ පේදුරු තුඩුවේය මං සිටින්නේ දෙවුන්දර තුඩුවේය..


කාලයේ වැලිතලාවක සැගවෙන්න ගියා මේ අඳුරු මතකය ගොඩගන්න උත්සහ කරපු   සැමාට තුති!!.




මේ මගේ අවසාන පොස්ටුව(මේ අවුරුද්දට )


ලබන්නා වූ අලුත් අවුරුද්ද සැමදෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!! 



51 comments:

  1. සිද්ධිය නියමෙට අකුරු වලට පෙරලලා තියෙනවා. කොලු කාලෙ කරන දඟ වැඩ සහ ඒවායින් බේරා ගන්න වැඩිහිටියො දෙන දඬුවම් නිසා අපේ පරම්පරාවෙ බහුතරයක්ම හොඳ නරක තේරුම් ගත්තා හොඳට.. ඒත් අද ගැන හරි දුකයි. වැඩිහිටියෙකුට ළමෙකුට අවවාදයක් දෙන්නවත් බැරි අවස්ථා බහුලයි. එක්කො ඒ අය ඒ වැඩිහිටියාට ගහන්න යනවා. නැත්නම් පොලිසියෙන් අල්ලන් යනවා මානව හිමිකම් කැඩුවා කියලා...තරුණ ළමයි බහුතරයක් ඉන්නෙ හරිම අසහනයෙන් කියලා පෙනෙනවා ඒ අය බොහොම පොඩි දේටත් අසීමාන්තිකව කේන්ති අරන් ඇඟේ හයිය පෙන්නන්න හදන වෙලාවල් අනන්තවත් තියෙනවා. මම ඉස්සර කාලෙ හොඳයි කියනවා නෙවෙයි. ඒත් මොකද්ද මන්දා අවුලක් තියෙනවා කියලයි හිතෙන්නෙ. බහුතරයක් ළමයි මානුශීය සම්බන්ධතා වලදි තිබිය යුතු සංවේදී බවින් ඈත් වෙලා යන්ත්‍ර වගේ වෙලාද මන්දා ? බලන්න අද ළමයින්ට මේ වගේ අත්දැකීම් නැහැ. නැත්නම් හරිම අඩුයි. කම්පියුටර් ගේම්ස් ගහන්න ගිහින් වෙච්ච ඇබැද්දි තමයි තියෙන්නෙ !

    ReplyDelete
  2. හැමෝගෙම පාසල් මතකයේ අසරණය කියපු මේ සමානකම් තියෙනවද බලන්න...

    1. ඉස්කෝලේ ළග ගෙවල් තියෙන එකා පරක්කු ඉස්කෝලේ එන්නේ වෙලා.
    2. දිග කලිසම ඇඳපු අලුත නිසා අපි සෙල්ලම් කරන්නෙත් නැහැ කුණු ගැවෙන හින්ද.
    3. පොඩි කොල්ලොන්ගේ බෝල, අපි හංගගෙන ඉන්නවා. සල්ලි තියෙන පොඩි උන්ගෙන් රුපියලක් දෙකක් ඉල්ලගන්නවා.
    4. ප්‍රින්සිපල්ගෙන් ලකුණු දාගන්න කැමති ශිෂ්‍ය නායකයෝ හැම වෙලාවේම බැලුවේ අපේ වැරදි.

    ඇත්ත නෙවේද? අපි හැම තැනම විසිරිලා ඉන්නේ, ඒත් අත්දැකීම් එකයි.. ඒව තමයි ලස්සන කලේ අපේ ජීවිත..

    @Weni - කතාව සහතික ඇත්තය.

    අඩේ මාව එබුවේ ඇයි බොල මෙතනට? උඹ ලියනවා ලෙසටම.. මම උබව කුලප්පු කලා විතරයි.. :)

    ස්තුතී - ජය ශ්‍රී...

    ReplyDelete
  3. වෙනීගෙ කමෙන්ට් එකත් පොස්ට් එකේ අන්තිමට දාන්න තිබ්බේ.... මරු සිද්දිය ලියපු විදියත් එළ

    ReplyDelete
  4. අනේ සාදු... ඔහොම දග කොල්ලන්ට ඔහොම්ම තමා වෙන්න ඕනෙ.... හිකිස්....

    අහවල් එකකටද චීන කෑම කඩේ චමිල ලගදි ගුඩුස් ඇරියෙ ? රා ගද ඉවස්න්න බැරි වෙන්න ඇති ඒ ලමයට .... තව බොරුවට සපත්තු අඩියත් බලල .....

    ලස්සනට ලියල තියෙනවා.... ඉතින් කලින් දවසෙ රා මුට්ටිය බින්දට පරීක්ශනයක් කරල තිබ්බෙ නැද්ද අයිතිකාරය ??

    ReplyDelete
  5. පට්ට කතාව ..... මුට්ටියේ තිබ්බේ රා ද තෙලිජ්ජද ??

    ReplyDelete
  6. එළ කතාව කොල්ලෝ... තොපිනම් පොඩි කාලේ ඉඳලාම බේබදු ලක්ෂණ පෙන්නුම් කරලා තියනවා.. උඹත් සඳරුවා වගේම, පන හිටෝලා ලියනවා මචන්...උඹලා ගල් ගහද්දී මම නිකන් එතන ඉඳන් බලන් හිටියා කියලා හිතුනේ.. එච්චර තාත්විකව ලියල තියනවා... දිගටම ලියපන්.. ජය වේවා !!

    උබලට දෙවෙනි දවසේ දුන්නු දඩුවම අහපුවම මට මතක් උනා අපෙ ඉස්කෝලේ ඔය වගේ බරපතල වැරදිවලට දුන්නු හරි අපූරු දඩුවමක්.. අපේ ඉස්කෝලෙත් අයිනක තිබ්බ පොඩි බඩ වැටියක්.. ඕකේ තිබ්බා "කහබිලියා " දන්නවා නේද ? අර ගෑවුන තැන කහන්ඩ ගන්නේ.. ඉතින් ඔන්න ඔයවගේ නොටොරියස් කේස් වලට මාට්ටු වෙච්ච උන්ට කහබිලියා ගානවා. කොහෙද දන්නවද ගාන්නෙ ? නහයෙයි, වැලමිටවල් දෙකෙයි... ගාලා හිටෝලා තියනවා ප්‍රධාන ඔෆිස් එක ඉස්සරහා, ගිනි අව්වේ... ඔන්න, නහය කහනවා, ටිකකින් වම් වැලමිට, ටිකකින් දකුණු වැලමිට... නිකන් කරලා බලපන්... දකින උන්ට මාර විහිළුවක් ඒක...

    ReplyDelete
  7. සොරි මචන්, අළුත් අව්රුද්දට සුබ පතන්ඩ බැරුව ගියා... එහෙනම්...

    ලබන්නාවු 2012 නව වසර, අසරණයාට, කිරියෙන්, පැණියෙන් ඉතිරෙන, වාසනාවන්ත සුබම සුබ අළුත් අව්රුද්දක් වේවා !!!!!!!!

    ReplyDelete
  8. පොඩි වුන්ට හෙන සොමි ඇති නේද වෙනදට ලොකු සයිස් දාන අයියල කිතුල් ගහට වැඳගෙන ඉන්නකොට...හෙහ්...හෙහ්...

    ReplyDelete
  9. සමගෙ කතාව සහතික ඇත්ත. ඔය ඔක්කොම උන් එහෙමමයි.

    ReplyDelete
  10. කිතුලට වදින ගාථාවක් එහෙම කියල දුන්නෙ නැද්ද?

    ReplyDelete
  11. හප්පේ නියම සිද්දිය..අපි ඉස්සර පොල් රා තමයි ඔය විදියට බිව්වේ,ඔය හැර වගේ පොල් ගස් වල තියෙන්නේ පොල් ලෙලි අනික් පැත්තට බැදලනේ,ඒ ගස් වලට කියන්නේ වයරින් කරපු ගස් ගොඩක් වෙලාවට පොල් වතුවල වයරින් ගස් හතරයි පහයි තියෙන්නේ අනි ඒවා ඔක්කොම නෙට්වර්ක් කරලනේ තියෙන්නේ..හික් හික් මේ වෙනකං අතුරකනං ගිහිල්ලා නෑ...

    ReplyDelete
  12. කටේ කිරිසුවඳ යන්නට පවා බැරි උනා
    බොන්න උපන් කුමරුන් යයි නමක් අැති උනා....... :D

    ReplyDelete
  13. හී හී එල පෝස්ට් එක. මට තාම හිනාව නවත්තගන්න බෑ..

    ReplyDelete
  14. අනේ යකෝ මහා ලොකු වැඩක් කරලා වගේ කියල තියෙන්නේ.උඹල වගේ කාලකන්නි දෙන්නෙක් හිටියත් ඇති ඉස්කෝලයක් චාටෙර් වෙන්න.බ්ලොග් එකක් කරනවනම් සමාජෙට වැඩදායක දෙයක් කරපන් තොපේ දෙමවුපියෝ පවු .

    ReplyDelete
  15. හිතාගන්න පුළුවන් ප්‍රදර්ශන කුටියක් බලන්න වගේ කස්ටිය එනකොට..අයියලාට කරපු වැඩේ රගේ තේරෙන්න ඇති කියලා...:D :D එ වගේම මේක අවුරුද්දේ අවසාන පොස්ට් එක නම් ඔයාටත් සුභ ම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා..:)

    ReplyDelete
  16. මරු ආ ලස්සනට ලියලා තියෙනවා සිද්ධි එකින් එක මැවිලා පේනවා මේ සේරම ලක්ෂණ පාසල් කාලේ පොදු අත්දැකීම්(මුට්ටි බිදින එක හැර) මටත් මරු කථාවක් මතක් වුනා හිහි...

    sAm sRi අයියා කියපු හැම දෙයක්ම අපි හැමෝටම තියෙනවා ඒකෙන් මම තමයි ඉස්කෝලේ ගාවම හිටියේ ඉතිං හැමදාම මම ඉස්කෝලේ යන්නේ ගාථා එහෙම කිව්වටත් පස්සේ....

    (ඔය අන්තිමට කොමෙන්ට් කරපු Anonymousට කියන්න තියෙන්නේ ඉතිං ඔයාත් ඇහැක් නම් බ්ලොග් එකක් පටන් අරන් සමාජෙට වැඩක් කරන්න අපි සහයෝගය දෙන්නම්....එහෙම නැතිව තමන්ගේ මානසික පීඩනය අවම කරගන්න කාටවක් කියන්න බැරිවුනු දේවල් කියලා හිත නිදහස් කරලා අහිංසක විදියට ඉන්න අයට ගරහන්න එපා)අසරණයා බැනලාවත් යන්න කියපු නිසා වෙන්නැති මයෙ හිතේ මෙහෙම කියන්න ඇත්තේ එල එල.ඒ බැනපු එකට මගෙන් පිළිතුරක් ඕං

    ReplyDelete
  17. අඩේ එව්වා මෙව්වා නිසා සුභ පතන්නත් බැරිවුනා සුභම සුභ නව වසරක් වේවා අසරණයා අයියේ ජය වේවා

    ReplyDelete
  18. ජීවිතේ කවද හරි ආපහු හැරිලා බැලුවම අපිට ඉතුරු වෙලා තියෙන්නේ තනියම මතක් කර කර හිනා වෙන්න පුලුවන් මතකයන් ගොඩක් විතරයි...

    ReplyDelete
  19. @ Anonymous,
    කාටවත් රිද්දන්නෙ නැතුව, අහිංසක සොමියක් දාගෙන ඉන්න එකෙකුට, ඇයි ඔය තරං සැරට කතාකරන්නෙ කියල හිතා ගන්නත් බෑ.....
    පරණ කොරපු කියපු ඒවා කියනව මිසක්, සමාජෙ හදන්න මේ ලියන කෙනා ට්‍රයි කොරල නැහැනෙ, ඒ රාජකාරිය කොරන බ්ලොග් කීපයකුත් තියෙනව.

    ReplyDelete
  20. ඇනොනිමස් හූ...... ඇද්ද.......
    සුබපතලා යන්න මෙ පැත්තට ආයෙ ආවෙ මලේ....

    ReplyDelete
  21. @ ඇනොනිමස්ට කියන්න තියෙන්නෙ ඔය ගැමියා සහ ඔබ්සර්වර් අයියා කියපු දේම තමයි. තියෙන හැම බ්ලොග් එකකින්ම සමාජය හදන්න ඕනි කියලා කොහෙද දන්නෙ නෑ තියෙන්නෙ ? එහෙම නම් මේ කතාවෙ අර හොරෙන් බීඩි බීලා ගුටි කාලා ආයිමත් ජීවිතේට නොබීපු එක තමයි හොඳම ආදර්ශය ! ඇනෝ ලියන්න හොඳ බ්ලොග් එකක් අපිත් එන්නම් ඒක බලන්න ! හැබැයි මේ වගේ ලස්සනට ගලපලා ලියපු අතීතාවර්ජනයකට කක්ක දමපු එක නම් අන්තිම සවුත්තුයි. ඒකෙන් පෙනෙන්නෙ ඔබගේ තියෙන පහත් මානසිකත්වය විතරයි. එහෙම නියම විවේචකයෙක් නම් එන්න නියම සත්‍ය නමින්.ඔය වගේ මානසික ලෙඩ්ඩු ආවා කාලෙන් කාලෙට !

    ReplyDelete
  22. එළ කිරි නේ..මෙයාලත් කරලා තියන වැඩ...අර මුට්ටියට හරියට ගල ගහපු එකා ට නම් තෑග්ගක් දෙන්න වටිනවා...සුබ අළුත් අවුරුද්දක් !!

    ReplyDelete
  23. @ Anonymous බව්වා පැට්ටෙක් ජරා කරලා වගේ...

    දෙයක් කරන්න බැරි එකාලා ඒ දේ හරියට කරන එකාගෙ තැනට ඇවිත් කක්කි කරනවා. කක්කි තමන්ගේ කියන්න නමවත් දාලා යන්නේ නැහැ ඒවා Anonymous කක්කි.

    අසරණයා සැලෙන්ට එපා බොල. උබේ කතා අපිට රසයි..

    ReplyDelete
  24. ඉස්කෝලෙට මේ සින් එක ගැන ගින්න දුන්න එකා ගැන පස්සේ දවසක වත් සලකලා බැලුවෙම නැද්ද? ලබන්නා වූ නව වසර (එල) කිරියෙන් (කිතුල්) පැණියෙන් ඉතිරෙන සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  25. යකෝ පොඩි කාලෙම මුං රහ මෙර කටේ දිවී තියලා ! කමක් නෑ අපිත් හොරෙං හොරෙං ඔවිවා කලා .

    මමත් ඉස්සර ඉස්කෝලේ අස්සේ ඔය වාගේ කේස් දාගන්න එපා කියන දේ කරන්න වලි වලට බහින්න මාර ආසයි අන්තිමේදී මට නම් හොඳ දඩුවමක් ලැබුණා අමතක නොවෙන්නම ආයේ රස්සාවකටවත් යන්ඩ බැරි වෙන්ඩම ..

    දැන් නම් ඒ ගැන දුක් වෙනවා

    අපේ කිතුලා ගස් යන්නේ නෑ ..ඌ අපිව තමා ගහට යවන්නේ .හිකි හිකි

    ReplyDelete
  26. @Weni = එක ඇත්ත අයියා.ඔයාලගේ පොඩි කාලේ කරපුව අපි කරේ නැහැ අපේ පොඩි කලේ කරපුව දැන් ඉන්න උන් කරන්නේ නැහැ ලෝකේ වෙනස් පොඩි උන් දැන් කෘතිමයි.
    ........................................................................................................................................................................;
    @ sAm sRi = අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ.
    නැ බං එදා උඹත් එක්ක කතා කරනගමන් නේ මට මේ කතාව මතක් වුනේ ඉතින් උඹව ඔබන්නේ නැතුව හරියනවායෑ.මට වස් වදීවි..
    .......................................................................................................................................................................
    @නරකය = අද කාලේ ගැන හොඳ අත්දැකීම් අපිට වඩා තියෙන්නේ වෙනි අයියටනේ.ස්තුතියි කොල්ලා
    ...........................................................................................................................................................................
    @sammani = හැම කෙල්ලෙක්ම එකයි අපිට සාදු කියන්නමයි ඉන්නේ හික් හික්.... එක සැරේම ගුඩුස් ගීයා අක්කේ මොනවා කරන්නද. පරීක්ෂණය ප්‍රතිපල විදියට තමයි අපි ගහට වැදන් හිටියේ..
    .............................................................................................................................................................................
    @harshana = මචන් දන්නේ නැහැ ඒ මොනවද තිබ්බේ කියල.මං හිතන්නේ තෙලිජ්ජ
    .........................................................................................................................................................................
    @ senna = අනේ මචන් අහිංසක ආසාවක් මගේ තිබුනේ.මං තමා වැඩේ කරන්න හැමෝටම පෙලෙම්බෙවුවේ.එත් හැමෝම දඬුවම් වින්දා.උඹලගේ කහම්බිලිය දඬුවම මැවිලා පේනවා බං අම්මෝ ....!!!.
    සුභ අලුත් අවුරැද්දක් වේවා උඹටත් සේනා..
    ...................................................................................................................................................................
    @Observer = අයියා ඒ වේදනා මතක් වෙද්දී යටිපතුල් වලට දාඩිය දානවා.බටු කොල්ලොන්ගේ ඉඳල ලොකු එකා වෙනකන් කඩප්පුලි කතා ඇහුව..අයියෝ එහෙම වේදනාවක්..

    ReplyDelete
  27. @ ඉන්දික උපශාන්ත = හැමෝම කරන්නේ එකම කුපාඩි වැඩ.කරන විදියේ පොඩි වෙනසක් තියෙනවා.
    ..........................................................................................................................................................................................
    @ රාජ් = ඒ වෙලාවේ මොනවත් ඇහුනේ නැහැ ලජ්ජාවෙන් කන් දෙක අගුල් වැටිලා තිබුනේ
    .................................................................................................................................................................................
    @ඔබ නුදුටු ලොවක් = පොල් රා වලයි කිතුල් රා වලයි මාර වෙනසක් තියෙනවා නේද .
    ..................................................................................................................................................................................................
    @තනි අලියා = අනේ නැහැ බං ඒ වගේ වැඩකට බිවුව මිසක් කණුවක වැටෙන්න තරම් බියුවේ නැහැ
    .....................................................................................................................................................................................................
    @Shani = හා හා වැඩිය හිනා වෙන්න එපා අපේ පැත්තේ ආච්චි කෙනෙකුත් හිනාවෙලා නහරයක් පිපිරිලා මොකක්ද දෙයක් උනාලු
    .......................................................................................................................................................................................................
    @Ano .. = ලොකු වැඩක් නෙවෙයි සහෝදරයා කාලේ එත් එකා වැරදි තමයි.කේන්ති ගන්න එපා අපි ඉවසීම ප්‍රගුණ කරලා ඉන්නේ.බ්ලොග් ලියන Senna ගේ හොඳ පොස්ට් එකක් තියෙනවා කියවන්න මචන්.මොනවා හරි දෙයක් දැනෙනවානම් එකට කොමෙන්ට් එකක් දන්නා.අනෙත් ඒක අපේ වැරදි වලට දෙමවුපියෝ වැරදි නැහැ.ස්තුතියි මේ පැත්තේ ආවට.
    ............................................................................................................................................................................................................................................................................................................
    @චතුමිතු = අනේ.. අපිට ඒ වෙලාවේ දැනුන සන්තෝසේ..ඒ වෙලේ අපේ සිතුවිලි කළු පාටයි බොඳ වෙලා හික් හික්..ඔබටත් සුභපතනවා එසේම වේවා !!
    ...................................................................................................................................................................................................................................................
    @ගැමියාගේ පත් ඉරුව = අනේ මලේ දන්නා එකෙක්ට කියන්න එපා මුට්ටි බිඳින්න.උඹව එල්ලන්න වටිනවනේ හැමදාම පරක්කු වෙලා ඉස්කෝලෙට ගියානම්.එච්චර හිතන්න එපා Anoo ලා ගැන.එයාලට මොනවා හරි වින්දනයක් ඇතිනේ අපි ඒ දෙයට ඉඩක් දීල අපේ වැඩේ කරගෙන යමු. ඔන්න මමත් සුභ පැතුවා ..
    ........................................................................................................................................................................................
    @Sabith = අහිංසක ආතල් දැන් කරනවානම් ඒවා සමාජෙට කරදරයක්. දැන් ඒවා කරන්නේ නැහැ මතක් උනාම සියුම් වින්දනයක් ලබනවා.
    .............................................................................................................................................................................................................
    @Observer = ස්තුතියි අය්යා මං වෙනුවෙන් කතා කරනවට.එයාගේ පාඩුවේ එයාට ඒ සොමිය ගන්න ඉඩ දෙමු පවු නේද?

    ReplyDelete
  28. @නරකය = එල එල කොල්ලා ඔන්න මමත් සුභ පැතුවා ඈ..
    ........................................................................................................................................................................................
    @weni = එකනේ වෙනි අයියා මං අද වෙනකන් දුම් බොන්නේ නැහැ ඉතින් කොහොමද දෙමවුපියෝ පවුවෙන්නේ.මං වෙනුවෙන් කතා කරපු ඔයාට ස්තුතියි.
    ....................................................................................................................................................................................................
    @ සයුරි = එකනේ අපි විද්‍යාව හොඳින් අද්‍යනය කරලා වැඩේ කරේ.එත් අපිට කුරිරු දඬුවමක් ලැබුනා.
    ............................................................................................................................................................................................................
    @sAm sRi = ඔව් පොඩි ගඳක් එනවා නේද.පස් ටිකක් දල වහල දානවා.උඩ තියෙන කොමෙන්ට් නිසා උට ලැජ්ජාවක් තියෙනවනම් ආයේ එන්නේ නැහැ.
    පිස්සුද මචන් උඹල ඉන්නකන් මං වැටෙන්නේ නැහැ .ස්තුති කොල්ලා එනජි එකට
    ..................................................................................................................................................................................................
    @රේප් මහත්තයා = ගින්න දීල තියෙන්නේ අරුන්ගේ සියා බං ඒ යකා දෙවැනි දවසේ බලාගෙන ඉඳල.(එල)කොල්ලෝ උඹටත් වැඩි වැඩියෙන් ලැබේවා
    ..............................................................................................................................................................................................

    @ හිස් අහස = අපේ මෝඩ මොලේට තේරෙන්නේ නැහැ බං.මං ඒ උඹේ යකඩ බජාර් එකේ කතාව කිවුව එත් ඉස්කෝලෙන් අස් කරන්න තරම් එතන වැරද්දක් නැහැ මගේ හිතේ.තනියෙන් කරපු දෙයක් නිසා නෙවෙයි නේ.එත් ඇයි කිතුලට කිතුලා කියන්නේ.
    .............................................................................................................................................................................................................................................................................................
    හැමෝටම ස්තුතියි මේ පත්ත්ටේ ආවට.අයෙත් සැරයක් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  29. "කසිප්පු ගඳ එන්නේ පැගුනම නෙවෙයි හලෝ ඒවා බිවුවහම ...."

    හිහී මේක තමයි නියම කතාව...

    කතාව ලියලා තියෙන රටාවත් ලස්සනයි. චිත්‍රපටියක් වගේ මගේ හිතේ මැවිලා පෙනුණා.......

    ReplyDelete
  30. @මහි = මට ඒ වෙලාවේ මොනවත් කරන්න හිතට ආවේ නැහැ එකයි සපත්තුව දිහා බැලුවේ.ස්තුතියි!!

    ReplyDelete
  31. මරු කතාව අසරණයො... හික්ස්... ඊට කලින් ඕගොල්ලො ජාති දාපු පොඩි උන් ටිකට නම් මාර චෑන්ස් එක වෙන්නැති හිතේ තියෙන එව්ව ඔක්කොම අතාරින්න... මටත් මැවිල පෙනුනා කිතුල් ගහට වැඳගෙන හිටපු හැටි..... :D

    ReplyDelete
  32. හම්මේ, කතාව පංකාදුයි කොමෙන්ටු පංකාදු පහයි... කලිසමේ කුනු ගෑවෙන නිසා පුටුවට ලේන්සුව දාලත් වාඩි උනා, මතක් වෙන කොටත් මොකක්ද වගේ....

    ReplyDelete
  33. මූඩී පාගල කියුවේ මොනාද?
    අනේ අම්මේ ඉස්කෝලේ ලගම කෙනා යන්නේ පරක්කු වෙලා කතාවනම් පට්ට ඇත්ත හිකිස්‌...... මම හිටියෙත් ඉස්කෝලේ ගාවමයි , එත් මම හැමදාම පරක්කු වෙලා අහුවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී තමයි යන්නේ, ශිෂ්‍ය නායකයෝ වුනාම ඒ කියලා වෙනසකුත් නෑ. හැමදාම යන්නේ බෙල් එක ගැහුවටත් පස්සේ..
    කිතුල් ගහට වැදගෙන ඉද්දි කොහොමද.. අනේ මට මැවිලා පේනවා හැක් හැක් හැක් :DDD

    ReplyDelete
  34. අනික ඇනෝ ට කියන්න තියෙන්නේ. ඒ කල දේවල් වැරදි තමයි. ඒ දේවල් වලට එයාලට නිසි දඩුවමත් ලැබුනානේ. එයා එක එයාගේ බ්ලොග් එකේ ලියන්නේ නැතුව අහවල් එකක ලියන්නද. අනික මේ දේවල් කියවන අය පොඩි ළමයි හෝ ලොකු අය වේවා, ඒ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවානම් අසරණා සහ යාළුවො ටිකට හම්බුනු දඩුවම මතක් වෙලා හරි නොකර ඉදිනේ.
    අනේ මන්දා මේ ඇනෝ ලට කාටහරි මඩක් ගහන්නේ නැතුව ඉන්නම බැරි හැටියක්.

    ReplyDelete
  35. හි හි 10 වසරෙදිම නියම වැඩනෙ කරල තියෙන්නෙ..

    ReplyDelete
  36. මොනවා වුනත් රා ටික කටට දාගෙනනේ. ඒ මදැයි..

    පෝස්ට් එක සිරා මචන්. සුබ අලුත් අවුරුද්දක්..

    කිතුල් ගහේ වැඩ ඉන්න දේවතාවා කවුද හැබෑට? ආශිර්වාද හම්බෙන්න ඇති නේද?

    ReplyDelete
  37. @Miyuru = පොඩි උන්ගෙන් අහපු කතා නිකන් ඉඳිකටු අනිනවා වගේ.අයියෝ එහෙම අඳුරු දවස් කිහිපයක්.
    ...............................................................................................................................................................................;

    @Shaggy = ඔව් ඔව් ඒ කලේ කලිසමේ කුණු බිංදුවක් වත් ගෑවෙන්න දෙන්නේ නැහැ.
    ..........................................................................................................................................................................................;
    @වර්ණා = මුඩී පාගනවා කියන්නේ අරක්කු වගේ දේවල් හොරෙන් චුට්ටක් විතර බොන එකට.වෙලාවට ඔයාල ඉන්න තැනක මේ වගේ දෙයක් සිද්ද උනේ නැත්තේ..
    ඇනෝල කියන විසකුරු සර්පයා මහා කරදරයක් මේ බ්ලොග් කාරයොන්ට.
    ........................................................................................................................................................................................
    @සිත්රූ සිහින = ඔව් අර උණ හැදිච්ච අලුතනේ.
    ........................................................................................................................................................................................;;;;
    @සමනල් පැටියා = මල්ලි එසේ මෙසේ දෙයක් නෙවෙයි අපි කරේ තනිකරම විද්‍යාවක් ..ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  38. ආන් කොල්ලො..ඔහොම එකක් වත් කොරගන්ඩ බැරිනං උගේ කොලුකම කොස් කොටන්ඩැයි...

    ReplyDelete
  39. @Raj = ඔව් නේද අයියා.වැඩියම නරකත් නැහැ ගොඩක් දේවල් අහුවෙලා ඊටපස්සේ කරපුව..

    ReplyDelete
  40. කොල්ලො උනාම ඔය වගේ වැඩ කරනව ඒ වයසට කොල්ලො විතරක් නෙවේ කෙල්ලො අපිත් කලා හොර වැඩ විනෝදෙට....ඒව කියන එක ජාතිද්‍රෝහි ක්‍රියාවක් නෙවේ.....සමාජයට වැඩ කරන්න කට්ටිය ඉන්නවනෙ අම්බානකට...බ්ලොග් එකකිනුත් ඒක කරන්න ගියාම ඒ කට්ටියට මොනාද වෙන්නෙ.....ඔයා ලියන්න අපි ඉන්නව කියවන්න...

    ReplyDelete
  41. @වින්චැට්කිරිල්ලි = ඒ කියන්නේ ඔයාලත් හොර වැඩ කරලද.චිකේ ඔයාලත් හොරෙන් රා බියුවද.හික් හික් .අනොලා කියන දේවල් එච්චර හිතන්න එපා.අපි සියුම් වින්දනයක්නේ ලබන්නේ බ්ලොග් ලියල.

    ReplyDelete
  42. @අසරණයා : එසේම වේවා..

    ReplyDelete
  43. අසරණයා අසරණ නෑ නේ, පුදුම වැඩ තමය් කරලා තියෙන්නේ.

    ReplyDelete
  44. This comment has been removed by the author.

    ReplyDelete
  45. @samadhi = මතක් වෙද්දීත් කන් අගුල් වැටෙනවා.

    ReplyDelete
  46. සිද්දිය අපූරුවට ලියලා තියෙනවා යාලුවා.. මම එන්න ටිකක් පරක්කු උනා.. කවුරු කොහොම කිවුවත් මේ වගේ මතක අපි ජීවිතේට කාලෙකදි ලොකු සතුටක් ගේනවා..

    ReplyDelete
  47. @Dinesh = මොකද මේ දවස වල පාටි නේ.මේවා මතක් කරද්දී වෙද්දී තනියම හිනා යනවා.

    ReplyDelete
  48. අඩේ.. අසරණයා උනාට සිරා පොරක් නේ.. එල එල.. මම නම් තාම සුරා හෝ දුම්වැටි පානය කරලා නෑ.. දැනට නම් එහෙම කරන්න අදහසකුත් නෑ.. ඒ උනාට සිරා කතාව.. එල එල..

    ReplyDelete
  49. @Najath Akram = බොන්න එපල්ල බං ඒවාට පුරුදු වෙන කාලේ පහු උනායින් පස්සේ එයෙත් පුරුදු වෙන්නේ නැහැ.එකනේ මං දුම් උරන්නේ නැත්තේ..

    ReplyDelete
  50. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  51. ඔබටත් එසේම වේවා යාළුවා.අලුත් අවුරුද්දෙදිවත් සෙට්වෙමු..

    ReplyDelete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...