28 Jan 2012

තවත් එක් ලිංගික පාඩමක්.

                             


                                දවසක් රැයක වැඩ ඉවර වෙලා ගෙදර යද්දී මගේ රියදුරත් සමග (මගේ කිවුවේ ආයතනයෙන් ගෙදර යන්න ඔෆිස් එන්න දීල හිටපු කෙනා)  ඕපාදුප කතාකරන්න හිතුනා.රට තොට ගැන වගේම ඔහුගේ පෞද්ගලික ජිවිතේ ගැනත් අහන්න හිතුනේ ජිවන රටාවේ  තියෙන වෙනස් කම් ගැන දැනගන්න.වයස 40 ක් වෙන එහෙත් 30 ක් විතර පෙනෙන මේ පුද්ගලයා ගේ විවාහක අවිවාහක බව දැනගෙන බිරිඳ වගේම දරුවන් ගැනත්  නිකමට අහන්න කල්පනා කරා.


මට දැන් වයස 40 ක් වෙනවා. (මගේ ඇස් දෙක නළලේ) මගේ ලොකු දරුවට දැන් වයස 15 ක් .දැන් මට දරුවන් 4 දෙනෙක් ඉන්නවා.අන්තිමට ලැබුනේ දුවෙක්.පුතාල දෙන්නයි දුවල දෙන්නයි.සම සමව  ඉන්නවා නේ මට නිකම්ම හිතුනා.දිගු නිහඩ තාවයකින් පසු පාට තුනේ විදුලි කණුවක් ළඟ නතර කර නැවතත් වෙනත් මාවතකට යනවත් සමගම ඔහුම නැවතත් එම කතාවම ආරම්භ කළා.මට ඕනෑ වෙලා තිබුනේ දරුවන් 3 දෙනයි පුතාල දෙකයි එක දුවකුයි.එත් මගේ බිරිඳට තවත් දුවෙක් ඕනේ කිවුවා.ඒ කතාව මට නිකන් ජපන් සිංදුවක් වගේ.කිසි දෙයක් තේරුනේ නැහැ.


අපිට දුවෙක් ඕනේ වුනත් පුතෙක් ඕනේ වුනත් අපිට ලැබෙන කෙනා නේ අපි බාර ගත යුතුයි.දරුවා පිළිසිඳ ගත පසුව නවීන විද්‍යාවේ උදවුවෙන් දැනගන්න හැකියාවක් තියෙනවා.එත් කොහොමද පිළිසිඳ ගැනීමට පෙර ලැබෙන්න ඉන්නේ දුවෙක් ද පුතෙක්ද යන වග.රියදුරාට අවශ්‍ය පුතාල  දෙදෙනකුත් එක දුවක් එත් බිරිඳට හැම එකකින්ම දෙක දෙක.අවිවාහක මට ඒ ගැන කිසි අවබෝධයක් නැති මේ කතාව විකාරයක් වගේ දැනුනා.එත් ඔහුගේ බිරිඳගේ අවශ්‍යතව ඔහු ඉටුකළ.මට මෙය අලුත් දෙයක් වුවත් මෙය අලුත් සිද්දියක් වෙයි.ලංකාවෙත් ගොඩක් දෙනෙක් දන්නා අප්‍රසිද්දියේ යන චක්‍රයක් බව ලංකාවේ සිටින ම්තුරන් කිහිප දෙනෙක් මාර්ගයෙන් දැනගන්න ලැබුනා.


ඔහු ඔහුගේ රහස මට හෙලිකලා.එයට කියන්නේ චීන දර්ශකය කියල.මගේ දරුවන් 4 දෙනාම හැදුවේ ඒ දර්ශකයට අනුව ඉතින් එය සාර්ථකයි.ඔහු එම පොත මට පසුදින මා සන්තක කලා.මේ එම පොතේ ආකාරයට නොදන්නා පිරිස දැනුවත් කිරීමට ගන්න උත්සහයයි.

                                                       බය නැතුව හැසිරෙන්න මේ චක්‍රය ටිකක් වැදගත් නේද?


චීන දර්ශකය අනුව මේ ආකාරයට පාවිච්චිය සුදුසුයි.

 
වයස අවුරුදු 18 කාන්තාවක් ජනවාරියේ දරුවෙක්ගේ අවශ්‍යතවක් නිසා  ලිංගිකව එකතු වුනොත් ඇයට ලැබෙන්නේ දියණියක්.එහෙත් 19 කාන්තාවක් ජනවාරියේ එකතු වුනොත් ලැබෙන්නේ පුතෙක්.ඒ ආකාරයට මේ චක්‍රය යන්නේ.ඔහුගේ දරුවන් සතර දෙනාම ඉපදුනේ මේ ආකාරයට චීන චක්‍රය භාවිතා කිරීමෙන්.මෙම රටේ ප්‍රතිශතයක් ලෙස වැඩි පිරිසක් මෙම දර්ශකය භාවත කරන බව ඔහු ආඩම්බරයෙන් කියන්නේ.


එහෙත් ලෝකෙන්ම සියට 95 ක්ම තම කුළුඳුල් දරුවා වන්නේ දියණියක්.එයට හේතුව මා දන්නා තරමින් කාන්තාවට පළමු දරු ප්‍රසුතියෙන් පසුව තමයි පිරිමි දරුවෙක් ලබන්න හැකි ජානමය ශක්තියක් ඇති වෙන්නේ. 


මට මෙය අලුත් දෙයක් වුවත් විවාහක ඔබට එක අලුත් දෙයක් නොවෙන්න පුළුවන්.මෙම චක්‍රයේ නිවරද්‍ය භාවය කොතෙක් දුරට ඇද්දැයි මම නොදනමි.මෙම චක්‍රය ගැන හොඳ අවබෝධයක්  අපේ වෙද මහත්තයා දන්නවා ඇතැයි සිතමි.ඒ වගේම දැනට දරුවන් සිටින ඔබ මෙය කොතරම් සත්‍යක්ද යනවග නොදත් පිරිස දැනුවත් කිරීමට කාරුණික වන්න.


අලුත විවාහ වූ සහා විවාහයට සුදානම් වෙන සියලු දෙනා මෙම චක්‍රය භාවිත කර වෙනස වැටහා ගෙන මෙය ගැන නොදන්නා අපි වැනි වුන්ව දැනුවත් කර ඒ ලබන්නා වූ පිං බලෙන් වැඩි වැඩියෙන් ලැබේවා බබාලම.




ස/යු : බූත වනේ අවසාන කොටස ඊළඟ පොස්ට් ඒකෙන බල පොරොත්තුවන්න.





191 comments:

  1. පිස්සු හැදෙනවනේ!:D
    අපිටත් යථා කාලයේ ප්‍රයෝජනවත් වේවි!:pp

    ReplyDelete
    Replies
    1. ඔව් එතකොට අපිවත් දැනුවත් කරන්නකෝ.

      Delete
  2. මෙහි සත්‍යය අසත්‍යය හරියටම කියන්න පුලුවන් තැනැත්තා තමා අපේ මහ වෙදනා. බලමු ඔහුගේ පිළිතුර. කෙසේ වෙතත් ඔබ මේ ඉදිරිපත් කල ඇති ආකාරය ඉතාමත් විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. මේ දෙය මටනම් අලුත් දෙයක්.සත්‍ය අසත්‍ය තාවය ගැනනම් කියන්න අමාරුයි.වෙද මහත්යයා ළඟදීම විතරයක් කරවී.ස්තුතියි ගිම්හානි අගය කිරීම ගැන..

      Delete
  3. balamuko banda dawasata...owa matak weida dan ne :)

    ReplyDelete
    Replies
    1. පලවෙනි මාස තුනෙන් පස්සේ මතක් වෙයි..

      Delete
  4. පිස්සු වැඩක්..හරිගිය අය මේවට හරිගියා කියනව..වැරදුන අය දුක්වෙනව අනේ කොතනින් මිස් උනාද කියල..

    ReplyDelete
    Replies
    1. ඔව් යාළුවා සමහර කෙනෙක්ට පිස්සු වැඩක වෙන්නත් පුළුවන්.මේ කිසි දෙයක් මමත් හිස මුදුනෙන් පිළිගන්නේ නැතත් සාමාන්‍ය දුරට පිලිගන්නවා.

      Delete
  5. මම මේ ගැන ඉදිරියේදී ලියන්නම්. ආයුර්වේදේ තිබිලා තියනවා ක්‍රමයක් ඒකට කියන්නේ "පුංසවණ" කියලා. ඉනිත් මේ දේ කරන්න පුළුවන් බව සඳහන් වෙලා තියනවා. මේ ගැන මගේ අත්දැකීම් ගොඩක් තියනවා ඉදිරියේදී ලියන්නම්.
    ඔබේ ලිපිය අතිවිශිෂ්ටයි.

    ReplyDelete
    Replies
    1. මං සිංහල වෙදකමේ ඒ ගැන තියෙනවා කියල කලින් දැනගෙන හිටියේ නැහැ.ඔබගේ ලිපිය ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා.

      Delete
    2. මහ වෙදනානෙනි භදුජී මහින්ද ජයතිලකයන්ගේ ශ්‍රී රාවණ්නා පුවත කියවා තිබේද??? එහි එන කතා සත්‍යයක් අසත්‍යයක් වුවත් යම් කිසි කාලවලදි සංසර්ගයේ යෙදීමෙන් විවිධ බුද්ධි මට්ටම් වල දරුවන් ලබාගැනීමටත් පුර පසලොස්වක දිනයන්හිදි සංසර්ගයේන් බුද්ධිය සෙමෙන් වැඩෙන දරුවන් ලබා ගැන්මටත් පුළුවන් බව සඳහන් වෙලා තිබුනා....

      Delete
    3. වෙද මහත්තයාගේ ලිපියත් බලලම අපිට සාකච්ඡා කරන්න පුළුවං වෙයි. අසරණයට ස්තුතී මේ ලිපියට..

      Delete
    4. වෙද මහත්තයාගේ ලිපිය ඉක්මනින් ම බලාපොරොත්තු වෙනවා.. අපේ දේවල් පිළි ගන්න එක වගේ ම අගය කරන ඒකත් සමහර එව්වුවොන්ට දැන් තමන්ගේ මෙව්වා එක අඩු වෙන්න හේතුවක් වගේ දැනෙන්නේ.. අපේ දේවල් ගැන කියන අය මානසික ආබාධිතයෝ.. අනෝලාට පිළිතුරක් දේවි කියලා බලාපොරොත්තු වෙනවා..

      Delete
  6. එළ එළ මාත් මේ ‍ෆ්‍රී පීරියඩ් එක අල්ලලා නිවාඩුව දාගත්තේ...

    ReplyDelete
    Replies
    1. ඔඹනම් ඉතින් අහන්න දෙයක් නැහැ.තීක්ෂණ බුද්ධිය.. හික්..

      Delete
  7. නියම ලිපියක්. ඉදිරියේදී අනිවාර්යෙන් ප්‍රයෝජන වත් වෙයි.
    මේ වගේ දේවල් අපව දැනුවත් කිරීමට වෙර දරන ඔබට, ඒ සිදු කර ගත්තා වූ මහා කුසල කර්මය හේතුකොට ගෙන පස් නිවුන් දරු උපත් තුන හතරකටම වාසනා බලය ලැබේවා!.

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඒ කියපු කතාව.පස් නිවුන් දරුවන් තුන්සැරයක් ලැබේවා කියන්නේ 15 දෙනෙක් නේ.ක්‍රිකට් ටීම් එකක් හදල අතිරෙකත් 4 දෙනෙක් ඉන්නවා.අම්මෝ මගේ කන් අගුල වැටුනා වගේ.

      Delete
    2. වොලිබෝල් ටීම් දෙකකුත් හැදුවැහැකි. අතිරේක එවුනුත් එක්ක. හී හී.

      Delete
  8. භද්‍රජී මහින්ද ජයතිලක මහත්මයගෙ "ශ්‍රී රාවණ්ණා පුවත" පොතෙත් මේ වගෙ දෙයක් ගැන සඳහන් වෙනවා. එක් එක් දින වල එකතු වීමෙන් ලැබෙන දරුවන්ගෙ ස්වභාවය වගේ දේවලුත් ඒ පොතේ තිබ්බ මම හිතන්නේ. බොහොම මෑතකදි "Gattaca [1997]" කියන ඉංග්‍රීසි විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය නැරඹුවා. එහිත්, දෙමවිපියන් නවීන විද්‍යාව හා තාක්ෂණය උපයෝගී කරගෙන තමන්ගෙ දරුවන් පිළිබඳ යම් යම් තීරණ වලට එළඹෙන හැටි පෙන්වනවා. පුලුවන් කට්ටිය හොයා ගෙන බලන්න. විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව, සොබා දහමත්, හර පද්ධතීන් එක්ක ගැටෙන හැටි කතා කරන බොහොම හොඳ සිනමා පටයක් කියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් හොයාගෙන බලන්න ඕනෑ වටිනා සිනමා පටයක් වගේ.ස්තුතියි..

      Delete
    2. මම ඒ ගැන ලිව්වා විතරයි හි හි මම බොහෝම ආසාවෙන් කියවාපු කෘතියක් මම මේ කොමෙන්ටුව පහලින් තියෙනවා දැක්කේ නෑනේ....මතකද ඒකේ තිබුනා කුම්භකර්ණ ඉපදුනේ පසලොස්වක පෝය දිනක සංසර්ගයෙන් යන වග හා රාවණ හා විභීෂණ දෙදෙනාම එකම නැකතේ ඉපදුණු අය බව(එනම් වෙන වෙන අවුරුදු වල එකම දිනක එකම වෙලාවක)...ඒ කෘතිය අති විශිෂ්ටයි....මම අර ෆීල්ම් එක නම් බලලා නෑ බාගන්න ඕනේ ඇමෙරිකාවෙන් ටොරන්ට් සයිට් බ්ලොක් කරන්න කලින්

      Delete
  9. Too late for me....heh...heh...

    ReplyDelete
    Replies
    1. හික් හික්..එත් ලැබුණු ප්‍රතිපලය කොතරම් දුරට සත්‍යක්ද කියල කියන්න පුළුවන් නේද?

      Delete
    2. බලන්න ඕනෙ ළමයින්ගෙ උපන් දින චාර්ට් එකට දාල....

      Delete
    3. වැඩේ ඇත්තනම් අපිවත් දැනුවත් කරද ඕනේ.හරිය...හික් හික්ස් හි.........

      Delete
    4. තාම බැලුවෙ නෑ

      Delete
    5. හොදම කමෙන්ටුව ඔබාගේ, ඔබාගේ චාට් එක බලාපොරෙත්තු වෙමි. ඇත්තටම අත්දැකීම් තියෙන අය කමෙන්ට් කලොත් හරි වැරදි බලන්න පුළුවං වෙයි

      Delete
    6. පොඩ්ඩක් ඉඳහල්ල මේ දවස් වල මැරෙන්ඩ බිසි...හෙහ්...හෙහ්...

      Delete
    7. දැක්කා නේද දැන් හැදෙන වුන් වැඩිහිටියන්ගෙන් උපදෙස් ගන්න තියෙන ලැදිකම.ඉතින් ඇයි සමහර වැඩිහිටියෝ හැදෙන ළමයින්ට දුක හිතෙන කතා කියන්නේ.හික්ස්..

      Delete
    8. හික්ස්.. සිරා අපි වැඩිහිටියන්ට ගරු කරනව බොල..

      Delete
  10. ඔය චක්‍රයේ විද්‍යාත්මක පැත්ත ගැන මටත් අවබෝධයක් නෑ!වෙද මහතාගේ ලිපිය බලාපොර්තුවෙන් ඉන්නවා!

    ReplyDelete
    Replies
    1. ඔව් අපිත් ඔහුගේ ලිපිය බලාපොරොත්තුවෙන් ඉන්නේ.

      Delete
  11. onna apith bookmark karagatta.balamuko ehenam.

    ReplyDelete
    Replies
    1. එහෙත් ලෝකෙන්ම සියට 95 ක්ම තම කුළුඳුල් දරුවා වන්නේ දියණියක්.එයට හේතුව මා දන්නා තරමින් කාන්තාවට පළමු දරු ප්‍රසුතියෙන් පසුව තමයි පිරිමි දරුවෙක් ලබන්න හැකි ජානමය ශක්තියක් ඇති වෙන්නේ.

      //meka nama terune na.

      Delete
    2. නදී සියට 95 කියන ප්‍රතිශතය වැරදි ඇති.එහෙත් ප්‍රතිශතයක් ලෙස කුළුඳුල් දරුවා දියණියක්.මා කියපු සඟරාවක තිබුනේ මවට පිරිමි දරුවෙක් පිළිසිඳ ගැනීමට තරම් ශක්තියක් ඇතිවෙන්නේ පළවෙනි දරු උපතෙන් පසුව.

      Delete
    3. // මා කියපු සඟරාවක තිබුනේ මවට පිරිමි දරුවෙක් පිළිසිඳ ගැනීමට තරම් ශක්තියක් ඇතිවෙන්නේ පළවෙනි දරු උපතෙන් පසුව.//

      ඔය කතාවට එකග වෙන්ඩ බෑ මචන්.. එතකොට මුල්ම දරුවා පිරිමි දරුවෙක් උන දෙමාපියන්ට එහෙම වෙන්නේ කොහොමද.. ?

      Delete
    4. ප්‍රතිශතයක් ලෙස වැඩි නේද?විද්‍යාත්මක නිවරද්‍ය තාවය ගැනත් හරියාකාරව කියන්න දන්නේ නැති එක ගැන කණගාටු වෙනවා.

      Delete
  12. කණගාටුයි කියන්න, මෙහි කිසිම විද්‍යාත්මක පදනමක් නෑ.

    දරුවෙකුගේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වන්නේ මවගේ ක්‍රොමොසෝම වලින් නොව පියාගේ ක්‍රොමොසෝම වලින්. එය X නම් ගැහැනු දරුවෙක්. Y නම් පිරිමි දරුවෙක්. මවගෙන් ලැබෙන්නේ X ක්‍රොමොසෝම විතරයි. එසේම දරුවකුගේ ස්ත්‍රී පුරුෂ භාවයට මවගේ ආර්තව චක්‍රයේ කිසිම සම්බන්ධයක් නෑ. එවැන්නක් ඇතැයි සිතීම හුදු මිථ්‍යාවක්.

    පියාගේ ශුක්‍රාණු ගත්තාම එහි සාමාන්‍ය වශයෙන් 50-50 ප්‍රමාණයට X හා Y ක්‍රොමොසෝම අඩංගු ශුක්‍රාණු බෙදී තියෙන්නේ. එනිසා ඔනෑම මොහොතක ඇතිවන සංසර්ගයකින් ගැහැනු හෝ පිරිමි දරුවකු පිළිසිඳ ගන්න 50%ක සම්භාවිතාවක් තියෙනවා.

    නමුත් වෙනත් ක්‍රම මාර්ගයේන් පියාගේ ශුක්‍රාණු වල මේ ප්‍රමාණ වෙනස් කළ හැකියි. වැඩි විස්තර සඳහා මේ ලින්ක් එක බලන්න. http://en.wikipedia.org/wiki/Gender_selection මෙය ඇරැඹුමක් විතරයි. තව විස්තර අවශ්‍ය නම් සපයන්නම්.

    මෙතැන ලොකුම විහිළුව තමයි සිංහල බ්ලොග් අවකාශයේ වැඩිම අවිද්‍යාත්මක මත පතුරවන පුද්ගලයා වන "මහ වෙදනා" කියන තැනැත්තාගෙන් මෙහි "විද්‍යාත්මක" පදනම ඇසීම. එය තුන් මසක් අතරමං වී සිටියකු හය මසක් අතරමං වී සිටි කෙනකු ගෙන පාර අහනවා වගේ. මේ පුද්ගලයාට වෛද්‍ය විද්‍යාත්මක දැනීමක් නෑ. හුදෙක් මිථ්‍යාවන් පතුරවනවා විතරයි. ඇයි මේ මිනිහාට මෙච්චර රැවටෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා බුද්දීමතෙක් යැයි සිතමි.ඔබ කියන කාරණාත් සත්‍ය වෙන්න පුළුවන්.එහෙත් මගේ බ්ලොග් එක හරහා හෝ වෙනත් බ්ලොග් එකක් හරහා තවත් කෙනෙකුට අපහස කිරීම නතර කලොත් ඔබතුමා තවත් බුද්දීමතෙක් යැයි සිතමි.ඔහුගේ මතය ඔහු ඉදිරිපත් කරන්නේ ඔහුගේම අනන්‍යතාවයකින් ඉතින් ඔබත් ඔබගේ මතය ඔබගේම නමින් ඇවිත් ඉදිරිපත් කලොත් ඔබ තුමාත් වැදගත් මිනිසෙක් ලෙස අපේ සිත් වල රැදේවි.

      Delete
    2. @ANO 09.00PM

      ඔබතුමා නවීන විද්‍යාවෙන් අතරමං වෙලා ඉන්න කාන්තාරේ ඔටුවෙක් වගේ හි හි ඔබතුමාට සිංහල වෙදකමේ වටිනාකම තේරෙන්න අඩුම තරමේ හය මසක්වත් වෙද ගෙදරක ගත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා දුකින් වුනත් ප්‍රාර්ථනා කරන්න වෙනවා...ඔබතුමාලා වගේ නවීන විද්‍යාවෙන් ෂෝට් වෙච්චි කස්ටිය නිසා තමායි ලංකාවේ දේවල් මෙහෙම අගාධයට ගියේ ඔබතුමාගේ මුතුන් මිත්තෝ තමයි මේවට වග කියන්න ඕනේ

      Delete
    3. ගැමියා - හැබැයි ලංකාව වල පල්ලට ගිහින් තියෙන්නෙ නම් මිත්‍යා විශ්වාස වල එල්ලිලා ඉන්න පොරවල් නිසා . වශී ගුලි මිරිකන්නේ , මල් වට්ටි උස්සන් දේවාල පන්සල් ගානේ බඩගාගෙන පිහිට ඉල්ලන්නේ . අමුතු ජාතියේ භාර හාර වෙන්නේ මේ සෙට් එකේ ඉන්න නායක මට්ටමේ මිනිස්සු !

      Delete
    4. ඕනෑම දේක අන්තගාමී වෙන එකෙන් ගොඩක් නරක ප්‍රථ්පල එනවා බටහිර වෙදකම පිළිබඳවත් එහෙමයි සිංහල වෙදකම පිළිබඳවත් එහෙමයි.....සිංහල වෙදකම පිළිබඳව මිසක් මම මෙතනදී ඔය දේවාල ගානේ ගිහින් නටන නාඩගම් ගැන කතා කලේ නෑ...ලඟකදී දැක්ක එලවළු භාර හාර කිරීම ශරීරයේ අනික් පැත්තෙන් වුනත් හිනා විය හැකි කාරණා...හැම දෙයක්ම සැබෑ විදියට දැක්කෝතින් තේරෙයි මේවායේ ඇත්ත නැත්ත.....එන්න කියවන්න

      Delete
    5. අනිවා.. ගැමියා එක්ක සම්පුර්ණයෙන් ම එකඟයි.. බටහර විද්‍යාවෙන් ෂෝට් වෙච්ච එවුන්ගේ මොළ හරි යන්න හය මාසයක් මදි. හත අවුරුද්දක් වත් වෙද ගෙදරක ගත කරන්න ලැබේවා කියලා මාත් ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා..

      Delete
  13. උඩ ඇනෝට - විද්‍යාවෙන් එහා ලෝකයක් නැහැ කියලා ඔප්පු කරන්න තරම්වත් අද විද්‍යාව දියුණු නැහැ තවම. ඒ නිසා විද්‍යාවට එහා ලෝකයක් නැහැ, ඒ කතා ඔක්කොම මිත්‍යා කියලා බැහැර කරන්න යන්න එපා. මට හිතෙනවා ඔබතුමා චානුක වත්තේගම මහත්තයද කියලත්. ඒත් මම දන්න විදිහට චානුක මහත්තයා ඇනෝ විදිහට එන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අද ලංකාවේ වගේම විවිද ශාන්ති කාර්ම වලින් ලෙඩ හොඳ කිරීමේ ක්‍රම තියෙනවා එත් විද්‍යාවෙන් එය මිත්‍යාවක් කියල ඔප්පු කරන්න තවමත් හැකියාවක් නැහැ.ඔබත් සමග මං එකයි..

      ස්තුතියි යාළුවා.

      Delete
  14. ඉංග්‍රීසි ටිකක් දන්නවා නම්, ඉන්ටර්නෙට් තියෙනෙවා නම් ඕනෑම දෙයක සත්‍ය අසත්‍යතාව හොයා ගන්න අමාරු නෑ. මෙන්න මේ වීඩියෝ දෙක බැලුවාම ඇත්ත නැත්ත පැහැදිළි වේවි. කාගෙන්වත් අහන්න ඕනැ නෑ. (විශේෂයෙන්ම මිථ්‍යාව පතුරවන්නන්ගෙන්)

    http://www.youtube.com/watch?v=HMzQw9gi2OI

    http://www.youtube.com/watch?v=EcmwqObHQrw

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කිසියම් දෙයක් දැනුවත් කිරීමට‍ අගත් උත්සාහයට..

      Delete
  15. අනාගතේට සෑහෙන ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete
    Replies
    1. කොහේ හරි තියල පරිස්සම් කරලා ප්‍රයෝයනයට ගන්නකො..

      Delete
  16. එහෙත් ලෝකෙන්ම සියට 95 ක්ම තම කුළුඳුල් දරුවා වන්නේ දියණියක්.එයට හේතුව මා දන්නා තරමින් කාන්තාවට පළමු දරු ප්‍රසුතියෙන් පසුව තමයි පිරිමි දරුවෙක් ලබන්න හැකි ජානමය ශක්තියක් ඇති වෙන්නේ.

    කාන්තාවට පළමු දරු ප්‍රසුතියෙන් පසුව තමයි පිරිමි දරුවෙක් ලබන්න හැකි ජානමය ශක්තියක් ඇති වෙන්නේ

    LOL .......THIS IS So FUNNY !!

    ReplyDelete
    Replies
    1. ඒ දෙය සියට 100 ක් ම සත්‍යක් නොවේ.ඔබටත් ෆනී නම් මටත් ෆනී ......

      Delete
    2. මම දන්නේ නැහැ. ඒත් අපි නොදන්න සත්‍යයන් තියෙනවා. විද්‍යාවට හසු නොවන. "නිවන" කියන්නේ එහෙම දෙයක්..

      Delete
    3. මේ ලිපිය දැමීම ගැන මුලින් ස්තුතිවන්ත වෙන්නම්. ඒ වගේම මගේ අදහසත් කියන්නම්.

      එහෙත් ලෝකෙන්ම සියට 95 ක්ම තම කුළුඳුල් දරුවා වන්නේ දියණියක්. මේ ගැන මට තියෙනවා වෙනත් මතයක්.

      සාමාන්‍යයෙන් පිරිමි දරුවකු ලැබෙන්න බලපාන තාත්තාගේ ධාතු වල අදාල කොටස ජිවීව තිබෙන්නේ පැය විසිහතරක් වගේ කාලයක්. හැබැයි ගැහැණු දරුවකු ලැබෙන්න බලපාන අදාල කොටස පැය හතලිස් අටේ සිට පැය හැත්තෑ දෙක දක්වා ජීවිව තිබෙනවා. ඉතිං දැන් වැටහෙනවා නේද? :) බැඳපු අලුත උදේ දවල් රෑ නැතුව කරන වැඩේ නිසා අම්මාගේ ඩිම්බ සූදානම් වෙන්න කලින්, ගමන් අරඹපු තාත්තාගේ ධාතු වලින් පැය හැත්තෑදෙකක් පමණ ජීවයක් දරණ කොටස ඩිම්බය සුදානම් වන විට ම සම්බන්ධ වෙනවා. පැය විසිහතරක ජීවය දරණ, පුතෙකු ලබා දෙන කොටස ඒ වන විට අජීවි වෙලා. ඉතිං ප්ලෑන් කරලා මේ වැඩේ කරනවා නම්, සාමාන්‍ය ඔසප් චක්‍රයක් ඇති කාන්තාවක් නම්, පිරීයඩ්ස් වී හරියටම දහහතරවන දිනය තමයි හොඳම දවස පුතෙක් පිළිසිඳ ගන්න.

      Delete
    4. උඩ ඇනෝමයි මේ.............

      ඉතිං මේ හොඳම දවස වන දහහතරවන දවස ආසන්නයේ දවස් , එනම් එකොළහ, දොළහ, දහතුන යන දවස්වල එකතු නොවී ඉන්නත් වගබලා ගන්න වෙයි ඔබට අවශ්‍ය පුතෙක් නම්....... නැත්නම් මා පෙර සඳහන් කල පරිදි පැය හැත්තෑදෙකේ සිද්ධිය නැවත සිදුවිය හැකියි

      Delete
    5. ඇනෝ ඇත්තටම ගොඩාක් ස්තුතියි ඒ දැනුවත් කිරීම ගැන.මං කලින් දැනගෙන හිටියේ නැහැ ඒගැන.

      Delete
  17. @Anonymous Jan 27, 2012 09:19 PM,

    මගේ අනන්‍යතාවයෙන් වැඩක් නෑනෙ මහත්තයෝ, මෙතැන වැදගත් කාරණා මිස කවුරු කියනවාද කියන එක නෙවෙයි.

    විද්‍යාවට ගැරැහීම ෆැෂන් එකක් වෙලා තියෙන කාලෙක මේ වගේ කමෙන්ට් අරුමයක් නෙවෙයි. මේවට දිගින් දිගට උත්තර දෙන්න තරම් කාලයක් මට නෑ. ඒත් කවුරු හරි මේ මිථ්‍යාවන් ගෙන් මුදාගන්න එක යුතුකමක් ලෙස සලකලයි මේ ලිව්වෙ. ඕනැම ලණුවක් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගිලින්න සූදානම් මිනිස්සු ඉන්න රටක මේවා කරන්න යන එක එක අතක මෝඩ වැඩ. කමක් නෙ, එක් කෙනෙක් හරි මිථ්‍යාවෙන් මිදෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඔබට ඇත්තටම සමයාජ ගැන හිතන කෙනෙක්.අපි ඔබට උපහාර කල යුතුයි..

      Delete
    2. මේ කතාවනම් සහතික ඇත්ත. කාලෙන් කාලට ෆැශන් එනවා. දැන් ෆැශන් එක තමයි අසපුවට ගිහින් සුපිරි බණ අහලා, වැලන්ටයින් දවසට සිල් අරන්, බටහිර විද්යාවට, සංගීතයට ටිකක් බැනලා, මට ඉංග්‍රීසි බෑ මම හොද ගමේ කොල්ලේක් කියන එක.

      Delete
  18. නියම ලිපියක්.... බලමු ඉස්සරහට පාවිච්චි කරන්න! සත්‍ය අසත්‍ය භාවය කෙසේ වෙතත්!

    ReplyDelete
    Replies
    1. වෙනස වටහාගෙන අපිවත් දැනුවත් කරන්න.

      Delete
  19. නියම ලිපියක්.... බලමු ඉස්සරහට පාවිච්චි කරන්න! සත්‍ය අසත්‍ය භාවය කෙසේ වෙතත්!

    ReplyDelete
  20. නියම ලිපියක්.... බලමු ඉස්සරහට පාවිච්චි කරන්න! සත්‍ය අසත්‍ය භාවය කෙසේ වෙතත්!

    ReplyDelete
  21. @අසරණයා,

    /එහෙත් ලෝකෙන්ම සියට 95 ක්ම තම කුළුඳුල් දරුවා වන්නේ දියණියක්./

    මේ වගේ දෙයක් ලියන්න කලින් ටිකක් කල්පනා කරන්න. ඔබ දන්න ඕනැම ගහණයක් ගැන හිතන්නකො. ඔබේ කාර්යාලයේ විවාහකයින් දහදෙනෙක් ගත්තොත් එයින් නව දෙනෙකුගෙම කුළුඳුල් දියණිය ගැහැණු දරුවෙක්ද?

    අනික මේක ඇත්ත නම් චීනයෙ ජනගහණයේ ඉතා වැඩි පිරිසක් කාන්තාවන් වෙන්න ඕනැ. මොකද චීනයෙ යුවලකට හදා ගන්න ඉඩ දෙන්නෙ එක දරුවයි. ඔබ කියන හැටියට ඔවුන්ගෙන් 95%ක් ගැහැණු. නිකමට චීනයෙ ගැහැණු-පිරිමි ජණගහණය බෙදී ඇති හැටි බලන්නකො ඔබේ මතය ඇත්තද කියලා බලන්න.

    ඔබ කවුද කියලා මා දන්නෙ නෑ. මේ මට දිය හැකි උපදේශයක්. යමක් ලියන්න කලින් පොඩ්ඩක් හිතන්න. අහපු දෙවල් ඒ වගේම ලියන්න යන්න එපා.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිශතයක් ලෙස සියට 95 ක් කීම වැරදි ඇතැයි මමත් පිලිගන්නවා.එහෙත් ප්‍රතිසතයක් ලෙස වැඩි පිරිසකගේ කුළුඳුල් දරුවා දියණියක්.

      Delete
  22. පස්සෙ කාලෙක මේක කරල බලලම සත්‍ය අසත්‍ය තාවය කියන්නම්...

    ReplyDelete
    Replies
    1. අත්හද බැලීම් කල්දාන්න එපා.කරලම බලන්න හැකි ඉක්මනින්

      Delete
  23. ඔබතුමා කතාකරන්නේ science ගැන. ඒ කියන්නේ බටහිර විද්‍යාව. බටහිර ගැත්තන්ට කොහොමත් පෙරදිග, සිංහල සහ හෙළයන් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයින් තමයි. අමතක කරන්න එපා රාවණා යුගය කියලා එකක් ඇත්තටම තිබුනා කියන එක. ඉන්දියාවත් රාම ව තමන්ගේ ඉතිහාසයට එකතුකරගෙන ඉවරයි. ලංකාවේ හිටියේ රාම රාවණ කතාවේ එන යක්ෂ රාවණ කෙනෙක් නෙමෙයි. පෙරදිග විද්‍යාවෙන් පොහොසත් රාවණ කෙනෙක්. මුළු ලෝකයමටම බලය පතුරපු රාවණ කෙනෙක්. මේ ඔබතුමා කියන මහා යුරෝපයත් අඅයිස් වලින් වැහිලා තිබුණු කාලයක්. කිසිම වැදගත් ඉතිහාසයක් නැති බටහරන් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන පෙරදිගයින්ගේ ඉතිහාසය සම්පුර්ණ මිත්‍යාවක් කියද්දී ඔබතුමන්ලා එකට ගැතිකම් කරනවා. මෙහෙම ගැතිකම් කරන සමහර ලාංකික ඉතිහාසඥයන් නිසා තමයි තවමත් රාවණ යුගය ලංකාවේ ඉතිහාසයට එකතු කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඔබතුමා සමහරවිට බටහිර විද්‍යාව ගැන පරතෙරට ඉගෙනගත්ත උගතෙක් වෙන්න ඇති. ඒත් පෙරදිග විද්‍යාව ගැන කිසිත් නොදැන ඒකට අපහාස කරන්නවත් පෙරදිග විද්‍යාව රැකගන්න උත්සහ දරණ අයට අපහාස කරන්නවත් යන්න එපා. මේක ලියන මමත් ලංකාවේ රජයේ වී.විද්‍යාලයක බටහිර විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක්. ඔබතුමාට මේ ගැන වැඩි විස්තර දෙනගන්න අවශ්‍යනම් ආචාර්ය සූරිය ගුණසේකර මහත්මයා හරි මහාචාර්ය නලින් ද සිල්වා මහත්මයාගෙන් දැනගන්න. ඔවුන් තමයි මම දන්නා විදිහට පෙරදිග විද්‍යාව ගැන හදාරපු පුද්ගලයින්.

    ReplyDelete
    Replies
    1. ඔබගේ කමෙන්ට් එක මට ලොකු ශක්තියක්.මෙතන මං විද්‍යාව බොරුවක් යන වග කියන්න උත්සහ කලේ නැහැ නේද?

      Delete
    2. මේ comment එක කරේ ඉහත දක්වා ඇති "විද්‍යාවට ගැරැහීම ෆැෂන් එකක් වෙලා තියෙන කාලෙක මේ වගේ කමෙන්ට් අරුමයක් නෙවෙයි. මේවට දිගින් දිගට උත්තර දෙන්න තරම් කාලයක් මට නෑ. ඒත් කවුරු හරි මේ මිථ්‍යාවන් ගෙන් මුදාගන්න එක යුතුකමක් ලෙස සලකලයි මේ ලිව්වෙ. ඕනැම ලණුවක් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගිලින්න සූදානම් මිනිස්සු ඉන්න රටක මේවා කරන්න යන එක එක අතක මෝඩ වැඩ. කමක් නෙ, එක් කෙනෙක් හරි මිථ්‍යාවෙන් මිදෙයිනෙ" යන comment එක ලියූ ඇනෝටයි. ඔබතුමා ලෙස සටහන්ව ඇත්තේ ඔහු ගැනයි. ප්‍රථමයෙන් හැඳින්වීමට අතපසු වීමට සමාව.

      Delete
    3. මිත්‍යාමත වලින් මිදෙන දේ සහා එහි ඇති අවිද්‍යාව විස්තර කරදීම ගැන මං ඔබව ගොඩාක් අගය කරනවා.එත් විද්‍යාවට හසු නොවූ ඇතැම් මිත්‍යාවන් අපේ රටේ වගේම ලෝකේ අනිත්කුත් රටවල් වල තියෙනවා.

      Delete
  24. සිත්ගන්න ලිපියක්. ඔව් විද්‍යාවට හසු නොවන දේ වල් තියෙනවා. චක්‍රය ගැන පොඩි දෙයක් කරලා බලන්න පුළුවනි... තමන් ඉපදුනු මාසෙයි, අම්මගේ වයසයි අරන් බලන්න චක්රෙකට හරි යනවද කියල..මම ඉපදුනු මාසේ අනුව බැලුවාම නම් හරි. :D

    හැබැයි මෙන්න මේ ක නම් පිළිගන්න අමාරුයි.
    //එහෙත් ලෝකෙන්ම සියට 95 ක්ම තම කුළුඳුල් දරුවා වන්නේ දියණියක්.එයට හේතුව මා දන්නා තරමින් කාන්තාවට පළමු දරු ප්‍රසුතියෙන් පසුව තමයි පිරිමි දරුවෙක් ලබන්න හැකි ජානමය ශක්තියක් ඇති වෙන්නේ. //

    මේකේ මුලාශ්‍රයත් දැම්ම නම් හොඳයි.. අනිත් එක 'ජානමය ශක්තිය' කියන්නේ මොකද්ද කියල තේරුනේ නැහැ? ජාන ඉතින් කෙනෙක්ගේ ආයු කාලේ තුල වෙනස් වෙන්නේ නැහැනේ. මම බයෝ කරලා නැහැ - එත් මම දන්නා තරමින් රේඩියෂන් වලින් වගේ ක්‍රමේකින් ඇරෙන්න ජාන වෙනස් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ දෙය ප්‍රතිශතයක් ලෙස වැරදියි කියල දැන් මට තේරෙනවා.මට මූලාශ්‍ර හොයාගන්න බැරි වුනා.ස්තුතියි ........

      Delete
  25. ලිපිය කියවා මා හොල්මන් විය...

    ReplyDelete
    Replies
    1. එහෙනම් වතුර ටිකක් පානයකළ පසුව නැවත කියවන්න.

      Delete
  26. මේක පිළිගන්න අමාරුයි. මම දැක්කා වෙද හාමිනේ කෙනෙකුත් කියලා තිබුණා පිළිසිඳ ගැනීමෙන් පසුවත් කළලයේ ලිංගිකත්වය වෙනස් කරන්න පුළුවන් කියලා. එහෙම වෙන්න බෑ නේද ?

    මට හිතෙන්නෙ මේක සම්භාවිතාවයෙන් සකස් කළ සටහනක්...
    සාර්ථක වීමේ යම් ඉඩක් තියෙනවා. ඒත් හරියටම හරියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මටත් ඒ චක්‍රය පිළිගන්න අමාරුයි හැබැයි ඒ රියදුර කියපු විදියට සියට සියයක් සර්තකයිලු.

      Delete
  27. @Anonymous Jan 27, 2012 09:51 PM,

    මහත්තයෝ, ඔයාට කතා කරන්න තියෙන්නෙ නලින් ද සිල්වා, සූරිය ගුණසේකර වගේ මානසික රෝගීන් කියන දේවල් ගැන නම් ඔයා එක්ක කතා නොකර ඉන්න එක වැඩිය හොඳයි. ඔය මානසික රෝගීන් කළ එක දෙයක් තමයි, ඔය මහ වෙදනා, වෙද හාමිනේ කියල කියා ගන්න ඇත්තන්ට තමන් නොදන්නා විෂය ක්ෂේත්‍රයක මිථ්‍යාව පැතිරවීමට ලයිසන් එකක් හදා දීම. දැන් මේ උදවියට පුළුවන් ඔප්පු කරන්න බැරි ඕනෑම බේගලයක් අත ඇරලා පොර වෙන්න. අනේ මේ රටකට ගිය කලක්!

    ReplyDelete
    Replies
    1. මහාචාර්යවරකට මානසික රෝගීයෙක් කියන්න තරම් ඔබ කෙතරම් බුද්දිමතෙක් විය යුතුද?ඔබ වැනි බුද්දීමතෙකුට පිළිතුරු සැපයීමට තරම් මා බුද්ධිමතෙක්ද නොවෙමි.

      Delete
    2. නලින්ද සිල්වා කියන්නේ මානසික රෝගියෙක් තමයි .පොරගේ නාථ කථා සිරිස් එක ඇහුවාම ඒක තේරෙන්නේ නැද්ද ? මානසික රෝගින් වුනු මහාචාර්ය වරු ඕනි තරම් ඉන්නවා . ඔය නාථ දෙවි පරීක්ෂන වගේ විකාර කරන්න ගිහින් විශ්ව විද්‍යාල වලින් දොට්ට දාලත් තියනවා . අනිත් මනුස්සයා ගැන මම දන්නේ නැතුවා . නලින්ද සිල්වා පෙරදිග විද්‍යාවක් කියල මඟුලක් ගැන කියවනවා විතරයි . ඒකෙන් කොරපු කෙමෙනක් නැ . නාථ දෙවියන්ව ඉස්සරහට දාගෙන ආපු ආසනික් එකවත් ගොඩ දාගන්න බැරි වුන එකේ තව මොන කථාද

      Delete
    3. නලින්ද සිල්වා මානසික රෝගියෙක් නොවෙයි එත් මේ සමාජෙට නොගැලපෙන මතයක් ඉදිරිපත් කිරීමට උත්සයක්‌ දැරීම මානසික රෝගියෙක් ලෙස අර්ථ දක්වන්න කෙනෙකුට පුළුවන්.

      එත් බුවා මං දන්නවා ඔබ මට වැඩිය මේ සමාජේ ගැන හොඳ අවබෝදයක් තියෙන කෙනෙක් බව.ඒ බව ඔබේ ලිපිවලිනුත් තේරුම ගන්න පුළුවන්.

      ස්තුතියි යාලුවා.

      Delete
    4. සමාජෙට නොගැලපෙන මතයක් ඉදිරිපත් කලාට වැඩක් නැ ඒක තහවුරු කරන්න බැරුව . පොර කාටවත් නොතේරෙන තර්ක විතර්ක ඉදිරිපත් කරනව මිසක් වැඩකට ඇති දෙයක් කලාය කියල මම නම් හිතන්නේ නැ . සංකල්ප වල හිරවුනාට වැඩක් නැ ඒවා මහ පොලවේ යථාර්තයක් බවට පත් කරගන්න බැරි නම් . ඒ වගේම නලින් උන්නැහේ බටහිර විද්‍යාව(මම දකින විදිහට බටහිර -නැගෙනහිර කියල විද්‍යාවක් නැ , විද්‍යාව සමස්ථ මානව වර්ගයාටම අයිතියි ) හෙලා දකින ගමන් ඉදිරිපත් කරන ක්‍රමවේදය ගැටලු සහගතයි . උදාහරණයක් විදිහට ආසනික් කේස් එකේදි නාථ දෙවියන්ගෙන් සහය ලබා ගැනීම කියන කාරණය ගත්තොත් , ඒහෙම උදව් ගන්න පුලුවන්ය කියන එක සත්‍යයක් කියල උපකල්පනය කලොත් ඒ සඳහා අපි කරන්න ඕනි මොනවද , (නලින් කියන්නේ භාවනා කිරීමක් ගැන ) එහෙම නම් මොනවද ඒ භාවනාවේ පියවර , කොයිතරම් කාලයක් යනවද , මොනවගෙ දේටද උදව් ලැබෙන්නේ (නාථ දෙවියො රසායනය දැන ගත්තට භෞතික විද්‍යාව එහෙම දන්නව දන්නේ නැනේ :) ) , කියලවත් පැහැදිලි කිරීමක් තිබුනේ . මම කියන්නෙ දෙවියන්ගේ සහය ගන්න වුනත් හරි හමන් ක්‍රමයක් තියෙන්න එපායැ . නැතුව හිටි ගමන් දෙවියන්ට ඕනි ඕනි වෙලාවට එක එක මඟුල් කිව්වට ඇති වැඩක් නැහැනේ .

      Delete
    5. @අසරණයා

      උඹත් මානසික රෝගියෙක් තමයි.

      Delete
    6. @AnonymousJan 28, 2012 06:50 AM

      මං ඔබට මානසිකේ රෝගියෙක් ලෙස නම කරන්නේ නැහැ.එත් මං පිලිගන්නවා මට යම් මානසික රෝගයක් ඇතිබව.අවස්ථා ගණනකදී උත්සහ කරා ප්‍රතිකාරයක් ලබන්න එත් එක් එක් හේතු නිසා මට නොහැකිවුනා.ස්තුතියි යාලුවා..

      Delete
    7. There are lot of scientists in the history; suicided or being killed since the socoity was not able to understand their theory/philosophy or doctrine that had been accepted or proved by scientific methods itself sooner or later.

      Therefore if somebody objects to what has been said by Dr.Nalin or Soooriya,(of any other person) he/she should have more qualifications or much better analytical knowledge than them.

      Commenting irrationally or babbling like kids has no counter existance.

      However everybody has equal rights to express their point of view (politely).

      Delete
    8. //However everybody has equal rights to express their point of view (politely).// I totally agree with you.

      Thanks for Your comment..

      Delete
    9. AnonymousJan 28, 2012 09:34 AM - ඔබතුමා කියන කතන්දරේ හරි , නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඔය කියන විද්‍යාඥයින් අභියෝග කලේ එදා තිබුනු සමාජ සම්මතයට හෝ මූලධර්ම වලට .එහෙම කරල ඔවුන් ගෙනාවේ අලුත් සංකල්පයක්. නමුත් නලින් මහාචාර්ය තුමා බටහිර විද්‍යාව අභියෝගයට ලක්කරන්නේ වෙනත් ජනසම්මතයක ඉඳන් , දැනටමත් පවතින මේ ජන සම්මතය තුල තියෙන විශ්වාස ක්‍රම ,සහ චර්යාවල ඉඳන් වෙනත් පද්ධතියකට අභියෝග එල්ල කිරීම සහ නව්‍ය සංකල්පයක් ඉදිරිපත් කිරීම එක හා සමානද?

      ඊලඟ ප්‍රශ්නය ඔහු විවේචනයට ලක් කරන ක්‍රමවේදයට ඔහු දෙන විකල්ප ක්‍රමවේදය ඔබතුමාට පැහැදිලිද ? උදා හරණයක් විදිහට ඔහු තමන්ගේ පරීක්ෂන වලට යොදා ගන්න දේව ඇදහිලි ඔහු විසින් සොයාගත් අලුත් සංකල්පයක් නෙවෙයි .ඔහුම පවසන සිංහල - බෞද්ධ ක්‍රමවේදයට අයත් අංගයක් . නමුත් සිංහල බෞද්ධ ජනයා ආධ්‍යාත්මික සංකල්පයක් විදිහට භාවිතා කරපු ප්‍රතිඵලය අවිනිශ්චිත ක්‍රමවේදයක් හරහා නිශ්චිත ප්‍රතිඵලයක් දක්වා යන ආකාරය පිලිබඳ පැහැදිලි කිරීමක් තියනවද ?

      සුදුසුකම් පිලිබඳ ගැටලුවක් මෙතනදි මතුවෙන්නේ නැ , මොකද මහාචාර්ය තුමා ප්‍රතික්ෂේප කරන දැනුම් පද්ධතියෙන්ම ගත්තු උපාධියක් තමයි ඔහු සතුව තියෙන්නේ , ඔහුට අනුව ඒ සමස්ථ ක්‍රමවේදය වැරදි නිසා , ඒ සුදුසුකමේ ඇති වලංගුතාවයක් නැ . ඒ වගේම ඔහුගේ දරුවන් ඔහුම ප්‍රතික්ෂේප කරන දැනුම් පද්ධතිය උගන්වන්න , බටහිර ක්‍රිස්තියානි රටවලටම යැව්වේ ඇයි කියන එකත් ප්‍රශ්නයක් , නව සංකල්පයක් හඳුන්වාදීම සහ මිත්‍යා සංකල්ප මත පදනම් වෙලා සංකල්ප ගොඩ නැගීම අතර පැහැදිලි වෙනසක් මම නම් දකිනවා , ඔබතුමා නොදකිනවා වෙන්න ඇති !

      Delete
    10. @AnonymousJan 28, 2012 09:34 AM,

      /Therefore if somebody objects to what has been said by Dr.Nalin or Soooriya,(of any other person) he/she should have more qualifications or much better analytical knowledge than them./

      I have more qualifications than both of them to talk about the subject. I wish to maintain my anonymity here, but if this individual called “Maha Vedana" continues his propagation of myths, I have a different plan to counterattack that and will come in my real identity.

      Delete
    11. සුද්දන්ගේ විද්‍යාව පසු පස එය ලොකුයි යැයි සිතාගෙන පන්නන්නෝ අතරමංවු කාන්තාරයක ඉබාගාතේ සැරිසරණ මොල්ලි දෙකේ ඔටුවන් වැනිය...ස්ටීවන් හෝකින්සන් පවා නිව්ටන්ගේ සමහර නියමයන් වැරදි බවට පිළිගනිද්දි පසුගිය දිනක E=MC(TWICE) පරීක්ෂණය අසත්‍ය බව නොදුටු ඇනෝවන් විය හැකිය.....සිංහල වෙදකම පුස්සක් යැයි සිතනවානම් තර්කානුකූල පිළිතුරු දෙන්න විවිධ පුද්ගලයන්ව අදාල කර නොගෙන...ඉංග්‍රීසි වෙදකම තාම ප්‍රාථමිකයි අතීත ලංකාවේ වෙදකම් සමග සසඳා බලද්දි සහ ශල්‍යකර්ම සමග සසඳා බලද්දී

      Delete
    12. ගැමියා - විද්‍යාවේ කිසිම නියමයක් සදාකාලික නැ , අලුත් සංකල්ප ඉදිරිපත් වෙනවා පරන ඒවා බිඳ වැටෙනවා . පිලිගත හැකි තර්කානුකුල ක්‍රමවේදයකට තමයි අලුත් සංකල්ප බිහි වෙන්නේ .

      Delete
    13. තර්කයන් මගින් බොරුවක් වුවත් ඇත්තක් කරන්න පුළුවන් ඔබත් එය දන්නවා....පරමාණුවක ආකෘතිය ගැන තර්ක විතර්ක කොයිතරම් පැවතුනාද...අවසානයේ ඒ තර්ක විශ්වාස කර මත 4ක් ස්ථිර වෙලා තිබුනා....ඒ මත කාලයක් විද්‍යාත්මක වුනේ නැද්ද?? නමුත් අවසානයේ ඒ තර්ක බිඳ දැමුනේ නැද්ද?? අලුත් සංකල්ප බිහිවෙනතුරු ඔබ සිංහල වෙදකමින් ලෙඩක් සුවකර ගැනීමට බලාපොරොත්තු නොවන්නේද??? ඔය පිළිගත හැකි තර්කානුකූල ක්‍රමවේදය තැනුනේ ලංකාවේ නම් ඉංග්‍රීසි වෙදකමද මිත්‍යාවක් වන්නට තිබුනි....

      Delete
    14. ගැමියා - මුලින්ම කියන්න ඕනි මම කථා කරන්නේ සිංහල වෙදකම ගැන නෙවෙයි . මම මේ කථාවට අවතීර්ණ වෙන්නේ විද්‍යාව කියල මිත්‍යාවන් පතුරවන මහාචාර්ය වරයාගේ කතන්දර පිලිබඳ . සිංහල වෙදකම රෝග සුව කිරීමේ ක්‍රමයක් විදිහට මම පිලිගන්නවා . විද්‍යාත්මක ක්‍රම මගින් තහවුරු නොවුනට සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියනව මම දැකල තියනව . සිංහල වෙදකම හා වෛද්‍ය විද්‍යාව එකම කාරණය ඉටුකරගන්න පුලුවන් ක්‍රම දෙකක් විදිහට මම දකින්නේ . නමුත් මම පෞද්ගලිකව මුල් තැන දෙන්නේ වඩාත් විදිමත් විශ්වාසනීයත්වයක් තියන ක්‍රම්යට . ඔය ගැන මහ වෙදනාගෙ බ්ලොග් අඩවියේ ඔය ඇනෝ තුමා එක්කම පොඩි සංවාදයකුත් කරල තියෙයි .

      පරමාණුක ආකෘතින් හෝ වෙනත් මොකක් හරි සංකල්පයකට විකල්ප හොයන්නේ ඒ සංකල්ප තුලින් පැහැදිලි කරගන්න බැරි නීරික්ෂන , සංසිද්ධීන් ආදිය නිසා . ඇත්තටම එතනදි වෙන්නේ වැඩි දියුණු වීමක් . උදාහරණයක් විදිහට නිව්ටන් නියම තුලින් පැහැදිලි නොවන තත්වයන් තිබුනට සියලුම චලිතයන් සඳහා නිව්ටන් නියම වැරදි වෙන්නේ නැ . නිව්ටන් නියම තුලින් පැහැදිලි කල නොහැකි සංසිද්ධීන් සඳහා තමයි අලුත් සංකල්ප ගොඩ නැගෙන්නෙ . විද්‍යාවේ හා තාක්ෂනයේ දියුණුව ඇතිවෙන්නේ ඒ විදිහට . උසස් පෙලින් පස්සේ විද්‍යා විශයන් එක්ක සම්බන්ධයන් නැති මට ඒ පැත්තෙන් උදාහරණ දෙන්න ටිකක් අපහසුයි . නමුත් මම දැනට ඉන්න තොරතුරු තාක්ෂන ක්ෂේත්‍රයෙන් නම් ඔය ක්‍රමවේදයන් වෙනස් වෙන , ඉවත දාන , අලුත් වෙන ආකාර ගැන එහෙමත් නැත්නම් තාක්ෂණයේ දියුණුව ගැන නම් උදාහරණ දෙන්න පුලුවන් . මම මතුකරන කාරණාව වෙන්නේ ඔය දේශීය විද්‍යාව ගැන කථා කරන මහාචාර්ය තුමා එහෙම කිසිම ක්‍රමවේදයකින් තොරව තෝරාගත් පිරිසකට දේශනා කරමින් ඉන්න පුද්ගලයෙක් පමණයි කියන එක . මම පහල කමෙන්ටුවකත් කියල තියනව වගේ තමන් සතුව අලුත් සංකල්පයක් තියනව නම් ඒක ලෝකයට ඉදිරිපත් නොකර තෝරාගත්ත පිරිසකට දේශනා කර කර අනුගාමිකයන් හදාගැනීමේ තියන අවශ්‍යතාවය මොකක්ද? ඒක නිඝන්ට නාථ පුත්‍රලා කරපු ජාතියේ වැඩක් .

      Delete
    15. වෙල්ඩන් චමිල................

      Delete
  28. දැන් මම මේ බ්ලාගෙන ඉන්නෙ මහ වෙදනා X , Y ක්‍රොමෝසෝම කියල දෙයක් නෑ. බටහිර විද්‍යාව පට්ටපල් බොරු. බටහිර විද්‍යාව ඉගෙන ගත්තු එවුන් අමු මැට්ටෝ. අපි තමයි ඕවා දන්නෙ කියලා ඔප්පු කරන කල්. මොකද දන්නෙ නෑ පරක්කු?

    ReplyDelete
    Replies
    1. ඔබගේ මතේ ඔබ ඉන්න අහුගේ මතේ ඔහු ඉඳීවි.ඉදිරියේදී බලමු..

      Delete
    2. @අසරණයා,

      විද්‍යාත්මකව තහවුරු කරන ලද කාරණයක් සම්බන්ධයෙන් මත දෙකක් තියෙන්න බෑ. එක්කෝ ඇත්ත, නැත්නම් බොරු. මා ඉදිරිපත් කළ ඔය ක්‍රෝමසෝම පිළිබඳ අදහස වැරදි නම් වැරදි බව ඔප්පු කරන්න කියා ඔය "මහ වෙදනා" කියන පුද්ගලයාට අභියෝග කරනවා. අපි බලමුකො ඔහු එය වැරදියි කියා ඔප්පු කරන හැටි.

      Delete
  29. දැන් මම මේ බ්ලාගෙන ඉන්නෙ මහ වෙදනා X , Y ක්‍රොමෝසෝම කියල දෙයක් නෑ. බටහිර විද්‍යාව පට්ටපල් බොරු. බටහිර විද්‍යාව ඉගෙන ගත්තු එවුන් අමු මැට්ටෝ. අපි තමයි ඕවා දන්නෙ කියලා ඔප්පු කරන කල්. මොකද දන්නෙ නෑ පරක්කු?

    ReplyDelete
    Replies
    1. විද්‍යාත්මකව තහවුරු කරපු ගොඩක් දේවල් නැවතත් බිඳි ගොස් ඇති බව අමතකද....කවදා හරි මේවා බටහිර විද්‍යාවෙන්ම බිඳෙන්න ඉඩ තියෙනවා

      Delete
  30. මං බයෝලොජි කරපු කෙනෙක්වත් වෛද්‍ය විද්‍යාව කරපු කෙනෙක්වත් නොවුන නිසා මම නිකම් ඇවිත් ගියා..ඒත් අර ඇනෝතුමා කිව්ව කතාවලට මාත් එකඟයි...ලූලන් නැති වලවල් වල කණයින් පංඩිතයින් වි පිණුම් ගසනවිට තිත්තයින් හෝයියා දමමින් ඔල්වරසන් දෙනවා...
    හැම එකකටම තනි පදනමක් තියෙන්න ඕනි නෑ..ඒත් මේ වගේ බේගල් බ්ලොග් හරහා ගියාම අන්තර්ජාලය කියන්නෙ තොරතුරු සාගරයක් කියල සිහින ලෝකෙක ඉන්න සුට්ටි ලමයි මේ ව ඇත්ත කියල හිතනවා...
    නලින් කිව්වාය කාරියවසම් කිව්වාය..රාවනා කලාය..අපේ මුත්තා කලාය..සිංහලේ ඉස්සර මේව තිබුනාය..චීන්නු දියුනුය..බටහිරයින් පුක හෝදන්නේ නැතිය..උන්ට ශිෂ්ඨාචාරයක් නැතිය කියන ඒව මෙතනට අදාල නෑ..කියන දේවල් වල විශ්වාසය තහවුරු කරන්න එච්චරයි..
    අර දඬුමොනරය කියන යන්තරේ ඩ්‍රෝවින් එකක් දාල එකපාරක් ආතල් එකක් දීල තිබුන කවුද??
    මේ ඒ වගේම එකක්..

    ReplyDelete
    Replies
    1. අමිල චතුරංග ඔබ තුමාගේ කොමෙන්ට් එක ගැන සතුටුයි.උදේට කන කෑම එකේ ඉඳල අතිශය පෞද්ගලික දේවල් ගැන ලියන මේ බ්ලොග් අවකාශයේ මේ පොස්ට් එකත තවත් එක පොස්ට් එකක්.කැමති අය බලාවි නැති නිකං ඉඳීවි.ඔබගේ බුද්ධිමට්ටම ගැන බ්ලොග් ලියන ගොඩ දෙනෙක් දන්නවා මොකද තැනින් තැන ගිහිල්ල දාන කොමෙන්ට් අනුව ඔබ කවුද යනවග දන්නවා.

      ඔබ තුමා මහා පණ්ඩිතයෙක් බව කිහිප දෙනෙක්ම කියල තියෙනවා.එත් මේකේ ආතල් එක ඇති උදවිය ඒ ආතල් එක විඳීවි.

      Delete
    2. amila chathuranga???? මම අද මේකව මගේ බ්ලොග් රෝලට ඇඩ් ක‍ලා නොවැ. පොර එච්චර පීචං ද? අපරාදේ !

      Delete
    3. හික් හික්....
      දවසේ කතාව... දැක්කේ පහුවෙලා නොවැ
      ඒ වගේ චරිත දැන් වැහිවැහැලා බං...

      Delete
  31. හෆ්ෆා... මාරයිනෙ.. මාවත් නිකන් හොල්මන් වුනා වගේ...:D

    ReplyDelete
    Replies
    1. කෙල්ලේ එහෙනම් දුවල ගිහිල්ල වතුර එක බිලා එන්න.හික් හික්.ඔයාට ඉතින් මේවා ගැන දැනගන්න තව කල් තියෙනවා නේ..

      Delete
  32. මම කියන්න හදපු දේ උඩ ඇනෝ කෙනෙක් කියලා. ඔහුගේ කොමෙන්ටුව හා 100% එකඟයි.. ඔය ගැන නියම කතාවක් අපෙ පියුන් කෙනෙක් කිව්වා. ඒ යකා කට්ටයා උනාට මෝඩයා.. මූට ඉස්සෙල්ලම ලැබිලා තියෙන්නේ දුවෙක්. මූගේ බොස් මූට කියලා පිරිමි ළමයෙක් ගන්න නම් හොඳ පිරිමියෙකුට හැමදාම කෑම එකක් දීලා හැම රෑම තුන් සැරයක් ලිංගික කාර්යයේ යෙදෙන්න කියලා. ගැබ ගත් පසුව පවා.. ඉතින් මූ හැමදම තෝසේ හදන් ඇවිත් බොසාට දීලා (ඒ උනාට බොසා මූට ආර්ථික අතින් සෑහෙන උදව් කරලා.) අනිත් වැඩෙත් කරලා. දෙවනියට හම්බ වෙලා තියෙන්නෙත් දුවේක්. ඊට පස්සේ තව ක්‍රමයක් කියලා දීලා. අපි දන්න කාලේ ඌට දූලම හතරයි. අරූ අර බොසාට කියන්නෙ XX මහත්තයා කියලා. මේ බොසා මුලු ලංකාවම දන්න කෙනෙක්. දෙන්නෙම මේ වගේ ගේම්.

    ReplyDelete
    Replies
    1. කවුද බං ඒ බොසා.අපිත් දන්නා කෙනෙක් ද?

      Delete
    2. මම ඔය ඇහුවමයි මෝඩ කට්ටයෙක් ගැන.. :-)

      Delete
    3. @Senna,

      රාජපස්ස කියලා කෙනෙක් ගැන හේම ඔයා අහලම නැද්ද?

      Delete
    4. @ AnonymousJan 28, 2012 06:11 PM

      එහෙම කෙනෙක් ගැන මම අහලා තියනවා.. හැබැයි මිනිහා උපන්ගෙයි කපටියෙක් මිසක් මෝඩයෙක් කියල නම් මම කොහෙදිවත් අහලා නැහැ.. ඔය මෝඩ කමයි, කපටි කමයි කොහොමත් එකට යන්ඩ බැරි ලක්ෂන දෙකක් නේද ?

      Delete
  33. චක්‍රය චීන නම් , භාවිතා වෙන්නේ දරුවන් හදන්න නම් භය නැතුව පාවිච්චි කරපල්ලා .

    විද්‍යාත්ම බවක් පේන්නෙ නැති සමහර දේවල් ඇතුලේ විද්‍යාත්ම පසුබිමක් තියෙන්න බැරි කමක් නැ , හැබැයි මම නම් පෞද්ගලිකව වඩාත් තහවුරු වුනු ක්‍රම්යන් අනුගමනය කරන්නයි කැමැත්ත . රාවණා රජ්ජුරුවන්වත් මෙතනට ගාවගෙන තියනව දැක්කා . රාවණා කියන්නේ මේ දවස් වල බ්ලොග් අවකාශයේ ට්‍රෙන්ඩ් එකද මන්ද .

    ReplyDelete
    Replies
    1. ඉතින් මේ චක්‍රයෙන් කොච්චර සාර්ථක ප්‍රතිඵල තියෙනවද කියල දන්නේ නැහැ.

      දුමි ගේ පොස්ට් ඒකෙන නේද රාවනා ගැන කතා කරන්න ගැහ්ට්ඨේ ඉස්සෙල්ලම මට මතක විදියට.

      Delete
    2. නැ මම කියන්නේ චීනේ ජනඝහනයේ හැටියට ඔය සම්බන්ධව උන්ගේ මෙතඩ් විශ්වාස කරන්න පුලුවන් කියල කෙනෙකුට කියන්න පුලුවන්

      දූමී රාවණා ගැන කථා කලේ ආතල් එකටනේ එහෙම නෙමේ , ඔය ගැන සැහෙන්න බොක්කෙන් කථා කරන අය ඉන්නවා . නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඒ අය සාක්ෂි හෝ සාධක වලට වඩා මුල් තැනක් දෙන්නේ එක එක කෙනා ඉදිරිපත් කරපු මත වලට වීම

      Delete
    3. හොයාගෙන කියවන්න ඕනේ..

      Delete
  34. @අසරණයා,

    මේ ලියන්නෙ මුලින්ම මතය පළ කළ ඇනෝ.

    ඔබ හරි. අධ්‍යාපනික මට්ටමින් මා මහ වෙදනා නැමැත්තාට ඉහළින් සිටින කෙනෙක්. (ඒක මම දැනටම තහවුරු කර අවසානයිනෙ!) මා වෛද්‍යවරයකු නෙවෙයි, නමුත් සාමාන්‍ය දැනීමක් තියෙනවා. ඒ වගේම ඕනැම තැනක කිව්වහැකි ඔය "මහ වෙදනා" නමින් තමන්ව හඳුන්නා ගන්නා පුද්ගලයාට වඩා දැනුමක් වෛද්‍ය විද්‍යාව ගැන තියෙනවා. කෙනෙක් තමන් නොදන්නා දෙයක් දන්න බව අනෙකුන්ට අඟවමින් බොරු කියන කොට ඒක පෙන්නා දීම අපහාස කිරීමක් නෙවෙයි. තව පිරිසක් මිථාවෙන් මුදා ගන්න එය අනිවාර්යයෙන්ම කළ යුත්තක්.

    මා නමින් පෙනී නොසිටින්නෙ මේ වාද වලට දිගින් දිගටම සහභාගි වෙලා නාස්ති කරන්නට තරම් මට කාලයක් නැති නිසා.

    ඔය "මහ වෙදනා" කියන පුද්ගලයාගෙ වෛද්‍ය විද්‍යාත්මක දැනීම විතරක් නෙවෙයි, ආයුර්වේදය පිළිබඳ දැනීමත් සැක සහිතයි. (මෙයින් කියන්නෙ ආයුර්වේදයේ හැම දෙයම හරි කියන එක නෙවෙයි. නමුත් සමහර දේවල් හරි බව මා ප්‍රතික්ෂේප කර නැහැ.) මෙන්න ඔප්පු කිරීමක් අවශ්‍ය නම්.

    ඔබ ඔය කියන මතයම "සුශෘත සංහිතාව" කියන පැරණි ආයුර්වේද ග්‍රන්ථයේ සඳහන් වෙනවා. (මූලාශ්‍ර පහත දක්වා ඇති.) නමුත් ඔය කියන චක්‍රයටම නෙවෙයි. එහි "ශරීර ස්ථාන" කියන කොටසේ තුන්වන පරිච්ඡේදයේ, (ඉහත මූලාශ්‍රයේ 136 වනි පිටුවේ) සඳහන් වෙනවා, පිළිසිඳ ගන්නා කලලයේ ගැහැණු පිරිමි බව තීරණය වන්නේ ආර්තවය නැවැතුණු දින සිට එළඹෙන ඉරට්ටේ දින වලදී ඇතිවන එක් වීමකින් කියලා. ඔත්තේ දිනවලදී ඇති වන එක් වීමකින් ලැබෙන්නේ, ඒ පොතට අනුව ගැහැණු දරුවන්. මෙහි කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. මා එය කලින් පැහැදිළි කළා. නමුත් අඩු ගණනේ ඔබ මේ කාරණාව සඳන් කළ අව්ස්ථාවේ මේ ගැන ආයුර්වේදයේ මතය වත් ප්‍රකාශ කරන්නට මේ පුද්ගලයාට නොහැකි වීමෙන් ඔහුගේ දැනුම ගැන ඔබට අවබෝධයක් ලැබෙන්නයි මේ ලිව්වේ.

    මෙන්න මූලාශ්‍රය අවශ්‍ය නම්. Bhishagratna, Kaviraj Kunja Lal (1911), An English Tranaslation of Susrutha Samhitha, Culcutta http://www.archive.org/details/englishtranslati00susruoft (Accessed Janury 28, 2012)

    කිව්වට තරහ වෙන්න එපා. සිංහල බ්ලොග් අවකාශයේ ඉන්නා වැඩි පිරිසක් උගත්, බහුශෘත පිරිසක් නෙවෙයි. ඉතින් ඕනෑම තක්කඩියකුට බොරුවක් කියලා ඔවුන් ලෙහෙසියෙන් රවටා ගන්න පුළුවන්. ඒ අවස්ථාවේ කෙනෙක් ඇත්ත දැන දැන නිහඬව සිටී නම් ඔහු කරන්න වරදක්. මා ඉදිරිපත් වුණේ ඒකයි.

    අවසාන වශයෙන් විද්‍යද විද්‍යාත්මකව තහවුරු කරන ලද කාරණයක් සම්බන්ධයෙන් මත දෙකක් තියෙන්න බෑ. එක්කෝ ඇත්ත, නැත්නම් බොරු. මා ඉදිරිපත් කළ ඔය ක්‍රෝමසෝම පිළිබඳ අදහස වැරදි නම් වැරදි බව ඔප්පු කරන්න කියා ඔය "මහ වෙදනා" කියන පුද්ගලයාට අභියෝග කරනවා. අපි බලමුකො ඔහු එය වැරදියි කියා ඔප්පු කරන හැටි.

    ReplyDelete
    Replies
    1. ඔබත් සමග ඇතැම් කරුනුත් සමග එකග වෙනවා.ඔබ වෙන්න ඕනේ වේද මහත්තයට ඒ මිනිහා කියන වචනේ පාවිච්චිකලේ.ඒ වචනෙට පාවිච්චි කරන්න එපා කියල තම මං ඔබට ඉස්සෙල්ල කිවුවේ..

      Delete
    2. <>

      එයා තමන්ගේ දැනුම වැඩියි කියන එක තහවරු කරගෙන තියෙන අපුරුව දැක්කද
      මෙයා අර ෆාමසි වලට බෙහෙත් බෙදබෙදා යන රෙප් මහත්තයෙක්ද කොහෙද
      ජංජාලෙන් යමක් කමක් කියවලා පොරවල් කියල හිතාගෙන ඉන්න අයට මෙහෙම හිතෙනවා තමයි
      වෙදෙකුත් නෙමෙයිලු. නමුත් වෙදකම ගැන අභියෝග කරනවා
      පව් කියල තමයි හිතන්න වෙන්නේ

      Delete
  35. උපරිමයි ඈ... එලස්

    ReplyDelete
  36. වැදගත් ලිපියක්. මේ ගැන අදහසක් වේදනාගෙන්ම තමා දැනගන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. වේදනා ළඟදීම ලිපියක් දානවලු.එතකොට විස්තරාත්මකව දැනගන්න පුළුවන්.

      Delete
  37. තැන්කු තැන්කු..ඔන්න මම ඉමේජ් එක සේව් කරගත්තා....මම දන්නා කියන කීප දෙනෙක්ව චාර්ට් එකට දාලා බැලුවා...වැඩේ හරි වගේ...හි හි

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ වැඩේ හරි නේද?පොඩි හරි සත්‍යක් තියෙනවා නේ..

      Delete
  38. ඔය විද්‍යාව මත්තෙම මැරෙන උන් මොනවා හරි කෙල උනාව "oh God" තමයි කියන්නෙ

    ReplyDelete
    Replies
    1. මම නම් බෞද්ධයෙක් , බෞද්ධයෙකුට විපතක් වුනාම නම් දෙවියො මතක් වෙන්න විදිහක් නැ . ලංකාව ලෙසේ වෙතත් ලෝකයේ අනික් රටවල දෙවියන් පිලිබඳ අධික විශ්වාසයෙන් සිටි පිරිස් එතනින් එලියට ඇවිත් ඉන්නේ , දෙවියන් පිලිබඳ කිසිදු විශ්වාසයක් නැති මිනිසුන් සැහෙන ප්‍රතිශතයක් දේව වාදී අගම් තියන රටවලත් බිහිවෙන්නේ ඒ අනුව . අනික් අතට ක්‍රියාවෙදි ඔවුන් වැඩ කරන්නේ දේව කැමැත්ත බලාගෙන නෙවෙයි , නිකන් හිතහන් ගෝඩ් බ්ලෙස් ඇමරිකා කිව්වාට කතෝලික /ක්‍රිස්තියානි දහම් වල්ට පටහැනි දේවල් කොච්චර කෙරෙනවාද කියල . ආගමක් කියල එකෙක් තියන කන් මිනිස්සුන්ට දෙවියො මතක් වෙයි . හැබැයි දෙවියො ඇවිත් මිනිස්සුන්ට කරන ලබ්බක් නම් නැ

      බලහන් ඉන්දියාවේ උන් දෙවියන්ගෙ කරුණාව ගන්න කියල පොරකකා ගඟවල් ගානේ යනවා පැගිලම දහස් ගනන් මැරෙනවා

      තවත් කට්ටියක් හෝ ගාලා පැටව් ගහනව මුලු ලෝකෙම උන්ගේ කරගන්න කියල , හැබැයි යුධ ගැටුම් වලින් හෝ ගාලා මැරෙන්නේත් උන් , ඒ දෙවියො බලලද ?

      Delete
  39. "අපිට දුවෙක් ඕනේ වුනත් පුතෙක් ඕනේ වුනත් අපිට ලැබෙන කෙනා නේ අපි බාර ගත යුතුයි."

    ඒකනම් ඇත්ත.හැම දරුවෙක්ම දෙමව්පියන්ට​ සම්පතක්....

    ReplyDelete
    Replies
    1. ඔව් කොයි දරුවත් එකයි නේ.

      Delete
  40. Machan mama 3 denek check karala baluwa 2k hari. Eth machan prashne thiyenne twinsla hamunoth kollek and kellek ekapaara????

    ReplyDelete
    Replies
    1. ඇත්ත එහෙම වෙන්න පුළුවන්.මං දන්නා කිහිප දෙනෙක් ඉන්නවා කෙල්ලෙකුයි කොල්ලෙකුයි.එත එතැනදී ඒ දේ සාර්ථක නැහැ.

      Delete
  41. මදැයි 'භූත වනේ' බලන්න කියල ආවා... බලනකොට මෙතන වෙන 'වනයක්' නෙ.....! හ්ම්ම්ම්ම්ම්ම්....ඔන්න එහෙනම් අපි ගියා කිව්ව......!!

    ReplyDelete
    Replies
    1. ඔයත් මේ වනේ පැටලුනාද?ඔය ඉතින් තවම පොඩි කිරිල්ලියක් නේ.ඒ නිසා පැටලෙන්න එපා.

      භූත වනේ අනිත් කොටස ඉක්මනින්ම දෙනවා.

      Delete
  42. mamath ganan minum hadala baluwa happochchiye hari nennam ................
    ano aiyath hadala baluwanam watinawa

    ReplyDelete
    Replies
    1. මාත් දන්නා විදියට එකේ සාර්ථක ප්‍රතිපල තියෙනවා.ඕනෙම කෙනෙක්ට ගණන කරලා බලන්න පුළුවන්.

      Delete
    2. ඕනෑම දරු උපතක් සඳහා මෙය නිවැරදි වීමට 50% ක සම්භාවිතවක් තිබේ. එනිසා යම් පිරිසකට එය සත්‍ය වීම පුදුමයට කාරණාවක් නොවේ.

      Delete
  43. අම්මෝ අයියේ මේක මාරම කේස් එකක් නේ.. පොට් එකට වැඩිය ඔළුව අවුල් උනා කමෙන්ට්ස් ටික දැක්කම.. ඕක ඇත්තද නැද්ද කියලා බලන්න තියෙන්නේ එකම ක්‍රමයයි.. අත්හදා බලන එක.. ඒත් මේ ඒකට කාලේ නෙමෙයි හංදා මේක ඩවුන්ලෝඩ් කරලා තියාගන්නම් පස්සේ කාලෙකදි අරගන්න..

    ReplyDelete
    Replies
    1. ලඟදි අත්හද බලන්න සුදානමක් නැද්ද?එක්කෝ දැම්ම කරන්න එපා.

      Delete
    2. අපෝ තව කාලෙකට බෑ.. අපේ අයියට මේ ගැන කියලා බලන්න ඕන.. :)

      Delete
  44. සිංහල බ්ලොග් අවකාශයේ බුද්ධි මට්ටම ගැන මේ පෝස්ට් එකේ කමෙන්ට් ගැන බැලුවාම යම් අවබෝධයක් ලබා ගත හැකිය.

    මා ඉහත කී ලින්ක් වල දරුවකුගේ ලිංග නීර්ණය පිණිස timing methods යොදා ගැනීම සම්පූර්ණයෙන් අවිද්‍යාත්මක බව පැහැදිළිව ඔප්පු කළ පර්යේෂණයන්හි ප්‍රතිඵල දැක්වේ. පහත එක් උපුටනයක් පමණි.

    Timing methods aim to affect the sex ratio of the resultant children by having sexual intercourse at specific times as related to ovulation, but have shown no influence on the sex of the baby.[1]

    The Shettles method, first formally theorized in the 1960s by Landrum B. Shettles, proposes that sperm containing the X (female) chromosome are more resilient than sperm containing the Y (male) chromosome. The method advocates intercourse two to four days prior to ovulation. By the time ovulation occurs, the cervix should contain a higher concentration of female sperm still capable of fertilization (with most of the male sperm already dead). Intercourse close to ovulation, on the other hand, should increase the chances of conceiving a boy since the concentration of Y sperm is be higher at the height of the menstrual cycle.[2]

    The Whelan method is an "intercourse timing" method that advocates the opposite of the Shettles method. The Whelan method suggests intercourse four to six days prior to ovulation to increase likelihood of fertilization by male sperm.[3]

    මූලාශ්‍ර:

    [1] Wilcox AJ, Weinberg CR, Baird DD (December 1995). "Timing of sexual intercourse in relation to ovulation. Effects on the probability of conception, survival of the pregnancy, and sex of the baby". N. Engl. J. Med. 333 (23): 1517–21. doi:10.1056/NEJM199512073332301. PMID 7477165.

    [2] Gray, RH (1991). "Natural family planning and sex selection: fact or fiction?". American journal of obstetrics and gynecology 165 (6 Pt 2): 1982–4. PMID 1836712

    [3] Shettles, L.; D.M. Rorvick (2006). "How Do They Compare?". In Martin J. Whittle and C. H. Rodeck. How to Choose the Sex of Your Baby: The Method Best Supported by Scientific Evidence. New York: Random House.

    කිසිවකුට හෝ මේවා නිකමටවත් කියවා බැලීමේ උවමනාවක් ඇතැයි නොපෙනේ. දැනුම තියෙන තැන් පෙන්නා දුන් පසුත් ඒවා පරිශීලනය නොකර තවමත් පෙර පුරුදු මිථ්‍යා මත වල එල්බ ගෙන සිටීමට තරම් සිංහල බ්ලොග් අවකාශය මෝඩද?

    එවන් මෝඩ පිරිසකට නම් අපූරුවට ගැලපෙන්නේ "මහ වෙදනා" කියා ගන්නා පුද්ගලයා වැනි මිථ්‍යා පතුරුවන්නන්ය.

    "මහ වෙදනා" කියා ගන්නා පුද්ගලයා ක්‍රෝමසෝම කියා දෙයක් නැත. "බටහිර වෛද්‍යවරුන්" කියන්නේ අමු මැට්ටන්ය කියා ඔප්පු කරන තුරු තවම බලා සිටිමි. ඇයි ඔහු තාම පරක්කු? "බටහිර වෛද්‍ය විද්‍යාව" පට්ටපල් බොරු කියා ඔප්පු කරන්නට ඔහුට ලැබුණු මේ අපූරු චාන්ස් එක ප්‍රයෝජනයට නොගන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මේ කියන ක්‍රෝමසෝම කතාව කවුරු හරි කෙනෙක් හොයාගන්න ඇති
      ඒ වගේම චීනේ මිනිස්සු මේ ගැන සොයල බලලා මේ වගුව හදන්න ඇති

      ඒ වගේම අපිට ක්‍රෝමසෝම කතාව අපිට පේන්නේ නැහැ, අපිටම කියල බලාගන්න විදිහකුත් නැහැ. නමුත් මේ වගේ සරල වගුවක ඇත්ත නැත්ත අපිට පැහැදිලිව බලාගන්න පුළුවන්. ඒකයි පැහැදිලි ඇත්ත.

      මේ ලියුම්කරු ඉදිරිපත් කරලා තියෙන වගුව අපි කාට කාටත් අපේ ගෙවල් වල ඉන්න අයගේ උපන් දින සහ ඒ ගැබ් ගැනීම් එක්ක සසඳලා බලන්න පුළුවන්
      මම එහෙම කලා, අපේ ගෙදර ඉන්න සහෝදර සහෝදරියෝ 5 දෙනාගෙන් 4 දෙනෙකුට මේක හරි (80% ක් හරි)
      මගෙත් එක්ක එක කාමරේ ඉන්න යාළුවගේ ගෙදර අයටත් මේක 100% ක්ම හරි(ළමයි 4 දෙනෙකුට)
      ක්‍රෝමසෝම හරි වෙන මොන කතා තිබුනත් මේකේ ගතයුත්තක් තියෙනවා කියල පැහැදිලි වෙනවා ප්‍රයෝගිකව බැලුවහම
      අනික කවුරුත් බල කරන්නේ නැහැනේ මේක අනුව ළමයි හදන්න කියලා
      මේකෙන් ගන්න දෙයක් තියෙන අය ගනියි, නැති අය නිකන් ඉඳියි

      /<>

      ඔයා නියම කරන ඒවා කියවන්නම ඕනේ කියල නියමයක් තියෙනවද
      ඔබතුමා සිංහල බ්ලොග් අවකාශයේ අයිති කාරයද

      Delete
  45. අත්දහදා බලන්නම වටිනවා... බොහොම ස්තුතියි යාලුවා...

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. ඉතින් අපිටත් කියන්නකෝ කොච්චර සාර්ථකද කියලා..

      ස්තුතියි මෙපත්තේ ආවට.

      Delete
  46. පෝස්ට් එකයි කමෙන්ට් ගොඩයි බැලුවා.
    මේ කතාවේ ඇත්ත නැත්ත ඉස්සරහට බලමුකෝ :)

    ReplyDelete
    Replies
    1. ඔන්න මිනිසු.අත්හද බලලම කියන්න..අපිටත් වැදගත් වෙයි..

      Delete
  47. ම්ම්ම්ම්... මෙහි විද්‍යාත්මක පදනමක් ගැන නම් අවබෝධයක් නෑ. ඒත් පසුකාලීන ව ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා...

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. මෑත කාලීනව ප්‍රොයෝජනයක් වෙන එකක් නැද්ද?හික් හික්..

      Delete
  48. ඇනෝලා මේ ගැන ගහගන්න විදිය දැක්කාම හිනත් යනවා එයාලා හිතන් ඉන්නේ එයාලා හැමදේම දන්න බහුශ්‍රැත කටිටිය කියලනේ කිසිම දෙයක් කවුරු කිව්වත් එයාලගේ මතය හරි කියලා හිතන උඩඟු පිරිසක් තමයි එයාලා...ඔයාගේ ලිපිය ගැන ස්තූතිවන්ත වෙනවා අයියේ මොකද හොඳ විවාදයකට වගෙයි අතවනලා තියෙන්නේ...මටත් තියෙනවා අදහස් ටිකක්

    01)x හා y ක්‍රෝමසෝම වලින් විතරක්ම දරුවා ගැහැණුද පිරිමිද කියලා තීරණය වෙන්නේ නෑ ඒක තීරණය කරන්න ඒ ඒ පුද්ගලයගේ ජාන සැකැස්ම හා එහි ශක්තිමත් බාවය වැදගත් වෙනවා....ඔබ දැකලා ඇති සමහර පරම්පරා තියෙනවා පිරිමි ලමයි විතරක් ඉන්න ඒ වගේම අතරින් පතර ගැහැණු ලමයි එහෙම ඉන්න පරම්පරා එහෙමත් දැකලා ඇති...

    02)මේක ප්‍රශ්නයක්....මොකද දරු ගැබක් ඇතිවෙන්න ශුක්‍ර වගේම ඩිම්බත් තියෙන්න ඕනේ ඉතින් ආර්ථවයෙන් පස්සේ ඩිම්බ වර්ධනය වෙන්න සාමාන්‍ය කාලයක් යනවානේ ඉතින් ඒ කාල සමයේ සංසර්ගයෙන් ඉතාම සීමිත කාලයක් තිබිය හැකියි දරු ඵල හට නොගන්නා...

    03)රජවරු පවා ගණිතඥයන් යොදාගෙන සුභ කාලවලදී බුද්ධිමත් දරුවන් ලබන්න වෙලාවන් සාදාගත් බවත් එසේ පිරිමි දරුවෙක් ලැබීමට තරම් ශක්තියක් නොහැකි අවස්ථාවන්හිදි එම ගණිතඥයන් ලවා අන්ත:පුරයේ කාන්තාවන් සමග සේවනයේ යෙදූ බවත් ඉතිහාසයේ තිබෙනවා...

    04)නූතන විද්‍යාවට ආවඩන ඇනෝලාගෙන් අහන්නේ.....බටහිර වෙදකමට අනුව හැම ලෙඩකටම බෙහෙත් තියෙනවාද??? හැම ශල්‍යකර්මයක්ම සාර්ථකද??? ඇනෝලා විශ්වාස කල විද්‍යාත්මක පැහැදිලි කිරීම් නැවත බටහිර විද්‍යාව විසින්ම බිඳ හෙලා නැත්ද??? කලිනුත් කිව්වා වගේ E=m(twice)C....(තවත් නියම ඉදිරි කාලයේදි බිඳ වැටිය හැකියි බුදු දහමේ එක් සූත්‍රයක දැක්වෙනවා පරමාණුව කොටස් 16කට බෙදිය හැකියි යන්න)

    05)බටහිර වෛද්‍ය විද්‍යාවට වයස අවුරුදු කිහිපයක් වුවත් ආයුර්වේද වෙදකම හා සිංහල පාරම්පරික වෙදකම් අවුරුදු දහස් ගනනකටත් වඩා පැරණියි...ඒ කාලවල් අනුව දෙයක් නිරීක්ෂණයෙන් පවා වෙදකම් කිරීමේ හැකියාවක් තියෙනවා පරම්පරා ගානක් තිස්සේ වාර්තා තියාගෙන ආවානම්.

    06)බටහිර වෛද්‍ය ක්‍රම අතර ඉපැරණි ඍෂිවරුන් භාවිත කල උපක්‍රම නැතැයි කියා ඔබලා සිතනවාද....ඉපැරණි කල්ක හා අරිෂ්ට ඔවුන් ඉංග්‍රීසි නම් වලින් ඔබලාට දෙනකොට ඒවා හොඳයි නේද...

    තව දක්වන්න පුළුවන් ඒත් මගේ වෙලාව අපරදේ මේ වගේ දේවල්වලදි පැහැදිලි වෙනවා දේශියත්වය පිළිබඳ ලංකාවේ ඇනෝලට තියෙන කුහකත්වට ගැන.රට අරාජික වෙන්න ඒ වගේ ඇනෝලා 10ක් හිටියත් ඇති...

    ReplyDelete
    Replies
    1. ඇනොලට විස්තර ඇතුව උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නටිකක් ඔයා දීල තියෙනවා.අපි බලමු මොකද වෙන්නේ කියලා.

      Delete
    2. @ගැමියාගේ පත් ඉරුව,

      01. මේ ගැන ඔබේ දැනුම ඉතා අල්ප බව පෙනේ. "ජාන ශක්තිය" කියා දෙයක් නැත. එකම පවුලක ගැහැණු දරුවන් පමණක්ම හෝ පිරිමි දරුවන් පමණක්ම හෝ සිටීම මීට සම්බන්ධ නැත.

      02. මෙය විය හැකිය සිතමි. එහි ලිංග නීර්ණයට සම්බන්ධයක් නොවේ.

      03. පැරණි රජවරුන් (ලංකාවේ පමණක් නොව කොහේත්) මීට වඩා ගොන්කම් කළ අවස්ථා ඕනෑ තරම් ඇත. ගණන් ගත යුතු කාරණාවක් නොවේ. ප්‍රාථමික සමාජ එහෙමය.

      04. විද්‍යාව ගතික ශාස්ත්‍රයකි. එය නිරන්තරයෙන් දියුණු වේ. එසේ හෙයින් විද්‍යාවේ යම් නියමයක් වෙනස් වීය නොහැකිය කියා දෙයක් නැත. එය විද්‍යාවේ විවෘත ස්වභාවයයි. ඕනෑම නියමයක් වැරදි නම් වැරදි බව ඔප්පු කිරීමේ අවකාශය විද්‍යාවේ තිබේ. (දැන් මම ක්‍රෝමසෝම කියා දෙයක් නැති බව "මහ වෙදනා" කියන පුද්ගලයා ඔප්පු කරන තුරු බලා සිටිමි.)

      05. මුලින්ම "බටහිර" කියා වෛද්‍ය ක්‍රමයක් නොවේ. ලෝකයේ ඇත්තේ එකම වෛද්‍ය විද්‍යාවක් වන අතර මීට අමතරව සිය දහස් ගණනක් රටින් රටට ආවේණික වූ පාරම්පරික වෛද්‍ය ක්‍රම තිබේ. මේවායේ සමහර විට නිවැරදි ප්‍රතිකාර ක්‍රම ඇතුවා විය හැකිය. මේවා විද්‍යාත්මක නොවේ. හරියටම කිව නොහැක්කේ ඒවා පර්යේෂ්ණ මාර්ගයෙන් තහවුරු කොට නැති නිසාය. ඒවා නිවැරදි පර්යේෂණ ක්‍රම මාර්ගයෙන් සනාථ කළ හැකි නම් විද්‍යාව කිසිම පැකිළීමක් නැතිව ඒවා පිළි ගනී.

      06. කලින් කී පරිදි විද්‍යාව පෙරදිග හා බටහිර කියා බෙදීමක් නොවේ. විද්‍යාව බටහිරින් සේම පෙරදිගින්ද ආභාෂය ලබා තිබේ. ඔබ කියන හැටියට යම් කල්කයක් වෙනත් නමකින් වෛද්‍ය විද්‍යාවේ එන්නේ නම් (එවැන්නක් නම් කළා නම් යහපත්ය. මේ කතාව කියන කිසිවෙක් එවැනි දේ නම් නොකරති.) එවැන්නක් පිළි ගැනෙන්නේ බටහිරින් එන නිසා නොව සායනික පර්යේෂණ වලින් පසුව විද්‍යාත්මකව තහවුරුව එන නිසාය.

      අවසාන වශයෙන් ඔබේ ගෝත්‍රවාදය මීට ඈඳා ගත යුතු නොවේ. අපි ගෝත්‍රවාදය පසෙක තියා කතා කරමු.

      (එසේම මා ඇනෝ එන්නේ මේ වාදවලට නාස්ති කිරීමට තරම් කාලයක් මට නැති නිසාය. ඔබට හෝ "මහ වෙදනා" නම් පුද්ගලයාට ඇතත් නාස්ති කිරීමට කාලයක් මට නැත. එහෙත් අවශ්‍ය විටෙක මේ "මහ වෙදනා" නමින් හඳුන්වන පුද්ගලයාගේ මිථ්‍යා මත පැතිරවීම නතර කිරීම පිණිස නමින් පෙනී සිටිමි. ඒ බ්ලොග් අවකාශයේ නොවිය හැකිය.)

      මේ සටහන කිරීමට කාලය වැය කරන්නේ ඔබේ නොදන්නාකම ගැන අනුකම්පාවෙන් සද් භාවයෙනි. එය ඍණාත්මකව නොසලකන මෙන් ඉල්ලමි. එසේම පිළිතුරු ලියන්නට පෙර මා ඉහත දී ඇති ලින්ක් පරිශීලනය කර සිටීම අප දෙදෙනාගේම කාලය ඉතිරි කර ගැනීමට හේතු වනු ඇත.

      Delete
    3. දිගටම ඇනෝ පැම්නෙන්නේ නම් කුමක් හෝ නාමයක් භාවිතා කරන්නේ නම් යෙහෙකි...මම මගේ මතය හරි යැයි සිටින්නෙකු නොවන නිසායි ප්‍රශ්න යොමුකලේ දැන් මට ඉතිරිව ඇත්තේ ඔබේ පිළිතුරු සසඳා බලා මේ ඇත්තක්ද යන්න සොයා බැලීමයි...තම නුවණින් සිතීම ඉතා වැදගත් බව මම දනිමි....කෙනෙක් හරි දෙයක් පවසන්නේ නම් එය වැරදි යැයි පැවසීමට තරම් කුහකත්වයක් මා තුල නොමැත.....ඔබට බොහෝම ස්තූතියි.

      නමුත් සිංහල වෙදකමේ මිත්‍යාවන් නොමැති බව නම් වගකීමෙන් ප්‍රකාශ කර සිටින්න මා කැමතියි....ඉනා බෙහෙත්,තොවිල් පවිල් වැනි දෑ අතහැර සිංහල වෙදකම පමණක් සලකා බැලූ කල ඒ බව ඔබටද තහවරු වනු ඇත.එසේ නොවන්නේ හැකි වෙලාවක් සොයා බලා කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝග සඳහා ඉංග්‍රීසි වෙදකමින් සුවය ලැබූවන් සංඛ්‍යාවත් සිංහල වෙදකමින් සුවය ලැබූ සංඛ්‍යාවත් සොයා බැලීමයි.....ඉංග්‍රීසි වෙදකමින් සුව කල නොහැකි කාණ්ඩයට දැමූ පිරිස් සිංහල වෙද කමින් සුවය ලබනා අයුරු මම දැක ඇත්තෙමි...

      Delete
    4. @ගැමියාගේ පත් ඉරුව,

      1. විද්‍යාත්මකව තහවුරු කරන තාක් කල් ඕනෑම මතයක්, ශිල්පයක් මිථ්‍යාවකි. එයින් යම් කොටසක් නිවැරදි විය හැකිය. එහෙත් ඒවා තවදුරටත් මිථ්‍යා සේ ගිණිය යුත්තේ හරි මොකද්ද වැරදි මොකද්ද අප නොදන්න්නා නිසාය. ඔබ ආයුර්වේදයට ආදරය කරන්නේ නම් කළ යුත්තේ මෙසේ තහවුරු නොකළ ප්‍රතිකාර ක්‍රම තහවුරු කිරීම පර්යේෂණ තුළින් තහවුරු කිරීම තුළුන් ඒවා වෛද්‍ය විද්‍යාවේ කොටස් බවට පත්කර ගැනීමයි. එසේ නැතුව "අපේ දේ" කීවාට හැම දෙයක්ම නිවැරදි නොවේ.

      2. ඔබ පෞද්ගලිකව මුහුණ දුන් තත්ත්වය ගැන මම කලකට පෙර ඔබේ බ්ලොග් එකෙන් කියැවීමි. එසේම ඔබ වෛද්‍යවරුන් සුව කිරීමට නොහැකිය කීවේ මන්ද සොයා ගැනීමට උත්සාහ කළෙමි. ඊට සම්පූර්ණ පිළිතුරක් තවමත් මා සතුව නැත. මගේ නිගමනය නම් මේ සඳහා සැත්කමක් ඇතත් (බලන්න: http://www.youtube.com/watch?v=i0_mZDQhKq0) එය ලංකාවේ හෝ අදාළ රෝහලේ කිරීමට පහසුකම් නැති වීමයි. ඒ ගැන සොයමින් සිටිමි. පිළිතුරක් ලැබුණොත් දන්වමි.

      ඔබට ප්‍රතිකාර කළ ආයුර්වේද වෛද්‍යවරයා අනුගමනය කොට ඇත්තේ වෙනෙකක් නොව Physiotherapy ක්‍රමයක් බව පෙනේ. මෙය වෛද්‍ය විද්‍යාවට ආගන්තුක ක්‍රමයක් නොවේ.

      Delete
    5. මගේ තත්වය දන්නා අයෙක් වීම නිසා මෙය පැවසීමට සතුටු වෙමි....මේ සඳහා ඇති සැත්කම මගින් වැඩි ප්‍රතිශතයක් ඇත්තේ සදාකාලික ආබාධිතයෙක් බවට පත්වීමටයි.ඒ අවධානම නිසා තමයි සිංහල වෙදකම් සලකා බැලුවේ.මමත් එතකන් හිතුවේ සිංහල වෙදකමේ හරයක් නැති බව.ඒත් දෑස ඉදිරිපිට තෙල් බෙහෙත් වලින් සිදුවූ විපර්යාසය නිසා මම විශ්වාස කරන්නෙක් බවට පත්වුනා.එහිදි Physiotherapy ක්‍රමයක් අනුගමනය කල බව හැබෑව.

      01)ආයුර්වේදය එසේ අනුමත කර ඇතිනම් ඇයි මහ වෙදනා වැනි ආයුර්වේද වෛද්‍යවරුන් දෝෂ දර්ශනයට ලක් කරන්නේ.
      02)නවීන විද්‍යාවට ආයුර්වේදයේ ඒ කොටස විද්‍යාත්මක නම් ඇයි අනෙකුත් කොටස් විද්‍යාත්මකදැයි සොයා නොබලන්නේ???.
      03)වෑල්ඩින් වෙදා යැයි හඳුන්වන්නා ලෙඩ සුව කලත් එය මිත්‍යාවක්ද??
      04)ඉංග්‍රීසි වෙදකමේ Physiotherapy මගින්ද මෙය කල හැකි නම් ඇයි මාව ලංකාවේ හොඳම වෛද්‍යවරු විසින් ශල්‍යකර්මයක් කිරීමට යොමු කලේ???

      ආයුර්වේදයේ අගුණක් මම නොදිටීමි නමුත් වෙදනුන් කරනා අකටයුතුකම් නම් පැහැදිලිව දුටිමි මම මගේ බ්ලොග් ලිපිවල වෙදකම ඔසවා තැබූ මුත් සත්‍යය ඇති සැටියෙන් පවසා වෙදමහතා සිදු කල නොමනා වැඩ වලටද පහර ගැසුවෙක්මි.ඒ මගින් මම උත්සහ කලේ සිංහල වෙදකම් හැකි පමණ ලෝකයට ගෙන යාමට ඒත් සිංහලෙන් පමණක් එය දැමීම එසේ කිරීමට රුකුලක් නොවන බවත් දනිමි.කෙදිනක හෝ මේවා පරිවර්තනය කිරීමට තරම් දැනුමක් ලැබුනු කලක ඒයද සිදු කිරීමට බලාපොරොත්තු වෙමි.

      නොදන්නා කමට ඇසීමට ප්‍රශ්නයක් ඇත....ලංකාවේ ප්‍රචලිත චීන කටු චිකිත්සාව මිත්‍යාවක්ද???

      අදහස් දැක්වීම වෙනුවෙන් කාලය වැයකලාට බෙහෙවින් ස්තූතියි

      Delete
    6. @ගැමියා. ඔබත් එක්ක එකඟ වෙනවා.වේද මහතා ලංකාවේ අනුමැතිය ඇති ආයුර්වේද වෛද්‍ය වරයෙක්.
      විවිද රටවල අවේනික වෛද්‍ය ක්‍රම බිඳී යාමෙන් නේද බටහිර වෛද්‍ය ක්‍රමය ආරම්භය සිදු වූයේ
      සිංහල වේද කම මිත්‍යාවක් කියන්නේ දේශීය දේ අගයන්න තියෙන ලැජ්ජාව නිසා නේද?. සමහර ඇනෝලා සිංහල වේද කම ගැන කතා කරන්නේ අහසින් පහත වෙච්ච දෙයක් ලෙසයි.
      සිංහල වේදකම මිත්‍යවක්නම් අද අනොලත් ඔතන අනොකෙනෙක්
      ඇනෝ කෙනෙක් විදියට ඉන්න බැහැ.එහෙනම් සිංහල ශිෂ්ඨාචාරයක් අද ඉතිරිවෙන්න බැහැ.

      එත් සුද්ද ලංකාවට එන්න කලින් අප රටේ තිබුණු ශාන්තිකර්ම හා ඇදහිලි වල යම් සතයක් තිබෙනවා.සිංහල වේද කමත් එහෙමයි.

      පිට රටට දිව දික් කරන එක නවත්වන්න.අපේ සියලු දේ අපේ කියා බදාගෙන ඉන්න ඕනේ නැහැ.එත් ඔබලාගේ දෙවියෝ ලෙස සිතන් ඉන්න සියලු දේ කරන බටහිර ජාතිකයොත් සිංහල වේදකමේ යම් යම් ස්ථානවලදී පුදුම වෙලා තියෙනවා.ඉතින් කොහොමද සිංහල වේද කම මිත්‍යාවක් වෙන්නේ.තමන්ගේ දේ යම් වටිනාකමක් තියෙනවනම් ඒ දේ අගයන්න ලජ්ජවෙන්න කාරණයක් නෙවෙයි.

      Delete
    7. A. “විද්යාකව ගතික ශාස්ත්රනයකි. එය නිරන්තරයෙන් දියුණු වේ.”------

      ඔය දියුණුව කියන්නෙ ඊයෙ සොයාගත්ත දෙය අද වැරදී කියල ඒකට තව කෑල්ලක් එකතුවෙලා මේ වගේ වෙනස් වෙන්න ඔනි කියන එකනේ... අද තියන නිගමන වලට එන්න කලින් තිබිච්ච මත ගැන පොඩ්ඩක් හිතලා බැලුවොත් තේරෙයි.. (ප්රනසිද්ධියේ එකඟ නොවුනට කමක් නැහැ.)

      එහෙම බලනකොට අද අපි දරන මතය ගැන විස්වාස කරන්නෙ කොහොමද...? හිතට එකඟව උත්තර දෙන්න... (i think it`s Just a matter of time)

      B. “පැරණි රජවරුන් (ලංකාවේ පමණක් නොව කොහේත්) මීට වඩා ගොන්කම් කළ අවස්ථා ඕනෑ තරම් ඇත.”

      පැරණි රජවරුන් පමණක් නොව අලුත් රජවරුත් ඔබත් මමත් "ගොන්කම්" ඕනෑ තරම් කරඇත.
      මෙතන අවුල ඔබත් ඔබේ නවීන විද්යාවවත් අපේ පැරැන්නන් කල දේ අනුව යමින් කිසිම පර්යේශණයක් නොකර, ඔබගේ විද්යාුවෙන් උගන් වන දේ පමණක් නිවැරදි යැයි කියමින් ඒවා බැහැර කිරීමයි..
      එයට හේතුව ඔබ "ඉගෙනගෙන ඇති විද්යාවව" (මෙසේ කලවිට මේ දෙය සිදුවෙතැයි සොයාගත් කෙනාවිසින් නොව වෙනත් අයෙකු විසින් ඔබට "නොවෙනස්ව" තේරුම්ගන්වා ඇතිදෑ) සහ උගන්වා ඇති අය සිතනුයේ සහ ඔවුන්ට උවමනා කරනුයේ නවීන විද්යාිව පමණක් (ඔවුන් සොයාගත් දෑ පමණක්) මෙලොව රජ කරනු දැකීමයි...

      C. “මේවායේ සමහර විට නිවැරදි ප්රොතිකාර ක්රවම ඇතුවා විය හැකිය. මේවා විද්යානත්මක නොවේ. හරියටම කිව නොහැක්කේ ඒවා පර්යේෂ්ණ මාර්ගයෙන් තහවුරු කොට නැති නිසාය. ඒවා නිවැරදි පර්යේෂණ ක්රේම මාර්ගයෙන් සනාථ කළ හැකි නම් විද්යායව කිසිම පැකිළීමක් නැතිව ඒවා පිළි ගනී.”

      නමුත් ඔවුන්ට අවශ්යපකරනුයේ සත්යි නම්, වියයුත්තේ අද පවතින සියලුම තාෂණයන් යොදාගෙන සාපේක්ශව ඉතා විශාල අතීතයන් ඇති, රටවල පැවතුණු විද්යාතවන් පිලිබඳ පරීක්ශණ කිරීමයි......
      (නමුත් මෙවැනි පරීක්ශණ කාටත් හොරෙන් සිදුවන බව ප්රාසිද්ධ රහසකි. හේතුව ප්රිථිපල සාර්ථක වුවහොත් ලැබෙන පේටන්ට් බලපත්රවයට ඇති කෑදර කමයි.)
      ---- පිටරට වල සිටින සුද්දන්ට වඩා... අප රට ගැන දන්නා රටේ හදගැස්ම, සිරිත්විරිත් එලෙසින්ම අවබෝධ කරගතහැකි සහ නවීන විද්යා.ව උගත් ඔබ වැනි අය සද්භාවයෙන් යුතුව මෙවැනි දේට අත නොගසා (හිත ඇතිනම් පත් කුඩාද කියනවනේ.) නවීන විද්යායවට ආවඩමින් කොමන්ටු වලට කාලය නාස්තිකිරීම මුලු සිරිලාංකීය ජාතියේම අවාසනාවකි.----



      D. “යම් කල්කයක් වෙනත් නමකින් වෛද්‍ය විද්යාතවේ එන්නේ නම් එවැන්නක් පිළි ගැනෙන්නේ බටහිරින් එන නිසා නොව සායනික පර්යේෂණ වලින් පසුව විද්යාුත්මකව තහවුරුව එන නිසාය.”

      ඔබේ කතාවට අප 100% එකඟවෙමු.. නමුත් ඔබට අමතක වී ඇත්තේ එලෙස රසායනික පරීශණ වලින් තහවුරු කරගෙන නවීන විද්යාතවට ඇත්තේ ඔබෙ සීයා අත්තා, මුත්තා ඇතුලුව බොහෝ පරපුරක් නිරෝගී බවට පත් කල දේශීය විද්යාතවකින් සොයාගැනුනු කල්කයක් බවයි.

      ඉදින්, එයට නිසි ගරුත්වය ලැබිය යුතු නොවේද...?
      එයින්ම, දේශීය විද්යා්වන් තුල සත්ය‍ පවතින බවත් අද පවතින දියුණු තාක්ශණයෙන් ඒවා මතුකරගත් යුතු බවත් දේශීය විද්යාලවන්ට ගරහන පටු අදහස් ඇති කටින් බතල කොල සිටුවන්නන්ට නොතේරේද....?
      දේශීය විද්යාතවකින් නොපැවසූ,- බටහිර විද්යාහවට ආවඩන්නන් ලංකාවට ආඩම්බරයක් වන ලෙස සොයාගත් යමක් ඇත්ද..??

      --- No More Words, Shame on you ---

      Delete
  49. පෝස්ටුවයි කමෙන්ටුයි බැලුවා.. අසරන‍යගේ පෝස්ටුවට මම පොරට පෞද්ගලිකවම ස්තුති කලා. ඇනෝලට කියන්න මුකුත් නැහැ..

    සෑමා කියන්නේ මෙච්චරයි. බඩට දරුවා ආපු දවසේ ඉදං කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා කුතුහලෙන් ඉන්න එව්වෝ පොට්ට ෂොට් ගහන වෙලා මේ ‍වගේ එකක් ට්‍රයි කරලා ඇත්තද කියල චෙක් කරන්න.

    මොකා වුනත් දරුව බොලාලගෙ නේ...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සැමා.උඹ කිචුවා ඇත්ත මොකා වුනත් දරුවා අපේ.මිත්‍යා මත සත්‍ය වෙන අවස්ථාවලුත් තියෙනවා.ඉතින් හැම දෙයක්ම බොරුයි කියන්න කාටවත් බැහැ

      Delete
  50. සමහර එවුන්ට බටහිර පට්ට ලොකුයි.. අපේ දේවල් හරි සිම්පල් නේ.. එව්වගෙන් කරන්න පුළුවන් දේවල් වැඩක් නෑ.. අපේ දේවල් අදට ගැලපෙන්න සකස් කරලා නිර්මානාත්මක සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරද්දී එහෙම කරපු තුමන්ලා මානසික ආබාධිතයෝ.. අනේ කාලේ.. මුන්ට පිට රටින් එන ඕන ගූ ගොඩක් මසුරන්.. මෙව්වා ගැන මුන්ට කියන කට හොඳයි උලා ගන්නවා බිම...

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් ඔබතුමා වෙන්ට ඉංජේනේරු මහත්තයෙක් . ඔබතුමා දන්නව ඇතිනේ වර්ථමාන ඉලක්කම් ක්‍රමය හොයා ගත්තේ කව්ද කියල ,ඒ ඉලක්කම් ක්‍රමය පෙරදිගය කියල බටහිර වුන් භාවිතා නොකර හිටිය නම් අද විද්‍යාව කොතනද ? වෙඩි බෙහෙත් හොයා ගත්තේ කව්ද , ඒවයින් ප්‍රයෝජන වැඩි වශයෙන් ගත්තේ කව්ද ? , විද්‍යාවට දැනුමට බටහිර නැගෙනහිරය කියල බේදයක් නැ .මොකද ඒක නිර්මාණය වෙලා තියෙන්නෙ සම්ස්ථ මානව වර්ගයාගේම දායකත්වයෙන්. අලුත් සංකල්පයක් තියනව නම් ඒක තමන් හදාගත්ත ගෝලයෝ පිරිසකට විතරක් දේශනා නොකර ලෝකයට ගෙනි යන්න ඕනි . එහෙම ගෙනියන දේ තර්කානුකුලව ඔප්පු කරන්න හැකියාවක් තියනව නම් ලෝකයා ඒක පිලිගන්න ලැස්තියි . විද්‍යාවට හා දැනුමට කාගෙවත් ඒකාධිකාරියක් නැ , අලුත් සංකල්පයක් ලෝකෙට ගෙනාවොත් ඒක ඉදිරිපත් කරන කෙනා කලුද සුදුද කියල බලපු යුගය පහුවෙලා ගොඩක් කල් !

      Delete
    2. බුවා සමග 100%ක් එකගය්.. හනමිටි අදහස් තියන උන් වදවෙලා යාවි ඉබේම..

      Delete
    3. @බුවා
      මෙතන කතා කළේ දැනුම අවශෝෂනය වීම ගැන නෙවෙයි. බටහිරට ගැති වීම ගැන. බටහිර ගණිතයේ අඩුවක් වුණු ශුන්‍ය කියන සංකල්පය ඔවුන් අවශෝෂණය කර ගත්තේ පෙරදිගින්. ඒ වගේ ම යි දැනට භාවිත වෙන සංඛ්‍යා ක්‍රමයේත් වැරදි ඕන තරම් තියෙනවා. පරිමේය සංඛ්‍යා වලින් සියලුම පරිමේය අගයන් ප්‍රකාශ කරන්න බැරි හින්ද තමයි කරණී කියන සංකල්පය ඇවිත් තියෙන්නේ.. දැනුම කියන දේ එක තැන පල් වීමට විරුද්ධ වීම සාධාරණයි. එත් සංවර්ධනය විය යුත්තේ බටහිර දැනුම පමණක් නෙවෙයි. අපේ එව්වොන්ගේ වැරදි හින්දා අපේ තිබුණු වටිනා දැනුම විශාල වශයෙන් හානියට ලක් වුණා. ඔබ තුමන්ලාගේ අදහස් ඔය විදියට පල වෙන්නත් හේතුවක් එක. තව දුරටත් විනාශ වෙන්න නොදී අපේ දැනුම කාලයට ගැළපෙන ආකාරයට ඉදිරිපත් කරන පුද්ගලයන් මානසික ආබාධිතයන් විදියට සලකන එකයි වැරදි කිව්වේ. සංකල්පය ගෙනාපු කෙනා පෙරදිග නම් කළු අයෙක් කියලා සළකලා කතා කළේ ඔබ තුමා මිසක් අපි නෙවෙයි නේ..

      @Ano
      අපේ දේවල් අගය කරන්නේ හණමිටි එව්වෝ නම්, ඔව් අපි හණමිටි අදහස් තියෙන එවුන්. එත් ඒ අදහස් වලින් ඔබතුමාලාගේ තණකොළ මිටි අදහස් වලට වඩා දෙයක් කරන්න පුළුවන්.

      Delete
    4. මම මේ ලිපිය පුරාවටම කථා කරන පුද්ගලය එහෙම විනාශ වෙලා ගිය දේශීය දැනුම් පද්ධතියක් මතුකරන්න හදපු කෙනෙක් කියලා ඔබතුමා විශ්වාස කරනවා නම් , ෆයිනල් එක්සැම් එකට කලින් නාථ දේවාලේ පැත්තේ ගිහින් එන්න , මොකද ඔය කියන පුද්ගලයා ගේ දැනුම් පද්ධතියේ මුල නාථ දෙවියො (පොරමයි කියන්නේ අපි නෙවෙයි )

      දැනුම කියන එක බටහිර නැගෙනහිරය කියල බෙදන තාක්කල් එතන තියෙන්නේ හණමිටි අදහසක් තමයි . දැනුම කියන්නේ විශ්වීය දෙයක් . ක්‍රමවේදයන් වල වෙනසක් මිසක් දැනුමේ බටහිරය නැගෙනහිර කියල බේදයක් මම දකින්නේ නැ . දැනුම හෝ විද්‍යාව කියන්නේ මිනිසාගේ පරිණාමය , මිනිසා විශ්වය තේරුම් ගැනීම කියලයි මම දකින්නේ . අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ පරිණාමය වුනාට පස්සේ නැවතත් ගස් ගල් අදහපු යුගයට ගිහින් ඒක තමයි 'දේශීය දැනුම " කියල කියනව නම් මම ඒක පිලිගන්නේ නැ .

      //සංකල්පය ගෙනාපු කෙනා පෙරදිග නම් කළු අයෙක් කියලා සළකලා කතා කළේ ඔබ තුමා මිසක් අපි නෙවෙයි නේ.//

      මේ මොකක්ද මේ කථාව ,?

      Delete
  51. ගොඩක් හොඳ ලිපියක් යාලුවා....මේක ප්‍රයෝජනවත් වේවි අනාගතයට...;)
    අර 95% කතාව නම් මටත් පොඩ්ඩක් සැකයි වගේ....

    කොහොම උනත් අපි ඉගෙනගෙන තියෙන දැනුමෙන් පැහැදිලි කරගන්න බැරි හැම දෙයක්ම බොරු කියලා හිතාගෙන ඉන්න කස්ටියගේ කොමෙන්ටු දැක්කම නම් හිනාත් යනවා...:D :D

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් තේරෙනවා ප්‍රතිශතයක් විදියට ඒ ගණන වැරදි කියල.එත් බහුතරයක් පළමු දරුවා ගැහැණු දරුවෙක්.

      Delete
    2. @අසරණයා,

      වැරදියි. කොහේද එහෙම තියෙන්නෙ? කරුණාකර මූලාශ්‍රය සපයන්න.

      ඇයි ඇත්ත පෙන්නා දුන් පසුවත් මේ බොරු කියන්නෙ තවදුරටත්?

      Delete
  52. @අසරණයා,

    ඔබත් මිථ්‍යාව පැතිරවීමට එක් වීම ගැන කණගාටුයි. එසේම ඔබේ අල්ප දැනුම ගැන කණගාටු වෙමි.

    මේ "මහ වෙදනා" කියන පුද්ගලයා පිළිගත් වෛද්‍යවරයකුද නැද්ද හෙළි කොට නැත. ඒ සඳහා ඔහු තම නියම නමින් පෙනී සිටිය යුතු අතර වෛද්‍යවරයකු සේ ලියා පදිංචි අංකය හෙළි කළ යුතුයි. මේ දෙකම ඔහු තවම කර නැත. එය කරන තෙක් බලා හිඳිමි.

    @ගැමියාගේ පතිරුව,

    ඔබට මා දුන් පිළිතුරු නැවත කියවා බලන්න. විද්‍යාත්මකව තහවුරු කරන තුරු ඕනෑම දෙයක් මිථ්‍යාවකි. ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම මිථ්‍යාවක් නොවේය යන්න තහවුරු කිරීමේ වගකීම ඇත්තේ ඔය ආයුර්වේද වෛද්‍යවරුන් කියන පුද්ගලයන්ටයි. ඔවුන් එය නොකරන්නේ නම් අපට කරන්න දෙයක් නැත.

    ReplyDelete
  53. http://www.lankacnews.com/sinhala/news/45063/

    ඔය ලිපිය කියවල බලන්න , ඔය වගේ සීන් නිසා තමයි ආයුර්වේදය ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැතිවෙලා තියෙන්නෙ .

    ReplyDelete
  54. අනාගතේදි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන ලිපියක් !
    මම් එක පොතක කියවලා තියෙනවා සිංහල වෙද මහත්තැන් කෙනෙකුට නාඩි බලලත් ලැබෙන්න ඉන්නෙ දුවෙක් ද පුතෙක්ද කියලා කියන්න පුලුවන් කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් ඒ කතාව කලින් අහල තියෙනවා නදී බලල කියන්න පුලුව්වන් කියන ඒක.

      Delete
  55. මාත් ඹයාගේ ලිපිය කියෙවුවා. මමනම් හිතන්නේ අපි කාටවත් ස්භාවධර්මයාට ඉහලින් යන්න හම්බවෙන්නේ නෑ. උදාහරණයක් හැටියට ඔය කියන විදිහට හැමෝම පිරිමි ළමයි විතරක් හැදුවොත් ලෝකයේ පැවැත්ම සදහා මේක බාධාවක් වෙනවා. එතකොට කුමන හෝ විදිහකින්(උදා:- පිරිමින්ට පමණක් සෑදෙන හදුනා නොගත් රෝගයක්) පිරිමින් අඩුවී යනවා.
    සමස්තයක් විදිහට බැලුවොත් පිරිමින්ට වඩා ගැහැණු උපත් සංඛ්‍යාව වැඩියි. එය අපට දෙපාර්ශවයම සිටින කාර්යාලයකට හො උපකාරක පංතියකට ගියහොත් පැහැදිලිව බලාගන්න පුළුවන්.
    කෙසේ හෝ වේවා වැදගත් ලිපියක්. ඔබට ජය!!!!

    ReplyDelete
    Replies
    1. //අපි කාටවත් ස්භාවධර්මයාට ඉහලින් යන්න හම්බවෙන්නේ නෑ. උදාහරණයක් හැටියට ඔය කියන විදිහට හැමෝම පිරිමි ළමයි විතරක් හැදුවොත් ලෝකයේ පැවැත්ම සදහා මේක බාධාවක් වෙනවා//
      ඔව් මේක ඇත්තයි. සාමන්යෙන් ගොඩක් සත්ව ගහනයක ගැහැණු පිරිමි අනුපාතය දල වශයෙන් 1:1 කියල මම අහල තියෙන්නේ (Fisher's principle).

      //සමස්තයක් විදිහට බැලුවොත් පිරිමින්ට වඩා ගැහැණු උපත් සංඛ්‍යාව වැඩියි. //
      නැහැ ඇත්තටම සමස්ත ලෝක ජනගහනය ගත්තොත් පිරිමි දරු උපත් ටිකක් වැඩියි. පිරිමි උපත් 107 කට ගැහැණු දරු උපත් 100 යි : source - CIA World fact book .

      //එය අපට දෙපාර්ශවයම සිටින කාර්යාලයකට හො උපකාරක පංතියකට ගියහොත් පැහැදිලිව බලාගන්න පුළුවන්.//
      යන්නේ මොන ආකාරයේ, මොන ක්ෂේත්‍රයේ කාර්යාලයකට/ පන්තියකටද කියන එක මත මේක බලපානවා නේද? මගේ විශ්ව විද්‍යාල බැච් එකේ පිරිමි ළමයි 100 දෙනාට හිටියේ ගැහැණු ළමයි 20 යි!

      Delete
    2. //යන්නේ මොන ආකාරයේ, මොන ක්ෂේත්‍රයේ කාර්යාලයකට/ පන්තියකටද කියන එක මත මේක බලපානවා නේද? මගේ විශ්ව විද්‍යාල බැච් එකේ පිරිමි ළමයි 100 දෙනාට හිටියේ ගැහැණු ළමයි 20 යි!//
      මම කියන්නෙ ප්‍රථමික අවධීය ගැන.. මොන්ටිසෝරි,දහම් පාසල වගේ ඒවා.ඒවාට ගැ/පි බේදයකින් තොරව පැමිණෙන නිසා. මම බැලුවේ සමස්ථයක් විදිහට නෙමේ අපේ දිස්ත්‍රික්කයේ හැටියට... වැරදි ඇතොත් සමාවෙන්න......!

      Delete
  56. ස්තුතියි සජිත්.මං දන්නා විදියට සියට 51 ක් ගැහැණු.

    @නිරෝෂිනී මම ලෝකෙන්ම ප්‍රතිශතය ගැන කියන්න දන්නේ නැහැ.එත් ලංකාවේ සියට 51 ක් කාන්තාවන් ඉන්නවා.

    //මගේ විශ්ව විද්‍යාල බැච් එකේ පිරිමි ළමයි 100 දෙනාට හිටියේ ගැහැණු ළමයි 20 යි!// මේක බලපෑමක් වෙනවා තෝරාගන්න විෂයත් එක්ක.

    ස්තුතියි නිරෝෂිනී..දැනුවත් කිරීම ගැන.

    ReplyDelete
  57. අම්මට උඩු කවුද බන් ඕවා දන්නෙ.....එල post එක

    ReplyDelete
    Replies
    1. දැන් දන්නවනේ.පොඩ්ඩක් අත්හද බලල අපිවත් දැනුවත් කරන්න.

      Delete
  58. මම මේ බලන් ඉන්නේ මේ වගේ ලිපි ලියන එක නවතිනකං.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ..ඔයත් විශේස ලිපියක්වත් දානන්ද

      Delete
    2. ඇයි එයා ඉවර වෙනකල් ඉන්නේ? 

      Delete
  59. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. රන්දී = කොමෙන්ට් ඒක මැකිලා එත් ඔය කියපු දේ ගොඩක් වටිනවා.ඔය කියපු නම් වලින් හැබැයි මං එයාලව අඳුරන්නේ නැහැ.මොකද මං තවම අලුත් කෙනෙක්.ස්තුතිසි දිරිගැන්වීමට.

      Delete
    2. කව්රැ මොනවා කිවත් කෙනෙක් තවත් කෙනෙක් අපහසයට ලක් කරන එක වැරදියි.කව්රැ කව්රැත් දැනුම තර්කිකව බෙදා ගන්නවානම් වටිනවා. @අසරණයා බුදු හමුදුරැවන්ට,ජේසුස් වහන්සේටත් අපවාද එදිරිවාදිකම් තිබුණා.ඔබටත් එලෙසමයි.........

      Delete
    3. ඕව් රාළහාමි හැමෝටම එදිරිවාදිකම් තියෙනවා නේ.ස්තුතියි මේ පැත්තට ආවට..

      Delete
  60. බොහොම කණගාටුයි........ මං මේ අඩවියේ කලින් කොමෙන්ට් කරලා නැහැ. ඊයේ හමුවුනු මිතුරන් රැසක් දුපත්වැසියාගේ බ්ලොග් එකේ ලිපිය ගැන කථා වුනා. ඒක බලන්න ගිහින් මේ පැත්තට ආවේ. මගේ නමින් කොමෙන්ටුවක් තිබී එය මැකී තිබෙනු දැක පුදුම වුනා. පසුගිය සතියේ මගේ අතින් මගේ මුර පදය අස්ථාන ගතවීමෙන් බ්ලොග් අඩෙවි කිහිපයක (ඔබ්සර්වර්, ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න එයින් දෙකක්) අසැබි වදන් අන්තර්ගත වුනු කොමෙන්ට් වැටි තිබුනා. බොහෝ විට මේ කොමෙන්ටුවද එවැන්නක් විය හැකියි.

    ReplyDelete
  61. @රන්දී.කලින් කමෙන්ට් ඒක දාපු කෙනාම ඒක මකල තිබුනේ.කවුරු හරි එහෙම දෙයක් කර්නවවනම් ඒක ඔයාගේ නමට හරි නැහැ නේද?අද කැලේ කවුරුවත් ඉතිං විශ්වාස කරන්න බැහැ නේ..

    ReplyDelete
  62. "පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය"

    see

    http://hotnewslanka.com/2012/02/blog-post_4853.html

    ReplyDelete
  63. Timing your sex every second day will give you an opportunityto
    identify the appearance of your cervical mucus on the.
    They seek fame so desperately that they think that their ovaries are just the ticket to get famous and be on TV.
    Consequently, the most effective approach to get pregnant is usually to reduce off as significantly anxiety as you can from the lifestyle.
    My webpage :: Signs You Are Pregnant With A Boy

    ReplyDelete
  64. In all instances they say their mental attitude as well as their outlook on life has totally
    changed. Portion control is just as important to weight loss as food choice.
    You might wonder why you should talk to anyone about getting a breast augmentation.


    my weblog expert weight Loss Advice

    ReplyDelete
  65. Nuratrim is produced with one hundred percent natural ingredients and it does
    not contain any chemicals at all. For more information, or to purchase Wii Fit or Wii Fit Plus, visit.
    A vodka soda with lime has only 60-80 calories and no added sugar.


    My page ... safe weight loss advice

    ReplyDelete
  66. Additionally, never help to make almost any blatant responses related to the
    woman race, such a because "I rarely like dark women, but they're alluring. The introduction part in Nigerian marriages is often done by the two fathers, the father of the guys introduces his. The reader is treated to a front row view of the girls' lives as they face growing pains, loss of a parent, and ever present racism.

    Feel free to visit my blog post Kiesha Kane XXX

    ReplyDelete
  67. You can call me Del and I was born in Oregon
    in the USA - I am a fresher majoring in Graphic Design and I also manage a top
    site about Buy Viagra Online UK, and also other related matters
    including home fertility kit male, birthday invitation wording ideas for adults, and
    original ipad uk pricing. ED: Initials understood in the grownup population as
    erectile disorder. Around 25 % of men over the age of 65 will struggle with impotence because of a variety of emotional and bodily concerns featuring misery, diabetic issues, and nerve or general damages to the penis. The good news is, this condition is workable via using drugs including phosphodiesterase- 5 inhibitors (PDE-5). Common labels for medications in this group are Viagra, Cialis, and Levitra, and all need a prescribed to buy. These work by impacting blood stress to improve blood flow, therefore enabling erection to happen more easily. There are no results from this medication in the lack of sex-related excitement.

    ReplyDelete
  68. Many loan applications by people with bad credit are rejected by
    loan providers. With a bad credit payday loan it is made for individuals with bad credit and virtually everyone
    is approved.

    Here is my blog post ... Payday Loans In Missouri

    ReplyDelete
  69. The majority of loan applications by people with
    bad credit are declined by lenders. With a bad credit payday
    loan it is created for individuals with bad credit and nearly everybody
    is accepted.

    My webpage Payday Loans

    ReplyDelete
  70. Keyword research plays a central function in the procedure of search engine optimization.
    It is for that reason vital that it is done effectively to be
    able to determine the most current competition for
    a offered keyword and forecast the future trends for a offer
    keyword. If you get the right keyword that will rank quickly, Keyword research is like
    mining gold because it is the most important component yet really rewarding.
    While it appears like something simple it is extremely technical
    and powerful and therefore requires tools that are dependable.


    Visit Gale's site about Keyword Ranking Software by going here - Keyword Ranking Software.

    ReplyDelete
  71. Period කාලෙ එකතු උනොත් ලමයි ලැබෙනවද

    ReplyDelete

මේක කියවල මට බැනලවත් යන්න හොදයි වගේනම් කොම්මෙන්ට් එකක් දාලත් යන්න.

ස්තුතියි..!!

Related Posts Plugin for WordPress, Blogger...